-->
එක කතාවක් කියද්දි
තව ඈස් දෙකක් මානන
බොරුකාරියක් වී
කවිකාරියක් නොවුනා නම් මම..!
එක හිනාවක් පිරෙද්දීතව ඈස් දෙකක් මානන
බොරුකාරියක් වී
කවිකාරියක් නොවුනා නම් මම..!
රෑවුම් දාහක් යට ගසන
ගණන්කාරියක් වී
කවිකාරියක් නොවුනා නම් මම...!
සහන් එලියක් දකිද්දී
නොදුටුවා සේ පෙන්වා
ඒ දෙසට හිනහ වෙන
කවිකාරියක් උනා නම් මම...!
කවි පදක් තරමට
සොඳුරු වනු වෙනුවටම
අඬහැරයක් වී ලොවට
සිරකාරියක් නොවුනා නම් මම..!
නැහැ නෙවද මේ දුකක්
ඇති නෙවද සැනසුමක්
ඇත්ත කී මෝඩ කවිකාරී නොවී
බොරුකාරියක් උනා නම් මම.. !
ප.ලි.
මගේ හිතට කලකට පෙර ආව මේ සිතුවිල්ල මමත් පිලිගන්නෙ නෑ.බොරුකාරිට වඩා මෝඩ , ඇත්ත කියන කවිකාරී හොඳයි... :)
බොරුකාරි......!
ReplyDeleteඔය බොරු.....:)))
ReplyDeleteඅනේ මන්දා ... චාමි කියනව බොරුකාරිලු... ඒක නම් පවු... එතකොට හේමලය කියනව ඔය බොරුලු... දෙකම වෑරදිනෙ :)
ReplyDeleteකවිකාරී...!
ReplyDelete"ප.ලි.
ReplyDeleteමගේ හිතට කලකට පෙර ආව මේ සිතුවිල්ල මමත් පිලිගන්නෙ නෑ.බොරුකාරිට වඩා මෝඩ , ඇත්ත කියන කවිකාරී හොඳයි... :)"
--
හොඳ ලමයා...
නැට්ටුක්කාරී, ආඩම්බරකාරී
ReplyDeleteතිත්ත උනත් ඇත්ත තමයි හොඳ
ReplyDelete"නැහැ නෙවද මේ දුකක්
ReplyDeleteඇති නෙවද සැනසුමක්"
නැහැ නැහැ..
බොරුකාරි උනා නන් ඒක වෙනම දුකක්...
සන්සරසිදු
ReplyDeleteඅන්න හරි.. කවිකාරිම තමයි
Gවිතය
මම හොඳයි තමයි
රොශාන්
මොකක් කිව්වා??? ටීචර්ට කියන එවුවා අම්මපා????
ස්වප්නා
යා යා.... පැත්ත ගියත් ඇත්ත කියා හොට බිම ඇනගෙන සිටිමි
චමිල
යා යා.. මට ඕනෙ නැ බොරුකාරි වෙන්න...
මායාකාරී...
ReplyDeleteමොකද නිස්සද්ද?
ReplyDeleteමොනවා හරි ලියමු. නැත්තං මේකෙ මකුලු දැල් බැඳෙනවා.