(.........1.........)
ඈ එදත් අදත් හරිම සන්කර කෙල්ලක්. මීට අවුරුදු 2 කට උඩදි වෙනත් සංකර පාසලකින් මගෙ 8 වසර පන්තියට ආව ලස්සන කලු කෙල්ලෙක්. ඈ එනකොට හරිම අහිංසකයි. හොඳයි. ඒත් ආ දා හිටම වැඩට නම් ටිකක් දුර්වලයි. ලකුණු 10,20 වගෙ තමයි ගත්තෙ. මාත් ඉවසිල්ලෙන් බලන් උන්නෙ ඈ පාසලට හැඩ ගැහෙන තුරු.ඈ හරිම අවධානෙන් පාඩම අහන් උන්න දැරිවියක්. ඒ නිසා මගෙ හිත හැමදාම කිව්වෙ මට මේ ලමයව හදා ගත හැකියි.උගන්න ගත හැකියි. මොකද හැසිරීම හොඳ නිසා. ඒත් අවුරුද්ද අහවර වෙනතුරුම ඒක හැදුනෙ නෑ. ඒ මදිවට හෙමි හෙමීට මාත් එක්ක උරණ මූඩ් එකකුත් ඈගෙන් ඈඟවෙන්න ගත්ත. මගෙ අනතුරු ඇඟවීම් සම්බන්ධව ඇගේ සතුටක් නෑ වගෙ මටත් තේරුනා.ඒක අපෙ ඉස්කෝලයෙ ලමයින්ගෙ හැටිනෙ. එයාල එයාලගෙ අභිමානය ගැන හරියට හිතන අය. ඉතින් මම බලන් උන්නා. 8වසර අවසාන දෙමාපිය හමුවෙදිත් ඉතින් ඈගේ දෙමාපියන්ට මගෙන් අහගන්න උනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. මගෙ සිරිත කොහොමත් ඔය හැම අඩුපාඩුවක්ම දෙමාපියන්ගෙ හිත රිදුනත් නැතත් කෙලින්ම කියන එක.ඔන්න ඉතින් ඒ අවුරුද්ද ගෙවුනා. ඈ මෙන්න මගෙ 9 පන්තියෙත් ! ගිය අවුරුද්දෙ. මෙන්න අලුත් සෙල්ලමක් ඒ පාර. ඈ පෙම්වතියක් වෙලා. පෙම්වතාත් මගෙ පන්තියෙමයි. අපෙ ඉස්කෝලෙ ආදරය කියන මාතෘකාව අදාල හෝ අනදාල එහෙමත් නෑත්නම් අනුමත හෝ තහනම් මාතෘකා නෙමෙයිනෙ..මතකනෙ මගෙ රෝස මල් දවසක් ලිපිය. ඉතින් ඒ තත්වෙ මත මම හිත කරදර කරගත් එකම දේ මේ කෙල්ල තව තවත් පිරිහේවිද කොල්ලා නිසා වත් ඉගෙන ගනීවිද කියන එක විතරයි.ඉතින් මම බලන් උන්නා. තත්වෙ නරක් උනා මිසක් දියුණු උනේ නෑ. කෙල්ල එන්න එන්නම වෑඩ අත් හෑරියා. කොල්ලා කට්ටයා. කොල්ලා කටකාරයා.. දඟයා. ඒ වගෙම වැඩත් කරන දස්සයා.. ! ඔන්න ඉතින් පලමු දෙමාපිය හමුව ආවා. දැන් කෙල්ල ගැන අම්මලත් කණස්සල්ලෙන්. මේ ලව් පලහිලවුව නිසා උන්න තැනවත් ඈ රැක නොගනීවි කියන බය. දෙමාපියන් ඈ ඉදිරියෙම මට මේ ගෑන කිව්වෙ හිත් වේදනාවෙන්. ඉතින් මම කිව්වෙ,
" මට කියන්න බෑ ඔයාට ඔය දේ කරන්නවත් නවත්තන්නවත් කියලා. ඒත් මම දුක් වෙන එකම දේ හෙමීට හොඳට හදා ගනන් පුලුවන් හොඳ මොලයක් තියන ඔයා මේ ජීවිත දෙක බැලන්ස් නොකරන එකයි. ඒක හදා ගන්න. එතකොට ඔයා හොඳ ආදර්ශයක් වෙනවා අනිත් අයටත්.ඔය වයසෙ සිතුම් පැතුම් මට තේරුම් ගන්න බැරි නෑ. ඒවට මම විරුද්දත් නෑ. ඒත් ඒවත් එක්කම අනිත් දේවල් ජීවිතේ ඉතාම වැදගත් බව හිතන්න "
