ජංගම සහ ඉන් නන්නත්තාර වුන රස්තියාදුකාරයෝ ගැන.....
උදේ හිට රෑ වෙනකල්, රෑ තිස්සේ එලිවෙනකල්, මැදියමෙත් නිසි නින්දක් නැතුව අත පත ගගා කොටන ජංගමේ අපිට කරපු හදියක් ! කොටනවා කොටනවා කොටනවා.... පණිවිඩ එහෙන් මෙහෙට! මෙහෙන් එහෙට !... දවසේ පැලෑන් උදේ හිට රෑ එලිවෙනකල්ම,, වෙනස් වෙනවා ,වෙනස් කරනවා ,අලුත් කරනවා, හපෝයි ඉවරයක් නෑ... මගෙ සත්ගුණවත් ජංගමේට පින් සිද්ද වෙන්න!
ගෑනු ලමයි සැරින් සැරේ විලවුන් තවරපු ලේන්සු එලියට අරගෙන මූණ මාත්තු කලේ ඉස්සර. ඒකට දැන්! විඩෙන් විඩේ ඇහැ යන්නෙ , බෑග් එක අතපත ගාන්නෙ ජංගමේ පරෙස්සමට නිදිද බලන්න. ජංගමේ ඔස්සේ 'මාව කාටවත් ඕනෙ වෙලාද ? මාව කවුද හොයන්නේ කියල එබෙන්න... යන ගමනෙ ප්ලෑන වෙනස් වෙලාද ? අරයා වෙලාවට ඇවිත්ද ? මෙයා අතෙන්ට ආවද? මම පරක්කුද? පරක්කු නම් සුට්ටක් ඉන්න කියල පණිවිඩයක් දෙනවද ? " ජරමර ගොඩක්.! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේ සැරෙන් සැරේ අත ගාල හරි බැලුවෙ නැතිනම් ඔක්කොම කොට උඩ ! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේට පුලුවනි රටේ ජනාධිපතිගෙ උනත් මුලු දවසම පාලනය කරන්න. කොටින්ම අදෘශ්‍යමාන දුරස්ථ පාලකයක් නේ මේ ජංගමේ.
"කාට හරි මාව ඕනෙ වෙලාද?" ඔය ජංගමේට ඇහැ යන හැම වෙලාවෙම ඔලුවෙ තියන සිතිවිල්ල නොවෙයිද මේ ?? ඇත්තටම බැලුවොත් අපිව කෝල් එකෙන් අල්ලගන්න බැරි උනා කියල කන්දක් පාත් වෙන්නෙ නෑනෙ.ඒත් මේ ඇබ්බැහිය නිසා අපි හැම තිස්සෙම අමුඩ කෙටිය ගහගෙන 'ඔන් යෝ මාක්' මූඩ් එකේ ඉන්නෙ කියල කිව්වොත් ඔයාල එකඟද? දවසෙ එක නිමේශයක් ඔය රැහැන් වලින් (රැහැන් සහිත හෝ රහිත ) මිදිල ඉන්න බැරි තරම් අපි ජංගමේට අපෙ ජීවිතේට රිංගන්න ඉඩ දීල වැඩියි කිව්වොත්??
