Saturday, July 23, 2011

[187] පූර්ව ජන්ම -Unfinished Business ගැන - ප්‍රිහාන්, මම , සහ සුනේත්‍රා...



සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ 'පූර්ව ජන්ම අපූර්වය' පොත දිලිසි දිලිසි පොත් රාක්කෙ හරි බරි ගැහිලා,  තැඹිලි පාට පොත් දාරෙ ඇස් වලට දර්ශනය කරද්දි , Uනලය දිගේ ප්‍රිහාන්ට ඕනෙ උනා අහම්බෙන් දුටුව කෙල්ලක් ගැන මේ විදියට නාහෙන් අඬන්න.... 

අහසයි පොළවයි වගේ නෙමෙයි , හඳයි තරුයි අහසයි වගේ ඒ සින්දුවයි , අර පොතයි , මේ ජීවිතේමල්ගෙ මතකයි එකට සමපාත වුනේ , ආයෙමත් බ්ලොග් පෝස්ටුවක් හෙවත් ආත්ම රචනයක් හෙවත් හෙවත් මා සිත් ගත් ගීයක් ගැන ලියන්නයි...  

පොත් රාක්කේ නිසි සැනසිල්ලෙ හිටිය 'පූර්ව ජන්ම අපූර්වය'ට නිදහසේ ඉන්න නොදීපු නිසා එයා අතට සේන්දු වුනා.... හිත මොකක්දෝ හොයන්නට වුනා... ආයෙ ඉතින්..වෙන මොනවටද.... 

"ඇතැම් විට ආත්මීය සහකරුවන් හමුවී, එකට ජීවත් වී, යම් කාර්යයන් ඉටු කොට සමු ගනියි. ඈත් වෙයි. ඔවුන්ට මුලු ජීවිතයම එක්ව ගෙවන්නට අවශ්‍ය නොවේ. එවැනි අවස්ථා ශෝකාන්ත නොවේ. යමක් ඉගෙනීමේ ප්‍රස්ථාය"

73 වෙනි පිටුවේ මේ ඡේදය අහම්බෙන් පෙරලුනා.... 

"ඇතැම් විට යම් කෙනෙකුට විශාල කැමැත්තක් ඇති වුවද , අප ඊට හේතු දන්නේ නැත.එහෙත් ඒ දෛවෝපගත හමු වීම් වලින් පසුවද අපේ ස්වාධීන මනසේ තීරණ ක්‍රියාත්මක වේ... ආත්මීය මුහුකුරා යාමෙන් තොර පාර්ශවයේ කෝපය , සැක ,සංකා, බිය, වංක භාවය ආදී නොයෙකුත් දුර්වලතා වලින් හර්දය බිඳෙයි"

 73 වෙනි පිටුවට නිවනක් ඇත්තෙම නැතුව මගේ ඇස් එහෙ මෙහෙ දුවන්නට වුනේ තවත් දේවල් සොයමින්...

ඒත් ප්‍රිහාන් මට ඉස්සරවුනා.... රිපීට් දැමූ ගීතය නොනවත්වාම  'ගීතය' සහ 'මතක' කෙරේ මාව ආසක්ත කරනු ලැබුවා


වැව් තලේ, පෑදි දිය මත ඇඳී, ඉරි වාගෙ, 
වියැකෙන්නෙ නෑ මේ සිත  මගේ

කොල්ලා ෆුල් සීරියස් ය.... හිත ලේසියෙන් වියැකෙන්නට ඉඩ හරින්ටද ඔහුට මනාපයක් නැතුවාය.... ඔහු එය සපථ කරන්නේය.... සිත එතරම්ම මේ අහම්බෙන් දුටු රුව අල්ලා බැඳ ගන්නේ ඇයි කියා ඔහුටත් නොතේරෙන අරුම...

මැදියමේ තනිකමට දුක් දිදී , 
හඳ පානෙ  වැලපෙන්න බෑ මට තව ඉතින්

ඔහුට ඒ සන්ධිස්ථානය වැදගත් කියා සිතේ... සුනේත්‍රා ලියුවා සේ ඔහුට කොහේ හෝ බාගෙට ඉවර වූ ගනුදෙනුවක් ආයෙමත් ඇස ගැසී ඇති හැඩය...
ජීවිතේ දුක තමයි  
නුඹ මා සතු වෙන් නැති නම්... 
ආදරේ දුක තමයි
දැන ගනු මැන හිත ඇති නම්.......

කෙල්ල ටිකක් ඊට වඩා දාර්ශනිකය... බ්‍රයිට්ය... (කපටිදත් මන්දාය)  ඈ ඊට වඩා යථාර්තවාදී වචන ටිකක් ඇද බාන්නීය... හැඟීමද බුද්ධියද කෙසේ හෝ එකට වැඩ කරන්නේ හැඳිමිටේය.. (මලගෙවල් වලද මේකම දැක තියෙනවාදත් මන්දාය)

අන් දෙසක් බලා යනවද දුටුවෙ නෑ වගේ, 
ඇස් කොනින් හෝ බැලුවමත් ඈතී...
නොදරුවෙක් වගේ පසුපසින් එමි, 
ඈස් මගේ උනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහු බඳී... 

ලාටුවකට බැඳුනු කොලුකාර ඇස් අර මූනු තහඩුවේ මොකක්දෝ දෙයක් සොයාගෙන හරඹ කරන්නෙහිය... ඉවතට ගනු නොහී තම ඇස් හා සටන් කරන්නෙහිය... ඒ ඈ දෙවඟනක් නිසාද? ඈ මනමෝහනීය රූපසුන්දරියක් නොවේ.. ඒත් අදෘශමාන හුයකින් සිය දෑස් ඒ ගැහැනු බවේ හෘ පුරුදු බව සමග අරගල කරන්නෙහිය...

වැටෙහෙන්නෑ මටම මගේ ලැදි කම නුඹට ඈති  
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හෑටී.....

අන්තිමේ කොල්ලා තේරුම් ගනී... මට මේක කියන්ඩ වෙන එකක් නෑ... නවතින්න බැහැ... යන්න වෙනවා... ඒ ඇස් දිහා බල බල.... ජීවිතේ හැටි තමයි... 

මෝදු වී හිඳී  තනියට තරු ඈසක් හිඳී, 
සුසුමකින් සැලී අඳුර ඉකි බිඳී... 
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී, 
හිස් අතින් නොවේ ඈස් පුරා කැවෙන දේ අරන් යමී.... 

මේ ගීයේ ජීවිතේමල්ගේ සිත තදින්ම ඩැහැ ගත් පේලි හතර මේය....  "සුසුමකින් සැලී... අඳුර ඉකි බිඳී..." කොල්ලා මේක වෙන්නෙ නැති දෙයකැයි දන්නා හැඩය. අඳුර ඔහුට තාම ලඟ ඒ නිසා වෙන්ඩ ඇත... සුසුම ඒ කලකිරීම මුදා හරියි... කල්පනා ලෝකය , සුසුම තුල අඳුර තිගැස්සෙයි...

ඔහු විය යුතු දේ සහ හිත ඉල්ලන දේ තුල අතරමං නොවේ... "පිට කෙනෙක් වගේ පිටව යන්නට" හිත හදා ගන්නේ ඒ නිසාය... එහෙනම් කොල්ලත් බ්‍රයිට්ය !  :-) 

වැටෙහෙන්නෑ මටම මගේ ලෑදි කම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී.....

මුහුදේ රළ සේ කොල්ලා ආශාවන්, හැඟීම් , සැබෑව සමග පෙරලි කරමින් සමු ගෙන යන්නෙහිය...

ඒ ඇත්තම කියනවා නම් ජීවිතේ හැටිය... ඇත්ත නම්.. ඒකය..... 

