" මගේ අම්මල තාත්තල කවදාවත් මාව හුරතල් කරල නෑ. පොඩිම පොඩි කාලෙ වුනත්. එයා හරි සැරයි. නපුරුයිදත් මන්දා. හැමතිස්සෙම දුන්නෙ අවවාද.දෙයක් කිව්වොත් සැරෙන්. මම එයාට බයයි. මම කවදාවත් එයත් එක්ක විහිලු කරල නෑ. එයා හිනා යන දෙයක් කිව්වොත් අපි හිනා වෙන්න ඕනෙ නිසා හිනා වෙනවා. ඒත් එයා කවදාවත් අපිට සැහැල්ලුවෙන් හැසිරෙන්න ඉඩ දුන්නෙ නෑ. අපිට කෑගහල හිනා වෙන්න දුන්නෙ නෑ. අපි එයාලට අමුත්තො වගේ හිටියේ.
ගෙදර කිසිම තීරණයක් අපි දැන උන්නෙ නෑ. අපිට අහන්නවත් අයිතියක් තිබ්බෙ නෑ. ගෙදර තීරන බෙදා ගැනුනෙ ගෙදර ලොකු අයිය එක්ක විතරයි. මම ඇතුලු නන්ගිල මල්ලිල සහ අක්කාට ඒ අයිතිය තිබ්බෙත් නෑ. ඒ නිසා ගෙදර කනපිට පෙරලුනත් බරක් දැනුනෙත් නෑ අපිට. මොකද එයාල හැමතිස්සෙම හැන්ගුවා මේවා අපෙන්. අපි අපේම ලෝක වල ජීවත් වුනේ. කන්න බොන්න එකතු වුනත් ඒ කාලය හරිම අප්‍රියා සහගත වුනා. අපිට හිනා වෙන්න දුන්නෙ නෑ. කාල ටික වෙලාවක් කෑගගහ හිනා වෙන්න , සතුටෙන් ඉන්න දුන්නෙ නෑ. අපි හෑමෝටම සිද්ද වුනේ කෑගහනව කියල බෑනුම් අහ අහ කාමර වලට රිංග ගන්න. "
හ්ම්ම්ම්... මට මුණ ගැහුන තවත් යාලුවෙකුගේ කතාවක්. ඒත් මේ කතාව පිටිපස්සෙ තියෙන්නෙ විසාල ඛේදවාචකයක් කියල මට හිතුනේ එයාගෙ වර්තමාන ජීවිතයෙ තියන පැටලුම් දැක්කම. එයා හරිම සංකීර්ණ මානසිකත්වයක ඉන්නේ. සමාජෙන් වෙන් වෙලා, හැංගිලා. එයාගෙ ප්‍රශ්න එයා කා එක්කවත් බෙදා ගන්නෙ නෑ. ඈත්තටම එයත් එක්ක කතා බහ කලාට පසු මටම පුදුමයි එයා මට මෙපමණවත් විවෘත වුන එක.
මේ අම්මගෙ තාත්තගෙ සැබෑ උණුහුම ආදරේ සෙනෙහස ලෙංගතුකම වෑඩිහිටි වියට පැමිණෙද්දි අහිමි වෙන එක් හදවතක දුක්බර කතාවක් විතරයි.. තව නොකියවුන කතා කී දාහක් ඇද්ද?
මේ යාලුවා ආදර සම්බන්ධ කීපෙකම පැටලුනා. ඒත් මේ මල්ලි, හරියට පෙම්වතියගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි මම කියන්න ඕනේ, මේ මල්ලි ආදරේදි හරිම අවංක , හරිම ලස්සනට ආදරේ ප්‍රකාශ කරන කෙනෙක්. ඒත් එයා ඒ හා සමානම ආදරයක් බලපොරොත්තු වෙනවා අනෙකගෙනුත්. එයයි වරද. ආදරේට වැඩියෙ හුරතලේ බලාපොරොත්තු වෙනවදත් මන්දා. ඒත් මේ මල්ලි හරිම ආදරනීය කෙනෙක්. හරිම හොඳ කෙනෙක්.
