Showing posts with label ඉස්කෝලේ. Show all posts

Tuesday, April 26, 2016
[329] කොල්ලා සහ බල්ලා
මේ සැරසෙන්නේ , වසර කිහිපයකට උඩදී මා විසින් ඔබට කරන ලද වංචාවක් හෙලිදරව් කිරීමටය . අතේ වලල්ලක් පැලැඳි සාන්තුවරයකු ගැන මා ඔබට කීවා මතකද ? මට සමාවන්න , සැබෑවක් යැයි ගහ පහ දිදී මා එදා ඔබට කීවේ ප්‍රබන්ධ කතාවකි. කොලඹ මහ අතුරුපාරක් අයිනේ ලොරියකට බෙල්ල තැබූ බල්ලෙක් සිටියේ නැත. ඒ හපුටු බල්ලා සෙනෙහෙන් වඩාගෙන පාර අයිනෙත් තැබූ, කොණ්ඩය දිගට වැවූ, ලැප්ටොප් බෑගයක් කර පැලඳි කොල්ලෙක්ද සිටියේ නැත. සමාවන්න ...
ඒ හා ලඟින් යන හෝ සිදුවීම් මාත්‍රයක් මගේ හිතේ රැව් දුනි නම් ඒ crispyය . crispy යනු මීට පහළොස් වසරකට පමණ පෙර අපේ නිවසේ සිටි සුරතල් බල්ලාය. අමුතුම ගතිගුණ හා ගායක් තිබූ ඔහු අකැමතිම දෙය වූයේ අප නිවසින් පිට යාමය. ඔහු තනිකර දමා යාමට අප සියල්ලන් නිවසින් පිටව වාහනයට නැග ගන්නා විට , ඔහු අප මග හරස් කරමින් ඉදිරිපස රෝදයට බෙල්ල තබාගෙන සිටින්නට අද්භූත පුරුද්දක් ඇති කරගෙන සිටියේය. ඉදින් සාන්තුවර කතාවේ බල්ලාගේ කතා බීජය එයය.
එතකොට කොල්ලා ?
ඒ කොල්ලා මැවුනේ මගේ සිතේය. නමුදු එවන් කොල්ලන් හිසේ කෙස් ගානට , මා රාජකාරි කරන තරමක් බටහිරට නැඹුරු පරිසරයෙහි දැක ඇත්තෙමි. නමුත් පසුගිය මාසයේ මැද මට ඒ කොල්ලාද මුණ ගැසුනේය. බූස කොණ්ඩය කර තෙක් වවාගත්, රැවුල අපිලිවෙලට කපන ලද , කමිසය උඩින් දමා හපුටු ඩෙනිමක් ලාගෙන , ලැප්ටොප් බෑගයක් කරෙහි හරහට දමාගෙන තරමක් මාන්දමික ස්වරූපයෙන් ගමන් බිමන් යන කොල්ලෙකු මීට මාස ගණනාවකට ඉහතදී මගේ අලුත් පන්තියක ඉඳගෙන සිටියේය.
යතාර්ථ ලෝකයේ සිදුවීම් වල කතා සාරයන්හි ලැගුම් ගැනීම අරුමයක් නොවේ.
එහෙත් පූර්ණ ප්‍රබන්ධයක ප්‍රස්තුතයක් වසර ගණනාවකට පසු යථාර්තයක් බවට පත්වීම නම් ඇත්තටම ටිකක් ඕනාවට වැඩි සිදුවීමකි. තවත් අයුරකින් කියන්නේ නම් , අනාගත යථාර්තය වර්තමානයේ ගුප්ත සැලසුමක් වශයෙන් අපට ඉඟි කළ හැකිය .
" ටීචර් , ඊයෙ හරි වැඩක් උනානේ.උදේ පහට විතර මම ඉන්ටවිව් එකකට කොලඹ යන්න , ඔන්න පේරාදෙණිය පාරට ඇවිදගෙන එනවා. කටුකැලේ හන්දියෙ මාර ගහ ගාව , අනේ බල්ලෙක් වාහනේක හැප්පිලා පණ අදිනවා. කකුල් දෙකම යට කරන් වාහනයක් ගිහින්. වටපිටේ මනුස්සයෙක් දෙන්නෙක් වට වෙලා. ඒත් කවුරුත් එයාට වතුර උගුරක් වත් දෙන්න සූදානමක් නැහැ. යන ගමන යකාට ගියාවෙ කියලා ම්ම ත්‍රිවිල් ගනනාවකට අත දැම්මා. ත්‍රිවිල් නවත්තනවා. බල්ලව ගෙනියන්න කියල ඇහුනම 'රුං' ගාල ඉගිලිලා යනවා. සමහරු කටුකැලේ ඉඳන් පේරාදෙනියට තියන කිලොමීටර් තුන යන්න රුපියල් දාහක් විතර ඉල්ලනවා . අන්තිමේට එක අයියා කෙනෙක් කැමති උනා රු.800කට බල්ලව අරගෙන යන්න ඉඩ දෙන්න.
පේරාදෙණියෙ පශු වෛද්‍ය රෝහලට බල්ලව ඇතුලත් කලේ මම භාරකාරයා හැටියට. ඒ වැඩ ටික අහවර කරලා එහෙ බලලා මෙහෙ බලද්දි තමයි දෙයියනේ දැක්කෙ,මගෙ සහතික ෆයිල් එක !!!!! ඒක ත්‍රිවිල් එකේ අමතක වෙලා !!!!
ඒ මදිවට දැන් මගෙ ඇඳුමෙ හොඳටම කුණු ගෑවිලා. සපත්තුවල දූවිලි. බලු ගඳ. මොනව කරන්නද ටීචර්. ආයිත් ගෙදර යන්න අතේ සල්ලිත් නෑ. වෙලාවත් මදි. මම හිස් අතින්ම පේරාදෙණියෙන් බස් එකට නැග්ගා . මගෙ වෙලාව හොඳයි. ඉන්ටවිව් බෝඩ් එක මගෙ විස්තරෙ මනුස්සයො වගේ අහන් හිටියා . තේරුම් ගත්තා. මම ඉන්ටවිව් එකට හොඳට මුහුණ දුන්නා. අනිත් අතට මම ආයිත් බස් එකක එල්ලිලා පේරාදෙණියට ආව. අනේ අරයගෙ කකුද දෙක කපලා. අබ්බගාතයෙක් වෙලා. මට හරිම දුකයි ටීචර්. එතකොට එයාට සර්ජරියට පස්සෙ සිහිය ඇවිත්. මනුස්සයෙක්ට ඔහොම උනා නම් , ඇඳ වටේ කී දෙනෙක් ඉන්නවද , කවනවද පොවනවද? මම නැතිනම් එයාට කවුරුත් නැහැ. එයාගෙ ඇස් දෙක දකිද්දි මට හරි දුකයි. මම හිතාගත්තා එයාට කොහොම හරි ඇවිදින්න අවස්තාව දෙනවා කියලා. මම කෙලින්ම ගියා යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්තු, කෘත්‍රිම පාද හදන තැනකට . අම්මෝ රුපියල් හයදාහක් යනවා. හැබැයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වම දවසෙන් රුපියල් හයදාහටත් වඩා එකතු වුනා. මට හරිම සතුටුයි. පහුවෙනිදා උදේම මම ඉස්පිරිතාලෙට ගියේ මේ සුබ පණිවිඩේ මගෙ ලෙඩාට දන්වන්න. මල්ලිගෙ ලෙඩ බලන්න යන අයියෙක් වගෙ කැම බීම හෙම අරන් මම ගියෙ හරිම සතුටෙන්.