යලිත් සුනේත්‍රාගේ 'පූර්ව ජන්ම අපූර්වය 73 පිටුව කරලියට ගන්නෙමි....  (අද ඒ පොතට නිවනක් නැත) 
" ඇතැම් විට ආත්මීය සහකරුවන්/ සහකාරියන් හමුවේ.. ඔහු/ඇය එය හඳුනාගෙන අනෙකාට ප්‍රිය විය හැකිය.. එහෙත් ඒ ඇත්තා හෝ ඇත්තිය නොරිස්සීමකින් ඉන්නටද ඉඩ ඇත කියා බ්‍රයන් වේස් සඳහන් කර ඇත.. මට (සුනේත්‍රාට) හැඟෙන්නේ ඒ සාංසාරික කෝපාවේග ඉතිරිව තිබීම ලෙසය "
 
මම කොළ පාට අතු ඉති දිහා බලමින් කල්පනා කරමි....  කවදත් වගේ කපටි කමට, මගේ මතක මේ පෝස්ටුවේ හංගලා තියලා යමි... අතු ඉති එකිනෙක ලංවී , ඇතැම් විට පැටලී, තවත් විට ගැටී , ඊලඟ මොහොතේ ආයෙමත් උන් තැන නිසලව හිඳී... 
 
ඒත් 'පූර්ව ජන්ම අපූර්වය' අතු ඉති වලට කෙසේ බලපෑවත් , ඇතැම් විට එලෙසම ඒ අතු ඉතිම යලිත් වර පැටලී හිඳිනු දක්නට ලැබෙයි... ඒ එදා මෙන්මද , මෙදා වෙන'යුරකින්ද කියා සිතා ගත නොහේ... 
 සුලඟක් නැති , නිශ්චල දිවා කාලය එලැඹ හිඳී.. රාත්‍රියද වෙනසක් නැත. අතු ඉති දෙපස නොහැරී, මුහුණු නොබලා , නිශ්චලතාවය කෙබඳු දැයි හදාරන්නා සේ වැනි...  
ඒත් ඇතැම් රාත්‍රීන් හි ,නිකමට වාගේ අඳුරට එබෙන විට , ඇතැම් අතු ඉති මත පමණක් කුඩා පිණි බිඳු දැක්ක හැකිය... ඒ "පිණි බිඳු" යැයි  මම මටම කියා ගනිමින් ඉවත බලා ගනිමි...

ප.ලි
පොත : පූර්ව ජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක
ගීතය : ප්‍රිහාන් ගයන 'වැව් තලේ'
මම: කවදත් විකාර ලියන - මමම තමයි :-)  

ප.ප.ලි
දුකා අයියා මේ පොත ගෑනම හරි අපූරු පෝස්ට් එකක් ලියලා තිබ්බා... කෑමති නම් ඒකත් බලන්න මෙතනින්

Tuesday, July 19, 2011

[186] දිගම දිග ඇත්ත කතාවක් !!!!!!!!!

ඒකා නම් යස්ස පැටියෙක්.... වදකාරයෙක්.... මගෙ නහර වල ලේ ඉහලම උෂ්ණත්වයට පත් කිරීමේ සමත් වූ දඟ මල්ලක්... ඒ කාලෙ... 2006.. අවුරුදු 17ක් වගෙ ඇති යාන්තමට ඌට.. ඉන්ටනෑශනල් ඉස්කෝලෙක හිටිය හොඳවෑයින්ම කරදරකාර කොල්ලෙක්. වාසනාවට මම ඒ ඉස්කෝලෙ නම් ඉගෑන්නුවෙ නෑ. ඒත් හාපුරා කියලා උපාධිය අවසන් වෙන්නත් පලමු එක් පරිඝනක ආයතනයක උගන්නන්න සෙට් වීමෙ ප්‍රතිපලයක භයානක අතුරු ඵලයක් වූයේ මේ නහරකාරයාගේ ගුරුවරියක් වීමෙන්...


ඒ දවස් වල මටත් වයස 21යි... මටත් හරි අපූරුවට තරහ යනවා මුන්ගෙ දඟ වැඩ වලට... ඕලෙවල් පන්ති එන ඈම්බැට්ටයින් කල කී දේවල් නිසා පන්තිය ඉස්සරහම අඬා වැටෙන්න තරම් ලාමක ටින් ටින් ඒ කාලෙ මම.. ! ඉගෑන්නිල්ලටත් මම අලුත්නේ... අම්මේ උන්ට තියන ස්නීපයක්..මට වද දෙනකොට...! ඉතින් මට දෙවි පිහිටයි මේ නහරකාරයා එක්ක නම්.. අපි මේ නහරකාරයාට නමක් දාමු... ඇලෙක්ස්...


මට අද වගෙ මතකයි... පරිගනක උපාධියක පලමු අවුරුද්දක් තමයි NCC කියන්නෙ... Business Organization කියන විෂයය ඉගැන්නූ සෑම්, බබා හම්බ වෙලා මාස 3 නිවාඩුව ගත්තාමයි මට මේ සොඳුරු අකරතැබ්බය වූයේ... ඈ අවසන් කල විශය නිර්දේශයෙ ප්‍රශ්න පත්‍ර කිරීම සහ නොකල පාඩමක් කිරීමට භාර වුනෙ මට...ඈ එනතුරු..

***


මට දෑන් නම් අද වගෙම මතකයි... ඒ මොහොත... මුල් දවසේ ගෑනු දරුවො දෙන්නෙක් එක්ක ගෙවී ගිය සාමකාමි පන්තිය අවසානයේ පන්තියෙන් එලියට යන කෙල්ලො දෙන්නා එකපාරම කෑ ගහන්න පටන් ගත්තා.. මිස් මිස්... අපි හිටියෙ මෙයා එනකල් තමයි... මිස් මේ ඈලෙක්ස්... එයාත් අපෙ පන්තියේ එක්කෙනෙක්.. මිස් එයා ලබන සතියෙ ඉඳන් පන්ති එනවා.. මිස්ට ලේසි වෙන්නෙ නෑ මෙයා පන්තියට ආවම...




මම හොඳට ඈස් පිහදාලා බෑලුවා...


කොන්ඩෙ උරහිසට විතර වවා ගත්තු, ඒ කොන්ඩෙන් හරි අඩක් නෙමෙයි මුලු බූස කොන්ඩෙම දූඹුරු පාට කරපු... ඒකත් හරියට නොපීරපු...  ඉන්ටනෑශන්ල් ඉස්කෝලෙක නිල ඈඳුමක් එහෙන් මෙහෙන් බාගෙට ඈඳපු , එක උරහිසක සෑක්සෆෝනයක් එල්ලගෙන , මගෙ දිහා වඳුරු මූනකින් විරිත්තගෙන හිනා වේගෙන බලාගෙන ඉන්න ... ඈ...ලෙ...ක්...ස්... !


හොඳම හරිය.. මේ ඈම්බෑට්ටයා අපෙ ආයතනයෙම ඉතාමත් ජෙ‍‍යෂ්ඨ මිතුරෙකුගෙ කසින් බ්‍රදර් !!!! මගෙ උගුර කට වේලුනා..අහෝ දෙවියනි !


මමත් හිනා වුනා.. කොටින්ම ඈඬුනා.. කොල්ලා කට ඈරියා...


මිස්..ඔයා ඕව ගනන් ගන්නෙපා මිස්.. මේ මෝඩ කෙල්ලො ඔහොමමයි... බලන්න එන සතියෙ ඉඳල පන්තිය කොච්චර ශෝක්ද කියලා...


කියපු තාලෙටම මට තේරුනා ලබන සතියෙ ශෝයි බව ! :-)


****


ඒ කිව්ව ලබන සතිය උදා වුනා... මම හිතුව විදිය බොහොම මදි...


වාක්‍යයක් ගානේ මට කියන්නට නොදී විහිලු කරන, මගෙ මොබයිල් ෆෝන් එක අරගෙන මගෙම තේ කෝප්පයේ තේ වතුර ගාවටම ගෙන යමින් ඔබන්නට සෑරසෙමින් මූන දිහා බලන් ඉන්න, මම කෑගහන තුරු එය ඉවතට නොගන්න, ලඟ ඉන්න කෙල්ලන් දෙන්නාගේ කොණ්ඩෙන් අදින , හිතුන ගමන් බිම තියන සෑක්සෆෝනය අරගෙන මුලු බ්‍රාන්ච් එකටම ඈහෙන්නට පිඹින, එතෑනින් එහාට ඒ අසා පන්තියට එන වෙනත් කොලු කෙල්ලන්ට මගෙ පාඩමේ විනාඩි 15ක් පමන ගෙන සෑක්සෆෝන් ගහන හෑටි කියා දෙන... , මගෙ පොතේ කුරුටු බලි අඳින... මම උගන්වන වාක්‍ය දහයකට ඈනුම් දහයක් යවමින් ඉවර වෙන වෙලාව අසන , ඔක්කොම උගන්වා ඉවර වූ පසුව ඒ ඔක්කොම ආපහු අසමින් තෙරුනෙ නෑති බව කියා මා වෙහෙස කරවන... ඈ... ලෙ...ක්ක්.... ස්.... !!!