අපි ඉපදෙනකොට අපෙ අම්ම අපිව තුරුලු කරගන්නව සෙනෙහසින්. ඒත් සමහර අම්මලා තාත්තලා කරදඬු උස්මහත් වෙද්දි දරුවන්ව හුරතල් කරන එක නවත්වනව. එතකොට දරුවෙකුට දැනෙන මානසික පාලුව මෙතෙකැයි කියල කියන්න පුලුවනිද? කරදඬු උස්මහත් වෙද්දි තාත්ත දුවෙකුගෙන් ඈත් වෙනව නම්, අම්ම පුතෙකුගෙන් ඈත් වෙනව නම් මම හිතන්නෙ එතනින් තමයි දරුවන් නරකම ආදර්ශය ගන්නෙ. ආදරේ සම්බන්ධව. ආදරේ එතනින් එහාට ඔවුන්ට විඳින්න ලැබෙන්නෙ නෑ. දකින්නෙත් නෑ. ලමයි ලොකු වෙද්දි අම්මල තාත්තල තමුන්ගෙ කාර්‍යබහුල ජීවිතේ පිට දමල මේ යුතුකමෙන් මගහරිනවා. ආදර දැනෙන්න දෙන එක දරුවන්ට. කොටින්ම ඔවුන්ට එකිනෙකාට (අම්මාට සහ තාත්තාට) ආදරය කරන්න පවා අමතක වෙනවා.
මම මේ ලියන දේ නම් බොහෝ විට විවිධ මතවාදවලට හේතු වෙන්න පුලුවනි. ඒත් මම නම් හිතනවා දරුවෙකු ආදරය (අන්‍යානෙය) ආදරය හඳුනා ගත යුත්තේ අම්මා තාත්තා ඇසුරෙන් කියා.
අද කාලෙ අපෙ පරිසරයෙ සමහර අම්මලා තාත්තලා දරුවෙකු ඉස්සරහා අඩු ගානේ ලඟින් ගෑවෙන්නවත් ඉඳ ගන්නෙ නෑ. අතින්වත් අඩු ගානෙ අල්ලන්නෙ නෑ. අඩු ගානෙ අලුත් අවුරුද්දටවත් වැලඳ ගැනීමක්, හිසවත් සිඹීමක් කරන්නෙ නෑ. ඒ නිසාම දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි ආදරේ පෙනෙන්නෙ හරි බොල් දෙයක් හැටියට. කොටින්ම කියනව නම් පිරිමියෙක් තමා ආදරය කරන ගැහැනියට දැක්විය යුතු ලෙන්ගතු කම, ගැහැනිය තමා ආදරය කරන පිරිමියට දැක්විය යුතු ලෙන්ගතු කම, දරුවෙකුට උගන්වන්න පුලුවන් හොඳම ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි. එයාල එකිනෙකාට පෙන්වන ප්‍රකාශ කරන සෙනෙහස දරුවන්ට පෙනෙන්නෙ නෑති කොට එයාල ඒව ඉගෙන ගන්නෙ කොහෙන්ද ? හරසුන් හින්දි චිත්‍රපටි වලින්, පත්තර වල මල් කතා වලින්, චිත්‍ර කතා වලින් නෙමෙයිද? අනෙක් දරුණුම මූලශ්‍රය තමයි 'යාලුවන්' - කොටින්ම නුහුරු අත්දැකීම් වලින් කුල්මත් වුන යාලුවන්... අම්මේ තාත්තේ මේ ගැනත් හිතුවාද ?
අම්මගෙයි තාත්තගෙයි ලස්සන ආදරේ තරම් දරුවෙකුට ආදරේ ගැන දෙන්න පරමාදර්ශයක් තවත් කොයින්ද? අම්මගෙයි තාත්තගෙයි ප්‍රේම වෘතාන්තය ආදරෙන් දවස ගෙවෙන හැටි තරම් දරුවෙකුට වටින ආදර පාඩමක් තවත් තිබිය හැකිද?
