කඩිමුඩියෙ ඈඳ පෑලඳගෙන අපි පන්සලට යනකොට මෙන්න දෙගොඩ තලායන වතුර පිරිච්ච පන්සල! හිත ඇත්නම් පත කුඩාද ? අත් හැරියෙ නෑ.. පුරසඳයි මායි පුරසඳ අයියයි (හාහා පුරසඳ ගේ මහත්තයා හෙවත් මගේ මස්සිනා) තෙමි තෙමි පත්තු කරපු පහන් වැට තමයි මේ පහලින් තියෙන්නේ. :)
එතනින් එහා මේ වෑස්සෙ චිරි චිරි ගගා කුඩේ යටින් තෙමෙමින් මුවා වෙමින් ලා කරුවලේ ගෙදෙට්ට ගොඩ වෙන තුරු තිබ්බ හැතැම්ම බාගෙ අතරතුර මට කීපාරක් නම් හිතුනද, අනෙ මේ කුඩේ විසි කරල දාල කෑ ගගහ කෑරකි කෑරකි වැස්සෙ තෙමෙන්න...!
කුඩේ විසි කලොත් කුඩයක් කෝ..? ඇඳුම් තෙමේවි.. ඇඟට ඇලේවි.. රට්ටු හිනා වේවි... රට්ටු වැරදියට බලාවි..වයසෙ හැටියටද වැඩ? ඔහොමද හැසිරෙන්නෙ..? ගුරුවරියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඊය ජරා වතුර ... මොන ජරාවක් ඇද්ද? හෙම්බිරිස්සාව හැදේවි... ලෙඩ වේවි .. ඉස්කෝලෙ යන්න බැරි වේවි!
හප්පේ... කීයක් ජාති හිතන්නද ? ඔය ඔක්කොම එක පාර හිතෙද්දි මට ආයෙමත් පුරුදු ලෙසම කොලඹ හතේ ඉස්කෝලෙට හිත දුවගෙන ගියා...
වැස්ස වැටෙන එක තරම් අපෙ පොඩි උන්ට සන්තෝසයක් තවත් නෑ නෙව. කිව්වම විස්වාස කරන්න. අපෙ ස්කෝලෙ ඔච්චර කිරි සුදු කෙල්ලො ඉන්නව. එක කෙල්ලෙක් කුඩයක් පාවිච්චි කරන්නෙ නෑ. අව්වටවත් වැස්සටවත්.! විවේකයක් එනකල් මේ දඟකාර ඇස් ඇඟිලි ගනිනව. එලියෙ වැටෙන වැහි බිඳු දිහා බලාගෙන... ඔන්න එක නිමේශයයි.... මී මැහි පොදියම පිට්ටනියෙ.. එකෙක් දෙකෙක් පෝරිසාද ලමයි ටිකක් විතරක් නෙමෙයි. මුලු ඉස්කෝලෙම..!. කොටින්ම නිකම්ම නිකම් වැස්සක් නෙමෙයි.. වැහි සන්දර්ශනයක් වගේ. මුලු ඉස්කෝලෙම වැස්සෙ තෙමෙන්න එලියට බහිනව. හරියට ලෝකෙ දැකපු පලවෙනි වැස්ස වගේ. ආයෙ කවදාවත් වහින්නෙ නෑ වගේ... ලමයි හැමෝම එකිනෙකා බදාගෙන සන්තෝසය උතුරන ඇස් වලින් යටි ගිරියෙන් කෑගහමින් වෑස්සෙන වතුර බිඳු වල ආස්වාදය ලබනවා. මේව බොරු කියලද හිතන්නේ? මේ ලංකාවේ.. ඉස්කෝලෙක ඇත්ත කතාවක්... මට දුකයි පින්තූරයක් නැති එක ගැන... :(
තෙමෙන නිල ඇඳුම් ගැන, ඊලඟ පන්තියට තෙමිච්ච ඇඳුම් පිටින් යන එක ගැන, හෙම්බිරිස්සාව ගැන එක්කෙනෙකුටවත් වගක් නෑ. තෙමිච්ච ඇඳුම් පිටින් ඊලඟ පන්තියට යන ඒ ඇස් වල දකින නිර්ව්‍යාජ තෘප්තිය දකිද්දි , ලැබ් එක අස්සෙ කැරකෙන පුස් ගඳට බනින්න හිතෙන්නෙත් නෑ... :) මේ ලස්සන දසුන බලන හැම වැහි දවසකම මගෙ හිත කියන්නෙම, අනේ මේ පොත් මිටිය විසි කරල දාල මටත් ඒ මැද්දට පැනගෙන නටන්න තියනවනම් කොච්චර හොඳද කියලයි.