අහෝ ඔබට සිතා ගත හෑකිද ?


සිනා නොවී සිටිනු අපහසුය ! මම තොල හපාගෙන උගන්වමි.. ! කෙල්ලන්ටද එසේමය ! උන් නම් කෑකිරි පලති.. තරහ නොගෙන සිටිනු අපහසුය ! එතරම්ම යකා ආරූඪ වෙන නහර වයසේ මමද පසු වූ නිසාම... ඒත් කියා ගන්නට බෑරි සුන්දර කොලු කමත් ලමාකමත් ආදරය සොයන දඟකාර කොලු ගතියත් නිසා බණින්නටද දිව නොනැමේ.... මන් හිතන්නෙ ඔය හොර ගෙඩියත් ඕකම දෑනගෙන හිටියා...හෑමෝම ඌට ආදරෙ බව... ඌ කොච්චර වදයක් වුනත්.... ඈත්ත ... පන්තියම විතරක් නෙමෙයි බ්‍රාන්ච් එකම පාලුයි උගෙ විකාර නෑතිකොට...


ඌ එක්ක පන්තියක සීරියස් උගන්නනවා බොරු! ඒත් මටම දෑනුනා මේ නහරකාරයා මට හරිම ආදරේ බව .... ඌට ඕනෙ හෑටියට නටන්න දෙන එකම ටීචර් මම වෙන්නෑති ... අත්දෑකීම් අඩු නිසා ඔය වගෙ එවුන් එක්ක ඩීල් කරන්න මටත් එච්චර තේරුනෙ නෑ...


****


කාලෙ ගියා.. මේ වගෙ යුද්දයක් මෑද්දෙ කොහොමෙන් හරි පන්තිය කලා...


මගෙන් අර ජෙ‍යෂ්ඨ මිත්‍රයා හැමදාම අහනවා..


ඈලෙක්ස් කොහොමද..ඌ ටිකක් අමාරුකාරයා නේද ? වෑඩ කරනවද ??


ඈත්තටම ඔය කිසි එකකට මම උත්තර බෑන්දෙ නෑ,, මොකද එයා උත්තර ටික දන්න නිසා... :-)

****


එක දවසක්... මේ නහරකරයාට අලුත් මෑර සිතක් පහල වෙලා...
කෙල්ලො දෙන්නයි මායි මේකායි... පන්තියේ... මේක ලඟට ආවා... එන පොට හොඳ නෑ... මොකක් හරි කස්ට වෑඩකට තමයි...


මිස් මොකක්ද ඔය නහයෙ... 


මේකා අත උලුක් කරන් එද්දි කෙල්ලො දෙන්න කෑගෑහුවා..


ඈලෙක්ස්.. ඔය අපි නෙමෙයි.. අපේ මිස්... එපා..මෝඩ වෑඩ කරන්නෙ හෙම නෑ...


ඒ කියල කටගන්න උන්ට ලෑබුනෙ නෑ.... දෙකට නෑවුන දබරෑගිල්ලෙයි මෑදෑගිල්ලෙයි මෑද්දට මගෙ ලොකු නාහෙ අහු උනා විතරයි මතක... එක මොහොතයි... මේකා උඩ පෑන පෑන හිනා වෙනවා... කෙල්ලො දෙන්නා බය වෙලා.. බය වෙන්ඩම කාරිය...


තෑපෑලෙන් වේදනාව එන්ඩ ඉස්සෙල්ල, බයටයි තරහටයි ඈස් දෙකෙන් කඳුලු ගලන්ඩ ගත්තා ඉබේටම....ඊට පස්සෙ වේදනාව.. නාහෙ ගෙඩි ගෑහෙනවා වගෙ රතු වෙන්න ගත්තා.. ඉදිමෙන්න ගත්තා.. දෑන් නම් නටන දඟලන හිනා කාරයාටත් පොඩ්ඩක් බය හිතිලා...


අනේ මම විහිලුවක් කලේ මිස්.... සොරි මිස්... අයියෝ රිදුනද මිස්... 


මගෙ ඉවසීමේ සීමාව අන්තෙටම ගියා.. දුන්නා ගින්දර පිටවෙන බෑල්මක්... 



රිදුන එක නම් මොකෝ කිව්ව හෑකි... මුගෙ තිබ්බ බය නෑති කම... !!!!!!!! ටීචර් කෙනෙක් කියල නොහිතපු නෑහෑදිච්ච කොල්ලා... මට කේන්තිය වාවගන්න බෑහෑ. ඒත් වචන එන්නෙත් නෑහෑ.


ඒ නම් මෑදෑයි.... බ්‍රාන්ච් එකෙ හොඳම ඕපාදූප ගුරුවරිය එක පාරම දොර ඈරන් ඈතුලට ආවෙ ඒ වෙලාවෙ....


මල විනාසයයි.. මම අඬනවා... හෙවත් කඳුලු පෙරෙනවා.. නාහෙ රතු වෙලා... කෙල්ලො දෙන්න බය වෙලා බලාගෙන මම දිහා.. ඈලෙක්ස් බය වෙලා..ඒත් බය වහගන්නදෝ හිනා වෙනවා....වෙලාවට කෙල්ලො දෙන්න උන්නෙ. නෑතිනම් තව මොනා හිතාවිද දන්නෙ නෑ...


ආවා.. ඈ ආව වේගෙන්ම ගියා... දෑන් ඉතින් මට කොහොමත් උත්තර දෙන්න වෙනවා... බ්‍රාන්ච් එකටම...


එලියට යනකොට ස්ටාෆ් එක මට වඩා බය වෙලා... ඊට කලින් උන් මන් අඬනවත් දෑකල නෑනෙ.... (දුටු අය එය මොන තරම් අජූත ඛේදවාචකයක්ද කියා දන්නවා ඇත) :-)


දෑන් ඉතින් උත්තර බෑඳපල්ලකො.. මොන ව කරන්නද .. ඒත් ඌට පනිශ්මන්ට් දීල කරදරයක් කරන්න තරම් ඌ නරක වෑඩක් කලෙ නෑති නිසා , මම ගෙහුන් කස්ටියට බොහෝම බර හෑල්ලු කරල කිව්වා..


'මේ මෝඩ ඈලෙක් මගෙ නාහෙ කඩන්න හෑදුවනෙ ' කියල හිනා වෙවී කිව්වා...


බ්‍රාන්ච් කෝඩිනේටර් බොරු තරහකුත් එක්ක හිනා වෙවී කියනවා


  " හනේ බලන්නකෝ මේකා... හෑබෑයි ඕකාට අල්ලගෙන බනිනවා මේකට " කියලා....


ඒත් සිද්දිය මෙතනින් කෙලවර වුනෙ නෑ...


ඕපාදූප පතුරන ගුරු මානවිකාවට මේක , ඇලෙක්ස්ගෙ නැදැ ජ්‍යෙෂ්ඨයාට නොකියම බැරි වුනෙ උගෙ අවාසනාවට... කොල්ලාගෙ ඉරනම එයින් සුබ වුනෙ නෑ.. අනේ මේ කොලුවගෙ තාත්තගෙ කනට මේක ගියෙ කොයි තරම් දරුණු වෙලාද කියල මම අදටත් දන්නෙ නෑ...


ඒත් මේ දඩබ්බරයා තාත්තා විසින් අගුලු ලෑ කාමරයකට දමනු ලදුව නොසැහෙන්න පටියකින් තලා තිබුනා.. කතාව පියඹලා යන්න ඇත්තේ ලුනු ඇඹුල් ඇතුව වෙන්න ඇති...