උදේට ගෙදරින් එලියට බහින්නෙ, හවස 4ට වැඩ ඇරිලා, 5ට හන්දියෙ බස් නැවතුමේදී පෙම්වතියව හමු වෙන්න නම් , සන්දුක්කේ ඒ ගත වෙන පැය 7-8 ට මේ පැලෑන දවසෙ වැඩ වලට ඕනෙ ඕනෙ හැටියට, හිතූ මතේ අලුත් වෙලා වෙනස් වෙලා, තියෙන ඔක්කෝම රාජකාරි එක්ක ගැලපිලා, වෙනස් වෙලා වෙනස් වෙලා අලුත් වෙලා නොරොක් වෙලා අන්තිමේට හමාර වෙන්නෙ, හවස 6ට තියන වැඩ ඔක්කොටම රාජකාරි ඉවර කලාට පස්සේ එලියට ඇවිල්ලා දුම්රිය පොලේ හමු වෙලා හවස 7ට ශොපින් ගිහින් ත්‍රිවිල් එකකින් ගෙදර යන්න. උදේ ඉඳන් හවස් වෙනකල්ම ටෙක්ස්ට් මැසේජ් , කෝල් , මිස්ඩ් කෝල් දාහක් හමාරක් විසින් කාලය, මුදල් සහ විවේකී සංවිධිත මනස කාබාසීනියා කරන ගමන්ම,මේ ජංගමේ අපූරුවට මුලු දවසේම ප්ලෑන් එක කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වෙනස් කරනවා. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියාපිලු.! තියන ජීවිතෙත් වැඩ අධික එකක් වෙලා තියෙද්දි, 'තව නටපං', 'තව වෙනස් වෙයන්' , 'තව බිසී වෙයන්' කිය කිය උල්පන්දම් දෙන්නෙ , මේ ජංගම දෙයියෝම නොවෙයිද? තීරණයක් ගත්තම ඒකෙ එක විදියට පවතින්න , එක අරමුණෙන් දවස ගෙවන්න තියන මනසේ ඉස්පාසුව ජංගමේ විසින් උදුර ගෙන කියල ඔයාලට හිතෙන්නෙම නැද්ද?
ඔය ජංගමේ, මේ මං කියනවට එක දවසක් ගෙදර දාල යන්න ප්ලෑන් කරන්න. උදේට නැගිටලා , එහෙමත් නැතිනම් කලින් දවසෙ රෑ, තමුන්ට සිද්ද වෙනවා තීරණය කරන්න හෙට කරන දේ. ඒ ප්ලෑන අනිත් අයව අනිවාර්‍යයෙන්ම දැනුවත් කරන්න වෙනවා. (අම්මව , තාත්තව , යාලුවන්ව, සහකරුව, බොස්ව යනාදි අයව).මොකද හෙට දවස මැදදි වෙනස් කෙරිලි බෑ.හෙට උදේ එලියට බහින්නෙ එක පටිපාටියකට අනුගත වෙන්න. සරල ප්ලෑනක්. වෙනස් වෙන්නෙ නෑ. වෙනස් කරන්න බෑ.ඕනෙ උනත්. දවස යනවා. කරදරයක් නෑ. විඩෙන් විඩේ එබෙන්න නෑ. කෝල් බෑක් කර කර හොය හොය බලන්න නෑ. දවස යෙදවෙන්නෙ එක වැඩකට නම් ඒ වැඩේ මිසක් වෙන කිසි දෙයක් ඔලුවෙ ඒ මොහොතෙ නෑ. කොතරම් සරල වෙනවද කියල අත් විඳින්න , මන් කියනවට එක දවසක් ජංගමේ ගෙදර දොයි කරල ගිහින් බලන්න. හම්මේ... හිතට දැනෙන සනීපේ!
ජංගමේ බැටරි කාබාසීනියා වෙලා දවස මැදදි එයා දොයි වෙලා තියේද? හා කියන්න බලන්න එතකොට හිතට දැනෙන සනීපේ... මොන සනීපයක්ද ? ජීවිතෙන් හරි අඩක්ම අකර්මන්‍ය වෙනවා. අම්මල මාව හොයාවිද? ගෙදරට ගේන බඩු ටික අහගන්නෙ කෝමද? ගැනු ලමයා කෝල් දීලා බලලා බය වේවිද? බොස්ට මාව ඕනෙ උනොත් කන්ටෑක් කරන්නෙ කෝමද? බැන්කුවෙන් පන්සලෙන් පල්ලියෙන් කතා කරාවිද? අද හවස 3ට ගන්න තිබ්බ පණිවිඩේ ගන්නෙ කෝමද? හවසට යන්න උන්නු ගමන සෙට් කරගන්නෙ කොහොමද? අනේ දෙයියනේ ප්‍රශ්න කෝටියයි.... උත්තර නෑ. ඇයි ජංගමේ අස්සෙනේ ඔක්කොම විසඳුම්! හොඳ වැඩේ...! ඇයි කලින් ලැස්ති කර නොගත්තේ... හොඳම වැඩේ! :)
