Saturday, January 29, 2011

[153] "සංසාරේ අපි" හමුවෙලා අවුරුද්දයි!!


සංසාරේ!
අවුරුද්දක් ගිහිල්ල නෙව.
ලේසි නෑ. දෑන් ලොකු ලමයෙක් මෙයා!
දවස් 365ක් තිස්සෙ ලියුම් 150ක් ලියල කියන්නෙ ජීවිතේ මල් කොටින්ම දවස් 2-3කට සෑරෙයක්වත් "සංසාරේ අපි"ට අලුතෙන් දෙයක් එකතු කරල. ඉතින් පහුගිය අවුරුද්ද සංසාරේ අපි ගෙවුව හැටි ගැන පොඩි පෝස්ට්මෝටමක් කරන්න මට හිතුන.


අර මම 100 වෙනි ලියුම ලියද්දි කිව්ව වගේ මගෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තෙ 2006 දිහෑවෙ වුනත් බෑරි කඩුවෙන් කොටල කොටල බ්ලොග් එප්ඵා.. වෙලා උන්නු ජීවිතෙ මල්ට අමුත්තෙක් දවසක් කිව්ව සිංහලෙන් බ්ලොග් ලියන ජනතාව ගැන ඔත්තුවක්. ඔය ඔත්තුව ඔස්සෙ ගිහින් දුටුව පලවෙනි සර්ච් රිසල්ට් එකේ තිබ්බ myblog.lk එකට විමසිල්ලක් නෑතුව පෑන්නෙ දෙවරක් නොහිතාම. ඒත් වෑඩේ බ්ලොගර්.කොම් වගෙ ලේසි නෑ. :( . කොටින්ම ලියුමක් ලියනවට වඩා වෙලා යනව ඒකෙ විවිධ සිංහල වලින් ලියවුනු අංගෝපාංග ටික තේරුම් ගන්න. පස්සෙන් පහු ලිපි 10-12ක් දාලත් මෙලෝ මිනිස් සතෙක් බ්ලොගේට නො එන තෑන ජීවිතෙ මල් තීරණේ කලා බ්ලොග් ස්පොටේට පනින්න. ඔන්න ඔහොමයි පහුගිය වසරෙ ජනවාරි 29 වෙනිදා උදේ හිටන් දවස පුරා නටලා නටලා ජීවිතේ මල් බ්ලොග්ස්පොට් එකේ මෙන්න මේ සංසාරේ අපි ව ඉපෑද්දුවේ.


ඉපදුනා වගෙ නෙමෙයි , දෑන් ඉතින් ලස්සනට ඇති දැඩි කරන්නත් එපැයි. ඉස්සෙල්ලාම කලේ මයිබ්ලොග් එකවුන්ට් එකෙ කාත් කවුරුවත්ගෙ ඇහැට ලක් නොවී වේලි වේලි තිබුන ලිපි ටික සංසාරේ අපි වෙත අරගෙන ආව එකයි.  ඊට පස්සෙ නිකම් අපායට හෙණ ගහල වගෙ මූන හදාගෙන හෑමදාම උදේට දිව දික් කරන් බලා උන්නෙ , අනෙ කවුරුවත් අද කමෙන්ට් කරාවි අද කමෙන්ට් කරාවි කියලයි. මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ, මගෙ බ්ලොග් එකකට ඉස් ඉස්සෙල්ලම කමෙන්ට් දෑම්ම මන්දාකිණිය ලියන කමලිකා අක්කයි , දුකා ලියන දුකා අයියයි.