මොනවා උනත් මේ දඟකාරයාට ගුරුවරියකට කළ විහිලුවක් සඳහා නොව ගුරුවරියක් දූශනය කල තරමට දඬුවම් විඳින්න වුනා... ඒ ඇසූ මට දැනුනේ දරාගන්නට බැරි දුකක්... දඩබ්බරයා සති කිහිපයක් පන්ති ආවෙ නෑ.. අපිව හිනා ගස්සන මේ කොලුවා නැතුව අපිට නම් පාලුවෙ බැරුවා... ඒත් සමහරු නම් හරිම සතු‍ටු වුනා..


අපෝ දැන් නම් සැනසිල්ලෙ වැඩක් කළ හැකි.... කරදරයක් නෑ..
සමහරු එහෙම කිව්වා..


ඒත් මගෙ හිත දුකෙන් බර වුනේ මේ හැම දෙයක්ම වුනෙ මමත් සම්බන්ද සිද්දියක් නිසා වීමෙන්...


සති කිහිපයකට පස්සෙ ඇලෙක්ස් ආපහු ආවා. වෙනද වගෙම හිනා වෙවී.. දඟ කරමින්..මම උවමනාවෙන් බැලුවා.. මාත් එක්ක මේකා තරහ වෙලාද ? අපෝ නෑ.. වෙනද වගෙමයි... වෙලාවක් ලැබුන හැටියෙම මම ඇහුවා මොකෝ වුනෙ කියලා... අනේ මේකා හිනා වෙනවා..


අනෙ නෑ මිස් .. තාත්තට තරහ ගිහින්.. මම දන්නවා මිස් කවුද මේ කේලම මගෙ කසින්ට කිව්වෙ කියලා... මම මිස් එක්ක තරහ වෙන්නෙ මොකටද? ඒක අමතක කරන්න මිස්.... මොනව උනත් මගෙත් වරදනෙ..


කියලා කොල්ලා හිනා වෙනවා...


ඒත් මේ සිද්දියෙන් පස්සෙ කොල්ලා ඈත්තෙන්ම සෑහෙන්න මාත් එක්ක ෆිට් වුනා...


කොල්ලාගේ දස්කම් හෑකියා මම දකින්න ගත්තෙ ඉන් පස්සෙ.... ඈත්තෙන්ම ඒ සිද්ධියෙන් පස්සෙ වුනේ මේ පොඩි එකායි මායි හොඳම යාලුවො වුන එක...


වාසනාවට අර කසින් සොයුරත් කා ගැනවත් අහිතක් හිතුවෙ නෑ. එයා මට කිව්වෙ ඇලෙක්ස්ට පාඩමක් උගන්වන්න ලැබුන එක හොඳයි-ආයෙ ඔය වගෙ සීමාව ඉක්මවා යන විහිලු කරන එකක් නැති වෙන්න කියලා.
ඒක එක්තරා දුරකට හරි.... ඒකෙන් කොලුවා මාත් එක්ක අමනාප වුනෙත් නැති එක සහනයක්....


****



කාලයත් එක්කම මේ කොලුවගෙ තියන මානව දයාව , මිනිසුන් කෙරේ දක්වන ආදරය කරුනාව ඒ දඟකාරකම අබිබවා මට පෙනෙන්න ගත්තා... ලෝකයටම සතුට බෙදන සාන්තුවරයෙකුගේ විලාසය ඔහු චරිතය තුල මට පෙනෙන්න ගත්තා.. අවුරුදු 17දී වුවත් ඔහු දැක් වූ පරිණත අදහස් විටෙක මාව විමතියට පත් කලා..


කවියට, සංගීතයට ඔහු අසීමිත ආදරයක් දැක්වුවා. ඇත්තෙන්ම ඒ කාලෙත් ඔහු ඒ පාසලේ තුර්ය වාදන කන්ඩායමේ නායකයා..


මට කම්පියුටර් ඉගෙන ගන්න බෑ... ඒක තමයි හැමදාම කිව්වෙ....  


මන් මේවාට ආස නෑ... කසින් තමයි මාව මේකට දැම්මෙ.. මට බැ...


මේ බෑ ගැවිල්ල මට උගන්නද්දි අහලම එපා වෙලා...


මිස් මට බෑ මිස්..මම ගිනි තියනවා මේ පොත දැන්..!
දඩබ්බර සිතුවිලි දෝරෙ යනවා


මම දන්නවා ඕකා ඔය මෝඩ වැඩ කරන්නෙ නෑ කියලා...
මම උගන්නනවා මේකා පොත පිටිපස්සෙ කවි ලියනවා.. බනින්නත් බෑ.. මොකද මාත් ඒ වගෙනෙ....


මිස් දැන් ඇති..මට නිදිමතයි.... පන්තිය පටන් අරන් විනාඩි පහලවයි... මූ ඉගෙන ගන්න බෑ කියනවා..


මෙච්චල් නොවෙන කිරි දරුවෙක් නලවනවා වගෙ කොටා ගන්න පාඩම් ඉස්ම ටිකක් අමාරුවෙන් පොවන්න මම වින්ද වදය දන්නෙ මම විතරයි...


මේ අහන්න ඇලෙක්ස්... ඔයා කම්පියුටර් ඉගෙන ගත්තම ඔයාට පුලුවනිනෙ ඕඩියෝ මික්සින් ඉගෙන ගන්න. මියුසික් වලට සොෆ්ට්වෙයා හදන්න.. ඇයි වැරදි පැත්තම බලන්නෙ.. කොයි තරම් අවස්ථා තියනවද...


ඇනුම් යන මූනෙ කටත් ඇරුනා.. 


'ඇත්ත නේන්නම්.... මිස් මට ඕනෙ මේව ඉගෙන ගන්න...'


ආ ඒකනේ මන් කිව්වේ. කොල්ලෝ ඔයාට මාරෙට හැකියා ගොඩක් තියන කෙනෙක්... දුර්ලභ කෙනෙක්.. නාස්ති වෙන්න එපා.. මම ඉර හඳ වගෙ දන්නවා ඒක... ඔයාට මේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන්...


ඇස් දෙක ලොකු වුනා... මට දැනුනා  මම කිව්ව දේ ඌ හිතනවා,ජිවිතෙ පලවෙනි වරට කියලා..


තැන්ක්ස් මිස්... ඔයා විතරයි මට එහෙම කියන්නෙ... අනික් හැමෝම මගෙ මූනටම කියනවා මට කම්පියුටින් බැ කියලා.. තැන්ක්ස්.. මම වැඩ කරනවා... ඔය බෑ කියන උන්ට පෙන්වනවා මගෙ හෑටි මම !!!


එදා හිට දේවල් වෙනස් වුනා.. එක දවසක් ඇවිත් මේකා මගෙන් ශෝට් නෝට්ස් ගහන්න ඉගෙන ගෙන ගියා.ඌට පුදුම සතුටක් වුනා ඌ කල වැඩ මට පෙනවන එක.මගෙ සබ්ජෙට් නොවෙන ඒවයෙ පවා.. වැඩේ මෙහෙම අල්ලලා ගියා...


කොල්ලට ඉගෙන ගන්න ආසාව ඇති වුනා...

****


එක දවසක් මේක කඩාගෙන බිඳගෙන මන් හොයාගෙන ආවා..


මිස් මිස්... මන් මෙ බඩ්ඩක් කියන්න ආවෙ. මිස් විතරයි මට පුලුවන් කියල විස්වාස කරන්නෙ. මිස් මම අද ඕයාට පොරොන්දුවක් වෙනව. මිස් මම ඩිග්‍රියක් ගන්නවා, ඒකෙන් ෆස්ට් ක්ලාස් ගන්නවා.. මාස්ටර්ස් කරනවා. මම පී එච් ඩී එකකුත් කරනවා... මිස්ස් අයි විල් මේක් යෝ ඩ්‍රීම් ටෲ ! අයි ප්‍රොමිස් ! 


මගෙ හිතට දැනුනෙ පුදුම සතුටක්...




කිව්ව වගෙම කොල්ලා උපාධියෙ පලමු වසර පාස් කලා..ඊට පස්සෙ ගියා එන්ගලන්තයට....


යන්න කලින් දා මේ කොලුවා ගෙනාවා මට තැග්ගක්...ඒ තැග්ග තමයි ලස්සන සාරියක්... පරන උනත් තාමත් මා ගාව ඒක තියනවා..


මිස් දන්නවද.. මේ සාරිය මම ගත්තෙ මාස ගානක් මමම පොකට් මනි එකතු කරලා... මිස් මේක අඳින්න ඕනෙ හොඳේ... 