ජංගමේ තව සෝයි උදව්වක් කරනවා! අපිට කල් තියා වැඩ නොකරන, අන්තිම මොහොතෙ වැඩ කරන, කාලකන්නින් වෙන්න පුදුම තල්ලුවක් නේ දෙන්නේ... ඔන්න බලමු...හෙට හවස බැංකුවට යන්න තියනවා. ගිණුම් අංකේ ඕනේ හෙට හවස වැඩේට . ජංගේමේ ඉන්නවා. මොකට දැන්ම කරදර වෙනවද? හෙට එලියට බහිද්දි ඕනෙත් නෑනෙ.ඔන්න ඔහෙ හොයන්නෙ මොටද... තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි ජංගමේ ඉන්නවා. හෙට හවසටම ගෙදරට කෝලයක් දී අම්මගෙන් අහගන්නවා. අම්ම වැඩ ඔක්කොම නතර කරල ගේ පීරල පීරල හරි අංකෙ හොයල කියන්නෙ නැතැයි අපිට....! 'මේ කාලකන්ණියා, මේක කලින් හොයල අරගෙන යන්නෙ නෑ' කියල හිතින් බැණ බැණ හරි ගෙදර ඈයෝ , මේ දුරස්ථ , කඩියා මූඩ් යන්තරේට පින් සිද්ද වෙන්න , ඉතින් සැම දේ සැම තැන , වෙලාවක් අවේලාවක් නොබලා සපයන්න ලේස්ති වෙලා ඉන්නවා...
ඔන්න මම වෙනද වගේ අටුවාටීකා ටිප්පනි , සමාප්ති උපදේස ලියන්න යන්නෙ නෑ අද. මන් කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!
ඔන්න අන්තිමේට ජීවිතේ මල්ට ලස්සන සින්දුවක් මතක් උනා... මේක සරා සිහින හි තියන එකක්.
ගයමු ගීයක් දැන් අපි නිදහසේ...
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
දසත රැව් දීලා
හදවත් පිනවලා
සොඳුරු දිනයකදී
හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක චායා පෙනේවි
දසතේ සොඳුරු හෑඟුම් පෑතිරේවී
සිනා හඬක් ඉතිරී යාවී ඔබෙ හදවතේ...
හිනාම යන කෑල්ල කියන්නද...? මේ සින්දුව අහල බලන්නකෝ.. සන්දුක්කේ.. බාතිය සන්තුස් මල්ලිලා මට මේ වෙලා හිතිච්ච මේ ගීයත් විකුනලා තියෙන්නේ ජංගමේට උඩගෙඩි දෙන කොම්පෑනියකටමනේ... හනේ... සන්දුක්කේ... :)
ගීය අහන්නකෝ...
ඔන්න මම ආයෙත් ඉල්ලනවා..... මම කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!
10/10
ReplyDeleteපිලිගත්තත් කිව්ව දේ ඇත්ත කියලා...මොනා කරන්නද ඕක ගෙදර දාලා ගියොත් අම්මගෙන් අහගන්න වෙනවා මං බබාට හොදට...හැමදේම අමතක කරලා යනවා.කිසිපිළිවෙලක් නෑ..බ්ලා බ්ලා බ්ලා...
අම්මේ මං අද ෆෝන් කට්ට ගෙදර තියලා යන්නද?
ඒ මොකෝ එකපාරටම ෆෝන් එක දාල යන්නේ...?හදිස්සියක් වුනෝත් කතාකරන්නේ කොහොමද? බ්ලා බ්ලා බ්ලා...
ඒ හන්දා කට පියාන ඕක උස්සන් ඉස්සර වගේම වැඩ කරන එක හොදයි...
ඇබ්බැහි වීම ගැන කිව්වොත් නම් ඉතිං උපරිමයි.කෙටින්ම කිව්වොත් බස් එකේ ටිකට් වල ඉතුරු සල්ලි ගන්න ඇතිනම් ඒකත් නෝට් එකක් දාලා ස්ක්‍රීන් එකේ පෙන්න තියන් ඉන්නේ...හදිස්සියේ ෆොන් එකේ බැටරි ලෝ වුනොත් ඉතිං ඉතුරු සල්ලි වලට කොන්දයියා සරණං ගච්චාමි තමා.....