දුවෙකුට කොල්ලෙකුට හිත යනවනම්, පුතෙකුට කෙල්ලෙකුට හිත යනව නම් , හිත ගිය ඕනෙ වැලි ගොඩක මාලිගා නොහදා හිතගිය දේ ආදරේද වෙන දෙයක්ද කියල විමසල බලන්න අම්මගෙ තාත්තගෙ උදව්ව තියනවනම් කොයි තරම් අපූරුද?
ආදරේ ඇරඹෙන්නෙ කොහොමද , හිත යන්නෙ කොහොමද , ඒ ඒ දේට නිසි කාලය මොකක්ද ? , තෑන නොතැන හැසිරීම් රටා මොනවද කියන මේ පාඩම අද බහුතරයක් දරුවො ඉගෙන ගන්නෙ තමුන්ම නිරීක්ෂණය කරලා එලැඹෙන මෝඩ නිගමන වලින්. එක්කෝ ටෙලිනාට්‍යයකින්. චිත්තරපටියකින්. මේක හොඳද? ඇයි අම්ම තාත්තට බැරි මේ සරල දේවල් ගැන කතා කරන්න. ආදරේ හිතෙන හැටි, ආදරේ කරන හැටි, එයින් දැනෙන දේවල්.යනාදිය. දරුවන්ට මේ වැටහීම නැති වෙද්දි තමුන්ට තමුන්ගෙ සීමාවල් තනියම තීරණය කරගනන් වෙනව. එක්කො සහකරුවාට නොදැනුවත්වම අනවශ්‍ය දේට පවා අවනත වෙන්න වෙනවා. ඔක්කොම වෙලා හමාර වෙනකල් තමුන් දන්නෙ වත් නෑ. ආදරේ සුප් හොද්දක් කියල මම කිව්වෙ නිකම්ද?
ඉතින් අම්මෙ තාත්තෙ, මේ කාර්‍යබහුල ජීවිතෙ අස්සෙම අපිට කියා දෙනවද ආදරේ...? ඔයාලගෙ ආදරේ නොදැකපු අර මල්ලි වගෙ උදවියට ජීවිතේම පැටලෙනවා ආදරය කරන්න නොදන්න කමෙන්. ආදරෙ එක්ක ජීවිතේම වරද්ද ගන්න පෙලඹෙන්න කලියෙන් අපිට ආදරේ විඳින්න කියල දෙන්න. අපිට ඔයාල දෙන්නගෙ ආදරේ පරමාදර්ශයක් කරන්න.
ආදරය රැඳෙන්නෙ කලුවරේ කාමරයක් ඇතුලෙ නොවෙන බව අපිට උගන්වන්න. එදාට මේ රටේ අතින් අල්ලගෙන යන පෙම්වතුන් දිහා වැඩිහිටියො රවා නොබලාවි. එදාට ඒ රැවුම් වලින් බේරෙන්න හිරිමල් කොල්ලො කෙල්ලො හෝටල් කාමර වලට නොදුවාවි.නුවර වැවරවුමේ බංකු වල කලු තාර ගාල පෙම්වතුන්ව අසල හෝටල් කාමර වලට අඳුරු බොක්ස් කුටි වලට අද්ද ගන්න මුදලාලිලට ඉඩ හදන්නෙ ඈයිද?
ආදරේ පාඩම් , තැන නොතැන, අම්මල තාත්තල ආදර්ශයෙන්ම දරුවන්ට කියා දෙන කාලෙක අපිට බස් සීට් මුල්ලේ රති කෙලි නොපෙනේවි. ආදරේ කියන්නෙ ගරහන්න හෝ හංගන්න දෙයක් නොවෙන බව දරුවො පසක් කරන තැන ආදරේ අපි ලෝකෙ පුරාම දකීවි. ආලින්දයේ , මහ පාරේ , කඩ සාප්පු වල, මුහුදු වෙරළේ හැම තැනම, 'අන්න පුතේ අර කපල් එක ආදරේ කරන ලස්සන!' කියල අපිට පෙන්වන්න පුලුවන් හෙටක් හැදේවි.