මට දුකේ බැහැ...අනේ මම කිව්ව වචන දෙක තුන එච්චර වටිනවද ??? එදා මම ඇලෙක්ස්ට එක තැග්ගක් දුන්නා.. ලස්සන නෝට් බුක් එකක්. ඒකෙ මුල්පි‍ටුවෙ මම ලිව්වා... මේ පොත එන්ගලන්තෙට අරන් ගිහින් කවි වලින් පුරවන්න කියලා...


ඒ 2007.. මම ඒ වෙනකොට එතනින් අස් වෙලා. ඇලෙක්ස් එන්ගලන්තෙට ගියා...ඒත් කොලුවා මගෙත් එක්ක සම්බන්දකම් අත්හලේ නෑ. ෆේස් බුක් එකෙ ඔන්ලයින් දකිද්දි එයා කිව්වෙ එක දෙයයි...


Miss you were the only one who believed I can... Miss You were my one and only one Inspiration"


මම හිතන්නෙ ගුරුවරයෙක් අහන්න ඕනෙ හොඳම දේ .ඒ වෙනුවෙන් මම කලේ එක දෙයයි. ඒ දඩබ්බර චරිතයේ වටිනාකම ඌටම පහදලා දුන්නු එක...


****




කාලය ගත වුනා.. පාස් වෙන හැම විභාගයම ඇලෙක්ස් මට කියා එවුවා..ඉතින්මෙහෙම තුන් වසරක් ගෙවිල ගියා... ඇලෙක්ස්ගේ ෆස්ට් ක්ලාස් හීනය ලකුණු කිහිපෙකින් මිස් වුනා. ඒත් දෙවෙනි උසස් පන්තියේ සාමර්ථයක් එක්ක හොඳින් උපාධිය නිම කරලා ඇලෙක්ස් ලංකාවට ආවා...


තව ටික කාලෙකට පස්සෙ මට දැන ගන්න ලැබුනා එයා ලන්කාවෙ ප්‍රමුඛ බැන්කුවක ‍රැකියාවට ගියා කියලා...


මේ කතාව පසුබිමෙන් මන් තව දෙයක් කියන්නද? ඇලෙක්ස් කියන්නෙ කෝටිපතියෙක්ගෙ පුතෙක්... ඒත් එයා එයාගෙ වටිනාකම සල්ලි පිරුනු තැනක නතර කලේ නෑ... එයාගෙ ගමන එයා හොයා යනවා..


ෆේස් බුක් එකේ චැට් එකෙ දකින හැම වෙලාවෙම මේ කොලුවගෙ මුවෙහි ‍රැඳුනේ එකම දෙයක්...


මිස් ඔයා නිසයි මේ හැම දෙයක්ම වෙනස් වුනේ... 


****


කාලය ගත වුනා.. 2007න් පසු උපාධියට රට ගිය ඇලෙක්ස්ව මම 2011 වෙනතුරුම හැබැහින් දු‍ටුවෙ නෑ..


පහුගිය දාක මම බම්බලපිටියෙ විජිතයාපා පොත් සාප්පුවටගොඩ වුනා.. යාලුවෙක් සමග.... පොත් අස්සෙ කරකැවෙද්දි දොර ඇරන් මා දෙසට ආවෙ මම වසර පහක් නොදු‍ටු, හීලැ වූ දඩබ්බරයා!


මමත් ඔහුත් මොහොතකට ගල් ගැසුනා... කෝ අර ටින්ට් කරපු කොන්ඩෙ ? විකාර කරාබු සපත්තු?? කාලය විසින් බොහෝ දේ වෙනස් කර තිබුනා..
ලස්සන රෝස පාට කාර්යාල කමිසෙකින් කලිසමකින් සැරසුන අපූරු හුරුබුහුටි කඩවසම් තරුනයා මට මොහොතකට වචන අහිමි කලා...




ගල් ගැසුන ඔහු දැත් දිගු කරගෙන මා වෙත ආවෙ එදා නාහෙ කඩන්න හදපු දඩබ්බරයා ලෙසින් නොවෙයි....පරිනත අපූරු තරුණ කොල්ලෙක් හැටියට..බැංකු නිලධාරියෙක් හැටියට.. මට හිතාගන්නත් බැහැ...


දෙවියනේ මිස්ස්...... මට හිතා ගන්නවත් බැහැ...


බොහෝම හැගීමෙන් උණුසුම් ලෙස මා වැලඳ ගනිමින් ඔහු තැන්පත් කටහඬින් පවසනු අසමින් මම අසීමිත සතුටකින් ඉපිලෙන්නට වුනා...


මිස් ඔයාට කොහොමද ? (කියන්න දෙයකුත් නැහැ. චැට් ඔස්සේ මගේ ජිවිතේ බොහෝ දේවල් ඔහු දැන හිටියා) මිස් ඔයා දැන් හොඳින් නේද ? මිස්...


මගෙ හිතේ සතුටට වචන නෑ...


දෙයියනේ ඇලෙක්ස්..ඔයා ලොකු වෙලා. පිලිවල වෙලා...කෝ අර ටින්ට් කොන්ඩෙ ...? කොටින්ම ඔයා මහත්තයෙක් වෙලා.


ඔහු හිනා වෙනවා..


මම ඉතින් කියන්න ඕනෙ නැනෙ මිස්.. ඒ ඔයා නිසා කියල ඔයා දන්නවනෙ.... 


මිස් ඔයාට කියන්න තව ආරන්චියක් තියනවා. ඔයා අර දුන්නු නෝට් පොත.. තාම මගෙ ගාව පරිස්සමට තියනවා... ඔයා කිව්ව දේවල් හැමදාම මගෙ හිතේ තියනව මිස්.


මම කවි පොතක් පල කරන්න යන්නෙ මිස්.. අනිවාර්යයෙන් ඔයාට මම ආරාධනා කරනවා..මම අද මේ ආවෙත් කවිපොත් ගැන පොඩ්ඩක් කරුණු හොයන්න...


තව මොනව මම කියන්නද? ඔයා ජීවිතේ දිනල ඉවරයි කොලුවෝ... මට ආඩම්බරයි... !!!!


පසු සටහන:


මේ ආත්ම වර්ණනාවක් නොවෙයි... මට කියන්න ඕනෙ වුනේ එකම දෙයයි. මගෙ අවාසනාවට වෙන්නෑති, දුශ්කර ගම්මානෙක කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න දරුවන් වෙනුවට මට මුණ ගෑහුනෙම පෝස්ත් පවුල් වල නාගරික දරුවො..


ඒත් දරුවො දරුවොමයි.. ගම නගරය කියා වෙනසක් නෑ. ජිවිතේ හොයා යන , තමුන්ගෙම දහිරියෙන් නෑගිටින දරුවො කෝටිපති පවුල් වලත් ඉඳිනු දෑකීම සතුටට කරුණක්...


ඒ වගෙමයි කොයි දරුවා වුනත්, ගුරුවරයෙකුට පුලුවන් ඔහු තනන්නට හෝ නසන්නට... අත්හරින්නට පෙර වරක් උත්සහ කර බෑලීම වටිනවා.. හදන්නට බෑරි දරුවෙක් නෑ. එකම දේ උන්ව ඈත්තටම විස්වාස කිරීම සහ හදවතින්ම එන ආදරය... ! උන්ව අපූරු මිනිසුන් කරාවි... 


මේ මගෙ ජීවිතේ මම හරිම ආසාවෙන් සිහිපත් කරන කතාවක්.... හෑමදාම හිතනවා බෙදා ගන්නට... ඒත් දිග වෑඩි නිසා ලියන එක පස්සට ගියා... ඒත් අද ඔන්න ලියුවා...ස්තූතියි ... මා ගුරුවරයෙක් කළ මගෙ දෛවයට !!!! :-)

ප ලි..
කොල්ලාගෙන් මම මූනු පොතේ අහල යැව්වා.. කමක් නැද්ද මේ පෝස්ට් එකට ඔයාගෙ පින්තුර දැම්මට කියලා.. අනෙ හරිම සතුටු වුනා.. දාන්න කිව්වා.. ඔන්න ඒ නිසා... වෑඩියෙ නෑ.. එක දෙකක් දාන්නම් හොඳේ .... ඔය ඉන්නෙ පල්ලෙහා... :-)

එදා....




