කටුකතම යථාර්ථය ළඟ
සොඳුරුතම කල්පිතයක් ඉපිද
ඒ අතර මැද මග දැන දැන
කින්නරී, ඈ සොයන්නිය...
දකින්නිය....
නොපොහොණි මල් ගුලාවක
මත් වී නිදන කින්නරිය
ඇස් අරින්නට අකැමතිව මිස
නොසිතන් අඳ බවක් ඈ....
අසරණිය......
මලෙන් උපන් කින්නරිය
එ'මලටම පෙම් බඳින්නිය
මලට අයිතිව , මල අයිති කොට
' අහිමිකම ' නොදන්නී සේ හිඳින්නිය...
ඈ නිදන්නිය......
ලස්සනයි ඇයි... මෙ.... හිතන්න අමාරුයි.....
ReplyDeleteAs always.... I'am the first Miss.......
ReplyDeleteඔයාගේ අදහස් හරිම ලස්සනයි..........
ReplyDeleteඔබට ජය..!
ඔය විදියට හැමදාම ඉන්න බැ නේද?
ReplyDeleteප්‍රේමයේ කටුක වියෝගය දකින්න අකැමැතිව මවාගත් සිහිනයක සැඟවෙන හෝ යථාර්තයෙන් පළා යන කෙනෙක් ගැනද කියන්නෙ. මම කවිය රස වින්දේ නම් ඒ වගේ අර්ථයක් අරගෙන.
ReplyDelete**************
ReplyDeleteIn this moment...
my mind is struck with php...
I got free for a just a second...
went to see our letters on web...
Its miracle I could catch u.....
thought I should appreciate..
that your effort..
####################
I say this is awesome...
###################
you may got lots of comments for your thoughts...
than me...
but
this my poor comment may u force up...
to convey our way to
Global...
************
You can find who am I....
visit
http://www.umanda.invincible72.com/
මල් ගුලාවෙන් මත් ව සිටින බැවින් මලට පෙම් බැඳි කින්නරියට තමන්ව සොයාගැනීමට කෙදිනකවත් හැකි නො වනු ඇත.
ReplyDelete@ රවා
ReplyDeleteඅහ් ..... කින්නරියක්, ජලයෙ ජීවත් වන්න උපතින් වරම් ලද, නිදහසේ සයුරේ ඉඳිය හැකි... එහෙත් ඈ පෙම් කරන්නේ මලකට.... මලට පෙම් බඳින්නා වූ ඈ අහිමි වීම නම් කටුක යථාර්ථය දන්නා, එහෙන් මල් ගුලාවෙක මත්ව සිටින්නියක්... ඈ මලින් උපන්නියක් තරමටම මල් ගුලාවට ආදරය කරන.... එහෙත් සයුරට ඇති හිමි කමත් සමග සටන් නොවදින්නියක්... ඈ නොදන්නී සේ හිඳින්නියක්, මල තුලම....
ස්තූතියි රවා, හැමදාමත් වගේ ඔයාගේ ප්‍රතිචාරෙට....
@ආදර කතාව
ReplyDeleteඅහ් මේ පාරත් පොඩ්ඩක් ගැස්සිලා.... :-) රවා තමා අංක 1... :-)
මේ මට අද මගේ හරි සමීපතම යලුවෙක් කිවුව ටෙලි නාට්‍යක ගිය දෙබසක්.. හරිම වටින කියමනක්...
" අහසට ඇඟිල්ල දික් කරලා දේදුන්නක් පෙන්නන කොට ඇඟිල්ල දිහා නෙවෙයි , දේදුන්න දිහා බලන්න"
මම මේ මගේ කවි කියවන මගෙ ආදරනීය යාලුවො හැමෝගෙන්ම ඉල්ලන දෙයක්.... කවි කියන්නෙ මගේ ජීවිතය හෙවත් හුස්ම... ඉතින් මේ කවිය මමම නොවේ... මමම නොවන්නේද නොවේ... :-) මාත් මම නොවන්නාත් අනුපාතයකට මුසු කොට මගේ කවි බිහිවේ..... :-)
@ සිතුවිලි...
ReplyDeleteස්තූතියි ඔයාගේ අදහස් වලට.... මේ පාර මගේ කවි උත්තර බන්දින යාලුවන්ට මොකද උනේ? හි හී...
@ ජීවිතය සොබාදහම...
ReplyDeleteඔව්... ඒක ඇත්ත... මේ කවියෙ කින්නරිය එය නොදන්නවා නොවෙයි. ඈ ඒ යථාර්ථයට එකඟයි.... එහෙත් ඈ කින්නරිය, අසරණියක්...
@raven
ReplyDeleteඔව් ඔබ හරි... ප්‍රේමය විඳින, එහෙත් ඒ අත්‍යන්ත ප්‍රේමය සඵල කර ගනු වස් අති අතාත්වික සටනක නිරත වන්නට සිදු වන, එබැවින් අහිමි වීම නම් බොහෝ දුරට විය හැකි යථාර්ථය දන්නා , සයුරක් වන් අමුතු ලොවකට අයිති මුත් , මලකට පෙම් කරන, ලොවට හොරා මලක සැඟවී නිදන කින්නරියක්....