මේ ජීවිතේ මල් කොච්චර බ්ලොග් කියෙවුවත් බ්ලොග් වලට කමෙන්ට් ලියන්න නම් හරිමම කම්මෑලි කෙල්ලෙක්. අනේ ඉතින් ඒකට නම් මට සමා වෙන්න ඕනෙ. තව නිදහසට කරුණක් තියනව. අනේ ඇත්තටම මම හරිම බිසි කෙල්ලෙක්. (ඔන්න නයෙක් ! ) :)


සංසාරේ අපි ටික ටික කවි වලින් පිරෙන්න ගත්තෙ පෙබරවාරි මාසෙදි. අවුරුදු 10ක් 'ලියන්නෙම නෑ' කියල හිතුවක්කාරෙට හිටිය ජීවිතෙ මල්ගෙ කවි ලියන එක ආපහු ටියුන් වෙන්න ගත්තෙ පහුගිය වසරේ.... පෙබරවාරියෙ ලිව්ව සමහර පෝස්ට් වල අපූරු සංවාද පවා ගොඩ නෑගුනෙ දිලාව මේ බ්ලොග් කෙරුවාවට තදින්ම ඇබ්බැහි කරවමින්. ඔය අතරෙ ජීවිතෙ මල්ගෙ පෝස්ට් එකක් දෙකක් ලක්බිමේ වියුණු සටහන් වල පලවී තිබීමෙන් දිලා බ්ලොග්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් උන්නේ.


මාර්තු මාසෙ වෙනකොට ඔන්න එහෙන් මෙහෙන් පොඩි පොඩි විජට්ටු කෑලි දාගන්නත් ජීවිතෙ මල් උත්සුක වුනා සංසාරේ අපි ඈතුලට. අන්තිමේට මේක විජට්ටු ගුහාවක් වගෙ උනාදත් මන්දා.


ජීවිතෙ මල් පොඩි පොඩි දිග කතන්දර ලියන්නත් නෑඹුරු වුනා ඔය අතරේ. ඒ අතරින් වෑඩිම පාඨක මනාපයක් තිබුන කතා ටිකක් තමයි මේ.
 ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය....
ඉස්කෝලෙන් ආව ඈත්ත කතා දෙකක් !
කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)
ආදරය දැනෙන්න ජීවත් වෙන්න
අපේ ඇඟේ තියන් කපන , අපේ මාලු රසටම තලු මැරීම!
අහල තියේද "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" ...
ඉන්දියන් මාන්නක්කාර කෙල්ල....


මෑයි මාසෙ වගෙ වෙනකොට ලස්සන ටෙම්පලේටුවක් ගැන සිහින මව මව ඉඳිද්දි , යාලුවෙක් මට ඔත්තුවක් හා හෙල්පින් හෑන්ඩ් එකක් දුන්නා ටෙම්පලේටුවක් දාගන්න, ඔන්න ජූනි මාසෙ වගෙ වෙනකොට සංසාරේ අපිට ලෑබුනා ලස්සනම ලස්සන කස්ටමයිස්ඩ් ටෙම්පලේටුවක්.


 ජීවිතෙ මල් ට ටිකක් පිස්සු නිසා කලින් කලට එක එක ජාතියෙ දේවල් ලියනන් හිතුනා'


කවි තමයි මේ බ්ලොගේ වෑඩිපුරම තියෙන්නේ. ඒ කවි අතුරිනුත් ඈත්තටම බෑලුවම ආදරය ගෑන තමයි වැඩිපුරම ලියල තියෙන්නේ.
ඒත් ඈත්තටම බලනකොට වෑඩිම පාඨක ප්‍රතිචාර නම් තිබිල තියෙන්නෙ කතන්දර වලටයි. ජීවිතේ මල් කලින් කලට ගොඩක් වෙනස් මාතෘකා වලින් කයි කතන්දර ලියල තියනවා. ආදරය ගැන , වැලන්ටයින් දවස ගැන, මිනිස්සුන්ගෙ එක එක මතවාද ගැන, විභාග කෙරුවාව ගැන, ඉස්කෝලෙ ජීවිතෙ කතන්දර ගැන, සිංහල පාවිච්චිය ගැන අරව මේවා යනාදිය :)
අගෝස්තුවෙ මුල කාලෙ ජීවිතෙ මල්ට හැදුනු අලුත්ම පිස්සුව තමයි හිතේ තිබ්බ ලස්සන ලස්සන සින්දු වලට පොඩි පහේ විමසුමක් ලියන එක. ඒකත් තාම කරගෙන නම් යනවා ඉඳහිටලා.