උපාධිය ගත් දා....



මෙදා ....




සදා........




යාලුවනේ .. ඔහු වටිනා චරිතයක්... අහම්බෙන් හෝ මූනු පොතේ හමු වුවොත් , ඔහුගේ වටිනාකම අගය කරනු මිස අතීතයේ කළ දඟකාරකම් මත්තේ ඔහුව විහිලුවට ලක් කරන්න නම් එපා... ප්ලීස්... :-)

Monday, July 18, 2011

[185] නුඹ ..යන... තුරු...

.
.
ඈතිනුත් ඈතට
නුඹ
පි‍ටුපා යන තුරු.....
.
.
තිතක් වී
නොපෙනීම
යන තුරු.....
.
.
වේගවත් රිද්මයෙන්
එසවෙන පා හඬ
නෑසී යන තුරු...
.
.
මා හිඳින්නම්
බලාගෙන
වෙනතක දුරු.......
.
.
අහස පොලව ලං කළ
අප ගැන 
ලොටම අමතක වෙන තුරු...
.
.
හිස් බැල්මෙන්ම ඉඳින්නම්...
.
අනන්තයක් තරම් දුර
ක්ෂිතිජයට
නුඹ පි‍ටුපා යන තුරු.....
.
.
.
.
.
.
.
.
.
.

(පින්තූරයේ පූර්ණ අයිතිය පැතුම් වීරසිංහ සොයුරා සතුය.... පැතුම් මල්ලි , ඔබට ස්තූතියි මේ පින්තූරය නොමසුරුව ලබා දුන්නාට)

Sunday, July 17, 2011

[184] ඈගේ උදාන ගී උදෑසන, මම බලා සිටියෙමි....

ඉර එලිය එබෙන්නටත් කලියෙන් ඔහුගෙ ශරීරෙම එතෙන්න ගත්තෙ සීත සුලඟක්..... තිර රෙදි ප්‍රමොදයෙන් එහා මෙහා නටනවා... දඟලනවා... උස කවුලුවේ එතෙනවා...... මන්දාරම් එළිය අස්සෙන් කවුදෝ එහෙ මෙහෙ යන්නෙ මොකද මේ අවේලාවේ??? කාමරෙන් ලියට ඇරිච්චි පුංචි උද්‍යානය මෙච්චර උදෙන් දොඩමලු වුනේ කොහොමද ?


ඔහුට එක පාරටම විදුලිය දැල්වුනේ ගතවුනු දවස සිහිපත් වෙමින්... හිතට දැනෙන්නේ මොනවාද කියාවත් නොතේරෙන මොකක්දෝ හැඟීමක් උගුර ලඟ හිර වෙලා වගේ... බෙදා ගන්නෙ නැතුව තනියම තියාගන්න බැරි තරමට බරයි... ඒ තරම් හැඟීම් වලින් පිරිච්චි දවසක්... ආ... කෝ මේකට වග කියන්න ඕනෙ කෙනා... රෝස පාට තිත් තිත් නිදන ගවුමේ සිනිඳු වාටි කොහෙදැයි අතපත ගාමින් හැරෙන ඔහුගෙ හිත නොසන්සුන් වෙන්න ගත වුනේ එක මොහොතයි...


කොයි මේකි... කොහෙ ගිහින්ද...? හිත කුතුහලයෙන් බර වෙමින් නිදිබර සිතුවිලි ‍තෝන්තුවාවෙන් වගේ නලියමින් හිස බමන්නට වුනා... කෝ මේ කෙල්ල..?


හුලඟින් එලියට ඇතුලට පොර බදන කවුලු තිර අතරින් එහාටත් මෙහාටත් දුවන කකුල් දෙකක් දකිද්දි ඔහුගෙ හිත කොහොම නමුත් සැහැල්ලු වුනා..  ඒත් මේ අවේලාවේ.... ???
**********
තණ බිස්ස මතින් වේගයෙන් එක කොනක සිට අනෙක් කොන වෙත දුව යන දිගු දෙපා ලදැරියක මෙන් උඩ පනිමින් ගීතවත් වන්නේ උද්දාමයකිනි.... කුමන හෝ ප්‍රමෝදයකිනි.... කිරිල්ලිය උදෑසනම අවදි වී සිය උදාන ගීය ගයන්නීවත්ද? ඒ සෙයකි.... දිගු දෑත් එහා මෙහා වනමින්, සමනල පියාපතක් අනුකරණය කරන දඟකාර දැත් ඉහළ පහළ යද්දී කිරිල්ලී ගීයක් මුමුණන්නීය.... සමහර විට ඒ ගීය ඇසෙන්නේ හ්ම්ම් හඬින් එය මුමුණන ඈටම පමණක්මත් වෙන්නට පුලුවන....


මේ මුලු අහස මා සතුයි
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....


රෝස පැහැති නිදන ගවුමේ ලා පැහැය එක් ඇසිල්ලකින් සැනකෙලියක නාටිකාංගනාවකගේ වෛවර්ණ දිගු ගවුමක් සේ ලෙලෙන්නට විය.... සුලඟ පරයන වේගයෙන් එක තැන කැරකෙන අහිංසකාවිය දෙස තෙත් වූ දෙනෙතින් බලා හිඳින ඔහු විමතියෙන් දැස් පියා ගනිමින් දොර පලුවට වාරු වෙයි...
'අනේ කෙල්ලේ... ඇත්තමද ඔය නටන හිත? මම උඹට ඔය තරම් ලෝකයක් වුනාද? උඹ ඔය තරම් මම නිසා උද්දාමයෙන්ද?'




ආදරයේ උත්කෘෂ්ඨ ප්‍රාර්ථනා තමුන් ඇගේ සැපිරීදැයි විටෙක දෙගිඩියාවෙන් නින්දට ගිය සිත එක් වරම සැණකෙලියක් වූ ලෙසින් ඔහුට හැ‍ඟෙන්නට විය.... 


ගහ කොළද නිලද ඇල දොල...
බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...


ඈ රඟ දෙන්නීය... ගැහැනියක් ලෙස නොව ... කුඩා ලදැරියක්ව.... එක් වරම ... ඇගේ ලෝකයට ඒ ලදැරියද... තරුණියද ... ගැහැණියද...එක වරම පායා පැමිණි සෙයකි.. කොටින්ම කිවහොත් ඈ සෙවූ ඇයව සොයා ගත් සෙයකි..... ඈ ප්‍රීතියෙන් සිනහ වෙමින් ගහකොළ ඇල දොල නොමැති පුංචි ගෙවුයනෙහි තණ බිස්ස හා ආල වදන් තෙපලන්නීය... පුංචි තාප්පයෙන් වට වූ ගෘහ උද්‍යානයට  ඇගේ නිම් නැති සතුට මුදා හරින්නීය....



ප්‍රමෝදයෙන් දිදුලන ඒ දෑස් වට ගනන් කැරෙකෙන්නී ඈ සමගය... තරු දෑස් අනෙක් කිසි දෙයක් නොතකන සෙයකි... ඈ මිමිණුම පසෙක ලා ප්‍රමෝදයෙන් ගයන්නීය... නලුවා පසෙක හිඳ මේ සියල්ල හොරෙන් නරඹන සඳ.. ඒ කිසිත් නොදැන.. නිළිය.. ඈ නැලවෙන්නීය... එක තැනක නොරඳන දෑත් දෙපා මත, දඟකාර ඇස් මත මීට දිනකට පෙර පාද පරිචාරිකාවකගේ නිසල ගැහැනු කම් තැවරුනේ කෙලෙසකදැයි අදහාගනු අපහසුවෙන් යලිත් ඔහු හිස ‍තෝන්තුවාවක් හට ගන්නට විය... ඈ නම් මේ සොබාදහමේ අපූර්වතම නිර්මාණය විය යුතුය....ඇත්ත.. ඈට අහසද පොළවද ගහකොලද .. සයුරද ...ලොව බිහි වී ඇති හැම දෙයක්මද.. එක සේ පෙම් බඳිනු ඇත... සැක නැත... ඈ නම් උමාවම විය යුතුය.... මෙතරම් ආදරයක් පිරෙන්නට ඒ කුඩා ලදැරි හිත සරි වේද??  ඈ මිනිස් දුවක්ද? විටෙක හඬා වැටෙන , විටෙක සිනා නගන... මෙසේ උදාන ගී ගයමින් උදෑසන පිබිදෙන ජීවය මත ආදර සිතුවමක පාට තවරන.. ඈ.... කුඩා සුරංගනාවියක්ද?