කාලය ගත උනා. කෙල්ල ටිකෙන් ටිකෙ කොල්ලගෙ ඇඟේ එල්ලෙන එක අඩු උනා. පොත පත අතගාන්න, ටිකක් මාත් එක්ක කතා බහ කරන්න , දන්නෙ නැති දේවල් අහගන්න පටන් ගත්තා. ඈ දැන් පීල්ලට වැටී ඇති සෙයක් පෙනුනා. බලන් ඉද්දි ඈ වෙනස් උනා. ගොඩාක් සංවර විනීත ලමෙක් උනා. මාත් එක්ක හරිම ආදරෙන් ගනුදෙනු කරන කෙනෙක් උනා. ඉතින් අවසාන වාර විබාගෙ ඈ ඉතාම හොඳ ලකුණුත් සමග සමත් වී තිබුනා. ඉතින් මම ඇගේ අවසාන වාර රිපෝට් පතේ මගේ විෂය ගැන පෞද්ගලික සටහන ඒ පාර ලිව්වෙ හරිම සතුටෙන් . දෙමාපියන් හමුවෙදිත් මම ඒ ගැන උදම් ඇනුවා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා.
ඊලඟ වසරත් ආවා. ඈ මගෙ පන්තියෙ නෙමෙයි. ඒත් එදා වෙනත් ගුරුවරියක් හමුවෙලා පිට වෙලා යන ඈගේ දෙමාපියන් මා ගාව නැවතුනා.
"මිස් අපිව මතකද ? ... ___ ගෙ පේරන්ට්ස්ලා. "
'ඔව් ඔව් මට මතකයි. දෑන් කොහොමද එයාගෙ වැඩ? හොඳයි නේද දැන් ?"
"ඔව් මිස්. දැන් එයා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට සම්පූර්ණ ගරුත්වය ලැබෙන්න ඕනෙ මිස්ට..එදා මිස් කිව්ව දේවලින් එයා හැදුනා .... දැන් එයා ගොඩාක් හොඳයි.. හැම ගුරුවරයෙක්ම එයාගෙ හොඳ කිව්වා. ඒ මිස් නිසා. මිස් එදා කිව්ව දේවල් නිසා. ගොඩාක් ස්තූතියි"
මම බිරන්තට්ටු වුනා. එච්චර වෙනසක් උනාද. ? මගෙ හිත අනෙ මන්දා ආඩම්බරයකින් වගෙ සිතුවිල්ලකින් ඉපිලෙන්න ගත්තා.
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
(........2........)
ඔය කිව්ව පන්තියෙම හිටිය අන්ත දඟ කොලුවෙක්. කොල්ල දඟයා විතරක් නෙමෙයි මැරයා. බාස්කට් බෝල් කණ්ඩායමේ ඉන්න හොඳ ස්පෝටි ඒ වගේම නාහෙට අහන්නෙ නැති , ඒ වගෙම මුලු ඉස්කෝලෙම ජනප්‍රිය දඟයෙක්. හැමෝම එයාට ආදරෙයි. එයාගෙන් වද විඳින කරදර විඳින ටීචර්ස්ලා ඈරෙන්න !පන්තියෙ එක විදියකට ඉන්නෙම නෑ. එන්නෙ වෙලා ගිහින්. පොඩ්ඩක් හරි සැර උනොත් ආයෙමත් අනිත් පැත්තට අපිට සැර වෙනවා. කොටින්ම පන්තිම යුද්ද පිටියක් වගේ. මේ කොලුව මටත් හරිම හිසරදයක් වෙලා උන්නේ. පලවෙනි දෙමාපිය හමුවත් යුද්දයක් වගෙ උනා.කොල්ල මට කතා කරන්න දෙන්නෙ නෑ. අම්මලට කතා කරන්න දෙන්නෙත් නෑ. එන්නෙම වලියට. අන්තිමට මටත් රවලම කට වස්සන්න උනා. කොටින්ම එදා පෑය කාලක් වගෙ වෙලාවක් අල්ලගෙන බණ කිව්වා. ඒත් වැඩක් උනෙ නෑ. කාලය ගෙවුනා . දඟකාරකම අඩු උනේ නෑ. වාරයත් ගෙවුනා. 8 වසර අහවර වෙද්දි කොල්ලයි මායි අන්තිමේට නයි වෛරයි. මම කියන කිසිම දෙයක් කොල්ල අහන්නෙ නෑ. අන්තිම දෙමාපිය හමුවත් ආවා. එදා නම් මම දුන්නා තෙල් බේත. බොහොම ආදරෙන් කරුණාවෙන් මම කිව්වෙ එක දෙයයි.
