ඊයේ හරි ලස්සන දවසක්... ඒ මොකද දන්නවද? ආදරේ බෙදා ගන්න හැටි බලන් ඉන්න හැකි වෙච්ච අපූරු සංවේදී මොහොතක්..පුංචිම පුංචි පැටවු..වැලන්ටයින් දවස සමරන හැටි.. උසස්ම සමාජ පංතිය දිහා වපරැහින් බැලුව ඇස් ඇරුන දවසක් ඊයේ.... වැලන්ටයින්ලඟ එන වග මතක් කරමින්, අවුරුදු 11-12 හුරතල්ලු ආදරය හුවමාරු කල හැටි අමුතුම ඇස් වලින් මම බලා උන්නා....කවදාවත් නොදුටු ඇස් වලින්....
මේ ලංකාවෙ උසස්ම සමාජ පංතියට ඇරුන පාසැලක්... කොටින්ම කියනව නම් ලංකාවෙ සංකරම, පෝසත්ම ධනවාදී පංතියට පමණක් ලංවිය හැකි සීමාවේ තියන පුංචි එන්ගලන්තයක්...
ඊයේ....
පුංචි උන්ගෙ අත් වල රතු, රෝස,කහ, තැඹිලි රෝස මල් පිරිලා.... උන්ට ආදරය කියන්නේ වටිනා දෙයක් වග කියා ගන්න වචන නැති තරමට ඇස් ආදරයෙන් දිලිසෙන හැටි මම තෙත් වුනු ඇස් වලින් බලාන උන්න. 'මිස්, මම මේ රෝස මල් ගත්තෙ අම්මටයි, තාත්තටයි, නංගිටයි, අක්ශනාටයි...මම මේ මල් ගන්න මගෙම pocket money එකතු කලා' ලස්සන රෝස මල් පොකුර වගේම සුවඳ විහිදුවන ලතෙත් වචන කියන පුංචි එකා දිහා මම ආදරෙන් බලා උන්නා....
'අක්ශනා' කවුද කියල මම ඇහුවෙ නැහැ. මොකද, පුංචි එකා 'අක්ශනා' අරං හඳපානේ පැනල යන්න අදහසෙන් ඒක නොකියන වග මට හැඟුන නිසා...සහ එවන් පැන යාම්, බරපතල පෙම් හුටපට කිසිම දාක ඒ පරිසරයෙන් මට ඇහිලා නැති නිසා...ඒ වගේම අවුරුදු 11 පුංචි එකා අවුරුදු 30 දි 'අක්ශනා'ව කසාද බඳින එකකුත් නැහැ.
මුලු පංතියම පාට පාට රෝස මල් සුවඳින් පිරිලා... ඒ දිහා කුහක කමින් බලන්න තරම් සාම්ප්‍රදායික වෙන්න මට බැරි උනේ එතරම්ම අව්‍යාජ සුන්දරත්වයක් වැලන්ටයින් පංති කාමරයට ගෙනැවිත් නිසාද කොහෙද.... පොඩි උන් උද්දාමයෙන් මල් වලින් අත් පුරවගෙන මං ඉස්සරහින් එහාට මෙහාට යනවා.. අහංකාර ඇස් වලින් කියනව තමුන් අනිත් අය අතරෙ කොතරම් ජනප්‍රියදැයි කියල...
පුංචි පැටියෙක් ලස්සන රතු රෝස මලක් අරං මා ගාවට ආවේ ඒ වෙලාවෙදි... 'මිස් මේක මිස්ට අපේ මුලු පංතියෙන්ම!happy valentines day miss!!!'...කීවෙ සිංහලෙන් නම් නෙමෙයි... ඒත් කඩුවෙන් උනත් කියවුන සුමට සුමුදු හැඟීම මට වචනයක් කියන්න බැරි තරම් සංවේදී වැඩි වගේ දැනුනා,,, උන්ගේ හිත් වල අරක් ගත්ත ආදරය උන් ප්‍රකාශ කරන අරුමය මොන තරම් සුන්දරදැයි මට දැනුනෙ එවිටයි..... උන්ගෙ අව්‍යාජත්වය ගැන ආදරයෙන් පිරුන වගේම අපි විදු බිමෙහි ගෙවුව වංචනික සුදු රෙදි පෙරවුන ජීවිතය ගැන පොඩි පහේ පශ්චත්තාපයකුත් මට දැනෙන්නට උනා..
ඇසිල්ලකින් මගේ හිත අවුරුදු ගානක් පස්සට දිව ගියා මගේ විදු බිමට....මටත් නොදැනිම ලොකු හුස්මක් පිටවුනා...
වැලන්ටයින් යනු අපේ පාසලේ තහනම් චරිතයක්. ඒ ගැන කතා කෙරෙන්නේ පවා රහසේ... පෙම් තිලිණ, කාඩ් හුවමාරු වෙන්නේ පවා රහසේ... අහු උනොත්...කුල කාන්තාවට යන එන මං නැති තත්ත්වයක් ...