මගෙ ප්ලෑන් එක වුනේ , එයාට කෘතිම පාදයක් දාල අපෙ ගෙදර ගෙනියන්න. ජීවිතයක් කියන නම වැටෙන්නෙ මනුස්සයෙකුට විතරක් නෙමෙයි. බල්ලෙක් කියන්නෙත් ජීවිතයක්. සියවස් ගාණක් අපි ගාවින් ඉඳන් අපිට තනි රැකපු ජීවිතයක් . ඉතින් ටීච මම එදා උදේම ඉස්පිරිතාලෙට ගියෙ එයාගෙ සනීප වෙච්චි මූණ දකින්න. අනේ කලින්දා රෑ එයා අපිව දාල ගිහින් ටීච "
එක හුස්මට පැය බාගයක් පමණ මට කියාගෙන ගිය දිගු කතාව ලොකූ සුසුමකින් අවසන් කරද්දී , ඒ රස්තියාදුකාර පෙනුමක් තිබූ දිකු කොන්ඩයෙන් වැසී ගිය ඇස් අග්ගිස්සෙහි , පිරිමියෙකු වූ නිසා හැඬිය නොහැකිකමින් හිරව තිබූ තෙතමනයක් දිලිසෙනු මා කම්පාවෙන් බලා සිටියා.
සමාජ ජාලයක ස්ටේටස් අප්ඩේට් වලින් සිය මනුසත්කම් හුවා දක්වන ලෝකයක , විසේකාර බාහිර පෙනුමක් ඇති , බටහිරට බර ඇවතුම් පැවතුම් පෙනෙන, විසි වියැති තරුණයකුගේ හදවත තුල එතරම් සරල මාන හිතවාදී මිනිසෙකූ සිටි අයුරු හඳුනා ගත නොහැකි වීම අවාසනාවකැයි මට සිතුනා.
මේ ගැනයි මේ ලිපිය..
ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා
Sunday, October 16, 2011
[210] ඒ මම ද?.....මම නොවන මම ද?..මම ද නොදන්නෙමි...
නිහඬ තාව රජ වෙයි.දෑස් ගණනාවක් මා වටා ගොනු වෙන'යුරු, කවාකාර මත්ස්‍ය දෑසකින් නරඹමින් සිටින්නේ කවුද? එක් දෑසක් අනෙකෙන් වෙනස්ය. එකෙක කාන්තියකි, අනෙකක නිදිමතකි. තවෙකක කුතුහලයකි. තවෙකක මේ මුකුත්ම නැති සෙයකි. මේ දෙනෙත් මග හරිමින් , දෑස් එහෙ මෙහෙ යන්නේ , ඉහළ පහළ යන්නේ කිසිදු ඒකීය රිද්මයක් නොපෙන්වමිනි.
මම හුස්මක් ගනිමි. ඉ..හ..ළ..ට..!
ජීවිතය, ආදරය, අතීතය , අනාගතය යනාදී දහසකුත් එකක් චිත්ත පරම්පරාවන් , විස්මය ජනක වේගයෙන් නැගී බැස යයි. එහි සෙස් වූ භාව භාව, මුහුණේ දාර මත සිත්තම් වෙයි. ඒ හැඩතල, තාල වෙනස් වෙමින් හුස්ම ගන්නා යාන්ත්‍රණයේ තානම සුසර කරයි. යලිත් හුස්මකින් මේ සියලු පරම්පරාවන් නැගී බිඳෙන සිතුවිලි රැහැන් එකට ගෙන කල්පිත දෑතක මැටි පිඩක් මෙන් සුරුවම් වෙයි. ගෝලාකාර පොදියක වෙලී පිටමං වනු නොගී අගුලු ලන ලද සිතුවිලි කිහිප වරක් වෙර දරා නිසල වන විට , විදුලි පංකාවෙන් පණ පොවන කඩදාසි කොළ සුලඟේ නොයනු වස්, ගෝලාකර පොදිය මේසය මත අදෘශමානව තැන්පත් කරමින් මම හුස්ම පහත හෙලමි.
තවත් තත්පර කිහිපයක් ගෙවී යයි. නිහඬ නිශ්චල සහ තාවකාලික වායු ධාරාවන් කැලඹීගෙන එන'යුරු මම සංවේදනය කරමින් කලබල වෙමි.නිහඬ වායුගෝලය මතින්, දොඩමලු වන්නට ශක්‍යතාව ඇති හිස් හා හිත් කැලඹෙන්නට පෙර මම ක්‍රියාත්මක වෙමි.
ඒ මමද?
මා තවදුරටත් පෙම් බස් තෙපලන ආදරවන්තියක නොවේ. පොතක කුරුටු ගාන සිසුවියක නොවේ. රෑ මැදියමේ ඇඳ බදාගෙන කවි ලියන කිවිඳියක නොවේ. කැන්ඩෝස් චොකලට් බෝල කමින් පොත් කියවන කෙල්ලක නොවේ. මහ දවාලේ අයිස්ක්‍රීම් කන රස්තියාදුකාරියක නොවේ. කිරිල්ලියක හෝ ගැහැණියක නොවේ. නිරන්තර ගෘහ අභ්‍යන්තරය කලඹන කැරලිකාර දියණියද නොවේ. අනාගත බිරිඳක හෝ අඩු තරමේ මිනිසෙකුද නොවේ.
මා සංකල්පයක් බවට මොහොතකට අතික්‍රමණය වී සිට්මි. දහසක් නෙත් රැහැන් තුලින් මා අදෘශමානව බැඳ තබන ලද බලාපොරොත්තුවක් වී සිටිමි. ඔව්... මම ඔවුන්ගේ කාල රාමුවෙහි මේ මොහොත නියෝජනය කරන සිහිනය වී සිටිමි. මේ මොහොත පමණක්...(ද?)
බලාපොරොත්තුව ඔවුන්ගේ මිස මගේ නොවේ. මට එක් අවස්ථාවක(එනම් මේ අවස්ථාවේ) පමණක් විෂය වන නිරාමිස හැඟීමක් ජනිත වේ. මන්ද මා බලාපොරොත්තුවක් වී හිඳිමි. මම චලනය වන සංකල්පයක් ඔස්සේ බලාපොරොත්තු ඉශ්ඨ කරනු වස් ශරීරය මාධ්‍යය කොට ගත් අතර මැදියෙකු වී සිටිම්ද?
මම ක්‍රියාත්මක වෙමි. ශරීරයත් , මනසත් මට අවනතව, මා තුල සැරිසරන සංකල්පය බලාපොරොත්තුවේ සිට යථාර්තයක් දක්වා ගමන් කරන්නේය.
අතීතය , විරහව , දුක සුලඟේ කැලතෙමින් යලිත් නිහඬතාවයේ වාසිය ගන්නට සැරසෙයි. සංකල්පය පමණක් සෘජු රේඛාවන් අඳනා ලද මුහුණට , විරූප සහ ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආකූල කරන ලද අඳුරු හැඩතල ආක්‍රමනය කරනු ඉඩ දෙනු නොහේ. ඔවුන් ඊට පලි නැත. එනිසාම 'මම' මහාප්‍රාචීරයේ පතුල වෙත හුස්මකින් යලිත් ගැටගසමි. පෙනහලු වලට ඒ අඳුර ප්‍රාප්ත කරනට තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබේ.
