Saturday, October 29, 2011

[213] තිත්ත මිදි හා පසුගිය මාස 3 ගෑන...


වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට පැන්නා
මතකය. අධිවේගී පථයෙන් පිට පැනීම හිතූ තරමට ලෙහෙසි වූයේ නැත. එය මහා මානසික ගැ‍ටුමක් විය. 

මම සිතා බැලුයෙමි.කල් මැරුයෙමි...මට මේ තීරණය ගන්නට හිතේ හයිය ඇතිදැ
යි කිරා මනිමින් බැලුයේ වරක් දෙවරක්  නොවේ.

ඉගෙනුම් කටයුත්තකට හැරුනු විට , කිසිවෙකුත් අත නොපෑ,  වසර 6ක් ගොඩ නැගූ අතිශය ස්වාධීන ජීවිතය හැර දමන්නට මා බියවන්නේ මා නිසාද? අවට ලෝකය නිසාද? ඒ දෙකමද?

මම කල්පනා කලෙමි. ජීවිතයේ උස මෙපමණද? මා මේ හදන්නේ පල්ලම් බහින්නද? මම මගේ තුන්වෙනියාට අඬගැසුයෙමි.

නැත. නැත. මා හිඳින්නේ පල්ලමේ හෝ ආගාධයේ නොවේ.මට බැස යන්නට හේතුවක් නැත. මා මේ සෘජු වෙහෙසකර නැග්ම මොහොතකට නතර කොට හාත්පස බලන්නට ඇසිල්ලක් ගත්තා පමණි. මම මේ ශක්තිමත් සිතිවිල්ලට වැඩෙන්නට ඉඩ හරිමින් මාස 6කට පෙර අස්වීමේ ලිපිය ලියූවා මට මතකය.  ඒ ලියුම ලියන්නට හිතු දවසේ , ඒ ලියුම ලියු දවසේ , ඒ ලියුම භාර දුන් දවසේ මම විවිධ මුහුණු දු‍ටුවෙමි. දෑසින්ද මනසින්ද දු‍ටුවෙමි.

හර්දයාංගම විරෝධයත්  ව්‍යාජ ශෝකයත්කොතරම් පැහැයෙන් වෙනස්දැයි එදාටත් වඩා අද මම අතීතය අතගා ස්පර්ෂ කරමි. ඒ හැඟුම් දෙකෙහිම ඇති සියුම් තැන් මම විස්මයෙන් ආස්වාදනය කරමින් අද සිනහසෙමින් සිටිමි.  



අසාධාරණය වෙනුවෙන් උසිගැන්වූ ප්‍රලය සිතින් කල අනුබලදීම්ද , අනුකම්පාව දුක වැගිරවීම්ද , දෙමුහුන් ශාඛාවේ පසුපස සැඟවීගත් අතු පතර දලු ලෑ ව්‍යාජ දුක සහ අවංක සන්තෝෂය මිනිසෙකුට එතරම් පහසුවෙන් සැඟවිය නොහැකිය. මා ඉහත්තාවේ ලියූ දෑ තිබෙන්නේ මගේ මතකයේය. සැබෑ මිනිසුන් යනු මා නලවන සහ මට හෝයියා කියන අය නොවන බව දන්නා හෙයින්ම අද වනතුරුත් අවංක විරෝධය සහ රළු අවවාද වලට මගේ හිතේ තිබෙන්නේ විසාල තැනකි. (පින්!)

කෙසෙ වෙතදු මම එදා ගංගාවක් වීමට තීරණය කළ අයුරු ඔබට මතක ඇත. කඳු මුදුනට ඇති වෙහෙසකර අංශක අනූවේ නැග්ම අතහරින්නට මම එඩිතර වූයෙමි. අවංක විරෝධයට එදා මා අකීකරු වූ තැනෙහි කිසියම් සාධාරණයක් ඔබට දැන් පෙනෙත්වා!