"ඔයා හරිම ජනප්‍රිය කෙනෙක්.ඔයා දඟ වෑඩක් කරද්දි වටේ ඉන්න ඔයාගෙ යාලුවො ඔයාව විහිලුවක් කරල ඔයාගෙ මෝඩ වෑඩ වලට හුරේ දානව. ඔයාත් දඟලනවා. ටීචර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. යාලුවො ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා විවේක වෙලාවට නටවන්න... ඔයා නැටවෙනවා. ඔයාගෙ වටිනාකම ඔයාම පල්ලෙහාට දා ගන්නවා. හොඳ මොලයක් තියෙද්දි ඒක නාස්ති කරනවා. ඔයා ස්පෝට්ස් වලින් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඔයාට ආඩම්බර වෙන්න ආස නැද්ද කවද හරි අන්න මේ කොල්ල ඕල්රවුන්ඩර් කෙනෙක්.ඉගෙනත් ගත්තා. හොඳට එක්ස්ට්‍රා වැඩත් කලා" කියලා? ඒ නිසා අනුන්ට විහිලු සපයන්න එපා.ඒ ගොල්ලො ඔයාගෙන් විහිලු අරගෙන හිනා වෙලා ලස්සනට පන්තියෙ ඔක්කොම වෑඩ ටික කර ගන්නවා. ඔයා ? අනිත් අයට උවමනාවට නටනවා. ගුරුවරුන්ගෙන් ප්‍රශංසාවක් අහන තැනට එන්න.යාලුවන් ගෙන් ප්‍රශංසාවක් අහන්න නෙමෙයි ඕනේ. "
ඉතින් කොල්ලයි කොල්ලගෙ අම්මයි තාත්තයි ඔක්කොම සාවධානව අහන් උන්නා. කාලය ගෙවුනා. කොල්ලත් 9 වසරෙ මගෙ පන්තියේ. මට පලවෙනි දවසෙ හිතුනෙ ඉර අනිත් පැත්තෙන් පායනවවත්ද කියල!වෙච්චි වෙනස කොයි වගෙද දන්නවද ? අදහන්නත් බෑ.. කොල්ලා මගෙ පන්තියේ හොඳම දක්ශම ලමෙක් වෙලා 9 වසරෙන් එලියට ගියා. බාස්කට්බෝලුත් ගැහුවා(අදටත් ගහනවා)..පන්තියෙ හැම වැඩේම අපූරුවට කලා. නොකරන අයවත් වැඩ කරන්න පොලඹන්න තරම් ආදරනීය යහපත් ආදර්ශයක් උනා. කොටින්ම තමුන් මැණිකක් කියලා පෙන්නුවා. මම දිගින් දිගටම කිව්වෙ එක දෙයයි එයාට.
"මම ඔයාව ගොඩක් විස්වාස කරනවා. ඔයා ආයෙත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ විස්වාසෙ තියන්න. ඒ සතුට හෑමෝටම දෙන්න "
ඉතින් ගුරුවරුන්ට ආදරේ , හැම විභාගෙන්ම 80ටත් වඩා ලකුණු ගන්න, හොඳම ලමෙක් වෙලා, මගෙ ප්‍රියතම චරිතයක් වෙලා, ඒ අවුරුද්දම හරිම ආස්වාදනීය පන්තියක මතක මට දීල, මේ කොලුවා ඈතුලු දරුවො ටික 10වසරට ගියා.
9 වසරෙ අන්තිම දෙමාපිය හමුවෙදි මම ඒ දෙමාපියන්ට කීවෙ එකම දෙයයි.