අක්කේ කියන්න වචන නෑ.....මාත් දරන්නේ ඔය අදහසමයි....
ReplyDeleteකෙලින්ම කිව්වොත් සැටිෆිකේට් ට්රූ....
උපරිම අනර්ඝ ලිපියක්...අත්දැකීම් සහිතවමයි කියන්නේ....
ගොඩක් වාසනාවන්ත කෙනෙක්. බනින්න ගහන්න, සැර කරන්නෙ අම්මෙක් තාත්තෙක් ලඟ ඉදලා තියනවා පොඩි කාලෙ ඉදලම.
ReplyDeleteමේ කියන ඒවගෙ ලොකු ඇත්තක් තියෙනවා. දෙමව්පියො කොච්චර ආදරෙන් හිටියත් ළමයිට ආදරේ ගැන ලිංගිකත්වය ගැන හංගනව ගොඩක් වෙලාවට. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ඒ දේවල් අසම්මතයි කියන හැගීම ළමයි තුලට කාවැදෙන එක. අපිටත් වෙච්ච දේවල් තමා ඔය..ලස්සන ලිපියක්!!!
ReplyDeleteගොඩක් වටින කතාවක්... එක පැත්තකින් ඇත්තක් තියෙනව. ඒත් මේ ඇනෝ කියන විදිහට බනින්න ගහන්න, සැර කරන්න් හරි අම්මෙක් තාත්තෙක් ලඟ ඉන්න එකේ වටිනාකම දැනෙනව ඇත්තෙ එහෙම නැති ළමයින්ට... අපි කවුරුවත් සර්ව සම්පූර්ණ අය නෙමෙයිනේ. මොන තරම් අඩුපාඩු තිබුනත් කවදාවත් දෙමව්පියන්ට දොස් කියන්න හොඳ නෑ. අපි දෙමව්පියන්ට තියෙන ණය කවදාවත් ගෙවන්න බෑ. උපන් වෙලාවෙම කුණු ගොඩකට නොදමා අවුරුදු විසි ගානක් කන්න දීපු පිනටම නිසාම අපිට එයාලට ඇඟිල්ලක් උස්සන්න අයිතියක් නෑ.
ReplyDeleteමනුස්සයො වෙච්චි අපට තීයෙන එක ගතියක් තමයි කොච්චර ලැබුනත් දුක් වෙන්නෙ නොලැබුන දේ ගැන.
මටත් තේරෙනවා එයාගෙ හිතෙ තියෙන දුක මොන වෙගේද කියලා. ඒත් එයාට ඒ තත්වයෙන් ගැලවෙන්න පුලුවන් කියන්න.ඒ මල්ලිට කියන්න එයාට හිත හදාගන්න කියල අම්ම තාත්තා නැති ළමයි දිහා බලලා.සර්ව සම්පූර්ණ ජීවිතයක් හොයනවට වඩා තියෙන දේ ගැන හිතුවොත් ඔයිට වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා කියන්න.
හ්...ම්....කියන්න දෙයක් ඉතුරු කරල නෑ.සුපිරියටම ලියල තියනවා.
ReplyDeleteකියන්න දෙයක් නෑ. කමෙන්ට් එකකටවත් ඉඩක් නෑ. හරිම කටුක සත්‍යක් ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteපුංචි කාලෙදි ලැබෙන අත් දැකීම් ජීවිතේට කොච්චර බලපානවද කියල මාත් හොදට දන්නව. ඒව අපේ දරුවන්ට අපේ අතින් නොවෙන්න අපි වග බලා ගන්න ඔන. කොච්චර මොනව උනත් අපේ දෙමාපියො ගොඩක් දේවල් කරන්නේ කියන්නේ අපේ අනාගතේ හොද කරන්න. ඒත් සමහරක් දේවල් එයාල අතින් මග ඇරෙනව.