ජීවිතෙ මල් නටන පිස්සු අතරින් නටපු ලොකුම පිස්සු තිබුනත් ඒව එකකවත් බ්ලොගේ නොලියවෙන්නෙ ඈයිදෑයි මටම වෙලාවකට හිතෙනවා.  මට හිතෙනවා හිනා යන කතා ලියන්න මට දස්කමක් නෑ කියලා. එක එක්කෙනා එක එක හෑටියයි නෙව. ඔය සමහර බ්ලොග් නම් ඈත්තටම හෝම් පේජ් එක ලෝඩ් වෙද්දිම හිනා යනවා. කීපයක් තමයි බ්ලොගීගෙ ඩයරිය , බ්ලොග් ගඩොල් වගෙ එවුවා.


ජීවිතෙ මල් ටිකක් රොමෑන්ටික් සහ සංවේදී පෑත්තට බර . කොටින්ම කියනවනම් මූඩ් බර කතා කවි ලියන්නයි ආසා.

ජීවිතෙ මල්ගෙ ලිපියක් පහුගිය සතියක පත්තරෙකත් පල වුනා. ඉතින් ඒත් මේ සංසාරේ අපි හරහා තමයි. ඒ තමයි මේන්න මේ ලිපිය. 


මේ බ්ලොග් එකේ කමෙන්ටුවක් හරහා මට මීට මාස ගානකට ඉහත හමුවුනා උතුම් තාත්තා කෙනෙකු. මට මග පෙන්වන පහන් ආලෝකයක් වගෙ ඉන්න ඒ තාත්තාට මම දොහොත් මුදුන් දී නමස්කාර කරනවා,.

ඔන්න තව සමරියක් !


මේ බ්ලොගේ හරහා මගෙ ජීවිතේ සිද්ද වෙච්චි වෑදගත්ම දේවල් :
1. ජීවත් වෙන්නට ලස්සන හේතුවක් ලැබීම
2. අපි ලියන දේවල් කවුරු හෝ කියවනු දැකීමෙන් ලැබුන ආත්ම තෘප්තිය
3. හදි හදිස්සියේම ජීවිතේට කඩා පාත්වී ජීවිතේම ලස්සන කරන යාලුවො රොත්ත- නම් වසයෙන් ලියන්නෙ නෑ ඕන්. දුකේදි සැපේදි මන් ලඟ ඉන්න ඔයාල හෑමෝම :)
4. කොටින්ම ජීවිතේ මල්ට ආපහු ජීවිතේ ලැබුනා මේ බ්ලොග් එක නිසා. 'ලියන්නෙ නම් නෑ' කියා හිතුවක්කාරකමට හිටි ජීවිතෙ මල් ආපහු දැන් ජීවත් වෙනවා
5. ඇයි මගෙ මල්ලි ? බ්ලොග් එක නොවුනනම් මල්ලි ඉඳීවි තාම පණු නැටුම් නට නට :)


අහ් තව එකක් අමතක වුනා. මේ මගේ බ්ලොගේ කමෙන්ටු හරහා ඔය ආදරබර කතා ලියලා පෙම්වත්තු වෙච්චි ඈයොත් ඉන්නවලු ඔන්න ! :) 


මේ බ්ලොගෙන් යම් වෙලාවක අවැඩක් වුනාද ?
අහ් මට කියන්න අමතක වුනා, මම මේ බ්ලොග් එකට කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් මට පොඩ්ඩක් විතර මගේගෙනුම් කටයුතු නම් අතපහු වුනා. ඔන්න ඉතින් මේ බ්ලොගේ කියවන නංගිලා මල්ලිලාටයි කියන්නේ, මේ බ්ලොග් කෙරුවාවෙන් වැඩ නම් පාඩු කරගන්නව නෙමෙයි ඕන්. මමත් දැන් හැදිලලුනෙ ඉන්නෙ :)