"මට දෑන් මෙයා ගෑන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයා විහින්ම තේරුම් ගත්තා තමුන් කොච්චර වටින කෙනෙක්ද කියන එක. ඒකට සහයෝගය දීපු ඔයාලටයි මේ දරුවටයි මම ස්තූති කරනවා. දෑන් එයා ආයෙ කවදාවත් තමුන්ගෙ චරිතෙ නරකට ඈද ගන්නෙ නෑ. ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නෑ. මම මේ දරුව ගැන ආඩම්බර වෙනවා"
ඒ දෙමාපියො ගියේ මොන තරම් සතුටකින්ද කියලා මට අදත් මතකයි. ඒ දඟකාර කොලුවගේ ඈස් වල කඳුලු පිරිල තිබුනා එදා පිටවෙලා යද්දි.... මමත් ඈත්තටම හෑඟුම්බර උනා. ඒ දෙමාපියන් එදා මුව නොසෑහෙන්න ස්තූති කලා.
එදා...10 වසරට උගන්නන ගුරුවරිය හමුවෙලා යද්දි ඒ දෙමාපියන් මා ගාවත් නැවතුනා.
"අහ් _____ ගෙ අම්මයි තාත්තයි නේද?" මම ඇහුවා
"ඔව් මිස්. අපි මේ මිස් ඉන්නවද බලන්නයි ආවෙ. මිස් නිසයි එයා හොඳ ලමෙක් උනේ. දෑනුත් ටිකක් දඟයි . ඒත් එයා දැන් හරිම හොඳයි "
ඔවුන් කිව්වෙ ඇත්තටම හැඟීමකින්.
"මම කල දෙයක් නෑ ඈත්තටම. එයා තමයි එයාගෙ වටිනාකම තේරුම් ගත්තේ. එයා ආයෙ වෙනස් වෙන්නෙ නෑ.කාටවත් එයාව නරක් කරන්න බෑ.බය වෙන්න එපා.. මොන පන්තියට ගියත් මම එයා දිහා බලන් ඉන්නවා. "
"ගොඩක් ස්තූතියි මිස්.මිස් තමයි ඒ වෙනස එයාට කලේ. "
ඔවුන් තවත් මොහොතක් නැවතී එහෙම කිව්වේ හරිම සංවේදී විදියට....
"මටත් එයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ හරිම සතුටක්."
මගෙ හදවත ආයෙමත් පිනුම් ගහන්න ගත්තා වගේ හිතුනා.
ඔවුන් මගෙන් සමුගෙන ගියේ මගෙ හිතට එකම එක සිතුවිල්ලක් ඉතුරු කරමින්.
~~()~~
ඔය පොත් පිටු එක එක ලපටි දඟකාර මොල වලට අසීරුවෙන් ඔබ්බවන්න කලියෙන්, උන්ට කෑකොස්සන් දෙන්න කලියෙන්, හදවතින්ම එන සංවේදී එක වචනෙකින්, අම්මෙකුගෙ තාත්තෙකුගෙ කණස්සල්ලක් දුරලන්න, දරුවෙකුගෙ සම්පූර්ණ අනාගතයක් උඩු යටිකුරු කරවන්න සමත් බලවේගයක් මේ ලෝකෙ ඉන්නවනම් , ඒ ගුරුවරයෙක් විතරමයි...
~~()~~
නයා පාරක් නම් තමයි. ඒත් මදහත් සිතින් බලලා ගත යුත්තක් ගන්න කියන අදහසිනුයි මේක ලිවුවේ. මම ගැන කියන්න නෙමෙයි හොඳේ... :)
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
මේ ටීචර් හරි මේ වගේ ටීචර් කෙනෙක් හරි මං ළමයාටත් උගන්නන්න හිටියානම් ජීවිතේම මල්... හිහ් හී... අහ්... මට උගන්වපු ගුරුවරු නරකයි කියලා එහෙම නෙවෙයි කිව්වේ..
ReplyDeleteඇත්තටම මේ වගේ දෙයක් කරන එක ලොකු සතුටක් වගේම ලොකු පිනක් අක්කේ..
ගුරුවරයෙක්ගේ ජීවිතේ අන්තිමට සතුටුවෙන්න ඉතුරු වෙන්නේ මෙහෙම දේවල් ගැන හිතලා තමා. ඒ අතින් ඔබ වාසනාවන්තයි
ReplyDeleteමෙන්න මේ ගැන මගේ අත්දැකීම.. මගේ ජීවිතය වෙනස් කරපු වාක්‍යය තමයි මේ.... පොඩ්ඩක් විතර අවාසනාවට මේ වාක්‍යය කියවෙද්දි මම උසස් පෙළත් කරලා ඉවරයි දිල්....