පෙබරවාරි 14 දවස ඉස්කෝලෙ දවසක් උනොත් එදාට අපෙ ඉස්කෝලෙ අඩු පොලිසියයි සී.අයි.ඩී.එකයි විතරයි. ගේට්‍ටුව ඇතුලට එන සිසුවියන් ශිෂ්‍ය නායිකාවන්ගෙ උකුසු ඇස් හා අත් වලට ගොදුරු වෙමින් මනා පරීක්ෂාවට භාජනය වන්නේ පෙම්වතාට ගෙනා ලියුම්, තැගි අන්වේක්ෂණය කරන අටියෙන්... , පෙම්වතාට දීමට ගෙනා තැගි, පෙම්වතුන්ගෙන් ලද තැගි අත් අඩංගුවට පත් වීමෙන් අපේක්ෂා භංග මුහුණු, විදුහල්පතිනිය අභියස හඬා වැටෙන මුහුණු, එයට ඔච්චම් කරමින් සුපිරිසිදු චරිතයෙන් වැජඹෙන මුහුණු, පසු දාක දෙමවුපියන් අභියස පාසල් කාර්යාලයේ වග උත්තර බඳින මුහුණු, පාසැල හැරදා කුල කතක මෙන් නොව පරාජිතව ගෙදර යන මුහුණු යනාදී නනා ප්‍රකාර මුහුණු පෙබරවාරි 14 න් ඇරඹෙන සමයේහි දැකියහැකියි.
කාලයටත් වඩා පරිසර දෙකෙහි පෙනෙන මේ වෙනස පුදුමයි.
වැඩිහිටියෙක් හැටියට පිලිගැනෙන අවුරුදු 18 පවා, අහිංසක ප්‍රේමයක් විඳ ගැනීමම, චරිතය කෙලෙසා ගැනීමක් ලෙස හංවඩු ගැසෙමින්, මුලු අනාගතයම අඩ අඳුරෙන් අඳුරට හෙලා ගත්, සමාජයට ද්වේශ කරන චරිත ගැන විනීත කතුන් බිහිකරන විනයෙන් උසස් විදුහල් වලින් දහස් ගනනක් උදාහරණ දිය හැකියි මට උනත්..
මා මේ කතා කරන්නේ ද්වේශයෙන් නොවෙයි... අපි හැදුන සමාජ ක්‍රමයේ , අපව මානසික වහලුන් හැටියට , පටු ආකල්ප වලින් ලොව දකින්නට, ලෝකයේ මනුස්සකමට ගරහන්නට උගැන්වීම පිලිබඳ පශ්තත්තාපයෙන්. මිනිසත්කම අවමානයක් ලෙසත්, අවමානය නිසාවෙන් ආත්මයම රාමු කොට වැට බැන්ද නිදහස් චින්තනය වලලා දැමිය යුතු ලෙසත් උගැන්වූ, ඉගෙනගත් කොටසකින් පැවත ආ මම ඊයේ දුටුවෙ දෙයින් කම්පනයට පත් වුනා..
ආදරය, ප්‍රේමය නිදහස් මාතෘකා වුන මා දැන් නිතර අසුරු කරන ඉහත කී පාසැල් පරිසරයෙ, ලමුන් හැම දෙනාම ආදරය , ප්‍රේමය ගැන විවෘතව අදහස් බෙදා ගන්නා හැටිත්, ලමුන් ඔවුන්ගෙ ආදරය පිලිබඳ සීමාවල් පාසැලෙන්ම පරිණත ලෙස ඉගෙන ගන්න හැටිත් මට පසක් උනා...
මම හිතන්නේ මගෙ ලිවීමේ නිකම් අදහසක් එනව වගෙ, මේ වලන්ටයින් සැමරුම පාසැලේ නිල උත්සවයක් වගේ එකක් කියල... ඒ ගැන සමාවෙන්න... එහෙම නෙමෙයි තත්ත්වය..
පාසලේ කිසිම සැමරුමක් නැහැ... කොටින්ම ගුරුවරු , විදුහල්පති හෝ කවුරුත් පෙබරවාරි 14 ගැන කතාවක් වත් නැහැ. ඒ කියන්නේ දෙපත්තටම කතාවක් නැහැ.. එකඟ පැත්තට හෝ විරුද්ද පැත්තට.....
ලමයින්ම ඔවුන් විසින් හදා ගත්ත සංස්කෘතියක් ගැනයි මම කතා කලේ..කවුරුත් එසෙම්බ්ලි තියල වැලන්ටයින් ගැන කතා කරන්නේ නැහැ.. මේ සංස්කෘතියට නිල බවක් එකතු වෙන එකම අවස්ථාව තමා ඔනැම කෙනෙකුට මිලට ගැනීමට ශිෂ්‍ය නායක සංගමය රෝස මල් විකිණීම... එය නිදහසේ වෙන දෙයක්...
ලම්යි හැමොම මල් අරන් දෙමවුපියන්ට දෙන්න කියල දෙයක් එතන නැහැ ( අපෙ ඉස්කොල වල තියන කෘතීම 'ගුරු දින' වගේ). යාලුවන්ට, ගුරුවරුන්ට මල් දිය යුතුයි කියල කිසිම එකක් නැහැ..පංතිය එහෙම සංවිධානය වෙන්නෙත් නැහැ... එයල හිටි හැටියෙම එයලට හිතුන දේ කරන අය... අපේ ඉස්කොල වගෙ සති ගනන් සංවිධානය වෙන තැනක් නෙමෙයි ඒක.. මම අපෙ විදුහල් නිර්දය ලෙස විවේචනය කරනව කියල හිතන්න එපා...
මල් ලැබෙන ගුරුවරුත් ඉන්නව, නොලැබෙන ගුරුවරුත් ඉන්නව, මල් මිලට ගන්න ලමයිත් ඉන්නව , නැති අයත් ඉන්නව. ගත්තත්, දුන්නත් , නොගත්තත්, නොදුන්නත් අහිතක් වෙනසක් නැහැ ඉස්කොල පරිසරයෙ..එක තමා එතැන හැටි...