සඳ සිනා සිසී
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...


සිනා සිසී උදේ පින්නෙහි නටමින් ගී ගයන ඇගෙන් අසීරුවෙන් නෙත් මොහොතකට ඉවතට ගන්නා ඔහුට සැබවින්ම ලෝකය ඈ සමග රඟන අයුරක් හැ‍ඟෙන්නට විය.... 

තවමත් වියැකී නොගිය සඳ , පායා උන් ඇසිල්ලෙහි දු‍ටු දෑ මෙනෙහි කරමින් සෙනෙහෙබර ඔච්චම් පාන්නා සේ දකින ඔහු සිත ලැජ්ජාවෙනුත් යලිත් ආදරයෙනුත් පිරී යයි.... තරු අහස මත නිවී ඇත... එහෙත් කුඩා තණ බිස්ස මත තරු දෙකක් වන් ඇස් දෙකක් දිලෙමින් අවදි වී තරු නැති අඩුව මොනවට සපුරන්නෙහිය.... රහස් කියා දෙයක් දැන් කොහිද.. ඒ ආදරය දු‍ටු සොබා දහමත් සමග, ඈ හිරු නැගෙන්නටත් පෙරම දොඩමලුව.. ඇගේ හිතේ පිපිරෙන්නට තරම් පිරීගත් ආදර හිත ඈ දැනටමත් කියා ඇති සෙයකි....ඉදින් ඒ මා ගැන නොවෙද..? ඔහු සිත කියා ගත නොහැකි ලැජ්ජාවකින් පිරෙයි..යලි ආදරය ඉස්මතු වෙයි.. ආඩම්බරය ඉතිරෙයි....

දොල රිදී සිනා
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල ‍රැඳුනු පසුවයි සුහදේ

ඈ මේ සොඳුරු සුරතලය සු‍රැකිව තබා ගත්තේ මා වෙනුවෙන්ද? මේ සොඳුරු උදෑසන වෙනුවෙන්ද? කුඩා පොත් ගුල්ලිය... පණ්ඩිත වදන් තෙපලන ලොකු කෙරුම් කාරිය... ඈ මේ සියල්ල සඟවා තබා ගත්තේ මා වෙනුවෙන්ද?
ඔහුට කඳුලු සැඟවිය නොහැකිය... ආදරය නිසාවෙන් ඉකි ගසන හිත වාවා ගනු නොහැකි තරම් ඇගේ සන්‍තෝෂය ඔහුව හැඬුම්බර කර ඇති සැටි... දුව ගොස් ඈ බදා වැලඳ ගන්නට ඔහුට සිතක් පහල වේ...ඒත් ඇගේ ප්‍රමෝදය බිඳින්නට, ඈ ගහකොල හා දොඩමලුව සිටින මේ අපූරු 'ඇගේ නිමේශයට' බාධා කරන්නට ඔහුගේ සිත නොනැමෙයි....


උමතුවෙන්වත්ද??  විටෙක අතු පත‍රැති කුඩා ගහ කොල සිඹින්නීය... ගස් කඳන් මත වැතිර සිනහසෙන්නීය.... සුලඟ සමග හරි හරියට දෙපා දඟ කරමින් කරකැවෙන්නීය.... ගී ගයන්නීය... ඇත නටන සමනලුන් දෙස ආශාවෙන් බලා හිඳින්නීය... දිදුලන ඇස් අහසට දෙමින් හිරු එබෙනයුරු දැක සිනහ සෙන්නීය... යලිත් පෙර දින මතකයන් සිහි වීමෙන්දෝ විලි බරව ආදර ඇස් පියා ගන්නීය.. ලැජ්ජාවෙන් සිනහ සඟවන්නීය... 




ඒ ඇය.... ඔහු සෙවූ ඇය.. ට හමු වූ '' ය.... ඇය සදා සෙවූ 'ඇය'... ඇය වෙතින් යලිදු නික්මෙනු නොදිය හැකි තරම් සොඳුරු ඇය.... ඔහුගේ නෙතින් කඳුලු කඩා හැලේ... ඒ කෙරේ මෙතෙක් නො ඉපදුනු වන් සෙනෙහයෙනි.... කුඩා දැරියකගේ කිරි සිනහ ඈ මුවෙහි ඔහු දකින්නෙහිය..ඒ නූපන් දැරිය දකින්නට එක් මොහොතක් හෝ කල් යනු ඉවසුම් නොදෙන තරම්, ඔහු නෙත් අද්දර, ඈ අද ඒ නූපන් කුඩා බිලිඳිය වී හිඳින්නීය....




~``~
 මේ මුලු අහස මා සතුයි
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....

ගහ කොළද නිලද ඇල දොල...
බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...

සඳ සිනා සිසී
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...

දොල රිදී සිනා
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල ‍රැඳුනු පසුවයි සුහදේ

~``~


මම ඔහු දුටිමි... 
ඔහු '' දකිමින් , තවමත් ඒ දොර උලුවස්සට හේත්තු වී දෙනෙත් මත පිරුනු , බොඳ වී ගිය ආදර කඳුලු  ඉදිරියෙන් නටන දෑරිය නරඹන්නෙහිය... 

ඈ ඒ හරිත ලෝකයේ මව් දෙවඟනව - උදාරම් රෑජිණිය ව - ගයන්නීය.....




ගීතය අහන්න මෙතනින්.... ඒ අහමින් මා ලියූ දේ විඳින්න ආදරයෙන් ඈරයුම් කරමි....

Wednesday, July 13, 2011

[183] ජීවිතේ දිගයි...ඒත් මම නැවතුනා..


රෑ 12.15යි වෙලාව...

වෙලාව රෑ 12යි.... වෙනදට ඇහෙන ලොරි සද්දෙ, ගාලු පාරෙ බස් සද්දෙ, එහෙන් මෙහෙන් ගල්කිස්ස වෙරල තීරෙන් එන මල් වෙඩි සද්දෙ... ඒ මොකුත්ම නැහැ. ඒ වෙනුවට , හොඳට කණ දීල උන්නොත් , හෝ ගාල එන ගඟේ සද්දෙයි , රෑසි සද්දෙයි මිසක්කා... වෙන මොකුත්ම නැහැ. හිත මොකක්දෝ වේගෙන ගිහින් පාලුවෙන් බර වෙනවා.... ආයෙමත් සීතල වාතයෙන් පිරෙනවා....
ගෙදරම නිදි... ඒ කියන්නෙ මගෙ ලෝකෙම නිදි.... කැස්සක් ආවත් කහින්නත් බයයි... අල්ලපු ගෙදෙට්ටත් ඇහේවි ඒ සද්දෙ....

හුලන් සද්දෙ වෑඩි වුනා... වීදුරු දොරේ සිදුරු අස්සෙන් ගෙට රිංගන්න හදන හුලඟ බය හිතෙන රූං සද්දෙකුත් එක්ක පොර බදනවා... ඒ ඇරෙන්න වෙන මොකුත්ම නැහැ....

හිස්කමද ? හුදෙකලාවද ? තනියද ? 

ඒ සිතුවිල්ලෙ මම අතරමං වෙලා..... ගොඩක් දේවල් එක පාර හිතෙන එක නෑවතිලා... ඒ වෙනුවට එක පාර එක දෙයක් විතරක්...... කොච්චර හොඳඳ? මට ඕනෙ වුනෙත් මේක...
ජීවිතේ නැවතිලා.. දුවන එක නැවතිලා...  ඒකයි මට ඕනෙ වුනේ...  මම දිවුවා දිවුවා... මහන්සියි... දැන් පේන්න ඕනෙ දේ පේනවා....

තනියක් කොහිද ? හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය විඳිනු මිසක.. ලෝකයම මා වට කොට ගෙන සිටින විටක පවා , ආදරනීයයන්ගෙන් හදවත පිරීතිරී ඇති විටෙක පවා, හුදෙකලාව මට නිදහස සහ නිස්කලංක මනසට හුස්ම දෙනු ඇත..... 