උගුර පාදන හඬ මම මනැස තුල තැන්පත් කරමි. මේසය මත වැතිර හිඳින කොළ කඩදාසි මට සිනහසෙන්නට ඉඟි කරයි. ඔවුහු (කොළ) මා හඳුන්නන්නෝය. කලක සිට. මා සෙනෙහසින් අත පත ගෑ, හිස හොවා කඳුලු හෙලු , කාල්පනික සිතුවිලි වලින් ආකූල වූ මගේම බැල්ම තැවරී වෙහෙස පත් කොල ගොන්න මගේ ගෝලාකාර කොල රඳවනයෙහි බරින් මිරිකී මට සිනහසෙන්නට ඉඟි කරයි.
මම සිනහසෙන්නෙමි. සිනහව ඔස්සේම හදවත වෙනුවට සංකල්පය කතාකරන්නට පටන් ගනියි. අදහස් , උදහස්, ප්‍රශ්න , පිලිතුරු හිටිහැටියේ සංකල්පය නම් න්‍යශ්ඨිය වටා භ්‍රමණය වෙමින් ප්‍රේක්ෂක මනසෙහි තැන්පත් වෙයි. මට සැහැල්ලුවක් දැනේ. ආයාසකාරී ආරම්භය නිදැල්ලේ සංකල්පයක ආවේශයෙන් ගලා යයි.
කාලය ගතවේ. මා සෙමෙන් සෙමෙන් යලිත් සංකල්පයක සිට 'මා' බවට පත් වෙමින් හිඳිමි. හෝරා යන්ත්‍රයට වැඩි වැඩියෙන් යොමුවෙන දෑස් කියන්නේ ඒ බවද?
සිහි කැඳවීම්, තරවටු , ගෙදර වැඩ , සටහන් සහ සැලසුම් මා වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ බලාපොරොත්තු බඳුනෙහි එකින් එක සෙමෙන් තැන්පත් වෙයි. යලිත් මා 'මම' වෙමින් සිටිමි. නමුත් මට 'මා' වන්නට තවත් වේලාව තිබේ. තවමත් මා ඔවුන්ගේ සංකල්පය නොවුනහොත් , මම පරිසරයට මගේ කලබලය මුසු කරමින් ඔවුන්ට ඉඩදී සිටිය යුතු වෙමි.
සීනුව නාද වෙයි. ඒ ක්ෂණයෙන් ඔවුන් අවධි වන්නේ මා තවදුරටත් ඔවුන්ගේ සංකල්පය හෝ බලාපොරොත්තුව නොවන බව පසක් කරමිනි. (එහෙත් එය සත්‍යයක්ද අද?) පලායාමේ ආශාව මටද ඔවුන්ටද පොදුය. මම සංකල්පයෙන් පලායන්නට සිහි කැඳවමි. ඔවුන් කරන්නේද එයම නොවේද? ඔවුන්ට දැන් 'ඔවුන්' වන්නට උවමනාය.
තත්පර කිහිපයකට පෙර මාවෙත ඇසිපිය නොහෙළා උන් දෑස් අග්ගිස්සේ දැල්වෙන එකම ප්‍රාර්ථනය තවමත් නොහැරුනු දොර පමණක්ම විය යුතුය. එතැන 'මා' සිටීද?
මම දේශන කොල සුලඟේ පාව යන්නට ඉඩ හරිමින් , ගුලි කල සිතුවිලි පිඩද , මහාප්‍රාචීරයෙහි ගැටගැසී බලා සිටි 'මා' ද මුදා හරිමි. ගුරුවරිය සිය ගුලට වැද දොර වසා ගන්නේද? ඈ පසෙක විඩා නිවන සඳ, සුපුරුදු 'මම' හෙවත් ගැහැනු කවිකාර දියණිය, යලිත් සැනසිල්ලේ උරුවම් බාමින් වසා තබන ලද මනැස් කවුලු (ආ)ලෝකයට විවර කරමින් ජීවිතයේ පහස විඳින්නේද?
ප.ලි. :
මේ සියලු හැඟුම්වලීන් එකිනෙක පැටලූ මා බ්ලොග් පිටුවේ ඉහත්තාවෙන් යෙදිය යුතු මාතෘකාවෙහි අතරමං වීමි. කිසිවෙකුත් කිස්කලෙක නොලියූ රචනාවකට ටයිටලයක් ඉහත්තාවෙන් ගලවා පහත් බිමෙන් සටහන් කොට මම නිදහස් වෙමි.
මම ගුරුවරියක්මි
මේ ගැනයි මේ ලිපිය..
ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා
Tuesday, July 19, 2011
[186] දිගම දිග ඇත්ත කතාවක් !!!!!!!!!
ඒකා නම් යස්ස පැටියෙක්.... වදකාරයෙක්.... මගෙ නහර වල ලේ ඉහලම උෂ්ණත්වයට පත් කිරීමේ සමත් වූ දඟ මල්ලක්... ඒ කාලෙ... 2006.. අවුරුදු 17ක් වගෙ ඇති යාන්තමට ඌට.. ඉන්ටනෑශනල් ඉස්කෝලෙක හිටිය හොඳවෑයින්ම කරදරකාර කොල්ලෙක්. වාසනාවට මම ඒ ඉස්කෝලෙ නම් ඉගෑන්නුවෙ නෑ. ඒත් හාපුරා කියලා උපාධිය අවසන් වෙන්නත් පලමු එක් පරිඝනක ආයතනයක උගන්නන්න සෙට් වීමෙ ප්‍රතිපලයක භයානක අතුරු ඵලයක් වූයේ මේ නහරකාරයාගේ ගුරුවරියක් වීමෙන්...
ඒ දවස් වල මටත් වයස 21යි... මටත් හරි අපූරුවට තරහ යනවා මුන්ගෙ දඟ වැඩ වලට... ඕලෙවල් පන්ති එන ඈම්බැට්ටයින් කල කී දේවල් නිසා පන්තිය ඉස්සරහම අඬා වැටෙන්න තරම් ලාමක ටින් ටින් ඒ කාලෙ මම.. ! ඉගෑන්නිල්ලටත් මම අලුත්නේ... අම්මේ උන්ට තියන ස්නීපයක්..මට වද දෙනකොට...! ඉතින් මට දෙවි පිහිටයි මේ නහරකාරයා එක්ක නම්.. අපි මේ නහරකාරයාට නමක් දාමු... ඇලෙක්ස්...
මට අද වගෙ මතකයි... පරිගනක උපාධියක පලමු අවුරුද්දක් තමයි NCC කියන්නෙ... Business Organization කියන විෂයය ඉගැන්නූ සෑම්, බබා හම්බ වෙලා මාස 3 නිවාඩුව ගත්තාමයි මට මේ සොඳුරු අකරතැබ්බය වූයේ... ඈ අවසන් කල විශය නිර්දේශයෙ ප්‍රශ්න පත්‍ර කිරීම සහ නොකල පාඩමක් කිරීමට භාර වුනෙ මට...ඈ එනතුරු..
මට දෑන් නම් අද වගෙම මතකයි... ඒ මොහොත... මුල් දවසේ ගෑනු දරුවො දෙන්නෙක් එක්ක ගෙවී ගිය සාමකාමි පන්තිය අවසානයේ පන්තියෙන් එලියට යන කෙල්ලො දෙන්නා එකපාරම කෑ ගහන්න පටන් ගත්තා.. මිස් මිස්... අපි හිටියෙ මෙයා එනකල් තමයි... මිස් මේ ඈලෙක්ස්... එයාත් අපෙ පන්තියේ එක්කෙනෙක්.. මිස් එයා ලබන සතියෙ ඉඳන් පන්ති එනවා.. මිස්ට ලේසි වෙන්නෙ නෑ මෙයා පන්තියට ආවම...
මම හොඳට ඈස් පිහදාලා බෑලුවා...