ඒක ලමුන් විසින්ම හදා ගත් උප සංස්කෘතියක් නිසාවෙන් විදුහල් පරිපාලනය සහ ගුරුවරු එයට ඉඩ දී, ආදරය ඔවුන්ට බෙදා ගන්න ඉඩ දී, උපෙක්ශාවෙන් , මුදිතාවෙන් ඒත් විමසිලිමත් ඇසින් බලන් ඉන්නව.. අන්න එයයි අගය කල යුත්තේ.... ගුරුවරුත් පරිපාලනයත් උපරිම නිරීක්ෂණයෙන් ඉන්නේ.. ලමුන්ට නොදැනෙන්න....ඔවුන් එය දැනුනත් ලොකු දෙයක් හැටියට ගන්නෙ නැහැ, මොකද කනෙන් රිංගා ලොකු ලොකු වැඩ කරන අසංයත තත්වයක් අති කරගෙන ආත්ම ගෞරවය නැති කර ගන්න වෙන එක එයලට ලැබෙන නිදහසටත් අවමානයක් බව දන්න නිසා... එතන තියෙන්නේ 'ස්වයං විනය'..
ඔවුන් අප මෙන් සිතිවිලි සිර කරගෙන, 'විනය' නමැති සිරගෙයි සිරවුන වහලුන් නෙමෙයි...
'විනයට' සිරවුනු හැඟීම් යම් හෙයකින් අවස්ථාවක් ලැබෙන සැනින් නවතින්නේ ව්‍යසනයක් ලඟ... එවන් අන්තරායක් ඔවුන්ට නැහැ..ඒ ඔවුන් කිසිවෙකුගෙ පාට කණ්නාඩියකින් ලොව නොදැක, තමුන්ගේම අවබෝදයෙන් ලොව දකින්නට උත්සහ කරන නිසා...
මේ ලිපිය කියවන ඇතැම් අයට බොහෝ වේදනාවක් දැනෙන්නට පුලුවන්... ඒත් මෙය තමයි මම දකින විදිය...
මේ සංකර කෙල්ලන් කොල්ලන් අපි දකින තැන 'මැඩම්' කියාගෙන නැගිටින්නෙ නැහැ... වාරය අවසන් වෙලා යද්දි දණ ගහල වඳින්නෙත් නැහැ. පංතියක කිසිම වෙලාවක පාඩමක් සංසුනේ ඉගෙන ගන්නෙත් නැහැ... ඔවුන්ගේ මුලු ලෝකයම නිදහස් එකක්... ඒ නිදහස අපේ සහජ, සම්ප්‍රදායික හිත් වලට දිරවන්නෙම නැහැ...
ඔවුන්ව සිර ගත කරන්නට උත්සහ කිරීමෙන් කීකරු වෙන හික්මෙන කෙනෙක් නැහැ...එය ඔවුන්ට නුහුරුයි... ඔවුන්ගේ නිදහසට සමීප වෙන තරමට, ඔවුන් මෙන්ම විවෘත ඇස් වලින් ලෝකය දකින තරමටම, ඔවුන්ට පරිණත ස්වාධීන මිනිසුන් හැටියට සලකන තරමටම ඔවුන් අදහා ගත නොහැකි තරම් අපිට සමීප වෙනව, ආදරය කරනව... ඒ විතරක් නෙමෙයි,,, දහස් ගනන් පෙම් සබඳතා ඇති වෙමින් නැති වෙමින්, ප්‍රේමයේ රහ අනෙක් වර විඳිමින්, ඔවුන් සතුටින් නිදහසේ ඉගෙනත් ගන්නවා..අනිත් හැම බාහිර දෙයක්මත් කරනව... ජීවිතේ උපරිමයෙන්ම විඳිනවා... අවසානයෙදි උසස් පෙලත් සමත් වෙලා, ශිෂ්‍යත්වත් හදා ගෙන ලස්සනට ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල වලටත් යනවා...
බස් වල අහුමුලු වල බලා සිටිය නොහැකි තරම් පිලිකුල් රති කෙලි විඳින, පුංචි වයසෙන්ම පාසල් වලින් දොට්ට දමමින් මහ ගැහැනුන් මිනිසුන් කරවන 'විනයෙන්' බැඳී සිටින, අවසරයක් ලද තැන ආදරයත් පසෙක ලා සීමා ඉරි පනින, අහිමි වුන ආදරයට පිලිතුරු වශයෙන් පිහියෙන් අනින අපේ හැදියාව, කුඩා කල උගත් 'විනය' අපව ගෙන යන්නේ කොහේටදැයි මම ප්‍රශ්න කරනවා...
නිදහසේ ආදරය කරන, නිදහසේ අවෛරයෙන් ආදරයෙන් වෙන් වෙන, නිදහසේ ආදරය පමණක් නොව ජීවිතයට අවශ්‍ය අන් සියලු දේ සම්පූර්ණ කර ගන්නා මේ නිදහස් සංකර දරු දැරියන් දිහා වපරැහින්ම බලන අප , වපරයට බෙහෙත් ගත යුතු කල් එලඹ ඇතැයි මට හිතෙනවා...
වැලන්ටයින්.... මෙවර නුඹ මගේ ජීවිතයට පෙම් පත්, ලියුම්, පෙම් තිලිණ නම් නොගෙනා බව ඇත්තයි... ඒත් නුඹ මට පෙන්වූ මේ ඇත්ත නම් මට මුලු ජීවිත කාලයටම ඇති වේවි...