මම පෞද්ගලිකව වැඩිපුරම ආදරේ කල ලිපි සහ කවි:
නිදා ගන්න දෙනවද ? නැද්ද?
බස් පොලේ දැක, හිත් මලේ මලගිය, මගේ ප්‍රථම ප්‍රේමය…
මලෙහි නිදන කින්නරිය
රෝස මල් දවසක්.......
ආදරය හෙවත් සුප් හොද්ද....
"Miss..Am I a Black sheep?" කොරියන් දඟකාරයා...
සඳ සහ අහස
රේඛාවක් ....අත්ල මත....මම...
ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය...
බොරුකාරිද ? කවිකාරිද ?
කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)


ඇබැද්දි :
ඇබැද්දි ගැන කියනව නම් ඇත්තටම වෙච්චි දේවල් හරිම අඩුයි. එක් වරක් මම ලිපියක් ලිව්වා 'ඔබෙත් ඔලුව අවුල් වෙද්දි චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවද' කියලා. ඒ ලිපියෙ තිබ්බ ටිකක් පෞද්ගලික වැඩි කරුණු කීපයක් නිසා කමෙන්ටු ගණනාවක් සමගම ලිපිය මකන්න සිද්ද වුනා. ඒ ගැන මට සමාවෙන්න ඕනේ.


සංසාරේ අපි හමුවුනේ හරිම අහම්බෙන්. ඒත් අද වෙනකොට මට දෑනෙන්නේ අපි ගොඩක් දෑන අඳුනගෙන ඉඳලා වගේ,,,, සංසාරේ අපි අදත් හෙටත් ලියවේවි. ජීවිතේ හැමදාම වගේ මල් පිපේවි... පර වේවි... මේ මනුස්සකම එහෙනම් අපි ඉස්සරහටත් බෙදා ගනිමු නේද ?

ස්තූතියි... මම මේ තුන්වෙනි වතාවටත් කියන්න යන්නේ ... 'ඔබ නිසා අද කෙනෙක් ජීවත් වෙනවා. අද තව ටිකක් කියන්නම්... එයා තමා ජීවිතේ මල් '


ස්තූතියි... ස්තූතියි.... ස්තූතියි...

සංසාරය පුරාවටම අපි හමුවෙමු....



29 comments:

  1. එළ එළෝzzzzzzz :D
    ඔන්න ජේ.ඩී යා මහ පාන්දරින්ම සුබ පතනවාz හැපිම හැපි මල් බාත්ඩේ එකක් වේවා කියලාzzzzzzzz :D

    ReplyDelete
  2. "රංචු බිඟුන් සේනා කැන්දු සිනා....
    පුංචි සමන් මල් මල් බින්දු සිනා...

    කුණ්ඩ සමන් මල් මල් රැන්දු සිනා...
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනා..."

    ජයවේවා...!!!

    ReplyDelete
  3. අවුරුද්දක්ම ගතවෙලා? දැනුනෙවත් නෑ නෙව..
    ඇයි ඒ අතරේ "පෙම් කවක්'" ලියපු කෙනෙක් බ්ලොග්එකට කමෙන්ටු දනෙවා කියලා ඒ මම ද කියලා ඇහුවා මතකද මිස්..
    මතක් වෙද්දිත් හිනා..

    ReplyDelete
  4. මරු මරු.. දිගටම පෝස්ට් දමන්න මිස්...
    මමත් පුලුපුලුවන් විදියට පෝස්ට් වලට කමෙන්ටු දමන්නම්..
    ඉස්සර මිස් එක්ක තරඟෙට වගේ පෝස්ට් දමාපු කමෙන්ටු දමපු මම අප්‍රේල් මාසෙට පස්සෙ එක පෝස්ට් එකක්වත් දමලා නෑ.. ඒ වුනත් පුලුවන් හැම වෙලාවෙම මිස්ගෙ ලිපි කියවනවා..ඒත් හිතලා බලලා කමෙන්ට් කරන්නම් කියලා කමෙන්ට් කරන එක කල් දැමුවම ඒක මතක් වෙද්දි වෙන පෝස්ට් එකක් දමලා..
    ඒ ජීවිතේ හැටි, සංසාරේ.... කියලා හිතාන මම ඉතින් ඒ පෝසට් එකට කමෙන්ට් කරනවා..
    දිගටම ලියන්න මිස්.....................