ඕශෝ වෙලාවක මෙහෙම කියනව. දරුවන්ට වැස්සෙ තෙමෙන්න ඉඩ දෙන්න! ඒ වැස්සෙ ආස්වාදය, තෙමුනම දැනෙන සැහැල්ලුව නිදහස ළමා මනසට අහිමි කරන්න එපා කියලා. හෙම්බිරිස්සාව හැදුනම මොකෝ.... හැදුනොත් බේත් බොනවනෙ... :)
සුදු ගවුමෙ රැලි අතින් පිරිමැදල පුටුවෙ වාඩි වෙච්ච අතීතය මට මතක් උනා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෙ දූවිලි ගොඩක වාඩිවෙන මේ දඟයො දකිද්දි මට හිත කීවෙ අපි ඔය 'Neatness' හොයන්න ගිහින් කොතරම් ලස්සන අත්දැකීම් ගොඩක් අහිමි කරගෙනද කියල. හිත හඬා වැටෙනව දැන් නම් , ගෙවිල ගිය කමකට නැති , වැඩි පරිස්සම් ලමා කාලය ගැන. !
ඕශෝ.... මෙන්න මෙහෙට එන්න. ... අතීතෙට අපිව අරන් යන්න... වැහි දවසට , එකෙකුට ඉඩ දෙන්න එපා කුඩයක් ගේන්න ! :-)
අපොයි අපිනං ඉස්සර බලං ඉන්නේ වහිනකං ඉස්කෝලේ නොයා පහළ බන්ට් එකේ හරි ගල් පොත්ත ගාව ඇලේ හරි නාන්න යන්න...
ReplyDeleteකකුල් දෙකටම සුදු දිග කලිසම් අඳින්න ගත්ත මුල් දවස්වල අපිත් ඉතින් ලේන්සුව එහෙම පුටුවට දාලනේ වාඩි වුනේ... :) බලං යනකොට ඔක්කොම එකයි වගේ :D
ReplyDeleteවැස්සේ තෙමි තෙමී යන්න තියනවනම්........
ReplyDeleteමොනව කියනවද?... පිස්සුද?......ලෙඩක් හදා ගන්නද?.....
එහෙම කියනවා තමයි. ඒත් වැස්සේ තෙමෙන එකේ ආශ්වාදය..
අමාරුවෙන් හරි ඒකත් විඳන්න ඕන.
කියාගන්න බැරිව හිටියේ. මටත් වහිනකොට නම් නිතර ඔහොම හිතෙනවා..
ඒත් වැස්සේ තෙමෙන්න කැමති අයට කියන්න දෙයක් තියනවා. දැන් මහින වැසි ඉස්සර වගේ න්ම නෙවේ. ඒවායින් තෙමුනොත් අනිවාර්යයයෙන් පිරිසිදු වතුරෙන් නාන එක කරන්න ඕන.නැත්නම් සම කසන ගතියක් එනවා. වාතයේ ඇති අපද්‍රව්‍ය හින්ද වෙන්න ඇති.
වැහි වතුරේ කඩදාසි ඔරු යවන්න හිතුනේ නැද්ද කාටවත්ම?
ඉස්සර අපි නම් වහින කොට කරන්නේ කඩදාසි වලින් ඔරු හදලා කාණු වල යවන එක..
ReplyDeleteපී. ඇස්. කූඩේ ගෙනාවා :D
ආසාවේ බෑ අහනකොටත්...
ReplyDelete"අව්ව වැස්ස කුණාටු මැද...
ඉන්නයි තම දිවි රැකගෙන...
පියාඹන්න කියාදෙන්නේ...
කුරුළු මවක් නම්...."
ඉස්සර අපේ ඉස්කෝලේ ( ධර්මරාජ විද්‍යාලය ) පිට්ටනියේ වැස්සට පාපන්දු ගහපු හැටි, ඉන් පසු පාසැලේ බොන වතුර ටැංකියේ නාපු හැටි මතක් වෙනවා. මීදුමත් එක්ක වැටුනු ඒ වැස්ස තාමත් හිත හිරි වට්ටන්න සමත්. :( එහෙම වගකීම් වලින් බැදීම් වලින් තොරව වැස්සකට තෙමෙන්න ඉඩක් කවදා ලැබෙයිද ????
