Sunday, January 31, 2010
නිදා ගන්න දෙනවද ? නැද්ද?
කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම... නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?
රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා... වෙලා කට්ට බලනව... මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල....
ඕන්න දවස ගියා කියමුකෝ.... දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න...
ට්‍රීං ට්‍රීං....
ශික් ! මේ රෑ කෝල් එකක්... (කිව්වට පාන්දරද කොහෙද...)
" මට තමුසෙව එපා... මට කතා කරන්නත් එපා..."
කිරිල්ලි: "ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න... මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්... කරන්න දෙයක් නැහැනෙ"
කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව.... ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි... තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ...කිරිල්ලි හූල්ලනව....
ඩොග්...ඩොග්.... ( දොරට ගසන හඬ)
"මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ...?" සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ... "මේ මුලු රැයෙම ඔහු මට කෑ ගැහුවෙ මගෙ හීනෙ අස්සෙද?"
විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්... දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න... එතකොට හීනෙත් නිදියාවි... ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි...
අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න... එක රැයක්.. නපුරු හීන නැතුව...
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කිරිල්ලිගේ දුක,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
අක්කෙ මට මගෙ කැම්පස් එකෙ යහලුවො කිව්වෙ ෆන් රවා කියලා. නමුත් ම දන්නවා එච්චර විනොදවුනෙ හිත ඇතුලෙ තියන දෙවල් එලියට නොදැනෙන්නයි... ම ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ අද ඔයා ජිවිතෙ මල් කියලා කියන කොටම මට තෙරුනෙ වෙනදෙයක්. කොහොම උනත් උඩ කතාවට මම සංවේදි වැඩියි.ඔයා මාව දන්නෙ නැති උනත් ගොඩක් එ ඔස්සෙ යනවා. ඇසුරට සුදුසු කෙනෙක් නැත්තම් තනිකම ගොඩක් සුන්දරයි.
ReplyDeleteඑකක් word verification එක අයින් කරන්න.
ඔන්න මාත් එකතු උනා හිතෙ තියන දෙ බෙදාගන්න
හරියට හරි රවා මල්ලි... ජීවිතෙ හදවතින් අඬන්නෙ මිනිස්කමේ සුවඳ දැනෙන සංවේදි මිනිස්සු... හදවතින් හා ඇස් වලින් හඬන්නත් පපුවක් තියෙන්න ඕනෑ... කැත්ලීන් ජයවර්දන එයාගෙ "තඹරවිල" පොතේ ලස්සනට කියනව තනිකම සහ හුදෙකලාවෙ අතර තියන වෙනස... ඇසුරට කෙනෙක් නැති තැන හුදෙකලාවෙ තියෙන්නෙ බ්‍රහ්මාස්වාදය... සංවේදි කම ජීවිතේ හුස්ම වගෙ තියා ගන්න හදවතේ...
ReplyDeleteස්තූතියි මනුස්සකම බෙදා ගත්තාට...
word verification අයින් කරන්නම් ඉක්මනටම.. ( ඒක කරන්නෙ කොහොමද දැනගත්තම) :-)
settings---> comments--->Show word verification for comments? no
ReplyDeleteමේ දාල තියන photo එකයි google talk name එකයි දැක්කම මට මගේ ඇස් අදහාගන්න බැරි වුනා. මේ ඇත්තටම ඔයාද මිස්.... (ඒක ඇත්තනම්, ඒ ඇත්ත රහසක් විදිහටම තියෙයි. ආදර කතාව වෙන පොරොන්දුවක් ඒක)
ReplyDeleteword verification remove කරන ආකාරය.
ReplyDelete1. මුලින්ම මිස්ගේ blog එකට sign in වෙන්න.
2. ඊට පස්සේ settings කියන link එක click කරන්න
3. ඒකේ තියනව comments කියල tab එකක්. ඒක click කරන්න
4. ඒ එන page එකේ ටිකක් යටට වෙන්න තියනව Show word verification for comments? කියල. ඒක NO කියල select කරල save කරන්න.
ස්තූතියි හෙල්ප් එකට .... ෂුවර් එකටම ඒක වෙනස් කරන්නම්..... ලොකු උදව්වක්....
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි...මිනිස්කම බෙදා ගත්තාට ඊටත් වඩා ස්තූතියි....
You are welcome miss
ReplyDelete@ adarakathava...
ReplyDeleteමිස් කීමට හෙතුව ඔබ මගේ ස්‍ටුඩන්ට් කෙනෙක්දෝ සිතේ>..... ???
දෙවියනේ.... සංසාරේ.... ආදරකතාව...