මම අල්ලා ගන්නට ගල්කුලක් අත්වැලක් සහ මගපෙන්වීමක් නැති ඉතා වෙහෙසකර මාර්ගය අත්හැරියා මිස කඳු මුදුන අත් හැරියා නොවේ. ජීවිතය මෙතරම් නොවේ. උල්පතින් ආ කිරි රස  අසලින්ම වැ‍ටුනු මඳ නැග්ම හෙවත් දුර පාරට මා අවතීර්ණ වූයේ එබැවිනි. එය බොහෝ මනරම් මාවතකි. ගහකොල, සතාසීපාවුන් , අහස , සුලඟ විඳිමින් යන මේ ගමන බොහෝ දුර පාරක් වුව විඩාවෙන් තොර බැවිනි. 
එහි ඇත්තේ වෙහෙසකර අංශක අනූවේ නැග්ම මත එල්ලී , කලු ගල් තලාවට මිස අන් කිසිවකට ඇස් නොදුන් මහා වියවුලක් නොවේ.


දුශ්කරත්වය ඇත්තේ දුරෙහි නොව පීඩනයෙහිය . පීඩනය ඇත්තේ අනවශ්‍ය දුශ්කර ක්‍රියාවේ මිස කාර්යබහුලත්වයේ නොවේ.

පෙරලුන පිට හොඳ කරගන්නට මා වලි කනවායැයි ඔබට සිතෙනවා නම් , මට කියන්නට ඇත්තේ ඔබ 100% හරි බවයි. මිදි තිත්ත බව කී නරියාටත් මා මෙන්ම සිතෙන්නට ඇති. නරියා මිදිවල්ල හැර ගිය පසුත් තොල ලෙවකමින් තවමත් මිදිවලු සිහිනයේ එල්බුනාදැයි නරියා සහ මිදි වැල කතාව ලියූ අඥාතයා ලියා තිබුනේ නැත. එනිසාම මා එය හරිහැටි දන්නෙත් නැත.  මා ඒ නරියා නොවූවා නොවේ. නමුත් අඥාතයා අමතක කළ කොටස මට අමතක නැත. 'මිදි තිත්තය, තිත්ත මිදි නැතුව මේ ඉන්න ඉඳුම මට අවංකවම සුපර්බ්ය!' මම මට කියමි. ඔබ පිලිගත්තා නොගත්තා මට කම් තිබේද? :-)



මේ මගේ මාස තුනෙහි සමාලෝචනයයි. පොප්සිකල් කමින් චිත්‍ර ප්‍රදර්ශන බැලූ, පොත් කියවමින් චොකලට් බිස්කට් කෑ වර්තමානය අනාගතයේ ශේෂ වේදැයි මම හොයන්නෙත් නැත. බිය වන්නෙත් නැත. එදාටත්
මා කියන්නේ 'පෙරලුන පිට නම් අපූරු බවය' ... එය මට අහිමි වීමක් නොවේ. මා කඳු මුදුනට යන මඳ බෑවුමේ සින්දුවක් කියාගෙන හිතූ හැටියේ විවේකයෙන් ගමන් කරමි. ජීවිතේ තව උසය ! අද මට ඒ ගමන මහ බරක් නොවේ..

පරිපූර්ණ නොවූ, එමෙන්ම අනෙකෙකුන් විස්වාස කොට අදහන්නට පවා මැලි වන , අ‍තෝරයන් මැද වුවද මා ජීවිතය විඳින්නේ , ජීවිතය දකින්නේ , සතුටින් සාමයෙන් සිටින්නේ එකම එක රහසක් නිසාවෙනි. ඒ රහස මගේ හිතය! එය සතුටු කරන්නට එතරම් අපහසු නැත. ගතවූ මාස තුනෙහි මම එය අපූරුවට පසක් කළ , ජීවිතය පිලිබඳ මා ලද හොඳම අභ්‍යාසයය ! 

Yesterday was History... 
Tomorrow is a Mystery... 
But Today is a Gift... 
That's why it's called the 'Present' !!!


A Present is a Surprise
Take time, Slowly unwrap , 
you will find Happiness...!


මේ සටහන :  
'වතින්නට' බයේ වෙවුලන මගෙ හිතවතිය වෙනුවෙනි... 