ReplyDeletehttp://tikakhinawenna.blogspot.com/2010/08/blog-post.html
අපේ චුටි ටීචර්ගේ ලොකු හපන්කම්....
ReplyDeleteඅක්කියෝ...අර අන්තිමට අම්මලගෙන් අහන වචන කීපෙට අක්කියට කොච්චර සතුටුවෙන්න ඇතිද සංවේදී වෙන්න ඇතිද කියලා වෙනමම කියන්න ඕනි නෑ...ඒක මේ ලිපියෙන් හොදට දැනෙනවා....
අපේ ජීවිතකාලය තුල කෙනෙක් යහමගට ගන්න වගේම කෙනෙක්ගේ ජීවිතයක් බේරාගන්න හැකිනම් කොච්චර අගේද?
අක්කි ඒ දෙකම කලා...ආඩම්බර වුනාට කමක් නෑ පොඩ්ඩක්.....
අද කාලේ සමහර ගුරුවරුන් දන්නේ නෑ ළමයින්ට උගන්වන්න ඕනි මොනාද ඒ කොහොමද කියලා.ළමයෙක් පාසලකට යවන්නේ ගුණධර්ම හැදියාව වගේම ඉගෙනීම ඉතා ඉහළින් ලබා දීලා හොද යහපත් බුද්ධිමත් පුරවැසියෙක් රටට බිහිකරන්නයි.
ඒත්...අද ඒදේ පාසැල් වලින් ඉටුවෙනවද කියන එකනම් සැකයි..
අද පාසැල් වල ගුරුවරු විදුහල්පතිවරු කියන්නේ මේ ළමයා හදන්න බෑ මේ ළමයා මුරණ්ඩුයි.මේ ළමයා අපිට හදන්න බෑ ඒ හන්ද අස්කරනවා කියලා...මේකද විය යුත්තේ...?
මොට යකඩ කෑල්ලක් කම්හලකට ගෙනියන්නේ ඒක මුවහත් කරලා ඕනි විදිහට හදාගෙන ප්‍රයෝජනවත් වැඩකට යොදාගන්න පුළුහන් උපකරණයක් හදාගන්න...ඒත් මොට යකඩ කෑල්ල තලන්නේ රත්කරන්නේ නැතිව කොහොමද කියන්නේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා....
අන්න ඒවගේම තමයි පාසැලත්....ළමයා මොනවගේ කෙනෙක්ද කියන එකත් තේරුම් ගන්න ඕනී ඔක්කෝටම ඉස්සෙල්ලා...ඊට පස්සේ ඒ ඒ ළමයට අදාල විදිහට මුවහත් කරන්න ඕනි.අන්න ඒදේ හරියට වෙනවනම් කවදාවත් පාසැලකින් මැරයෙක් මංකොල්ලකාරයෙක් හොරෙක් වගේ සමාජයට අයහපතක් කරන කෙනෙක් බිහිවෙන්නේ නෑ....
අක්කියගේ මේ පෝස්ට් එක සමස්ථ පාසැල් ගුරුවරුන්ට බලන්න ඇතිනම් කොච්චර හොදද.....කාලෝචිත අනර්ඝ ලිපියක්....!!!
එක් පාසැලක් විවෘත කිරීමෙන් බන්ධනාගාර 1000ක් වසා දැමිය හැකිය. ~ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා.
තව තවත් සිසුන් යහමගට ගැනීමට ශක්තිය ධෛර්යය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!
ගුරුවරියක් හෝ ගුරුවරයෙක් වෙන්න පුර්ව ජන්මෙදි ලොකු පිනක් කරලා තියෙන්න ඕනෙ ඈති.
ReplyDeleteගුරුවරයෙක් වෙන්න අවස්ථා දෙකක් ලැබිලත්, අම්මා ගුරුවරියක් වෙලත් මට ගුරුවරයෙක් වෙන්න බැරිව ගියේ පින් මදි වෙලා වෙන්න ඈති. ඒ අතින් ඔබ ලොකු පිනක් කරලා පෙර ආත්මෙක.....
මේ වගේ චීට කෙනෙක් අපටත් හිටිය නං කියල හිතෙනවා. ඉස්කෝලෙදි මං නං පැත්තට වෙලා වෙන දෙයක් බලං උන්න විතරයි නෙව. මං පංතියෙ හිටියද කියලවත් මීටර් නැතිව ඇති.
