අනේද මන්දාද මන්දා. ලෝකෙ නිකම් හැතැප්මට එකසිය ගානට වේගෙන් කැරකෙනව වගේ.ලෝක බෝලෙ මෙච්චර ඉක්ම්නට කැරකෙන්න පටන් ගත්තෙ කවද්ද? මන්දා?
ටිකක් මෝඩ පහේ කතාවක් !
ඒ කාලෙ.. මීට අවුරුද්දකට දෙකකට ඉස්සර වගෙ , හපන් පැදුරෙ ගිය සින්දුවක් මගෙ මුවගෙ හරියට රැව් දෙන්න ගත්තා.
හෙ හෙ. බලන්නකො මේ සින්දුව අහල තියනවද කියලා.
මන් දුකින් තමයි ඉන්නෙ
කව්ද මාව බලාගන්නෙ
අසරණ අනාත පුන්චි ලමෙක් මං !
මං පුන්චි පැලක ඉන්නෙ
නිතර දුකෙන් කල් ගෙවන්නෙ
අසරණ අනාත පුන්චි ලමෙක් මං !
අයියෝ මටම හිනා යනව. ඒත් තවම මම මේ සින්දුව හිතෙන් කියනවා. ඉවරක් නැතුව.හැමදාම. ඇයිද මන්දා , ඔය සින්දුව නිතර කියවෙන්නේ.
පුංචි කාලෙ කතාවක්
ඔය පුන්චි කාලෙ තිබ්බ එක එක පිස්සු අතරෙන් කාලෙයක් මගෙ පිස්සුවක් වෙලා තිබ්බෙ එක එක පැස්ටල් කූරු බ්ලෙඩ් තලේකින් හූරන එක. එතකොට රැල් වෙලා මිශ්‍ර වෙන පාට පාට කුඩු මාව අමුතුම ලෝකෙකට ගෙනියනවා. දැනට උනත් පැස්ටල් සුවඳ දැනෙනකොට ඔය පොඩි කාලෙ මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය පුරුද්ද නිසා අමතක නොවෙන ගුටි සීරීස් එකක් කෑව හැටිත් මතකයි අම්මගෙනුයි තාත්තගෙනුයි. :)
ඒ කාලෙ දුක හිතිච්ච කතාවක්
තව දවසක් වෙච්චි දෙයක් කියන්නම්. අපෙ ගෙදරට යන පාරෙ තියනව ලංකාවෙ වාහන යන දිගම බිංගෙය. සුද්දගෙ කාලෙ හදපු එකක්ද කොහෙදෝ. මට මතක නෑ කොයි කාලෙද නම් කියල. දවසක් බලනකොට බිංගෙ ඇතුලෙ ලොකු තදබදයක්. දෙපැත්තටම වාහන එන්න යන්න ඇරි වෙන්න බිංගෙ මැද බ්ලොක් වෙලා. බලනකොට හොඳටෝම වයසක සීය කෙනෙක් බිංගෙ මැද හිර වෙලා. අනෙ බලනකොට ඇස් පේන්නෙ නෑ.එයා අතරමං වෙලා. හොඳටෝම වයසක සීයෙක්. මට දැක්කම හරියට දුක හිතුනා.අනෙ මන් දන්නෙ නෑ. ඈයි ඒ සිද්දිය හැම වෙලාවෙම මතක් වෙන්නෙ කියලා. අනෙ මන්දා.. තාම මතක් වෙනවනෙ ඔය කතාව.
හේතුව අහන්න නම් එපා... මොකද මම හේතුව දන්නෙ නෑ...
වෙනසකටත් එක්ක පින්තූරයක් නොදා ඉන්න හිතුවා. අනේ මන්දා... මොකක්දෝ වෙලා නෙව ජීවිතේ මල්ට...
අම්මපා මොනවා වෙගන එනවද..? යසට හිටිය කෙල්ල...
ReplyDeleteමට පේන්නේ භයානක රෝගයක මූලික ලක්ෂණ පෙන්නුං කොරනවා කියලයි..
සේරමත් හරි මේ සීයව මතක් වෙනෙන මොකෝ මන්දා :-D
ReplyDelete