ReplyDeleteThankx for the quick flashback to the past, Its nice to remember every thing, Specialy on a rainy day like this
මේ පොස්ට් එක කියවද්දි සුන්දර මතකයන් ටික්කින් ඔළුවයි මනසයි තෙමිලා ගියා...
ReplyDeleteලස්සන සටහනක් ඕන්...
සා.............. සෝක් අෆ්ෆා........ දැන්ම ගිහින් තෙමෙන්න් හිතෙනවා ( කරුම වෙලාවට වැස්ස නැවතුනා මේ දැන් ;)
ReplyDeleteඒකයි එහෙනං ඉරිසියාවයි කීවේ.. මං ඒත් බැලුව මොකක්ද කියලා..
ReplyDeleteවගකීම් වැඩිවෙනකොට නිහදස නැත්වෙනව වගේ නේද?
ඕං මං කීව වගේ තෙමෙන්න ආව ආයෙම.. කුඩයක් දැකපු කාලයක් මතක නෑ! :)
ReplyDeleteමරු ,,,,,,,,,,!
ReplyDeleteකදිම සටහනක් මල්.
ReplyDeleteහිත පුරා වින්දා.
ඔබේ මම කැමතිම සටහන් වලින් එකක්.
ලංකාවේ වැස්සට තෙමුණා කියලා අපත්තියක් වෙන්නේ නෑ..ලංකාවේ වැහි හරිම උණුහුම්..මළ මූසල, හීතල, පළාතම කාළකණ්ණි කරන වැහි නිතර වැටෙන රටක ඉන්න කොට ලංකාවේ වැස්ස කොයිතරම් උණුසුම්ද කියල හිතෙනවා..
ReplyDeleteඉතාම විශිෂ්ඨ ඒ වගේම නිර්ව්‍යාජ රචනයක්..පොඩි දරුවෙක් ලිව්වා නම් මේ විදියටම ලියයි..
වැස්සේට තෙමෙන එක විතරද ....... පාරේ මඩ වල වල්වලට පනින එක ......කෝච්චර සෝක්ද අප්පා ..........
ReplyDeleteදැනුත් පාරවල් වල වලවල් තියනවා ...... වතුරත් තියනවා ..... දැන් නම් ඉතින් ..........හික් හික්
ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteඅර පත්තුකරපු පහන් වැටත් ලස්සනයි.
පේනවනෙ නංගියා, ඔයා දන්නෙ නැති උනාට ඔයාලගෙ "ළඟම" ඉස්කෝලෙ ළමයි තෙමුන හැටි වැස්සේ. දිල්රුවන් කිව්ව වගේ ඒකාලේ අම්බානක තෙමෙන එක අපේ ඉස්කොලේ උන්ගෙ සිරිතක් වෙලා තිබ්බ. වැස්සෙ තෙමි තෙමි ක්‍රිකට් ගහල ඇති ඕනෙ තරම්.හොඳටම තෙමිලා කපුටො වගේ පන්තිවල හිටියෙ. දවසක් පන්තියම තෙමිලා ආපු වෙලාවක අපේ පොරක් පන්තියේ දොර මුල්ලට වෙලා යට ඇඳුම් පිටින් උඩ ඇඳුම්වල තෙත මිරිකනවා. එතකොටම මැඩම් ආවා. මිනිහට නන් හම්බ උනා එදා හොඳට. පොර අද නළුවෙක්. දන්නව ඇතිනෙ කවුරුගැනද කියන්නෙ කියලා (චරිත ඝාතනද මන්දා ) ;)
ReplyDeleteපොඩිම කාලේ වහින වෙලාවට මාව ගේ ඇතුලෙන් තියාගන්න අම්මාට සෑහෙන්න ට්‍රයි එකක් දෙන්න උනා කියල අම්ම කියනවා. ඊට පස්සෙත් කුඩ තියෙද්දි අරගන්නෙ නැතුව තෙමීගන යන කාලයක් තිබුනා. වෙන මොකක් හින්දාවත් නෙවේ. තෙමෙන්න ඕනේ හින්දා :) පස්සෙ නන් හැබැයි කුඩ පාවිච්චි කලා(කෙල්ලො පස්සෙ එහෙම යන කාලේ). දැන් නන් කුඩ පාවිච්චියක් නැහැ. තෙමීගන තමයි යන්නෙ. ;)
දවසක පොඩි උන් එක්ක පිට්ටනියට බැහැලා බලමු :)
මිස් මොනවා කියනවද මන්දා..