කොන්ඩෙ උරහිසට විතර වවා ගත්තු, ඒ කොන්ඩෙන් හරි අඩක් නෙමෙයි මුලු බූස කොන්ඩෙම දූඹුරු පාට කරපු... ඒකත් හරියට නොපීරපු... ඉන්ටනෑශන්ල් ඉස්කෝලෙක නිල ඈඳුමක් එහෙන් මෙහෙන් බාගෙට ඈඳපු , එක උරහිසක සෑක්සෆෝනයක් එල්ලගෙන , මගෙ දිහා වඳුරු මූනකින් විරිත්තගෙන හිනා වේගෙන බලාගෙන ඉන්න ... ඈ...ලෙ...ක්...ස්... !
හොඳම හරිය.. මේ ඈම්බෑට්ටයා අපෙ ආයතනයෙම ඉතාමත් ජෙයෂ්ඨ මිතුරෙකුගෙ කසින් බ්‍රදර් !!!! මගෙ උගුර කට වේලුනා..අහෝ දෙවියනි !
මමත් හිනා වුනා.. කොටින්ම ඈඬුනා.. කොල්ලා කට ඈරියා...
මිස්..ඔයා ඕව ගනන් ගන්නෙපා මිස්.. මේ මෝඩ කෙල්ලො ඔහොමමයි... බලන්න එන සතියෙ ඉඳල පන්තිය කොච්චර ශෝක්ද කියලා...
කියපු තාලෙටම මට තේරුනා ලබන සතියෙ ශෝයි බව ! :-)
ඒ කිව්ව ලබන සතිය උදා වුනා... මම හිතුව විදිය බොහොම මදි...
වාක්‍යයක් ගානේ මට කියන්නට නොදී විහිලු කරන, මගෙ මොබයිල් ෆෝන් එක අරගෙන මගෙම තේ කෝප්පයේ තේ වතුර ගාවටම ගෙන යමින් ඔබන්නට සෑරසෙමින් මූන දිහා බලන් ඉන්න, මම කෑගහන තුරු එය ඉවතට නොගන්න, ලඟ ඉන්න කෙල්ලන් දෙන්නාගේ කොණ්ඩෙන් අදින , හිතුන ගමන් බිම තියන සෑක්සෆෝනය අරගෙන මුලු බ්‍රාන්ච් එකටම ඈහෙන්නට පිඹින, එතෑනින් එහාට ඒ අසා පන්තියට එන වෙනත් කොලු කෙල්ලන්ට මගෙ පාඩමේ විනාඩි 15ක් පමන ගෙන සෑක්සෆෝන් ගහන හෑටි කියා දෙන... , මගෙ පොතේ කුරුටු බලි අඳින... මම උගන්වන වාක්‍ය දහයකට ඈනුම් දහයක් යවමින් ඉවර වෙන වෙලාව අසන , ඔක්කොම උගන්වා ඉවර වූ පසුව ඒ ඔක්කොම ආපහු අසමින් තෙරුනෙ නෑති බව කියා මා වෙහෙස කරවන... ඈ... ලෙ...ක්ක්.... ස්.... !!!
අහෝ ඔබට සිතා ගත හෑකිද ?
සිනා නොවී සිටිනු අපහසුය ! මම තොල හපාගෙන උගන්වමි.. ! කෙල්ලන්ටද එසේමය ! උන් නම් කෑකිරි පලති.. තරහ නොගෙන සිටිනු අපහසුය ! එතරම්ම යකා ආරූඪ වෙන නහර වයසේ මමද පසු වූ නිසාම... ඒත් කියා ගන්නට බෑරි සුන්දර කොලු කමත් ලමාකමත් ආදරය සොයන දඟකාර කොලු ගතියත් නිසා බණින්නටද දිව නොනැමේ.... මන් හිතන්නෙ ඔය හොර ගෙඩියත් ඕකම දෑනගෙන හිටියා...හෑමෝම ඌට ආදරෙ බව... ඌ කොච්චර වදයක් වුනත්.... ඈත්ත ... පන්තියම විතරක් නෙමෙයි බ්‍රාන්ච් එකම පාලුයි උගෙ විකාර නෑතිකොට...
ඌ එක්ක පන්තියක සීරියස් උගන්නනවා බොරු! ඒත් මටම දෑනුනා මේ නහරකාරයා මට හරිම ආදරේ බව .... ඌට ඕනෙ හෑටියට නටන්න දෙන එකම ටීචර් මම වෙන්නෑති ... අත්දෑකීම් අඩු නිසා ඔය වගෙ එවුන් එක්ක ඩීල් කරන්න මටත් එච්චර තේරුනෙ නෑ...
****
කාලෙ ගියා.. මේ වගෙ යුද්දයක් මෑද්දෙ කොහොමෙන් හරි පන්තිය කලා...
මගෙන් අර ජෙයෂ්ඨ මිත්‍රයා හැමදාම අහනවා..
ඈලෙක්ස් කොහොමද..ඌ ටිකක් අමාරුකාරයා නේද ? වෑඩ කරනවද ??
ඈත්තටම ඔය කිසි එකකට මම උත්තර බෑන්දෙ නෑ,, මොකද එයා උත්තර ටික දන්න නිසා... :-)
එක දවසක්... මේ නහරකරයාට අලුත් මෑර සිතක් පහල වෙලා...
කෙල්ලො දෙන්නයි මායි මේකායි... පන්තියේ... මේක ලඟට ආවා... එන පොට හොඳ නෑ... මොකක් හරි කස්ට වෑඩකට තමයි...
මිස් මොකක්ද ඔය නහයෙ...
මේකා අත උලුක් කරන් එද්දි කෙල්ලො දෙන්න කෑගෑහුවා..
ඈලෙක්ස්.. ඔය අපි නෙමෙයි.. අපේ මිස්... එපා..මෝඩ වෑඩ කරන්නෙ හෙම නෑ...
ඒ කියල කටගන්න උන්ට ලෑබුනෙ නෑ.... දෙකට නෑවුන දබරෑගිල්ලෙයි මෑදෑගිල්ලෙයි මෑද්දට මගෙ ලොකු නාහෙ අහු උනා විතරයි මතක... එක මොහොතයි... මේකා උඩ පෑන පෑන හිනා වෙනවා... කෙල්ලො දෙන්නා බය වෙලා.. බය වෙන්ඩම කාරිය...
තෑපෑලෙන් වේදනාව එන්ඩ ඉස්සෙල්ල, බයටයි තරහටයි ඈස් දෙකෙන් කඳුලු ගලන්ඩ ගත්තා ඉබේටම....ඊට පස්සෙ වේදනාව.. නාහෙ ගෙඩි ගෑහෙනවා වගෙ රතු වෙන්න ගත්තා.. ඉදිමෙන්න ගත්තා.. දෑන් නම් නටන දඟලන හිනා කාරයාටත් පොඩ්ඩක් බය හිතිලා...
අනේ මම විහිලුවක් කලේ මිස්.... සොරි මිස්... අයියෝ රිදුනද මිස්...
මගෙ ඉවසීමේ සීමාව අන්තෙටම ගියා.. දුන්නා ගින්දර පිටවෙන බෑල්මක්...
රිදුන එක නම් මොකෝ කිව්ව හෑකි... මුගෙ තිබ්බ බය නෑති කම... !!!!!!!! ටීචර් කෙනෙක් කියල නොහිතපු නෑහෑදිච්ච කොල්ලා... මට කේන්තිය වාවගන්න බෑහෑ. ඒත් වචන එන්නෙත් නෑහෑ.
ඒ නම් මෑදෑයි.... බ්‍රාන්ච් එකෙ හොඳම ඕපාදූප ගුරුවරිය එක පාරම දොර ඈරන් ඈතුලට ආවෙ ඒ වෙලාවෙ....