දැන් ඉතින් මේකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරුනෙ..... :D
ReplyDeleteචතුරංග.....
මොනව උනත් කතාව ඇත්ත
ReplyDeleteඋණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසික් කරන්නත් බෑ!
ReplyDeleteසිරාවට මේක මාර ඇබ්බැහි වීමක් ! මමත් අලුත් ෆොන් කට්ට ගත්ත දවසෙ ඉදලා ඔහොම්මයි දකින දකින දේ ෆොටො ගහනවා. නැත්තන් ෆේස්බුක් හරි ට්වීටරේ හරි එල්ලිලා.
අනික පවුල් පන්සල් වෙච්ච අය නම් [ මම වගෙ නෙමෙ හොදද :පී] කොයි වෙලෙ බැලුවොත් කණේ
ඔය අස්සෙ තව ඇබ්බැහි වීමක් තමා ඇපල් itouch එක කොයි වෙලෙ බැලුවත් ගෙදර ඉන්න වෙලෙ ඔක කණේ ගහගෙනමනේ
දවසක් ,දෙකක් මම ඕක කරල බැලුවා.මාර සනීපයි හිතට.ඒත් ජරමර ගොඩයි.ඒ අස්සෙ බර කරත්තත් යනවා.
ReplyDeleteහනේ හසියෝ.. ඔච්චර ඈබ්බෑහි උනොත් බෑරියෑ.. හනේ හනේ... සුට්ටක් ඕකෙන් මිදුනම මාර සනීපයක්නේ තියෙන්න .. ඈත්තමයි අප්ප...
ReplyDeleteචතුරන්ග
ReplyDeleteබලන්නකෝ... බස් එකක ගියත්... ඕවා නෑති අය නෑ දෑන්. ඒ මදිවට ඕක නිතර කනේ ගහගන ඒකෙ එල්ලිලා යන බහුතරය තමයි ඉන්නේ,,,
යසස්... :) ස්තූතියි... ඈවිත් කියවා ගියාට ,,, :)
ReplyDeleteඅදමයි ඔය නම අහැව්වේ. මැසිම නං දන්නවා.. :) හැබයි තාම එච්රම වදකාරයෙක් නෙවෙයි
ReplyDeleteනලියා
ReplyDeleteමටත් ඔය සින්දු පිස්සුව සෑහෙන්න තියනවා.. උදේට 6 සිට 7 වෙනතුරු වෑන් එකේ යන පෑය ඉතින් ජීවත් වෙලා හමාරයි මගෙ අයි පොඩ්ඩා බෑටරි බෑස්සොත් :(
කාන්චනා අක්කා...
ReplyDeleteබර කරත්ත සේප් වේවි... එහෙම උනොත් අනේ ඔයා ඔය මෑසිම ගෙදරම තියල යන්න... :)
ගයාන් මල්ලි
ReplyDeleteමෑසිම මට නම් වෙලාවකට හරිම වදේ......
ම්ම් .......... මොකුත් නොකියත් බැහැ කියලත් බැහැ ..... කියන්න ඕනා ඔක්කොම කියලා තියන හින්දා මන් මුකුත් නොලියම යනවා :D
ReplyDeleteඕක අමතක වෙලා ගිය දවසට නං පුදුම සැහැල්ලුයි තමා...
ReplyDeleteඒත් මෙන්න
http://www.facebook.com/photo.php?fbid=1630729931100&set=a.1630729611092.2090369.1322169573#!/photo.php?fbid=1630742291409&set=a.1630729611092.2090369.1322169573&pid=31712305&id=1322169573
මෙයාට වගේ මටත් ඕක හැම තිස්සෙම ඒක ඕනැ වෙනවනේ.....
Dar[K] ට...
ReplyDeleteමම නං හිතන්නේ "කිරි හින්ද බොන්නත් බෑ.. උණු හින්ද අහක දාන්නත් බෑ වගේ" හික්*2
ඒ අතින් බලද්දි අම්මපල්ල හිතෙනව මම කොච්චර වාසනාවන්තද කියල.