@ umanda
ReplyDeletem so glad theres a new visitor too to my blog.... and thanks loads for your wonderful comment.. i really appreciate it... sure , just like all others wonderfull appreciations, your words too are priceless and valuable friend...
lets keep sharing this humanity....
TNX
@රොෂාන්
ReplyDeleteඅපූරු කතාවක් කිව්වේ.. ඒත් කින්නරිය මල් ගුලාවට පෙම් බැන්දට , යථාර්ථය සමග සිටීවි.... ඈ ඈව සොයා ගන්නැති මල් සුවඳ තුලම.....
නියමයි
ReplyDeleteලස්සනයි
සුන්දරයි
අපූරුයි
කදිමයි
පංකාදුයි
පංකාදු පහයි
එලයි
කොරයි
පිස්සු කොරයි
පට්ටයි
ගතියි
සුපිරියි
අනර්ඝයි
විශිෂ්ටයි
අති විශිෂ්ටයි
දර්ශණීයයි
අමිලයි
උදාරයි
උත්තරීතරයි
ප්‍රසන්සනීයයි
ශ්‍රේෂ්ටයි
උත්කෘශ්ටයි
අයියෝ... වචන ඉවරයි.
@ අනුරාධ
ReplyDeleteහප්පෝ..... මෙච්චර වර්ණනාවකට හොඳ නම් නැහැ මේ කවිය... කෙසේ වෙතත් ඔයාගෙ කමෙන්ට් එකට තැන්ක්ස්.. :-)
අහිංසක කින්නරී
ReplyDeleteහෙලන්නීය සුසුම් හඞ
දැනෙන්නට කෙනෙක්
කියන්නීය දුක
අසන්නට කෙනෙක්
කුඳුළු වගරන්නීය
දකින්නට කෙනෙක්
නොපෙනෙන මානයක
කුමක් කරන්නීය
නිදනවා හැරෙන්නට
/බිඟුවා...!
@ බිඟුවෝ
ReplyDeleteකින්නරී නිදන්නී
අසරණී සුසුම් ලන්නී
පුරා කඳුලු ලන්නී
නිදන්නී.....
ඈ දකින්නී
සුවඳින් මත් කොට
නිසංසලේ
මල් පෙත්තෙන් පවන් සලන්නී
මලම පමණී......
ජය වේවා! බිඟුවා....
පංකාදු පහයි කවි කමෙන්ට් එක...
ලස්සනයි ඒ අදහස.....
අනේ ලස්සන....
ReplyDeleteකියන්න බැරි තරන් ලස්සනයි....
ස්තූතියි මධු....... ඔයාගෙ අදහස් වලට.....
ReplyDeleteමිස් ලක්බිමේත් මිස්ගෙ මේ පෝස්ට් එක තිබුණා.සුභ පැතුම්..
ReplyDeleteආ..... ඔන්න එහෙනම් මිස් අපෙනුත් උණුසුම් සුභ පැතුම්.
ReplyDelete@ රොෂාන්
ReplyDeleteබොහෝම ස්තූතියි මේක පෙන්නුවාට.... මම ඔයා කියනකම් දැක්කෙ නැහැනෙ.... :-)
සුබ පැතුමටත් ස්තූතියි.....
@ ආදර කතාව
ස්තූතියි සුබ පැතුමට .... මෙන්න ආටිකල් එකේ ලින්ක් එකත් දැම්මා අන් අයගේ හිත සුව පිණිස....
http://www.lakbima.lk/archive/last_07_03_10/index.htm හි ලක්බිම 2 අංශයෙහි - වියුණු සටහන්
ReplyDeleteලින්ක් එක දැම්මට තැන්කූ කිව්ව ඔන්න මිස්. දැන් ඉතින් යන්න ඕන ඊයේ දුන්න ප්‍රශ්ණ 50 උත්තර ලියන්න. මාර කේස් එක තමා අප්ප ඒකත්. තාම අත රිදෙනව. :)
ReplyDeleteමම පෝස්ට් එකක්ම දැම්ම.... අලුත් කවියකුත් දැම්ම....
ReplyDeleteප්‍රශ්න වලට උත්තර ලියනු!
:-)
sinhala unicodes na.math kavi liyanawa ,kiyawanawa wadiyenma vidinawa so oyage kaviyeth raha danuna mage hithata .math blog 1k patan gaththa eth thawama mokuth karaganna bari una.kohoma hari oyata suba pathanawa mawa add karanna api ayeth kawiyakin hamuwei etha kota ..kavikarayo me loke lassana karanawa..ithin me chamathkaraya mawanna oyata thawa thawath kawi sith pahala wewa......
ReplyDelete