මේ අතිශයින්ම සංකර, ලස්සන, සැපට හැදුනු, ධනවත් දරු පැටවුන් දකින විඳින අසීමිත නිදහස්, අපරිණත, නමුත් පිලිකුලෙන් බැලිය නොහැකි, අව්‍යාජ ආදරය ගැන ලියුව මේ ලිපිය ඇතමුන්ට දිරවන්නේ නැති වේවි... එත් අපි පොඩි කාලෙ ඉඳලම බැඳුනු විනය, සදාචාරය,හැදියාව අප ගෙනැවිත් නතර කර තිබෙන්නේ කොහේදයි එකම එක් අයෙකුවත් සිතුවොත්.. මට ඒ ඇති.....
DEAR TEACHER...
ReplyDelete1.mata baya wenna deyak aththema nadda
2.mama dakapu sundarama hithak athi daruwek 'Tahha'..soya balanna ena wasaredi obata hamuwewi...[laankika daruwekgen nodakapu tharam manuussakamak ohu laga thibenawa]
3.aththa edata ape pasalak asala adu cid eka witharai
namuth mata danena hagiima... api hamotama kohe hari thanakadi hodatama waradila thiyanawa... 'anuththara kavinndi'wagema..sweden jathika dariyath hama welawakama..mage hitha ridawanawa....
මේක කියවපුවම මට මැවිල පේනවා මොනතරම් සුන්දර දර්ශනයක් වෙන්න ඇතිද කියල. ඒත් මට හිතෙනවා මේ පොඩි උන්ගේ හිත්වලට බලෙන් මේ අදහස් රිංගවන එකත් වැඩ කඩුළු බැඳන් හිර කරනවා වගේම වැරදි වැඩක් කියල. ස්වාභාවිකව ඇති වෙන දේවල් හිරකරන එකත් ඒවා බලෙන් ඔබ්බවන්න යන එකත් අහිතකර ප්‍රතිඵල දෙන්න පුළුවන් කියන එකයි ගේ හැඟීම.
ReplyDeleteහුගාක් දෙනෙකුට නොපෙනෙන පැත්තකින් බලල මිස් මේක ලියල තියන එක ගැන සතුටු වෙනව.
ReplyDelete@ ආදර කතාව
ReplyDeleteඇත්ත...උන්ගේ ආදරය, ලතෙත් බව දැක්කම මගෙ ඇස් වලට කඳුලු ආවා... නිදහස් ආදරය... පෙමටම සීමා නොවී උන් මුලු ලෝකෙටම
ආදරය කරන ලස්සන පුංචි පැටවු.... මම මගේ පොඩි උන් ගැන ආඩම්බර වෙනවා....
මට තව කතාවක් මතක් උනා.. දවසක් මගෙ පොඩි දරුවෙක් මට කෝල් කලා.. ඈ කියනව ඈ ඇයි මටත් තව ගුරුවරියකටත් මෙච්චර ආදරේ කියල.... ඈ කියනව ඈ ඉගෙන ගන්න ගුරුවරුන් අතරින් පංතියෙදි හිනා වෙන්නෙ මමත් කලින් කී ගුරුවරියත් විතරයිලු. අනිත් හැම ගුරුවරියක්ම රවාගෙන , නපුරු මුහුනින්ලු ඉන්නෙ.. හරියට ඔවුන් ගුරුවරියට වරදක් කරපු ගානට..
ඈ කියනව ඈට ඒ හිනහව කොයි තරම් වැදගත්ද කියල. ඈ මගෙන් අහනව අනිත් ගුරුවරුන්ටත් ඇයි කිසිම වියදමක් යන්නෙ නැති එක හිනහවක් එයාලට දෙන්න බැරි කියල...
අපි උන්ට ආදරේ කරන්න ඔනේ.. මූනිච්චාවට නෙමෙයි... හදවතින්ම.. අපේ අස් අලට තරහව දුක එනවට උන් එතකොට කැමති නැහැ... දඟකාර , නාහෙට අහන්නේ නැති දඩබ්බරයින්ව මට්‍ටු කරන්න බැහැ දඬුවමෙන්... උන්ව මට්‍ටු කරන්න හැකි හොඳම ආයුදය තමා ආදරය...
@ දසයා
ReplyDeleteමම හිතන්නේ මගෙ ලිවීමේ සමහර තැන් මග හැරී ගිහින් තිබීම නිස නිකම් අදහසක් එනව වගෙ, මේ වලන්ටයින් සැමරුම පාසැලේ නිල උත්සවයක් වගේ එකක් කියල... ඒ ගැන සමාවෙන්න... එහෙම නෙමෙයි තත්ත්වය..
පාසලේ කිසිම සැමරුමක් නැහැ... කොටින්ම ගුරුවරු , විදුහල්පති හෝ කවුරුත් පෙබරවාරි 14 ගැන කතාවක් වත් නැහැ. ඒ කියන්නේ දෙපත්තටම කතාවක් නැහැ.. එකඟ පැත්තට හෝ විරුද්ද පැත්තට.....
ලමයින්ම ඔවුන් විසින් හදා ගත්ත සංස්කෘතියක් ගැනයි මම කතා කලේ..කවුරුත් එසෙම්බ්ලි තියල වැලන්ටයින් ගැන කතා කරන්නේ නැහැ.. මේ සංස්කෘතියට නිල බවක් එකතු වෙන එකම අවස්ථාව තමා ඔනැම කෙනෙකුට මිලට ගැනීමට ශිෂ්‍ය නායක සංගමය රෝස මල් විකිණීම... එය නිදහසේ වෙන දෙයක්...