මල විනාසයයි.. මම අඬනවා... හෙවත් කඳුලු පෙරෙනවා.. නාහෙ රතු වෙලා... කෙල්ලො දෙන්න බය වෙලා බලාගෙන මම දිහා.. ඈලෙක්ස් බය වෙලා..ඒත් බය වහගන්නදෝ හිනා වෙනවා....වෙලාවට කෙල්ලො දෙන්න උන්නෙ. නෑතිනම් තව මොනා හිතාවිද දන්නෙ නෑ...
ආවා.. ඈ ආව වේගෙන්ම ගියා... දෑන් ඉතින් මට කොහොමත් උත්තර දෙන්න වෙනවා... බ්‍රාන්ච් එකටම...
එලියට යනකොට ස්ටාෆ් එක මට වඩා බය වෙලා... ඊට කලින් උන් මන් අඬනවත් දෑකල නෑනෙ.... (දුටු අය එය මොන තරම් අජූත ඛේදවාචකයක්ද කියා දන්නවා ඇත) :-)
දෑන් ඉතින් උත්තර බෑඳපල්ලකො.. මොන ව කරන්නද .. ඒත් ඌට පනිශ්මන්ට් දීල කරදරයක් කරන්න තරම් ඌ නරක වෑඩක් කලෙ නෑති නිසා , මම ගෙහුන් කස්ටියට බොහෝම බර හෑල්ලු කරල කිව්වා..
'මේ මෝඩ ඈලෙක් මගෙ නාහෙ කඩන්න හෑදුවනෙ ' කියල හිනා වෙවී කිව්වා...
බ්‍රාන්ච් කෝඩිනේටර් බොරු තරහකුත් එක්ක හිනා වෙවී කියනවා
" හනේ බලන්නකෝ මේකා... හෑබෑයි ඕකාට අල්ලගෙන බනිනවා මේකට " කියලා....
ඒත් සිද්දිය මෙතනින් කෙලවර වුනෙ නෑ...
ඕපාදූප පතුරන ගුරු මානවිකාවට මේක , ඇලෙක්ස්ගෙ නැදැ ජ්‍යෙෂ්ඨයාට නොකියම බැරි වුනෙ උගෙ අවාසනාවට... කොල්ලාගෙ ඉරනම එයින් සුබ වුනෙ නෑ.. අනේ මේ කොලුවගෙ තාත්තගෙ කනට මේක ගියෙ කොයි තරම් දරුණු වෙලාද කියල මම අදටත් දන්නෙ නෑ...
ඒත් මේ දඩබ්බරයා තාත්තා විසින් අගුලු ලෑ කාමරයකට දමනු ලදුව නොසැහෙන්න පටියකින් තලා තිබුනා.. කතාව පියඹලා යන්න ඇත්තේ ලුනු ඇඹුල් ඇතුව වෙන්න ඇති...
මොනවා උනත් මේ දඟකාරයාට ගුරුවරියකට කළ විහිලුවක් සඳහා නොව ගුරුවරියක් දූශනය කල තරමට දඬුවම් විඳින්න වුනා... ඒ ඇසූ මට දැනුනේ දරාගන්නට බැරි දුකක්... දඩබ්බරයා සති කිහිපයක් පන්ති ආවෙ නෑ.. අපිව හිනා ගස්සන මේ කොලුවා නැතුව අපිට නම් පාලුවෙ බැරුවා... ඒත් සමහරු නම් හරිම සතුටු වුනා..
අපෝ දැන් නම් සැනසිල්ලෙ වැඩක් කළ හැකි.... කරදරයක් නෑ..
සමහරු එහෙම කිව්වා..
ඒත් මගෙ හිත දුකෙන් බර වුනේ මේ හැම දෙයක්ම වුනෙ මමත් සම්බන්ද සිද්දියක් නිසා වීමෙන්...
සති කිහිපයකට පස්සෙ ඇලෙක්ස් ආපහු ආවා. වෙනද වගෙම හිනා වෙවී.. දඟ කරමින්..මම උවමනාවෙන් බැලුවා.. මාත් එක්ක මේකා තරහ වෙලාද ? අපෝ නෑ.. වෙනද වගෙමයි... වෙලාවක් ලැබුන හැටියෙම මම ඇහුවා මොකෝ වුනෙ කියලා... අනේ මේකා හිනා වෙනවා..
අනෙ නෑ මිස් .. තාත්තට තරහ ගිහින්.. මම දන්නවා මිස් කවුද මේ කේලම මගෙ කසින්ට කිව්වෙ කියලා... මම මිස් එක්ක තරහ වෙන්නෙ මොකටද? ඒක අමතක කරන්න මිස්.... මොනව උනත් මගෙත් වරදනෙ..
කියලා කොල්ලා හිනා වෙනවා...
ඒත් මේ සිද්දියෙන් පස්සෙ කොල්ලා ඈත්තෙන්ම සෑහෙන්න මාත් එක්ක ෆිට් වුනා...
කොල්ලාගේ දස්කම් හෑකියා මම දකින්න ගත්තෙ ඉන් පස්සෙ.... ඈත්තෙන්ම ඒ සිද්ධියෙන් පස්සෙ වුනේ මේ පොඩි එකායි මායි හොඳම යාලුවො වුන එක...
වාසනාවට අර කසින් සොයුරත් කා ගැනවත් අහිතක් හිතුවෙ නෑ. එයා මට කිව්වෙ ඇලෙක්ස්ට පාඩමක් උගන්වන්න ලැබුන එක හොඳයි-ආයෙ ඔය වගෙ සීමාව ඉක්මවා යන විහිලු කරන එකක් නැති වෙන්න කියලා.
ඒක එක්තරා දුරකට හරි.... ඒකෙන් කොලුවා මාත් එක්ක අමනාප වුනෙත් නැති එක සහනයක්....
කාලයත් එක්කම මේ කොලුවගෙ තියන මානව දයාව , මිනිසුන් කෙරේ දක්වන ආදරය කරුනාව ඒ දඟකාරකම අබිබවා මට පෙනෙන්න ගත්තා... ලෝකයටම සතුට බෙදන සාන්තුවරයෙකුගේ විලාසය ඔහු චරිතය තුල මට පෙනෙන්න ගත්තා.. අවුරුදු 17දී වුවත් ඔහු දැක් වූ පරිණත අදහස් විටෙක මාව විමතියට පත් කලා..
කවියට, සංගීතයට ඔහු අසීමිත ආදරයක් දැක්වුවා. ඇත්තෙන්ම ඒ කාලෙත් ඔහු ඒ පාසලේ තුර්ය වාදන කන්ඩායමේ නායකයා..
මට කම්පියුටර් ඉගෙන ගන්න බෑ... ඒක තමයි හැමදාම කිව්වෙ....
මන් මේවාට ආස නෑ... කසින් තමයි මාව මේකට දැම්මෙ.. මට බැ...
මේ බෑ ගැවිල්ල මට උගන්නද්දි අහලම එපා වෙලා...
මිස් මට බෑ මිස්..මම ගිනි තියනවා මේ පොත දැන්..!
දඩබ්බර සිතුවිලි දෝරෙ යනවා
මම දන්නවා ඕකා ඔය මෝඩ වැඩ කරන්නෙ නෑ කියලා...
මම උගන්නනවා මේකා පොත පිටිපස්සෙ කවි ලියනවා.. බනින්නත් බෑ.. මොකද මාත් ඒ වගෙනෙ....
මිස් දැන් ඇති..මට නිදිමතයි.... පන්තිය පටන් අරන් විනාඩි පහලවයි... මූ ඉගෙන ගන්න බෑ කියනවා..