ReplyDeleteකුඩේ නැතිව තෙමි තෙමී ගිහින් ලෙඩ වුනාම ගන්න නිවාඩුත් නෑ. කොත්තමල්ලි තම්බන්න මහන්සි වෙන්න වෙන්නෙත් නංගිට හරි අම්මට හරි නෙ.. මට තියෙන්නෙ පොරවාගෙන නිදා ගන්න විතරයි..
මතකයන් අවුරුදු 10 කට 15 කට ගියා.
ReplyDeleteවැපාට මෙතන ඇවිල්ලත් මතක් වෙන්නෙම මඩම තමයි ! :)
මාව සීතල වෙලා යනෝ.....!
ReplyDeleteහිත දුව....ගෙන ගිය ඉතිහාසෙට..අපෙ කොලඹ පහේ ඉස්කොලේ මගෙ අතිජාත මිත්‍ර පරානෙත් එක්ක වැස්සෙ තෙමිල ලැබ් එකෙ ඉඳන් ඇඳුම් වේලගත්ත දවස් මතක් වුණා.අපූරුයි සහෝදරී. කියන්න වචන නෑ.නියමයි.උපරිමයි!
මුලින්ම කියන්න ඕනේ මේ පෝස්ට් එක ඊයේ කියවන්නැතුව අද කියවන්න හිතාගත්තු එකට මම සතුටු වෙනවා. මේකෙ නියම ආශ්වාදය තියෙන්නේ මේ වැස්සෙ සීතල ඇගට දැනේද්දි කියවන කොටයි.
ReplyDeleteමට නං පොඩි කාලේ වැස්සෙ තෙමෙන්න දුන්නා එක දවසක් ඇති වෙන්න. ඒකට නං මගේ දෙමව්පියන්ට අනේක වාරයක් පින් ලැබෙන්න ඕනේ..!
එතකොට නංගි නැ. මම වැස්සෙ එලියට බැහැල වැස්ස පොලොව තෙමන හැටි, ඊලගට වැස්ස මිදුලේ දියපාරවල් මවන හැටි, ඒවා පල්ලෙහාට ගලාගෙන යන හැටි, වැස්ස වෙලාවට පොල් ගස් දිගේ වතුර ගලාගෙන පහලට එන හැටි දැක්කා.
තණ කොල ගස් වැස්සට ගිලෙද්දි ඒවා උඩ ලිස්සලා යන්න කොච්චර ලේසිද කියලා ඔයා දන්නවද? ඒ වෙලාවට මිදුල මඩ උනත් බය නැතුව දගලන්න පුලුවන්, මඩ පොඩ්ඩක්වත් ඇගේ හිටින්නෙ නැ. ඇයි වැස්ස ඒ ඔක්කොම හෝදලා දානවා!
අපරාදේ ඔයාට පංසලේ ඉදලා එද්දි වැස්සෙ තෙමෙන්නයි තිබුනේ...........!
ඒකේ තියෙන ආශ්වාදය කොච්චරද කියලා ඔයාට තේරෙයි එතකොට.....!
මේ ලගදී එක දවසක් නියම වැඩක් කලා.
අපේ මැරියන්ව පොඩි කාලේ ඒ ගොල්ලංගේ අම්මලා තෙමන්නෙ නැතුව වැලි ගෑවෙන්නැතුවයි හදලා තිනේනෙ . ඉතිං එයා කවදවෙත් වැස්සෙ තෙමිලා නෑ. මම ඉතිං එහෙම යැ..!
ඉතිරිය පහල>>
එක දවසක් අපි බයික් එකේ එයාලගෙ ගෙදර ඉදලා එද්දි එදා වැස්ස පටන් ගත්තා. මැරියන්ගෙන් මම ඇහැව්වා තෙමෙන්න කැමතිද කියලා. එයා එක පයින්.
ReplyDeleteඉතිං ඔයා විශ්වාස කරයිද දන්නැ “අපි මහා බාගේ හංදියෙ ඉදලා පැයක් එක දිගට තෙමී තෙමී කෑ ගගහ ආවා ගෙදර එනකං. එක බයික් එකක්වත් පාරේනෑ. ඔක්කොමලා අගු පිල්වල වැස්සට බයේ. අපි විතරයි පාරේ.
අන්න එදා නං වැස්සෙ තෙමිලා මැරියන් හොදට සතුටු උනා.