ReplyDelete1 වසරේ ඉදං 6 වෙනකං 1වෙනියට තරඟ කරපු එකා ටවුමෙ ඉස්කෝලෙට ගිය ගමං 30 වෙනියට වෙනකං පහල වැටුනා. එදායිං පස්සෙ ඉහලට ඒමක් නැති උනා.
අක්කෙ ඔයාටනං පස්සෙ කාලෙක සතුටුවෙන්න පුලුවන් මතකයන් ගොඩාක් තියේවී.
"නයා පාරක් නම් තමයි "
ReplyDeleteකොටියා කාපුවාවෙ මෙහෙම නයි අරිනවට. අපි දන්නවා ඔයා හොඳ ළමයින්වත් දඟ කරන බව :D
ඇත්තටම මම දන්නෑ මේ බ්ලොග් එක මට මේක මගඇරුනේ කොහොමද කියලා..
ReplyDeleteඔයා ලස්සනට ලියන්වා..ඒවගේම නියම අත්දැකිම් ටිකක්. ගුරුවරු ඉන්න ඕනේ ඔන්න ඔහොම. ඒවගේ අය රටට සම්පතක්.
හොදට ලියන්න..තව කට්ටියක්ව යහමගට ගන්න..
/G
අක්කෙ තෘප්තිය. මෙවගෙම දවසක කවුරු හරිත් ඇවිල්ලා ඔයාගෙ ජිවිතෙ ගලාගෙන යන දිශාව වෙනස් කරලා දාලා ඔයාට ටටා කියලා යන්න ඇති. අපි හැමොම මොනවා කලත් අපි හැමොම කරන්නෙ තව කෙනෙක්ගෙ ජිවිතයක් ගලන දිශාව වෙනස් කරන එක.නමුත් ගුරුවරයාටයි, දොස්තරටයි තියන තෘප්තිය වෙන කාටවත් ලබාගන්න බැහැ. වෙන කිසිම වෘත්තියක එහෙම නැහැ. හරියට වෙදිකා නාට්‍යවල ඉන්න නලුවන්ට, නිළියන්ට වගෙ. උන්ට අත්පුඩිය එ වෙලාවෙමයි. නමුත් දැන් මට දුක එ දෙකත් මුදලට යට වෙගන යන්නෙ
ReplyDeleteරවා
@ලමයා.....
ReplyDeleteගුරුවරුන් කියන්නෙ ලමයින්ගෙ හදවතේ සමහර වෙලාවට දෙමාපියන්ටත් වඩා බලපෑම් කරන්නට සමත් කොට්ඨාසයක් ඒ වරම නිසි ලෙස යොදා ගන්නවා නම් අනිවාර්‍යයෙන්ම අපිට ජීවිත කනපිට හරවන්නට පුලුවනි......
@හසිත
ReplyDeleteඔබ හරි. ගුරුවරයකුට ඉතුරු වෙන ලොකුම ධනය නම් මෙයයි. එය රැස් කරන්නට අසීරු ඒත් රැස් කලොත් අමිල ධනයක්. ඒ ධනයට අලගු තබන්නට කිසිවකට බැහැ. මාත් හිතනවා මා වාසනාවන්තයි කියා. මේ දෙමාපියන් කී ඒ වදන් ඇහෙන විට මගෙ හිත සතුටින් ඉපිලුනේ අහංකාරකමකට නෙමෙයි. පින් පිලිබඳ හැඟීමෙන්....
@අභීත අයියා
ReplyDeleteඔව් හැමෝගෙම ජීවිතේ වෙනස් කල ගුරුවරයෙක් ඉන්නවමයි. මගෙ ජීවිතෙත් ඉන්නවා. අද ලමයින් ගොඩක් ඉස්සරහ උගන්නද්දි මට පේනව මම අනුකරණය කරන්නෙ එක් ගුරු මාතාවක් බව. ඈ අදටත් මගෙ ජීවිතේ ඉහලින්ම ඉන්න චරිතයක්. ඇ එතරම්ම ආදරේ අපිට බෙදා දුන්න නිසා. ආදරේ නිසි අනුපානෙන් මුසු වී කොතරම් නීරස පාඩමක් වුවත් සොඳුරු නිමේශයක් කරන්නට ඈට හැකි වූවේ ඇගේ සොඳුරු හදවත නිසා.