ReplyDeleteමම දන්නව ඔයා මගෙන් ඉගෙන ගන්නෙ කොහෙද කියල නම්... එත් මොන පන්තියද, කවුද නම් මට කවදවත් හොයා ගන්න බැහැ වගේ... එත් එකට කමක් නැහැ.. මේ සයිබර් අවකාශයෙ හුවමාරු වෙන කතන්දර වල සුන්දරත්වය රැඳිල තියෙන්නෙ ඒ විස්තර කල නොහැකි කුතුහලය මත... ඒ නිසා මට ඔයා කවුද කියලා දැන ගන්න ඔනේ නැහැ..ඔයාගෙ කතාව අනුවෙදනීයයි... මමත් එය කියවනවා..ඔය තමන්ටම සංවෘත හදවතක් තියන කෙනෙක්... ඉතින් හදවත කඩා වට්ට ගන්න එපා සිතුවිලි වලම ගැලිලා...
මගෙ බ්ලොග් අඩවිය රහසක් හැටියට රකින්නෙ කොහොමද දරුවෝ... මම විහින්ම මෙ වෙබ් පිටුව මුලු ලොකයටම මුදා හැරලා තියනකොට.. මගේ ජීවිතයෙ ලියවෙන සටහන් හංගගන්න තරම් මම ලොකයෙන් වසං වෙන්නෙ නැහැ..ඉතින් එ ගැන බය වෙන්න එපා... එත් රහසක් හැටියට රකින තරමට ලියවෙන දෙවල් වල සුන්දරත්වය වැඩියි...මෙ පුංචි ජීවිත කාලෙ අපි පියවර තබන තැන් එක එක ගානෙ පසු පස හරි හැරී අපිට මකන්න බැහැ දරුවෝ... පියවර වල තියන කඳුලු, හිනහව ඔහොමම උන්නදෙන්...
ඒත් කැමති නම් දවසක මට අවිත් නිකම් කියල යන්න 'මිස් මමයි බ්ලොග් එක ට ලිවුවෙ' කියල... බය වෙන්න එපා... පෞද්ගලිකත්වය 100% රැකේවි....
අනිවාර්‍යෙන්ම මිස්.
ReplyDeleteසියලුම දේ අස්ථිර වූ ලෝකයක ස්ථිර වූ බැඳීම් තිබිය හැකිද?
ReplyDeleteකිරිල්ලියට, කුරුල්ලාට පමණක් නොව කුරුලු කූඩුවටත් කිසිදා ඒ යථාර්තයෙන් මිදිය නොහැකිය.
හීන වලින් මිදී සැබැ ලෝකය දෙස බැලීමට කිරිල්ලියට කල් පැමිණ ඇත.
කිරිල්ලිය ලෝකය දුටුවේ කුරුල්ලාගෙන් නොවේ නම්, කිරිල්ලියට තනියම ලෝකය දැකිය හැකිනම්...........
සමු දෙන්න නපුරු හීන වලට.
යම් දිනක් ඒවි "හැම දේම වුනේ මගේ හොඳට"
ඒ දිනය එනතුරු මුහුණ දෙන්න කටුක යථර්තයට.
හරවත්, ගැඹුරු සහ වැදගත් අදස් පල කල මිතුර.... ඔබට තුති
ReplyDeleteඇත්ත..කිරිල්ලිය සිහිනය පසෙක ලා සැබෑ එලිය දැකිය යුතු කාලය පැමිණ ඇත...
ඒ කිරිල්ලි ඇයි ඔච්චර හිතින් ආදරය කරන්නේ... එච්චරටම ඒක සුන්දර නිසාද ?
ReplyDeleteඔව් උෂාන්
ReplyDeleteකිරිල්ලිගේ ජීවිතයත් හරි... ආදරයත් හරි... ඒත් කිරිල්ලි ආදරයෙන් වැටෙන වැටෙන මොහොතට ජීවිතයෙන් නොවැටෙන්න තරම් ශක්තිමත්....
ඔව්.... ආදරයට කිරිල්ලි පුදුමාකාර තරම් ආදරෙයි.... හැබැයි ආදරය හැම තිස්සෙම සුන්දර නැතිබව කිරිල්ලි දන්නව! ( http://sansaare.blogspot.com/2010/01/blog-post_1617.html බලන්න )
අවංක, නිර්මල ගැඹුරු එහෙත් සුන්දර ආදරයට කිරිල්ලි ගරු කරාවි.. ඒත් බිහිසුණු වේදනාබර හැඬුම් බර ආදර අතීතයට කිරිල්ලි සාප කරන්න තරම් නපුරු නැහැ... ඒ දුක්බර වේදනාබර ආදරයේ පවා පුංචි සුන්දර ඉසවු හොය හොයා කිරිල්ලි ඒ ආදර ඇබින්දට ආදරය කරනව, කෘතඥ වෙනව....
Miss, කිරිල්ලිට නිදාගන්න ඒ කුරුල්ලා දෙන්නෙම නැත්තන් පාපයක් නෑ.........කුරුල්ලයි හීනෙයි දෙකම අවරට යවන්න.
ReplyDeleteඔබගෙ විවෘත අදහස් , යතාර්තය ගැන සදහන් කර ඇති අදහස් එක හුස්මට මුළු blog එකම කියවිමට මාව පොලබවනවා..
ReplyDelete