මෙච්චල් නොවෙන කිරි දරුවෙක් නලවනවා වගෙ කොටා ගන්න පාඩම් ඉස්ම ටිකක් අමාරුවෙන් පොවන්න මම වින්ද වදය දන්නෙ මම විතරයි...
මේ අහන්න ඇලෙක්ස්... ඔයා කම්පියුටර් ඉගෙන ගත්තම ඔයාට පුලුවනිනෙ ඕඩියෝ මික්සින් ඉගෙන ගන්න. මියුසික් වලට සොෆ්ට්වෙයා හදන්න.. ඇයි වැරදි පැත්තම බලන්නෙ.. කොයි තරම් අවස්ථා තියනවද...
ඇනුම් යන මූනෙ කටත් ඇරුනා..
'ඇත්ත නේන්නම්.... මිස් මට ඕනෙ මේව ඉගෙන ගන්න...'
ආ ඒකනේ මන් කිව්වේ. කොල්ලෝ ඔයාට මාරෙට හැකියා ගොඩක් තියන කෙනෙක්... දුර්ලභ කෙනෙක්.. නාස්ති වෙන්න එපා.. මම ඉර හඳ වගෙ දන්නවා ඒක... ඔයාට මේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන්...
ඇස් දෙක ලොකු වුනා... මට දැනුනා මම කිව්ව දේ ඌ හිතනවා,ජිවිතෙ පලවෙනි වරට කියලා..
තැන්ක්ස් මිස්... ඔයා විතරයි මට එහෙම කියන්නෙ... අනික් හැමෝම මගෙ මූනටම කියනවා මට කම්පියුටින් බැ කියලා.. තැන්ක්ස්.. මම වැඩ කරනවා... ඔය බෑ කියන උන්ට පෙන්වනවා මගෙ හෑටි මම !!!
එදා හිට දේවල් වෙනස් වුනා.. එක දවසක් ඇවිත් මේකා මගෙන් ශෝට් නෝට්ස් ගහන්න ඉගෙන ගෙන ගියා.ඌට පුදුම සතුටක් වුනා ඌ කල වැඩ මට පෙනවන එක.මගෙ සබ්ජෙට් නොවෙන ඒවයෙ පවා.. වැඩේ මෙහෙම අල්ලලා ගියා...
කොල්ලට ඉගෙන ගන්න ආසාව ඇති වුනා...
එක දවසක් මේක කඩාගෙන බිඳගෙන මන් හොයාගෙන ආවා..
මිස් මිස්... මන් මෙ බඩ්ඩක් කියන්න ආවෙ. මිස් විතරයි මට පුලුවන් කියල විස්වාස කරන්නෙ. මිස් මම අද ඕයාට පොරොන්දුවක් වෙනව. මිස් මම ඩිග්‍රියක් ගන්නවා, ඒකෙන් ෆස්ට් ක්ලාස් ගන්නවා.. මාස්ටර්ස් කරනවා. මම පී එච් ඩී එකකුත් කරනවා... මිස්ස් අයි විල් මේක් යෝ ඩ්‍රීම් ටෲ ! අයි ප්‍රොමිස් !
මගෙ හිතට දැනුනෙ පුදුම සතුටක්...
කිව්ව වගෙම කොල්ලා උපාධියෙ පලමු වසර පාස් කලා..ඊට පස්සෙ ගියා එන්ගලන්තයට....
යන්න කලින් දා මේ කොලුවා ගෙනාවා මට තැග්ගක්...ඒ තැග්ග තමයි ලස්සන සාරියක්... පරන උනත් තාමත් මා ගාව ඒක තියනවා..
මිස් දන්නවද.. මේ සාරිය මම ගත්තෙ මාස ගානක් මමම පොකට් මනි එකතු කරලා... මිස් මේක අඳින්න ඕනෙ හොඳේ...
මට දුකේ බැහැ...අනේ මම කිව්ව වචන දෙක තුන එච්චර වටිනවද ??? එදා මම ඇලෙක්ස්ට එක තැග්ගක් දුන්නා.. ලස්සන නෝට් බුක් එකක්. ඒකෙ මුල්පිටුවෙ මම ලිව්වා... මේ පොත එන්ගලන්තෙට අරන් ගිහින් කවි වලින් පුරවන්න කියලා...
ඒ 2007.. මම ඒ වෙනකොට එතනින් අස් වෙලා. ඇලෙක්ස් එන්ගලන්තෙට ගියා...ඒත් කොලුවා මගෙත් එක්ක සම්බන්දකම් අත්හලේ නෑ. ෆේස් බුක් එකෙ ඔන්ලයින් දකිද්දි එයා කිව්වෙ එක දෙයයි...
Miss you were the only one who believed I can... Miss You were my one and only one Inspiration"
මම හිතන්නෙ ගුරුවරයෙක් අහන්න ඕනෙ හොඳම දේ .ඒ වෙනුවෙන් මම කලේ එක දෙයයි. ඒ දඩබ්බර චරිතයේ වටිනාකම ඌටම පහදලා දුන්නු එක...
කාලය ගත වුනා.. පාස් වෙන හැම විභාගයම ඇලෙක්ස් මට කියා එවුවා..ඉතින්මෙහෙම තුන් වසරක් ගෙවිල ගියා... ඇලෙක්ස්ගේ ෆස්ට් ක්ලාස් හීනය ලකුණු කිහිපෙකින් මිස් වුනා. ඒත් දෙවෙනි උසස් පන්තියේ සාමර්ථයක් එක්ක හොඳින් උපාධිය නිම කරලා ඇලෙක්ස් ලංකාවට ආවා...
තව ටික කාලෙකට පස්සෙ මට දැන ගන්න ලැබුනා එයා ලන්කාවෙ ප්‍රමුඛ බැන්කුවක රැකියාවට ගියා කියලා...
මේ කතාව පසුබිමෙන් මන් තව දෙයක් කියන්නද? ඇලෙක්ස් කියන්නෙ කෝටිපතියෙක්ගෙ පුතෙක්... ඒත් එයා එයාගෙ වටිනාකම සල්ලි පිරුනු තැනක නතර කලේ නෑ... එයාගෙ ගමන එයා හොයා යනවා..
ෆේස් බුක් එකේ චැට් එකෙ දකින හැම වෙලාවෙම මේ කොලුවගෙ මුවෙහි රැඳුනේ එකම දෙයක්...
මිස් ඔයා නිසයි මේ හැම දෙයක්ම වෙනස් වුනේ...
කාලය ගත වුනා.. 2007න් පසු උපාධියට රට ගිය ඇලෙක්ස්ව මම 2011 වෙනතුරුම හැබැහින් දුටුවෙ නෑ..
පහුගිය දාක මම බම්බලපිටියෙ විජිතයාපා පොත් සාප්පුවටගොඩ වුනා.. යාලුවෙක් සමග.... පොත් අස්සෙ කරකැවෙද්දි දොර ඇරන් මා දෙසට ආවෙ මම වසර පහක් නොදුටු, හීලැ වූ දඩබ්බරයා!
මමත් ඔහුත් මොහොතකට ගල් ගැසුනා... කෝ අර ටින්ට් කරපු කොන්ඩෙ ? විකාර කරාබු සපත්තු?? කාලය විසින් බොහෝ දේ වෙනස් කර තිබුනා..
ලස්සන රෝස පාට කාර්යාල කමිසෙකින් කලිසමකින් සැරසුන අපූරු හුරුබුහුටි කඩවසම් තරුනයා මට මොහොතකට වචන අහිමි කලා...