පී බී අල්විස් පෙරේරාගේ 'මගේ රට' අපි සාහිත්‍යය පන්තියේදී තාලයට ගයන හඬ මට අදටත් තාමත් ඇහෙනවා. :)
@හසියා
ReplyDeleteඅනේ ඒ ගැන නම් කියලම වැඩක් නෑ අනේ... හිතට නිකම් පවන් සැලුවා වගේ. ඒ ඇස් වල තිබ්බ ස්තූතිපුර්වක හැඟීම මට අදහන්නත් බැ.මන් හිතන්නෙ හසියෝ.... මට සතුටු වෙන්න පුලුවන් අතේ ඇඟිලි ගානටනම් වඩා අඩු නමුත් මේ විදියට ජීවිත 4ක් පහක්ම මම වෙනස් කරන්නට සමත් වී තියෙන බව සිහි කිරීමෙන්, ඒ වෙනස මම හැමදාමත් කරාවි.
අපි හදවත් හඳුනාගන්න ශිල්පය මෙන්ම හදවත් වලට සමීප වී හෙමින් හෙමින් මුව අල්වා කසාය පොවන ශිල්පය දැන සිටිය යුතුමයි. මේ කසාය යනුවෙන් අදහස් වෙන්නේ අකුරු පාඩම් නෙමෙයි. ජීවිතයයි. ස්තූතියි ඔයාගෙ දිග කමෙන්‍ටුවට හසියෝ.....
@බුද්ධි අයියා
ReplyDeleteඔව් අයියෙ... මන් හිතන්නෙ ගුරුවරයෙක් කියන්නෙ වැඩිම ආත්ම තෘප්තියක් තියෙන රස්සාවක්. පිරිසක් අතරේ ජීවත් වෙමින් හිනහවෙන් සතුටින් දවසම ප්‍රබෝධයෙන් කල හැකි වෙනත් රැකියාවක් තිබේදැයි මට සැකයි. ඒතරමම් තෘප්තිමත් රැකියාවක් මේක. මැරියන් නගාටත් නැතැයි අත්දැකීම්.. නේද ? :)
@තාරක මල්ලි
ReplyDeleteඅනිවාර්යයෙන්ම... මට මතක් කරනන් ඉතුරු වෙන්නෙ අන්තිමේට මේව තමයි.... :) අපෙ ජීවිතෙන් තරඟකාරිත්වය ඉවත් කරගන්නත් එය ඇති කරන්නත් දෙකෙටම සවිය තියෙන්නෙ ගුරුවරුන්ටයි දෙමාපියන්ටයි.....
@චානක මල්ලි
ReplyDeleteහනේ නයෙක් නෙමේ... කතන්දරයක් විතරයි......
@Grey
ReplyDeleteස්තූතියි දිරි ගන්වන සුලු වචන වලට. ඉතින් මනුස්සකම බෙදා හදා ගන්න මේ පැත්තේ ඇවිත් යාවි කියා හිතනවා,...
මගේ මේ ලිවිල්ලේ මට ඇත්තේ එකම අරමුණයි. මා ලියන අකුරක් හෝ ජීර්ණය වී තව එක ජීවිතයක් හෝ තිගැස්මකින් වෙනසක් ඇති කල හැකි නම් එයයි මා බලාපොරොත්තු වෙන්නේ......
රවා මල්ලි
ReplyDeleteඔයා හරි. අපි හැමෝම කරනෙන් එක්කො අපේ හෝ අපි අවට කාගෙ හෝ ජීවිත ගලන දිශාව වෙනස් කරන එක. ඒක ඇත්ත. ගුරුවරයකුට එහි ඇති තෘප්තිය මා අත්විඳිනවා. හරිම ඉහලින් විඳිනවා.
හරිම ලස්සනයි, මැඩම්,
ReplyDeleteමට මතක් උනේ සිඩ්නි පොයිටියර්ගෙ To sir with love චිත්‍රපටය,
ඔය පිනම ඇති ඔයා ජීවිතේ වෙන මොනම පිනක් නොකලත්,
ඔය වගේ දෙයක් ආයෙ ආයෙ මතක් වෙද්දි හිතට දැනෙන සතුට මිල කරන්න බැහ නේද... ඒ සතුට කිසිමා දෙයකින් ලැබෙනවට වඩා ලොකුයි නේද... ජීවිතයක හරි මගට ගත්ත කියන්නේ...