    ReplyDelete
  5. ආ..හා... හැමදාම ඇවිල්ලා කමෙන්ට් නොකලාට මමත් නිතරම කියනවා.. (අර ඔයා කමෙන්ට් නොකරන හේතුම තමා මටත් කියන්න තියෙන්නේ..) ඔන්න මගෙනුත් සුබ පැතුම් බ්ලොග් එකට අවුරුද්දක් පිරීමට......

    ReplyDelete
  6. වසරක් බ්ලොග් එකක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නම් නොවේ. වසරක බ්ලොග් ගමනට සුභ පැතුම්. තව වසර ගණනාවක් සොඳුරු සිතිවිලි මේ අඩවියේ ලියවේවා!!!
    ජයශ්‍රී!!!

    ReplyDelete
  7. අවුරුද්‍දේ උපන් දිනයට සුභ පැතුම් අක්කා........!!!!

    ඉස්සර දිගටම කි‍යෙව්වත් මඟදි ආ‍යේ කියවන එක විභාග කරදර අස්‍සේ නැවතුනත් ඔන්න ආ‍යෙම පටන් අරන්......

    එහෙනම් දිගටම තව තවත් ලියන්න අදහස් ගලා ගලා ඒවා....!!!!!

    දිගම දිග වූ බ්‍ලොග් ගමනකට සුභම සුභ පැතුම් අක්කියා......

    ReplyDelete
  8. සුභ පතනවා නංගියේ මුළින්ම...

    තව තවත් ඔය පිස්සු විකාර ටික එළියට දාලා අපිවත් පිස්සො කොරෝලා..උඹ යහතින් වැජඹෙවා..ඔං හොඳේ...

    මෙහෙම පිස්සු කෝච්චි ජිවිතේදි හම්බ වෙන්නේ බොහෝම අඩුවෙන්...

    ReplyDelete
  9. මගෙන් සුබ පැතුම් අක්කියෝ.....!

    ReplyDelete
  10. සුභ පැතුම් නංගියෝ !!!!!!!

    ReplyDelete
  11. අයියෝ සංසාරේ....

    සුභ පැතුම් නංගී..... සිංහල බ්ලොග්වල තියෙන සංවේදීම ලිපි තිබ්බෙ ඔයාගෙ බ්ලොග් එකේද මංදා....? (ඔන්න ආයෙත් නයෙක්..)

    ReplyDelete
  12. ඔන්න අක්කාට පූසාගෙනුත් සුභ පැතුම්!!!!!!!!!!

    ReplyDelete
  13. සුබ උපන්දිනයක් වේවා "සංසාරේ අපිට"...
    තව බොහෝ කාලයක් බ්ලොග් අවකාශයේ මේක රඳවා තියන්න වගබලාගන්න ඕනා ඕන්...:)

    ReplyDelete
  14. ඔන්න ඉතින් සුබ පැතුම්.

    මම කියෙව්ව හොඳම බ්ලොග් පොස්ට් කීපයක හිමිකාරිත්වය තියෙන්නෙ සංසාරේ අපිට
    ජය

    ReplyDelete
  15. ජය වේවා කිව්ව ඕං මාත් !

    ReplyDelete
  16. හලේ සංසාරේ... අවුරුද්දක්ම ලියලා නොවැ.....

    පිස්සුව තව තවත් වැඩි වේවා!!!!!
    පිස්සුවෙන් උමතු වේවා!!!!!!!!
    පිස්සුව වැජබේවා!!!!!!!
    දිගටම ලියන්න ලැබේවා!!!!!!