අපේ නංගි නිවාඩුවට ආවම එක දවසක් අපි මිදුලේ මඩ නාගෙන වැස්සෙ ෆුට් බෝල් ගැහැව්වා. මම තනියෙම මැරියනුයි නංගියි එක පැත්තක. ඒ වගේදේවල් වලින් ලැබෙන සතුට වචනෙන් කොහොම විස්තර කරන්නද?
ඒකයි මම කිව්වෙ කව්රු මොනා කිව්වත් කුඩේ අක්කලාට දීලා ඇති තරම් තෙමෙන්න තිබුනා කියලා......! එහෙනං ඔයාට මේ පෝස්ට් එකට මීට වඩා දේවල් එකතු කරන්න තිබුනා.
කිසි දේකට බයවෙන්න එපා. මම පොඩිකාලේ තෙමිච්ච වැස්සමයි අදත් වහින්නෙ. වැස්ස දන්නවා අපි එයාට කොච්චර කැමති ද කියලා....! ඒක නිසා වැඩි පරිස්සම් පොඩිකාලේ ගැන දුක් වෙන්නැතුව, බය නැතුව වැස්සෙ තෙමෙන්න.
අපි නං අදත් වැස්සෙ නාන්නයි හිතාගෙන ඉන්නෙ.....!
ඔයත් වැස්සෙ තෙමිලා කියන්නකෝ වැස්සෙ තෙමුනම කොහොමද කියලා.....!
මාරයෝ...අපිට කොයින්ද එච්චර පිනක් අප්ප...තෙමුනොත් ඉතින් දාහක් නිදහසට කරුණු කියන්න ඕනේ... :(
ReplyDeleteආදර කතාව
ReplyDeleteහපෝ ඔව්... මම ඔය මෝස්තරකාර කොල්ලන් ඔහොම ලේන්සු දදා වාඩි වෙනව දෑකල තියනවා.... ලෑජ්ජාවෙ බෑ.. හපෝ පරිස්සම මුන්ගේ.... :)
හා හා ප්‍රියන්ත අයියේ....
ReplyDeleteඅනේ වෑස්ස වතුරෙ මොන අගුනයක්ද අනේ.... :)
කඩදාසි ඔරු හෑදන්නත් ඔය වගෙම ආසයි :)
ඩාක්
ReplyDeleteමොකෝ ගෙනාවෙ කුඩේ... මන් කිව්ව නේද ගේන්න එපා කියලා... ඈ? :)
හලේ තිස්ස අයියේ...
ReplyDeleteකවියක් නැතුවම බෑ නොවෑ මෙයාට :) හෙ හෙ හෙ
දිල් රුවන්
ReplyDeleteඔව් මේ මතක අපිට හැමදාම තියේවි.... අර පහලින් බුද්ධි අයිය කීව වගේ අපිට පුලුවනිනම් .... ඒ නිදහස විඳින්න , නිදහස අනිත් අයටත් දෙන්න... අනේ මොන වාසනාවක්ද?
හසියෝ....
ReplyDeleteඉතින් ගොඩාක් ස්තූතියි.. මේ වගෙ මතක මන් තවත් ලියන්නම් .... ස්තූතියි
ජේ ඩී මල්ලි
ReplyDeleteහා හා තෙමෙමුද මලේ.... :) ඔන්න දෑන් නම් වහිනවා
හලේ... අපිව යට වෙලා. ගංවතුර ආධාර දෙන්න කවුරුත් නැද්ද?
ReplyDeleteවැස්ස කියන්නෙ අපිට ඉගෙන නොගෙන ඉන්න ආශිර්වාදයක්.අපි හිටියෙ මික්ස් ස්කූල් එකක.ඒ නිසා වැස්සට පස්සෙ වතුර පිරිච්ච කාණු උඩින් යනව බොරැ.අනිත් එක වැහැගෙන එද්දිම පිරිමි ළමයි වහලට නැගලා උලු කැටයක් බිමට අතාරිනවා.ඊට පස්සෙ ඉතින් එළියත් එකයි,ඇතුළත් එකයි.
ReplyDeleteවැස්ස කියන්නෙ අපිට ඉගෙන නොගෙන ඉන්න ආශිර්වාදයක්.අපි හිටියෙ මික්ස් ස්කූල් එකක.ඒ නිසා වැස්සට පස්සෙ වතුර පිරිච්ච කාණු උඩින් යනව බොරැ.අනිත් එක වැහැගෙන එද්දිම පිරිමි ළමයි වහලට නැගලා උලු කැටයක් බිමට අතාරිනවා.ඊට පස්සෙ ඉතින් එළියත් එකයි,ඇතුළත් එකයි.