ලම්යි හැමොම මල් අරන් දෙමවුපියන්ට දෙන්න කියල දෙයක් එතන නැහැ ( අපෙ ඉස්කොල වල තියන කෘතීම 'ගුරු දින' වගේ). යාලුවන්ට, ගුරුවරුන්ට මල් දිය යුතුයි කියල කිසිම එකක් නැහැ..පංතිය එහෙම සංවිධානය වෙන්නෙත් නැහැ... එයල හිටි හැටියෙම එයලට හිතුන දේ කරන අය... අපේ ඉස්කොල වගෙ සති ගනන් සංවිධානය වෙන තැනක් නෙමෙයි ඒක.. මම අපෙ විදුහල් නිර්දය ලෙස විවේචනය කරනව කියල හිතන්න එපා...
මල් ලැබෙන ගුරුවරුත් ඉන්නව, නොලැබෙන ගුරුවරුත් ඉන්නව, මල් මිලට ගන්න ලමයිත් ඉන්නව , නැති අයත් ඉන්නව. ගත්තත්, දුන්නත් , නොගත්තත්, නොදුන්නත් අහිතක් වෙනසක් නැහැ ඉස්කොල පරිසරයෙ..එක තමා එතැන හැටි...
ඒක ලමුන් විසින්ම හදා ගත් උප සංස්කෘතියක් නිසාවෙන් විදුහල් පරිපාලනය සහ ගුරුවරු එයට ඉඩ දී, ආදරය ඔවුන්ට බෙදා ගන්න ඉඩ දී, උපෙක්ශාවෙන් , මුදිතාවෙන් ඒත් විමසිලිමත් ඇසින් බලන් ඉන්නව.. අන්න එයයි අගය කල යුත්තේ.... ගුරුවරුත් පරිපාලනයත් උපරිම නිරීක්ෂණයෙන් ඉන්නේ.. ලමුන්ට නොදැනෙන්න....
ඔවුන් එය දැනුනත් ලොකු දෙයක් හැටියට ගන්නෙ නැහැ, මොකද කනෙන් රිංගා ලොකු ලොකු වැඩ කරන අසංයත තත්වයක් අති කරගෙන ආත්ම ගෞරවය නැති කර ගන්න වෙන එක එයලට ලැබෙන නිදහසටත් අවමානයක් බව දන්න නිසා... එතන තියෙන්නේ 'ස්වයං විනය'
well said, realy touching story :)
ReplyDelete@ nidhahasa
ReplyDeletethanks for the comment.... cheers!
Mata nam mehema lokayak dakinawa thiya hitha gannawath behe. Eth api dekka, api winda, apita purudu karapu doopath manasikathwayata wada me wivurtha loketa mama asai.
ReplyDeleteApe uwun fed 14 karanne kellawa room ekakata adina eka. Ape ewun dakina valentine echcharai....
මගේ ඇස් වලට කදුළු ආවා... ඇත්තමයි....
ReplyDeleteඔබ වගේ මිස් කෙනෙක් අපිටත් හිටියා නං....
ඔබගේ සෙවන ලබන දරු දැරියන් ඇත්තටම වාසනාවන්තයි....
නීතිය මගින සදා ගන්නා විනයට වඩා
ආදරය මගින් ලබා ගන්නා "ස්වයං විනය" සාර්ථක බව මගෙත් හැගීමයි...
හ්ම්ම්...
ReplyDeleteසියයට 90% විතර එකග වෙන්න පුලුවන්....
මොනව වුනත් හොද ලිපියක්..
ජයවේවා
@ kamalika
ReplyDelete1.. මොකෝ බය???
2. ඨහ්හ කොයි වසරෙද කියල පර්සනල් චැට් එකෙ කියන්න කමලිකා.
3.වැරදිච්ච තැන මොකක්දැයි අපි අපිම මෙහෙම විමසා බැලිය යුතුයි නේද?
@ gatta
ඇයි ගැට්ස්, මෙ ලෝකේ තම සතියෙ දවස් වල ඔටහ් ඉන්නේ...:-)
ඇත්ත... මේ විවෘත ලෝකෙ, අපිට අහිමි වෙච්ච දෙයක්... ඒත් යම් කිසි හඬක් මෙහෙමවත් නැගුනොත්, අඩුම ගානේ එකෙක් දෙන්නෙක් වත් මෙය තේරුම් ගනීවි.නැද්ද?
@madhu
ඔව් මදු... අපේ පාසල් වල හදන්නේ 'පාලිත' විනය.... එතැනින් එලියට ගියහම විනය කියන එක වචනයක් විතරයි... අපේ පාසල් වල 'ස්වයං විනය' හැදිය යුතු කාලය ඇවිත්.. පරිපාලනයටත්, ගුරුහරුකම් දෙන අයටත් මෙහි වටිනාකම කියා දෙන්න කාලය ඇවිත්....
@saradhiyel
comment එකට thanks.... එකග වෙච්ච 90% හොඳටම ඇති... අපේ වැඩිහිටි පරම්පරාවෙ පහල පුරුක් වන අනාගත පරපුරවත් අපි නිදහස් ඇස් හා හිත් ඇති, මිනිසුන් ලෙස හැදිය යුතු වෙමු...
thanks all for your comments.....!!!!
මිස් පුලුවන් නම් මේ කතාව හෙට class එකේදි කියන්න. මිස්ට පුලුවන් වෙයි තව අඩුම තරමින් එක්කෙනෙක්ගේ හරි සිතන ආකාරයේ වෙනසක් කරන්න. (පොඩි රහසක් කියන්නද මිස්. හෙට මිස්ගේ lecture එකට වෙනදා වගෙම ලමයි ඉදී කියල බලාපොරොත්තු වෙන්න එපා)
ReplyDeleteහරි බලමු.. වෙලාවක් ආවොත් කියමුකෝ..... :-)
ReplyDeleteමොකද හෙට වෙන්නේ? කියන්න පුලුවන්ද?