    මගෙනුත් ඔන්න උණුසුම් සුභපැතුම්.....

    ReplyDelete
  17. සුභ පැතුම් අක්කි

    ReplyDelete
  18. අපෙනුත් සුභ පැතුම් අක්කෝ !!! :)

    ReplyDelete
  19. මයියාගේන් සුබ පැතුම්..දිගටම ලියන්න සහ හොද අනාගතයකට සුබ පැතුම්

    ReplyDelete
  20. සුභපැතුම්, දිගටම ලියන්න ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේබ කියල ප්‍රාර්ථනා කරනව !

    ReplyDelete
  21. මගෙනුත් මල් මිටක්..... ජයවේවායි පතනව දිගටම ලියන්න....

    ReplyDelete
  22. අනේ සමාවෙන්න ඕනෙ ඉතින් හැමදාමත් වගේ සුභ පතන්න පරක්කු උනාට..

    මගේ උණුසුම් සුභ පැතුම් දිල් අක්කෝ..!!

    තවමත් කවදාවත් දැකලවත් නැති උනාට මොකද, මගේ පින්තූර දැක්මට ඔයා කල උදව් අමතක කරන්නෙ කොහොමෙයි..? ඔයාට දෙන්න කියල තියාන ඉන්න මතක පොත තාමත් මගෙ ළග තියෙනව.. කොහෙද ඉතින් ළගපාත හිටියට තාමත් බැරි උනානෙ බලන්න එන්න..

    අනෙ අක්කො, ඔයගෙ කවි නිසාම මටත් ආයෙම ඉස්සර ඉස්කෝලෙ ගිය කාලේ ලියපු කවි මතක් උනා. අයේත් මොනව හරි ලියන්න ඔනෙ කියල පටන් ගත්තෙ ඔයගෙ මේ බ්ලොග් එක නිසයි.
    ඉතින් ඔයාගෙ බ්ලොග් එකටයි, ඔයාටයි දෙන්නටම මගේ හද පිරි සුභ පැතුම්..

    ReplyDelete
  23. සුබ පැතුම් තව අවුරුද්දක් අදිමු ....... ඊට පස්සේ බැරියෑ ඒකටත් මේ වගේ කොමෙන්ටුවක් දාන්න :D

    ReplyDelete
  24. ඉතින් මගේ යාලුවනේ...
    මම දන්නවා මේ අකුරු කූරුටු ගාල ගිය යාලුවො හැමෝම මට බොහෝම ආදරේ උදවිය. ඔයාල නිසාම මම ඉස්කෝලෙ කාලෙටත් වැඩියෙ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාලට.
    මම ලියන එක නවත්වන්නෙ නෑ. හැමැදාම ලියනවා. මාව හරිගස්සවන්න... නිවැරදි කරන්න...
    ස්තූතියි...
    ඔයාල තමයි මගෙ ශක්තිය !

    ReplyDelete
  25. ඔන්න මේ මගෙනුත් මල්.......

    ReplyDelete
  26. සුබ පැතුම්.....!!!

    ReplyDelete
  27. හලේ.... මන් බොහොම ප‍රක්කු උනා.. අවුලක් නැ. උඹ දන්නවනෙ මන් මෙහෙම මෙතනදි අමුතුවෙන් උඹට සුභ පතන්න ඕන නෑ කියලා. හැමදාමත් මන් ක‍්රන්නෙ උඹට සුභ පතන එක නේන්නම්. දිගටම ලියමු මගේ අක්කේ......

    උඹ හිටියා කියලා පණු නැටුම් වලනම් කිසිම අඩුවක් වෙලා නෑ බන්.... :D

    ReplyDelete
  28. well done! keep it up!!!

    ReplyDelete
  29. අයියෝ මේ පස්සෙ ආව කමෙන්ටු වලට තෑන්කෝ කියල නෑනේ... අනේ සොලි ඈ...
    ඉස්තූති ගොඩාරියක්!'

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->