ReplyDeleteඅහ් තාරක මල්ලි. ඔව් ඔව්.. ඒත් ආයෙනම් වටපිට බලන්නෙ නෑ. වැස්සට පැනල තෙමෙනවා.... ආයෙ දෙකක් නැ....
ReplyDeleteසිහින....
ReplyDeleteඔව් ඔව්.. මරුම මරු තෙමෙන්න තිබබ් නම් :)
චාමි
ReplyDeleteගොඩක් ස්තූතියි......ස්තූතියි.. අනේ වැස්ස අත් හරින්න එපා. තෙමෙමු....:)
දමිත්
ReplyDeleteමාත් හිතනවා මේ උනුහුම් වැස්සට බැ අපිව ලෙඩ කරවන්න.
අපී හිතේ ඉන්න පොඩි දරුවට නිර්ව්‍යාජව හැසිරෙන්න පුලුවන් නම් ක්කොතරම් සුන්දරද දමිත්....
හලේ වැෆෝ....
ReplyDeleteබෝ කොහොමත් පනින්නෙම මඩ වලවල් වලටමනෙ. මහ කාස්ටක අවුවෙත්.. හූ හූ.... බෝට මෙතනදිත් මඩ නොගහ ඉන්න හිතෙන්නෙ නැනෙ වැෆෝ :)
ස්තූතියි ප්‍රසන්න....
ReplyDeleteආයෙත් මිනිස්කම බෙදාගනන් සංසාරේ අපි වෙත එන්න ... :)
චමිල අයියේ.. ඔහොමකියනකොට නම් හිත වාවන්නෙම නෑ... අම්මපා ආයෙනම් පනින එක පනිනවා වැස්සට :)
ReplyDeleteඔය සුට්ටක් බේත් බිව්වම මොකෝ රොශාන්... නේද ? :) ආයෙ තෙමෙන්න හොඳේ....
ReplyDeleteඋදාර
ReplyDeleteමඩෙන් තොර වෑෆෙක් කොහිද... හිකිස්...
ආයෙත් මේ අතීතෙට නෙමෙයි... මේ නිර්ව්‍යාජ අත්දෑකීම වර්තමානෙට එකතු කර ගනිමු නේද එහෙනම් ???
වීතරාගී
ReplyDeleteමම උදාරට කිවුවා වගේ අපි ආයෙත් ඒ අතීතෙන් වර්තමානය සෑහෑල්ලු කර ගත්තොත් මොකද > ජීවිතේ ගොඩක් අනවශ්‍ය බර හෑල්ලු කර ගත හෑකි වේවි....
බුද්ධි අයියේ...
ReplyDeleteකියනකොටත් මට මැරියන් නන්ගිවයි ඔයාවයි ඇදගෙන වෑස්සක් මවලා එතන ෆුට් බෝල් ගහනන් හිතෙනවා අප්ප...
මේ මේ ආයෙ හමුවක් තියනකොට වෑස්ස දවසක් දාගමු නේද අයියේ ? :)
ආදර කතාව
ReplyDeleteමම දෙන ආදාරෙ තමයි ලන්කාවෙ කුඩ ඔක්කොම හන්ගන එක :)
කාන්චනා අක්කා...
ReplyDeleteමේ මේ ඔයාලගෙ සතුට මට තිබ්බෙ නම් නෑ. ඒත් ආයෙ නම් අනිවා කිසිම වෑස්සක් මිස් කරන්නෙ නෑ...
කිරිත් එක්ක සමහන් බොනවා නම් එලකිරි. කිසිම ගැටළුවක් නැහැ හෙම්බිරිස්සාවක් පැත්තකවත් නැහැ.
ReplyDeleteමාත් හරි ආසයි ජුරාසික් පාක් වල වගේ වැස්සෙ තෙමි තෙමී ඩයිනසෝරයන් එක්ක හැංගිමුත්තන් කරන්න සෙල්ලම් කාර් එකක් ස්සෙ හැංගිලා. හැබැයි ඩයිනසෝර්ලට හපන්නනම් ඔට්ටු නෑ
ReplyDeleteපොඩි කාලෙට යන්න ඕනේ නෑ. මේ දවස්වල වහින්නේ. ඔන්න උත්සහ කරලා බලන්න. මං නම් දැන් හොටු හූර හූර ඉන්නේ.
ReplyDelete