පෙර දාක මම ලිව්වා මෙහෙම... මතකද ??? (ඔන්න බලන්න ලිපිය)

මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න....

ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න...

සුලඟකට සැලෙන්නැති
අසණියට බි‍ඳෙන්නැති
කු‍ටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න....

මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න...
ජීවිතය විඳ ගන්න....


ඔන්න අද මම නැවතිලා... මේක ලිව්වෙ මම 2010 මාර්තුවේ... අද වෙනතුරු මම ඕනෙ ඕනෙ කිය කිය ඈඬුවට, කලේම දුවන එක... පා රිදුනා.... වෙහෙසින් නතර වෙලා ටික කලක් උන්නා... ඒත් ආයෙමත් කවුදෝ මාව තල්ලු කලා.. මම ඔහේ වැටි වැටි දිවුවා.... අද .... මම නැවතිලා... මම දිනුම්.... 
මගෙ හීන එක එක ආපහු එලියට එනවා....
රට වටේ ඇවිදින්න යන්න.... එකතු කරගත්තු පොත් ගොඩ කියවන්න.... හිතේ තියන් වස්තු බීජ වලින් කතා ලියන්න.....  කවි ලියන්න..... හවහට ගඟ බලන්න යන්න..... ෆිල්ම් බලන්න... හෙට ගැන හිත හිතා වද වෙච්චි කාලෙට සමු දීලා අද ගැන හිතන්න ගන්න....

අද මම මෙහෙම ලියනවා....

ඇත්තයි...
හීන බැලුවා මම
නවතින්න..... 
හීනෙකට වඩා දිගු
ජීවිතේ එක් තැනක හිඳ
කාලයත් සමග
හෙමි හෙමින් ඇවිදින්න.... 
ජීවිතේ දිගයි...
මා ගිමන් නිවා එන තුරු
ජීවිතේ ඉඳීවි
තොටුපලෙහි උඩුබැලිව
තරු ගණින්නට හදපු හිත එක්ක
හඳ බලාගෙන... 


Monday, July 11, 2011

[182] කඳු මුඳුනට නැග බලන්න ජීවිතයේ උස..!!


ජීවිතේ බොහෝ දුර පහු කරන් ආයෙමත් කඩ ඉමකට ඇවිත්... සංසාරේ අපි ගැනම මේ ලියන බ්ලොග් සටහනේ ජීවිතේ මල්ගෙ ආත්මීය සලකුණු මැකෙමින් , අවවාද උපදේශ හිස ඔසවා හිටිය කාලෙකට පස්සෙ , ආයෙම වතාවකට මම 'ආත්ම ප්‍රකාශනයක' මුල් වචන කිහිපය ගලපනවා ...

කලින් කලට කොලඹ නුවර ජීවිතේ පැදපු මාවත වහල දාලා ආයෙමත් ගස් කොලන් අස්සෙ නැංගුරම ලන්න කාලෙ ඇවිත්. හය අවුරුද්දක් තිස්සෙ කොලොම්පුරේ එකතු කෙරුව අත්දැකීම් එක්ක තනි වෙවී , හවහට තේ එකක් බොන ගමන්, කොස් නැටි අවරට හැරෙන හැටි නිසංසලේ බලං හිටිය කාලෙ ආයෙමත් එන්න යනව... උදේට හිමිදිරි පින්නයි මීදුමයි අස්සෙන් ගස් වල අතු ඉති මත ලේන්නු කඩා ගෙන බිඳගෙන අල්ලන සෙල්ලන් කරනව බල බල සෙටියෙ කකුල් උඩට අරන් උදේ තේ එක බිබී නිදා වැටෙන කාලෙ ආයෙ එන්න යනවා...

එන්න යනව නෙමෙයි... ඔන්න ආවා....   දැන් මම ගෙදර.... බලන බලන අස්සෙ ගහකොල වල සිදුරු අතරින් අමාරුවෙන් අහස පේන කෑලෑ රජදහනට ආයෙමත් ආයුබෝවන්.. ඔන්න මම ආවා.... ... ගෙන්දගම් පොලොවට, ගාලුපාරට , කඩ පේලි වලට , රස්තියාදු ගමන් වලට සමු දීලා ආ එකට පොඩි පහේ හිතේ අමාරුවකුත් නෑතුවා නොවෙයි... ඒත් දෑන් ඈති... කඩ කෑම කකා රෑයක් දවාලක් නෑතුව හරි හම්බ කර කර කුලී ගෙවල් වලට කෑම කඩ  වලට පෝසත් වෙන්න පාර කියුවා අවුරුදු 6ක්.. ඒ මෑදෑයි....

පහුගිය සතියෙ දවසක මොරටුව බස් එකේ , බ්ලොක් එකට අහු වෙලා පෑය දෙකහමාරක් තිස්සෙ රත්මලානට එද්දි ලෝකෙ නෑති දේවල් මට කල්පනා වෙන්නට වුනා... ලබන සතියට පස්සෙ ... රස්සාවක්?? මම නිකම්ම නිකම් කෙල්ලෙක්....   අවුරුදු 6ක් ගෙවුව ස්වාධීන ජීවිතේ ?? බොහෝ දේ හිතෙන්නට වුනා. 

නැහැ... කවුද කියන්නෙ.... ??? 

කනස්සල්ලෙන් හිත බර වෙලා හිතන්න දෙයකුත් හිතෙන්නෙ නෑතිව හිටිය වෙලාවෙදි ඈහිච්චි මේ රසබර පද වැලෙන් මගෙ මුහුනට ආයෙමත් ආලෝකයක් වැටුනා...


ගලන්න ගලන්න ගලන්න ගලන්න
ගංගාවක් වී
උල්පත පසු කර...

වැවක් වෙලා නතර වෙන්න
නෙලුම් මලක් යට .....

විල් දිය මත ගල් කැටයක්
වැටුනු වෙලාවට...
රැල් සිය දහසක් නැගේවි
රිදිලා හදවත...

දූවිල්ලෙන් වැසුනු දාට
මුලු මිටියාවත...
සිහිකරන්න කඳු පාමුළ
මව්කිරි උල්පත...

බිම්මල් යට පිපුනු පැතුම්
පෑගී යන විට..
කඳු මුදුනට නැග බලන්න
ජීවිතයේ උස...

ඔව්.... මේ උල්පතින් පටන් ගන්න.... ඔය උල්පතින් ගලන් ජීවය හැමදාමත් ගලාවි. ඒත් එතැන නතර නොවී ඉදිරියටම ඇදෙන්න.. ගංගාවක් වී... උල්පත පසු කොට... ඉදිරියටම... හෝ හඬ නැගේවි... ගල් පර අස්සෙන් මග සොයා ගෙන ඉදිරියට එන්නට වේවි.... ගමන අසීරුයි.... ඒත් හැමදාම නොවෙයි.... හැමදාමත් දුවන්න එපා යාලුවේ,, නතර වෙන්න වැවක් වෙලා...පුංචි ගල් කැටයකින් බිඳේවි ඔය නිසංසල වැව් හදවත.... ඒත් සිහි කරන්න.. නුඹ ඉන්නේ නෙලුම් මලක් යට ...

හාත්පස දුහුවිල්ලෙන් වැසී ගොස් , ලෝකයම අපැහදිලි වී මග නොපෙනෙන විට.... ඒ කඳු පාමුල මව් කිරි උල්පත පිලිබඳ මතකයත් ඔබට සවිය ගෙනේවි....

බිම්මල් යට පිපෙන පැතුම් , වියැකී යන විටදී.... ජීවිතය අත් නොහරින්න... නැග බලන්න කඳු මුදුනට..... වීර්යය නොබිඳින්න... බලන්න මේ ජීවිතයේ උස !!!!!

සුසුම් හෙලන්නෙපා.... සොවින් තැවෙන්නෙපා....ජීවිතේ ගමන ඈදී යන්න දෙන්න... ගලන්න දෙන්න..... ජීවිතේ උසයි.. හරිම උසයි..... 

Yesterday was History... 
Tomorrow is a Mystery... 
But Today is a Gift... 
That's why it's called the 'Present' !!!

ගීතය අහන්න.... මෙතන ඔබන්න...

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->