හඳුනා ගත්තොත් ඔබ මා තුළ සිටිනා
මා යම් මතුදා පිළිගන්නෙමි
සුහඳ හදින් බැඳිලා ඔබ මා සැමදිනේ
mona karanda da ban.ohoma tama. man nam phon use karanne ne
ReplyDeleteමිස්.. මට නම් ජංගමේ නෑ කියලා කිසිම අවුලක් නෑ..
ReplyDeleteපහුගිය සෙනසුරාදා හවස ගෙදර ආපු වෙලාවෙ ඉදලා ඉරිදා දවල් 12 විතර වෙනකන් ෆෝන් එකට සිග්නල් තිබුන් නෑ මොබිටෙල් ටවර් අවුලක් නිසා...
ඉන්ටර්නෙටුත් නෑ.. ජංගමෙත් නෑ..
මොනවා කියනවද අක්කේ.. මට ජංගමේ ගෙදර තියලා ආවම නිකන් ඇඟෙන් බාගයක් තියලා ආවා වගේ නේ මට. ඊයේ හවස අත්‍යවශ්‍ය වෙලාවක ජංගමේ බැටරි මැරිලා දොයියගත්තා.. පොළවේ ගහන්න තරම් කේන්තියි. ඒ කියලා ඉතින් පොළවේ ගහන්න පුළුවනෑ..
ReplyDeleteහිහි, හැබැයි පුතෝ ඔය කතාව නම් 200%ක්ම ඇත්ත තමා..
ජීවිතේ මල් මල් ජංගමේ තියෙන කල්!
ඇත රැකවල් බැටරිය නොමැරෙන කල්
ආ චැප්
ReplyDeleteඑහෙම කෝමද...? මුකුත්ම ලියන්න බෑ??? හනේ බෝ... හා හා කමෙක් නෑ.... :)
අපෝ බුද්ධි අයියේ...
ReplyDeleteබෝ නම්... හවු වෙන්නෙ පා.. නෑ කොයි අස්සෙන් මේක හොයා ගත්තද මන්දා.... හිකිස්
අහා රොෂාන්... එහෙනම් අත්විඳින්න ඇති නේද ඔය ප්ලැන් චේන්ජින් යන්තරෙන් මිදුනම තියන සහනේ :)
ReplyDeleteහෙ හෙ ෆා නගා
ReplyDeleteඔව් අනේ.. ඒත් වෙලාවකට නම් හිතෙනව ඔය බැටරිය මැරිලම ගියා නම් හොඳා කියල.. ස්පෙශලි ඔය යුද බිය වගෙ වැඩි වෙනකොට :)
සහතික ඇත්ත. මං නම් දැන් ජංගම දුරකථන භාවිතය අතහැරලා ගොඩක් කල්... :D :D
ReplyDeleteඇයි දවසක් ඕක අමතක වෙලා ගියාද?
ReplyDeleteමොනව උනත් ඇත්ත කතාව. මටත් ඉස්සර ඉඳ හිට ඕක අමතක වෙනවා. එදාට හරිම නිදහස් තමා. එත් දැන්නම් ඔය වැඩේ වෙන්නෙම නෑනේ.
මට නම් වැඩිය කොල් එන්නේ නැති නිසා නිතර බලන්නේ නෑ.
දවසටම එක සැරයයි මිස් කොල් තියනවද බලන්නෙත්.
හෙහ් මරු කතාව. බොරු කියන්නෙ මොටද, මම නම් සමහර වෙලාවට හිතා මතාම ෆෝන් එක ඕෆ් කරනවා, නැත්තම් නිදාගන්නවත් විදිහක් නෑ..... :)
ReplyDeleteකතාව නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ඕක නැතිවම බැරි වෙලා. මට ෆෝන් එක කවදවත් අමතක වෙලා නම් නෑ, නමුත් චාජ් කරන්න නම් අමතක වෙලා ඕෆ් වෙලා තියෙනවා. ඒ වෙලාවට හිතේ එක පැත්තක් නිදහස් උනාට තව පැත්තක් හොඳටම බර වෙලා. :)
ReplyDelete