ReplyDeleteඔබ වගේ ගුරුවරු න් ගෙන් ඉගෙන ගන්න ළමයිනුත් හුඟක් වාසනාවන්තයි.
ප .ලි ටීචර් ගෙන් චූචි පාඩමක් අහගන්න ඕනි.. ඔය දකුනු පැත්තෙ ඇනිමේට් වෙන පෝස්ට් ටික දැම්මෙ කොමඩ කියල කියන්න පුලුවන්ද පිස්ස කොලුවට. හි හි
ඔයාගෙ කතාව ඇත්ත. ගුරුවරුන්ට පුළුවන් ළමයින්ගෙ ජීවිත වෙනස් කරන්න. මම පුංචි කාලේ ගනනක් වැරදිලා අඬන කොට මගේ ගුරුතුමියක් මාව ඇගේ උකුලට ගෙන කිව්වා " පුතේ, හැමදාම හරි යනවට වඩා වැරදෙන එක හොඳයි. එතකොට වරදින්නේ ඇයි කියලා හොයාගන්න පුළුවන් කියලා." ඒ වචන මගේ මුලු ජීවිතයම වෙනස් කලා. ඒ වචන වලින් මා ගිය දුර ඇය දන්නවා නම් කියලා මට බොහෝ වෙලාවට හිතෙනවා.
ReplyDeleteමැණික්(සුළඟ)
රවි
ReplyDeleteඔබ හරි. මගෙත් ආසම පොතක් ඒක. අදටත් මට ඒ පොත කියවන කොට ඇඬෙනවා. මන් හිතන්නෙ මන් වාසනාවන්තයි. පින් එකතු වෙන මේ වගෙ රස්සාවක් කරන්න. :)
පිස්සා
අපි ජීවිතේ සතුට කියල තෘප්තිය කියල ගොඩ ගසන්නේ මේවා තමයි. යලිත් මගෙ බ්ලෝගේ පැත්තේ එන එක සතුටක් :) හා හා පිස්ස කොලුවො ඒක දැම්ම ලින්ක් එක ඉන්නකො එවන්නම්...
මැණික්
ම්ම්...හැඟුම්බර කතාවක්.ඒ වගෙ දේ ලියන්න්කෝ ඔයාගෙ බ්ලොගේත් . මාත් ආසයි ඒව කියවන්න,
හැමෝටම:
මම ආස ලේඛකයෙක් කසුරි. කසුරි කියන දෙයක් තමයි අපි ලෝකෙ නරක පෙන්වනවට වඩා මිනිස්සුන්ගෙ හොඳ පෙන්නුවම ඒ හොඳ දේ කියවා මිනිස්සු හැදෙනවා. කසුරිගෙ 'වටරවුම' තීරු ලිපියෙ කවදාවත් මිනිස්සුන්ගෙ දුර්ගුණ ලියල තියනව දැකල තියනවද? ඔහු එහි ලිව්වෙම මිනිස්සුන්ගෙ මනුස්සකමේ සුවඳ වහනය වෙන පුන්චි පුන්චි සිදුවීම් .මන් විස්වාස කරන්නෙත් ඒකයි.... දුගුණ ලිව්වම ඒව කියෙවුවම හිත් දූශ්‍ය වෙනවා. මනුස්සකම් අගය කරල ලිව්වම අපිත් ඒ වගෙ වෙනන් හිතනවා. ඒක හරි වටිනවා.
මට මේ පෝස්ට් එක මඟහැරුණේ කොහොමද?
ReplyDeleteමිස්...
අනික් අය තමන්ගෙම අය විදියට හිතලා ඒ අය යහමගට අරන් ඒ අයගේ ජීවිත සාර්ථක කරන්න ගන්න උත්සාහය මම අගය කරනවා..
ස්තූතියි :)
ReplyDeleteඅනේ ටීච..මාවත් ඔය පංතියට ගන්නකෝ..මටත් ආසයි හැදෙන්න...
ReplyDeleteමාරයෝ... ඔයා පරක්කු වැඩී හැදෙන්නෙ :)
ReplyDeleteතීත හලි නලකයි..
ReplyDeleteaththatama akka oya kerapu wade gdk hodai dan me wage teachersla harima adui e athare oya gdk hoda kenek
ReplyDelete