ඇයි මිස්, හෙට කට්ටියගේ ජාතික දිනයනේ. කට්ටිය lecturs cut කරනවනම් cut කරන්නේ මිස්ගේ lecture එක තමා.
ReplyDeleteමේ...ආවෙ නැත්නම් මරනවා... හැමොටම කිව්ව කියන්න....
ReplyDeleteඅනේ මිස් අපි නම් අහින්සකයි. අපි නම් ඉතින් එනවා. කොහොමද කියන්නේ.... එතකොට කට්ටිය අහයි මම දන්නේ කොහොමද කියල... :-/
ReplyDeleteආ ත්මීය
ReplyDeleteද යාව
ර ඳවාපු
ය හමඟ
ඔබට ජය.......
@ආදර කතාව
ReplyDeleteඑනවා...! නැත්නම් මරනව!
@සිතිවිලි
ප්‍රතිචාරෙට ස්තූතියි.....
'මිස් මේක මිස්ට අපේ මුලු පංතියෙන්ම!happy valentines day miss!!! ඒත් මොනවාකියලා දෙන්නද මිස්..
ReplyDeleteආදරය කියන දේ එක දවසකට පමණක් සීමා විය යුතු , වසරකට එක් දිනක් පමණක් සැමරිය යුතු දෙයක් ද?
අපි ඉන්න නුවර සමාජය හැම දේම දකින්නෙ වපර ඇහින් තමයි මිස්. ඒක එදත්, අදත් එහෙමම සිදුවුනත් ඉදිරියේදිවත් වෙනස් වේවිද දන්නෙ නෑ.. 14 වෙනිදා කෙසේ වෙතත් 15 වෙනිදා නුවර නගරයේ බොහෝ පාසැල් සිසු/සිසුවියන්ගේ පොත් මලු වලට ගුරුවරු/ ශිෂ්‍ය නායක නායිකාවන් "එබිකම්" කරන බව අනිවාර්යයි..
ඔය නුවර පළාතේ මිනිස්සු හිතන හැටි ගැන මිස් ලොකු කතාවක් කිව්ව ගිය සතියෙ අපේ class එකේදි... මිස්ට මතකද?
ReplyDelete@roshan
ReplyDeleteරොෂාන්, ඔව් ඔබ හරි.... ආදරය නම් එක දවසකට සීමා විය යුතු නැහැ... එත් අපි දවසේ තුන්සිය හැට පස් දවසෙම අපි ආදරය කරන අයට අපේ හිතේ එයාල ගැන කොතරම් භක්තියක්, ගෞරවයක් ලෙන්ගතු කමක් තියනවද කියල විස්තර කරන්නේ නැහැ. එය ඉබේම දැනෙනවා හරියට හුස්ම ගන්නව වගේ.... ඒ හිතේ තියන ඉබේම ඇති වුන ආදරය දිහා අපි අපිම ටිකක් විමසිල්ලෙන් බලන්න දවසක් තිබීම වරදක් නැහැ කියලයි මට හිතෙන්නේ...
මම දකින විදියට නම්, ආදරය කියන්නේ ප්‍රකාශ විය යුතු දෙයක්... අනිවාර්යයෙන්ම කලින් කලට විමසා බලමින්, අලුත් කර ගත යුතු, නැවුම් කර ගත යුතු, විවෘතව ආදරය ගැන එකිනෙකා කතා කල යුතු දෙයක්... ඒත් අපිට හැම දාම අපි අනෙකෙකුට කොච්චර ආදරය කරනවද කියල විස්තර කරන්න වෙලාවක් නැහැ... ඒත් මේ වගේ දවසක අපට හොඳ නිමිත්තක් තිබෙනවා පලුදු වුන හිතක් සුවපත් කරන්න, අපි ආදරය කරන හිතකට අපි කොච්චර සමීපද කියල ලෙන්ගතුව කියන්න... එහෙම මොහොතක් අපිට ඕනා ජීවිතෙට... ඒකාකාර ජීවිතයට සහන් එලියක් වගේ, නොහොඳ නෝක්කාඩු ඉවර කරල අලුතින් හිතන්න මේ වගේ දවසක් තියන එක ගැන මම නම් සතුටුයි....
එ වගේම, මවුවරුන්ගෙ දිනය, පිය වරුන්ගේ දිනය වගේ දෙවල් මම නම් කියන්නෙ ලංකාවෙ සමාජයට අත්‍යවශයයි... හේතුව, අපි දෙමවුපියන්ට ගොඩක් දුරට 'සලකනවා' විනා ලං වෙලා ආදරය කියන්න, ලෙංගතු වෙන්න ඇසිල්ලක් වියදම් කරන්න බොහොම ලෝබ නිසා..
මම බටහිර චින්තනයට කත් අදිනවා නෙමෙයි.. ඒත් බටහිර, උතුර ,පෙරදිග ඔනෑම හොඳ දෙයක් ගන්න මම පසුබට වෙන්නේ නැහැ.
අහ්! සුබ පැතුවට ස්තූතියි දරුවෝ... ඔයාල මට වඩා බාල බොහොම පොඩි වයසකින් උනත්, ඔයාලට කැත නැතුව කෑ ගහල මට කියන්න පුලුවන් "මාත් ඔයල හැමෝටම හරීම ආදරෙයි" කියල... හේතුව ඔයාල හරීම හොඳ, මම හරි ආසාවෙන් ඉගැන්නුව පංතියක්... ඔයාල හැමෝටමත් සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා!! ඔයාලා හැමෝම ආදරය , මනුස්සකම අඳුනන ආදරෙන් පිරුනු මිනිසුන් වේවා!!!