ගල් ගැසුන ඔහු දැත් දිගු කරගෙන මා වෙත ආවෙ එදා නාහෙ කඩන්න හදපු දඩබ්බරයා ලෙසින් නොවෙයි....පරිනත අපූරු තරුණ කොල්ලෙක් හැටියට..බැංකු නිලධාරියෙක් හැටියට.. මට හිතාගන්නත් බැහැ...
දෙවියනේ මිස්ස්...... මට හිතා ගන්නවත් බැහැ...
බොහෝම හැගීමෙන් උණුසුම් ලෙස මා වැලඳ ගනිමින් ඔහු තැන්පත් කටහඬින් පවසනු අසමින් මම අසීමිත සතුටකින් ඉපිලෙන්නට වුනා...
මිස් ඔයාට කොහොමද ? (කියන්න දෙයකුත් නැහැ. චැට් ඔස්සේ මගේ ජිවිතේ බොහෝ දේවල් ඔහු දැන හිටියා) මිස් ඔයා දැන් හොඳින් නේද ? මිස්...
මගෙ හිතේ සතුටට වචන නෑ...
දෙයියනේ ඇලෙක්ස්..ඔයා ලොකු වෙලා. පිලිවල වෙලා...කෝ අර ටින්ට් කොන්ඩෙ ...? කොටින්ම ඔයා මහත්තයෙක් වෙලා.
ඔහු හිනා වෙනවා..
මම ඉතින් කියන්න ඕනෙ නැනෙ මිස්.. ඒ ඔයා නිසා කියල ඔයා දන්නවනෙ....
මිස් ඔයාට කියන්න තව ආරන්චියක් තියනවා. ඔයා අර දුන්නු නෝට් පොත.. තාම මගෙ ගාව පරිස්සමට තියනවා... ඔයා කිව්ව දේවල් හැමදාම මගෙ හිතේ තියනව මිස්.
මම කවි පොතක් පල කරන්න යන්නෙ මිස්.. අනිවාර්යයෙන් ඔයාට මම ආරාධනා කරනවා..මම අද මේ ආවෙත් කවිපොත් ගැන පොඩ්ඩක් කරුණු හොයන්න...
තව මොනව මම කියන්නද? ඔයා ජීවිතේ දිනල ඉවරයි කොලුවෝ... මට ආඩම්බරයි... !!!!
පසු සටහන:
මේ ආත්ම වර්ණනාවක් නොවෙයි... මට කියන්න ඕනෙ වුනේ එකම දෙයයි. මගෙ අවාසනාවට වෙන්නෑති, දුශ්කර ගම්මානෙක කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න දරුවන් වෙනුවට මට මුණ ගෑහුනෙම පෝස්ත් පවුල් වල නාගරික දරුවො..
ඒත් දරුවො දරුවොමයි.. ගම නගරය කියා වෙනසක් නෑ. ජිවිතේ හොයා යන , තමුන්ගෙම දහිරියෙන් නෑගිටින දරුවො කෝටිපති පවුල් වලත් ඉඳිනු දෑකීම සතුටට කරුණක්...
ඒ වගෙමයි කොයි දරුවා වුනත්, ගුරුවරයෙකුට පුලුවන් ඔහු තනන්නට හෝ නසන්නට... අත්හරින්නට පෙර වරක් උත්සහ කර බෑලීම වටිනවා.. හදන්නට බෑරි දරුවෙක් නෑ. එකම දේ උන්ව ඈත්තටම විස්වාස කිරීම සහ හදවතින්ම එන ආදරය... ! උන්ව අපූරු මිනිසුන් කරාවි...
මේ මගෙ ජීවිතේ මම හරිම ආසාවෙන් සිහිපත් කරන කතාවක්.... හෑමදාම හිතනවා බෙදා ගන්නට... ඒත් දිග වෑඩි නිසා ලියන එක පස්සට ගියා... ඒත් අද ඔන්න ලියුවා...ස්තූතියි ... මා ගුරුවරයෙක් කළ මගෙ දෛවයට !!!! :-)
ප ලි..
කොල්ලාගෙන් මම මූනු පොතේ අහල යැව්වා.. කමක් නැද්ද මේ පෝස්ට් එකට ඔයාගෙ පින්තුර දැම්මට කියලා.. අනෙ හරිම සතුටු වුනා.. දාන්න කිව්වා.. ඔන්න ඒ නිසා... වෑඩියෙ නෑ.. එක දෙකක් දාන්නම් හොඳේ .... ඔය ඉන්නෙ පල්ලෙහා... :-)

***

එදා....
උපාධිය ගත් දා....
මෙදා ....
සදා........
යාලුවනේ .. ඔහු වටිනා චරිතයක්... අහම්බෙන් හෝ මූනු පොතේ හමු වුවොත් , ඔහුගේ වටිනාකම අගය කරනු මිස අතීතයේ කළ දඟකාරකම් මත්තේ ඔහුව විහිලුවට ලක් කරන්න නම් එපා... ප්ලීස්... :-)
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා
Tuesday, May 24, 2011
[176] ගුරු වෘත්තිය ගැන කම්පාවෙන් ලියමි,...
ස්ථානය : පාසලක් (ලොකු කිව්වට සෑහෙන්න ලොකු පහේ එකක්)
වෙලාව : උදේ 7. 30
හරියටම කිව්වොත් ස්ථානය : ඉස්කෝලෙ රැස්වීම් සාලාව
රැස්ව සිටින සෙනග : 7, 8, 9 වසර සිසුන් , විදුහල්පති, 7,8,9 පංති භාර ගුරුවරු , විනය භාර ගුරුවරු
අවස්ථාව : 7,8, 9 වසර පංති වලින් එක පංතියක මෙම වාරයේ පංති රැස්වීම
ඉදිරිපත් කරන්නන් : එම පංතියේ සිසුන්
ඔවුන්ට ලබා දී ඇති කාලවේලාව : පැය භාගයයි
ඔවුන් කිරීමට තෝරාගෙන තිබුනේ: නාට්‍යමය ජවනිකාවක්
වේදිකාව
8 වසර පංති කාමරයක් වේදිකාව මත මවා තිබේ.... ඒම වසර සිසුන්ම එහි රඟපාන්නේ තම තමන්ගේම චරිතම වෙත්. ගුරුවරයාගේ චරිතයක් පංති කාමරය කරා එලැඹේ...
ලමුන්ට වගේ වගක් නැත. ඔවුන් රොකට් යවති. කෑගසති. හූ කියති. පංතියම එකම කඩි ගුලක් සේ ඇවිස්සෙමින් ගුරුවරයාගේ රතු කට්ට පැන්නීමේ සංවිධිත ක්‍රියාදාමයක් ගෙන යති... කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගුරුවරයා ගැන වගේ වගක් නැත.
ප්‍රේක්ෂකාගාරය :
7,8,9 වසර සිසුන් ප්‍රීතියෙන් ඉපිල ගොස් ඇත. වරින් වර අත්පොලසන් වැදේ. ඔවුන්ගේ සුපුරුදු දිනපතා හැසිරීම මොවුන් වේදිකාව මත රඟනු දකින එක හාස්‍යයක් ලෙස දරුවන්ට හැඟේ. ගුරුවරු මුහුණට මුහුණ බලා සිටිති.
වේදිකාව
පාසලේ සිටින , පරණ , ඉගැන්වීම අතින් ඉතා හොඳ බවට නම් දැරූ, විනය ඉතා තදින් රකින තරුණ පිරිමි ගුරුවරයකු , එම පංතියේ එක් දක්ෂ සිසුවකු විසින් අනුකරණය කරනු ලැබෙනු පෙනේ.