Wednesday, October 26, 2011

[212] සිත්තර රස්තියාදුව 9 - යටත් විජිතයට එබී බැලුවෙමි

අද නුවර ටවුමට යැවුනෙ අහම්බෙන්. පොත් සත්කාර්යයෙ තවත් අදියරකට පොත් ගන්න ලෑබුනා. ඉතින් පන්දහසක පොත් මල්ලත් කරින් අරන් එද්දි , රස්තියාදුවක් යන්න තරම් වටින දෙයක් මේන්න ඇස් ඉස්සරහා!!!! ආයෙ කිසි කලෙකත් බලන්න වෙන්නෙ නැති දෙයක්. මෙතෙක් එතෙක් කල් කිසිම තැනක ප්‍රදර්ශනය නොවෙච්චි දෙයක්. මෙතෙක් කල් මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ බුක්තියට සවි වෙච්චි එක්දාස් අටසිය කාලෙ පින්තූරු එකතුවක්!!!!


නොබලා කොහොමද දෙයියනේ... දෙසින් දකින්න ගත්තු දේ මාව වශී කලෙ පොඩ්ඩක් නම් නොවෙයි. මේක එසේ මෙසේ සුන්දරත්වයක් නොවෙන බව පසක් වෙද්දි ෆෝන් කැමරා ඇසයි , මගෙ රස්තියාදුකාර හිතයි ඉතිහාසෙට පෙම්බඳින්න වුනා .. පැය ගානක්ම.


මෙන්න මෙහෙමයි අපිව පිලිගත්තෙ
මේ නොක්ස් මහත්මයගෙ චිත්‍ර
නොක්ස් දුටු ලංකාව
නොක්ස් දුටු ලංකාව
 
1660 දී ගාල්ල


නොක්ස් දුටු රාජසිංහ රජු

මේක හරි අපූරු චිත්‍රයක් . අනේ සොරි මට මතක නෑ :(

පුරාතන දලඳා මාලිගා සිතියම


19 සියවස මැද ඇඳි සිතුවමක්


සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - වල් ඌරා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - මුදලිතුමා , රා මදින්නා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - ජලය රැගෙන යන්නා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - භූමි දර්ශන

ඇත් ගාලක් - 1845

ඇතුන් ඇල්ලීම- 1825

ඒ කාලේ මාලිගාව - 800 ගනන් වල :)

1818 ඇඳි පින්තූරයක් - කුරුඳු තලන කුල ප්‍රධානියා

භූමි දර්ශන - 1803


කලා නිර්මාණ -1800 ශතකය

ඇත් දළ පනාව

තවත් නිර්මාණ

තවත් නිර්මාණ

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය



17 සියවසේ මූදු සිතියමක්

1740 ඇම්ස්ටර්ඩෑම්හි මුද්‍රනයක්

1822 සිතියමක්


17සිය ගනන් වල ඇඳපුවා :)

17සිය ගනන් වල ඇඳපුවා :)

17සිය ගනන් වල ඇඳපුවා :)


මේ මොකක්ද??? පුලුවන් නම් කියන්න

මුහුද යට- 1867

ශාක ආදර්ශන 1867

කුරුඳු

පේරාදෙනියෙ ගසක්

 මෙන්න නුවර යුගයෙ අත් පිටපත්.............

වෙස්සන්තර ජාතකය

වෙස්සන්තර ජාතකය

සාර්ථ සංග්‍රහය

තවත් අත් පිටපතක්


ගාල්ල 1852

කොලඹ 1852

ගාල්ල 1852


රන්වැලි සෑය

ගල්පොත පොලොන්නරුව

මතක නැත :(


හින්දු පූජකයින්

ගාල්ලේ රන්කරුවන්

කරණවෑමින්

පානබොක්කේ පවුල 1880

ගාල්ලේ රන්කරුවන්

කම්මල් කරුවන්

මෙන්න නුවර !