@aadharakathaava
ReplyDeleteඅහ් ඔව් ඔව්..මොකෝ මතක නැත්තෙ.... :-)
අනේ මන්දා.. මම ටිකක් සංවේදි වැඩිද කොහෙද.. සමාජයෙ පුංචි අහු කොන් පවා පෙනෙන එක ලෙඩක්ද කොහෙද..ඒවා පෙනුනම කියනකන් කට නලියන එකත් ලෙඩක්ද කොහෙද...:-)
@ all those who commented
ReplyDeleteමොනවා උනත් මට ලොකු සතුටක් තියනවා..
මේ ලියුව පොස්ට් එක ගැන කියවමින් අදහස් දක්වන මෙ පිරිසවත් අඩුම ගනනේ මා කියන දෙය සමග අදහස් බෙදා ගන්න එකට...
ස්තූතියි.. මනුස්සකම අපේ ලෝකයෙන් ගිලිහෙන්න ගොඩ කලක් යාවි මෙවැනි මිනිසුන් ඉන්නකොට....
ඔබේ අවංක අදහස් අගය නොකලොත් මන් තවත් කරුමක්කාරයෙක් වේවි.. ජීවිතේ නිදහස අපිට ඕන වෙලාවට නැති වෙන්නෙ හරි පුදුම විදිහට..කොහොම උනත් මේ වගේ ඔපෙන් හිතන ඔබට ජයෙන් ජය..
ReplyDelete@ කරුමක්කාරයා
ReplyDeleteසංතෝසයි ඒ විවෘත භාවය බෙදා ගත්තට..
නිදහස කියන දේ අපි විඳලා තියෙන්නේ හරීම අඩුවෙන්....
ඔබටත් ජය වේවා!!! මනුස්සකම බෙදා ගත්තාට
හැම දෙම තියන්න ඔනා.හැබැයි සීමාවක් තුල. නත්නම් කරදරයි. හැමොටම. මොනවද ඔයා උගන්වන විෂයන් ?
ReplyDeleteoyage lipiya harima atthai..sundarai..hhhhmmmmm...eth mama me kalpana kale oyawa heta police athadanguwata ganivida dan na kiyala..mokada ape rate sadacharaya sanskruthiya gana kimbul kandulu halana samaharunta oka 'JATHI DROHI KRIYAWAK' wenna puluwan.....good luck miss......!!!!!!!
ReplyDeleteVery well written. Our culture is full of bull-shit.
ReplyDeletehari kiyannam..nawaka sisuwekuta salakana widiya iganaganna ohu sabaama guruwarayek..kiyala mata hamawelawema hithenawa..
ReplyDeleteah.. mokakda teacher nuwara aya gana kiwwe..math deyak kiyannada..nuwara obe pasale daruwanta wada oba inna parisaraya bohomathma suhada sheeli..mata eka sahathikai
කොහොමද මිස්. මම කියපු දේ ඇත්ත නේද?
ReplyDelete@ රවා
ReplyDeleteඅපි අපිම සීමාවල් හදා ගන්නවා නම් අවබෝදය මත, හොඳයී.... ඒත් අපි ඇත්තටම කරන්නේ අමුතුම විනයක් කියන සීමා සහිත බව තුල කැමැත්තෙන් හෝ අක්මැත්තෙන් හිර වෙලා ඉන්න එක... අපි ලොකය දකින්න පටන් ගන්නේ හුඟාක් පහුවෙලා...
@නෙතාරා
ReplyDeleteඅනේ මන්දා අදනම් පොලිසියට අහු වුනේ නැහැ/...:-)
ස්තූතියි..
@ Bardo Flanks
ReplyDeletethanks 4 d comment... :-)
@කමලිකා
ReplyDeleteඔව්... ඇත්ත..ඒ සුහද බව මම කිසි දවසක දැකල නැහැ අපේ පාසල් වල....
@ aadhara kathaava
ReplyDeleteඅහ් මරන්න ඕනා..මම අල්ලගන්නම් ලබන සතියෙ:-)
ඔන්න මම කතාවත් කිව්ව පංතියෙදි... හරිද? ඒත් සිංහලෙන් ලියනව වගේ නැහැ කඩුවෙන් වනනකොට... :-)
මට ඔබ කවුදයි සිතා ගත හැකියි... වෙලාවට අද පංතියෙ පිරිමි ලමුන් හිටියෙ කිහිප දෙනයි :-)
හා හොදයි එහෙනම් කියන්න බලනන්න මිස් මම කවුද කියල.....
ReplyDelete@ adhara kathaava..
ReplyDeleteusayi nedha?
හ්ම්ම්ම්ම්ම්. ටිකක් විතර.....
ReplyDeleteඒ ටික මැදැයි.... කෙසේ වෙතත්... ඒ දෑන ගත්තා ඇති...
ReplyDeleteහයියෝ.... හරි හරි කමක් නෑ. මම දන්නව මිස් ඕව එකේදි කියන්නේ නෑ නේ... ඒක නිසා කමක් නෑ...
ReplyDeleteමම ගැන මොන තාලෙටද හිතන් ඉන්නේ.. මට පිස්සුද කිය කිය යන්න... ආ?
ReplyDeleteකෙසෙ වෙතත්, අර වැලන්ටයින් කතාව ලමයි ගත්තෙ එච්චර පොසිටිව් කියල මට හිතුනෙ නැහැ...
හ්ම්ම්. ඔව් මිස්. ඒත් තව කට්ටියකට අර සචිනි ගැන කිව්ව කතාවනම් අල්ලල ගියද කොහෙද. :)
ReplyDeletesachini? e mokakda???