ගුරුවරයා උගුර කට පාදා එකම වචනය 5 වතාවක් පමන පවසමින් පාඩම ආරම්භ කරනට සැරසෙයි. ඔහු හෙම්බත් වී ඇති සේය. ලමුන් එය වලකති. කෑගසති. අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාඩමට බාධා කරති.
ප්‍රේක්ෂකාගාරය
අත්පොලසන්...... සිනාසීම්..... ලමුන් මේ අනුකාරක ගුරුවරයා හඳුනා ගැනීමෙන් උද්දාමයට පත් වෙති.... ගුරුවරුන් මුහුණට මුහුණ බලමින් නිහඬ වෙති...
වේදිකාව
(මේ අවසන් ජවනිකාවයි) පංතියේ දෑනටටම්ත් අජූව හැසිරීම , කිසිවෙකුට ගරු කරන්නට නොදන්නාකම නිසා අමනයෙකු සේ හැදෙන , පංතියේ බාධා කිරීම් වලදී මුල් තැන ගන්නා සිසුවා විභාගය ෆේල් වෙයි. හොඳ ලමයා විභාගය සමත් වෙයි.
ප්‍රේක්ෂකාගාරය
නාට්‍යයේ රසවත්ම හාස්‍යජනකම ජවනිකා ටික අවසන් බැවින්, ලමුන්ට මේ නාට්‍යය දැන් ඉවර වෙන වෙලාව පමණක් ප්‍රශ්නයක් වී ඇත.... බෙල් එක ගසන්නේ කොයි වෙලේදැයි මග බලමින් ඔවුන් යන්ට සැරසෙති. තවත් අත්පොලසන් දෙන්නට දෙයක් නැත. ගුරුවරුන්, ලමුන් ඉදිරියේම වේදිකාවක් මත ගුරුකම උපහාසයට ලක් වීමෙන් දරුවන්ගේ මුහුන බලන්නට අපහසුවෙන් ඇඹරෙති...
**** නාට්‍යය අවසානයි **** සියල්ලෝ කෙසේ වෙතත් දරුවෝ සතුටෙන් විසිර යති..*** නාට්‍යයේ රඟපෑ පිරිස වීරයන් වී සිටිති... ඈයි ඉතින්.. එතරම්ම නිර්භීතකමක් !!!!!!
මගේ සටහන (කණගාටුවෙන් ලියමි ...... )
මේ නාට්‍යය අවසානයේ
ලමුන් ඉගෙන ගත් දෑ ;
ගුරුවරයකු පංතියේ සිටිද්දී තිබිය යුතු හැසිරීම් ක්‍රම , කෑගෑසිය යුතු ආකාරය, ගුරුවරයා සාර්ථකව තරහ ගස්සන්නේ කෙසේද යන්න, ගුරුවරයෙකුට උපහාස කිරීමේ වැදගත්කම, පංතියේ අන්තිම අමන හැසිරීම පෙන්වීමෙන් තමා කොතරම් ජනප්‍රිය වනවාද යන වග , එය තමන්ට වේදිකාවක එසේ රඟ දක්වා පෙන්වීමටද යම් දාක අවස්ථාවක් ලැබීමට මෙහි ඉඩ ලැබිය හැකි වග. (සාර්ථකත්වය සහ හැසිරීම අතර තිබෙන අනුලෝම සම්බන්ධය වටහා ගත් අයෙක් එහි වීදැයි මට සැක සහිතය!!!)
ගුරුවරුන් ඉගෙන ගත් දෑ ;
අදින් පසු මේ රැස්වීම බලා සිටි අනෙකුත් සිසු සිසුවියන්ද මෙසේ තමා පන්තියේ සිටියදී හැසිරුනහොත් තමා පුදුම නොවිය යුතු වග , විදුහල්පතිවරයා , පංති භාර ගුරුවරයා මේවා වේදිකාවකට ගෙනවිත් , අත්පොලසන් ගස්වා සාමාන්‍ය දේවල් කරන බව දැන සිටිය යුතු බව...
පසු සටහන :
නාට්‍යයේ සමස්ත හරය ගත් කල , එහි ගැබ්ව ඇත්තේ යහපත් අරමුණක් බව මා පිලිගනිමි. එය එසේ ග්‍රහණය කරගන්න තරම් ලමුන් බුද්ධිමත් විය හැකි බවද මා පිලිගනිමි...
එයට අත්පොලසන් දෙන, සිනහසෙන කුඩා මනස සහ ඇස ඒවා සාමාන්‍ය සිද්ධි කොට ගැනීම සහ නිරායාසයෙන්ම ඊට යොමු වීම සිදු වේදැයි සිතෙන හෙයින්ම මෙය ලීවෙමි... අරමුණු කොට ගත් දක්ෂ , කාර්‍ය ශූර , විනය රකින හොඳ ගුරුවරයකු අනුකරණය කොට අපහාස කිරීම නම් කිසි සේත්ම පිලිගත නොහැකිය....
මේ පංති රැස්වීම හොර රහසේ ළමුන් විසින්ම සංවිධානය කොට හිටි හැටියේම ඉදිරිපත් කළ එකක්ද එසේත් නැතිනම් කාගේ හෝ අනුමැතියකින් පසුව ඉදිරිපත් කරන ලද්දක්ද යන වග සොයා බලන ලදී.... පංති භාර ගුරුවරිය මීට ඉහත දිනයක මුලු නාට්‍යයම නැරඹීමෙන් පසුව මීට අනුමැතිය දී තිබේ... එහි ලොකුම හාස්‍යය නම් එම ගුරුවරිය අවුරුදු 60ක් පමණ වයසැති , ඉතා අත්දැකීම් බහුල මෙම පාසලේ විනය භාර ගුරුවරියන් තිදෙනාගෙන් එක් අයෙකු වීමය!!! එහි තවත් සිනහා යන අත්දැකීම නම් , මේ ගුරුවරිය ලමුන්ගේ කොණ්ඩය කප්පවන්නට , ඉස්සරහට වැටුනු රැලි වලට කටු ගස්සවන්නට , කොට සායවල් දික් කරවන්නට ලමුන්ට පන්න පන්නා උපදෙස් දෙන තලස්තෑනි මාතාවක වීමය !!!!!
ගුරු කමෙහි ගරුත්වයට නොගැලපෙන මෙවන් අමන හැසිරීම් වේදිකාගත කිරීමක් කරවන්නට තරම් , ගුරුවරයකුට අපහාස කරවන්නට තරම්, 8 වසර ඇම්බැට්ටයින් රැලකට ඉඩ දෙන , එපමණකින් නොනැවතී එයට අත්පොලසන් දෙව්වන්නට උත්සුක වන , ඒවා ආදර්ශයට ගන්නට උඩ ගෙඩි දෙන, අමනෝඥයින් පිරුනු මෙවන් අපරික්ෂාකාරී ආයතන, නිසි අධිකාරියක් යටතට ගෙන , ඉස් ඉස්සෙල්ලාම උපාධියකින් පමණක් ගුරු වෘත්තියට ලේසියෙන් පැනගත් මිනිස්සුන් ගැහැනුන්ට වෘත්තිමය පුහුණුව ලබා දෙන්නටත් , මෙවන් ආයතන ලමුන් තනනවාද නසනවාදැයි නිරන්තර අධීක්ෂණය කරන්නටත් , නීති පනවන්නටත් කාලය එලැඹ ඇතැයි මම මහත් වේදනාවෙන් සිහිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි...
එක්කෝ... මට වැරදිලාවත්ද ? නිදහස් අධ්‍යාපනය කියන්නෙ (මම නොදැන උන්නට) මේකටද දන්නෙ නැහැ....
මේ ගැනයි මේ ලිපිය..
අපූරු මිනිසුන් ගැන,
ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->