නිවැසි බෝට්ටු

පලතුරු වෙලඳසැලක් -නුවරට නුදුරු 

ස්කන්ධ කුමාර අත්කම්

ස්කන්ධ කුමාර අත්කම්


ගමනා ගමනය 

එකල්හි ගමනාගමනය

එකල්හි ගමනාගමනය (මග නැගුමද?) :)

කෝපි තේරීම

ආච් චෙම්බර්ලේන්ගේ නිවසේ ආලින්දය

අපනයනයට කුරුඳු මිටි බැඳීම

තේ දළු අඹරන යන්ත්‍රය

තේ බර කිරීම

තේ නෙලන්නන්ගේ පෙරෙට්ටුව


සර්වඥ ගුණාලංකාරය - සොලොස්මස්ථාන සඳහන්ව ඇත

පන්හිඳ

රිදී පත්

විදුර පණ්ඩිත ජාතකය


ඔන්න පොත් ප්‍රදර්ශනේ වගෙම චිත්‍ර පරදර්ශනෙත් ඉවරයි. හෑම චිත්‍රයම ෆොටො ගත්තෙ නෑ. හෑම වර්ගයෙන්ම එක දෙකක් තමා.  



 මහ රෑ 3 වනතුරුම මේ කැප්ශන් දාමින් මේක ලිව්වෙ අපෙ ඉගෙන ගන්න දුවා දරුවන්ට වගෙම ලොකු පොඩ්ඩන්ටත් , මෙතෙක් නොදුටු අපූරු ඉතිහාස චාරිකාවක් දැකගන්න සලසන්නයි. හින් එහෙනම් අදට ආයුබොවන්. 

චිත්‍ර ඔබට ඕනෙද? එක එක බාන්න ඕනෙ නෑ. මෙන්න පල්ලෙහායින් මම හැදුව ස්ලයිඩ් ශෝ එකකුත්. ඒක බාගන්න :) 




 පසු සටහන 1 



 මේ උඩහින් ඉන්නෙ පොඩි පුතුත් එක්ක චිත්‍ර බලන්න ආව තරුණ පහේ ඩෑඩී කෙනෙක්. 

අනේ අකුරු බැරි පොඩි එකා මෝඩ පැටියෙක් වගේ 'චිත්‍ර බලනවා' ... 

අකුරු පුලුවන් තාත්තා 'චිත්‍ර විඳිනවා'!!!! 

ඇයි දෙයියනේ පුංචි පැටියට තේරෙන භාශාවෙන් මේවා කියල දෙන්න බැරි ????

'චූටි පුතේ මෙන්න ඒ කාලෙ නුවර වැව. මෙන්න මාලිගාව..' ඇයි දෙයියනෙ අපෙ අලුත් පරපුරෙ අම්මල තාත්තල මේව නිකම්ම මෙහෙම යන්න අරින්නෙ ??? 

අධ්‍යාපනේ කියන්නෙ පන්ති කාමරෙයි , ටියුශන් එකයි , විබාගෙයි කියල තාමත් හිතන අපි ඉන්නෙ ඒ වැඩවසම් යුගයෙම නම් තමයි !!!!!! 

පොඩි පැටියට සීනිබෝලයක් පෙන්නලා බස් එකට දුවන ඔබට බැරිද එක විනාඩි 15ක් වැය කරල මේවාගෙ දෙයක් පෙන්වන්න. ප්‍රායෝගිකවම මේ වගෙ දෙවල් දකින්න ඉගෙන ගන්න හුරු කරන්න? මම හිතනව මේ පෝස්ට් එක දැකල ඉන් පස්සෙ මේ වගෙ තැනකට යන අම්මෙක් තාත්තෙක් නම් පොඩි එකාට මේ කැටලොග් කියවලා එයාට තෙරෙන බාසාවෙන් කියල දේවි කියලා. පික්නික් මොකටද? නොමිලේ බෙදා දෙන මේ දැනුම් සාරය ගන්නෙ නැතුව !!! 

ඔන්න එහෙනම් යාලුවනේ ,,, ඔයාලත් මේ චිත්‍ර දෑහින් දැකගන්න ආස නම් ,  





මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->