ReplyDeleteඇයි මිස් අර කිව්වෙ අන්තිමට කතාවක්. ඒ සචිනි ගැන නෙමේද? එයා නෙමේ නම් නිවෙදිකාව ගැනද මිස් කිව්වෙ?
ReplyDeleteඅපෝ නැහැ ලමයො.. සචිනි හිල්වුඩ් ලමෙක්.. මෙය කවුද කියල මම කියන්නේ නැහැ..පවුනෙ එයා...
ReplyDeleteඒත් මිස්, මිස් කියපු වෙළද දැන්වීමේ ඉන්නෙ ඒ දෙන්න විතරයි. OK OK .මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හොද නෑ තමා මොනා වුනත්
ReplyDeletemiss...missge class eke 'samaharu' harima 'asadharanai'+ 'napurui'....miss...!!!
ReplyDeleteආදරයෙන් තොර
ReplyDeleteආදරවන්තයින්ගේ දිනයකදී
රාගයේ ගිනිදලු
සිනාසෙනු දුටිමි
@ ආදර කතාව
ReplyDeleteඔව්නෙ .... ප්‍රසිද්දියෙ අපි කාගෙවත් චරිත ඝාතනය කරන්න හොඳ නැහැ.
@ නෙතරා
කවුද ඔයාට නපුරු උනේ..? කියන්න මම ගහන්නම් එයාලට :-)
@ අනුරාධ
රාගයේ ගිනිදලු උදෙසා ආදරවන්තයින්ගේ උතුම් දිනය යොදා ගැනීම අපේ කුහක සංස්කෘතිය විසින් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ සුන්දර ලෙස ආදරය කිරීමට වැට බැඳීමෙන් නිර්මාණය වූ ව්‍යසනයක් නොවේද?
සත්තකින්ම ඔවු. ආදරය ලිංගිකත්වය කියන දේ මහා ලොකු දෙයක්, බැරෑරුම් දෙයක් කරලා ඔලු ගෙඩි වලට රිංගවල අපෙ සංස්කෘතිය විසින් කරල තියෙන්න හොඳකට වඩා නරකක් කියල මටත් හිතෙනවා. ආනතියක් තියෙන ලෑල්ලක් උඩ බෝලයක් රඳවලා තියන්න පුලුවන් පුංචි මුක්කුවක් ගහල. ඒත් නිකමට හරි ඒ මුක්කුව බුරුල් උනොත්.....අර බෝලේ පල්ලෙහාටම පෙරලීගෙන යනවා.
ReplyDeleteකොහොමද මිස්. පහුගිය දවස් ටිකේ මොකවත් ලියල නෑනේ???
ReplyDeleteඅනේ ඔව් අප්පා.... අතිශයින්ම කාර්යබහුලයි පහු ගිය දවස් ටිකේ.. ඒත් කවියක් හෙට දිහාට ලියන්න වගෙ හිතක් තියනවා..... කවි බීජයක් නිකම් ඔලුවෙ හොල්මන් කරනව වගේ තියෙනවා.... :-) හෙට දිහාට මගේ බ්ලොග් එක බලන්නකෝ.... :-)
ReplyDeletemiss apita ugannana kale mehema katha kiyuwe nahane.... eth mata mathakai mis apith ekka university jeewithaya gana kiyanawa... it was very nice to see a blog done by you with such nice thoughts and ideas..
ReplyDelete- posh iskoole missgen ICT igenagaththa sankara kellek -
ඇත්තටම මුලු ල0කාවටම ප්‍රසිද්දියේ කියන්න ඕන...කියල දෙන්න ඕන දෙයක් තමයි මිස් රහසින් කියල තියෙන්නෙ.ඇත්තම ඇත්ත.
ReplyDeleteඅනේ ඔය ටික අපේ සමස්ත පාසල් පද්ධතියේම ගුරුවරුන්ට තේරුම් ගන්න බෑනේ.. ඇත්තෙන්ම කව්රුවත් කැමති නෑ තමන්ගේ ජීවීතයට කව්රුවත් අනවශ්‍ය විදියට මැදිහත් වෙනවා දකිනින්න. දැන් පාසල කියන්නේ බන්ධනාගාරයක් වගේ තැනක් වෙලා.
ReplyDeleteලින්කුවක් දිගේ මේ ලිපියට ඇතුල් වුනා.... අපි නොදැනුවත්වම වගේ හුරුවෙලා ඉන්න සාම්ප්‍රදායික අදහස් ගැන හිතලා බලන්න ඇස් ඇරවන වටිනා ලිපියක්... ඔය මේ සාමාජේ සංකරයි, අරක අසංවරයි කියන එවා සාපේක්ෂ අදහස්නේ... පොදු මිනිස් හැඟීම් කොයි සමාජෙටත් පොදුයි... ඒවා ප්‍රකාශවෙන විදිහ තමයි වෙනස්. නිදහස් චින්තනයක් ඇති තැන, අනිවාර්යයෙන් ස්වයං විනයක් ඇතිවෙනවා. ඒ අතින් බැලුවාම ඒ උසස් සමාජවල ළමයි... අපේ සමාජේ ළමයින්ට වඩා වාසනාවන්තයි.
ReplyDeleteකාලෙකින් කියවපු අගනාම ලිපියක් බව කියන්න කැමතියි. ගුරුවරියක් සහ ශිෂ්‍යයන් කීපදෙනෙක් අතර ඇතිවුන දෙබස් ටිකත් රසවින්දා කියලා කියන්නම්. "නාවොත් මරනවා" :D
අක්කා 2010 ලියපු එක 2022 දිත් අපේ සමාජෙට වලංගු එක කණගාටුවට කරුණක් 😒💔
ReplyDelete