ReplyDeleteම්....මට කියන්න වෙන්නෙත් දිනේෂ් කියපුදේ තමා.....
ReplyDeleteකියන්න වචන නෑ.....මාත් දරන්නේ ඔය අදහසමයි
ReplyDeleteඅපි මාලු අල්ලන්න දැල් දැම්මම දැලට වඩා ලොකු ඔක්කොම අහු වෙනව..ඒත් ඒ ඔක්කොම මාලුද???
ReplyDeleteමෙතන තියෙන්නෙ ඔබ කියන අන්දමේ මාපිය දූදරු කොමියුනිකේශන් ට්‍රබල් එකක් නෙමෙයි...
තව මිනිහෙක් කෙරෙහි අපේ අය කොතෙක් සංවේදීද කියන කාරනය..
ඔබ මේ කියන පිරිමි ලමයගෙ ගර්ල් නෙමෙයි,,අම්මත් නෙමෙයි,,තාත්තත් නෙමෙයි,,ඒත් ඔබ ඔහු වෙනුවෙන් පෙනී සිටිනව..ඒක තමා වැදගත්..
ටිකක් හිතන්න ඒ ගෑනු ලමයි මේ කොල්ලට අකමැතියි කියලත් මෙයත් එක්ක ටිකක් හොඳින් හිටියනම්..
*කෙලින් කතාකිරීම....
*දැඩි තීරන ගැනීම...
*අපක්ශපාතී වීම....
*නව පරිසරයකට හැඩගැසීම
ආදී දේවලින් අපි සමාජයක් විදිහට ගොඩක් පසුගාමීයි..සමහරවිට ඒක අධ්‍යාපනේ වරදක්...පොතක අකුරු පාඩම් කරගෙන විභාග පාස් වෙලා අපිට උගන්නන්න එන ගෝතය අපේ රටේ දෙවියෙක්..කොටින්ම සල්ලි ගෙවල ටියුශන් ගියත් ළමයෙක් ප්‍රශ්ණ අහන්නෙ නෑ..මොකද ඊයම් වාගෙ බස්සල තියෙන්නෙ "දෙවියන් කෙතරම් විශාලද" කියල..
මව්පියො ළමුන්ගැන අවදානය දැක්වූ පලියට ඉම්බ පලියට ප්‍රශ්ණ විසඳෙනවනම්...ශා...එහෙනම් මේ කොළඹ ඉන්න "සුපිරි පැලැන්තිය" ළමයි ගැන කලකිරෙන්නෙ ඇයි???
ආනේ මන්දා ඇයි මිනිස්සු බැන්දහම ඔය දේවල් නොකරන්නෙ කියලා?
ReplyDeleteහොද ලිපියක් දිල්.
සංස්කෘතිය කියන මගුලෙන් අපේ ලංකාවේ අයගේ හැසිරීම් බන්ධනය කරලා තියෙන්නේ... ඒක නිසා තමා ඔය ප්‍රශ්නේ ඇතිවෙන්නේ...
ReplyDeleteඅද මෙහෙම කථා කරන ඔයත් හෙට දවසේ අම්ම කෙනෙක් වුනාමත් කරන්නේ නෑ.. ඒකට හේතුව තමා මම ඔය මුළින් කිවුව හේතුව.. එහෙම නැතුව අපේ අම්මලා තාත්තලා තරුණ කාලේ ආදරේ කරලා නැතුව නෙවෙයිනේ.. ඒ දවස් වල එයාලත් හිතන්න ඇත්තේ අද මේ ඔයා හිතලා තියෙන විදියට වෙන්න පුළුවන්..
මනුස්යෙක් පරිණත වෙනකොට වගකීම වැඩිවෙනකොට සමාජ සාරධර්ම කියන ඒවට සීමා වෙලා ඒ සීමා ඇතුලේ ඉදන් හිතන්න මතන්න ගන්නවා.. අන්න එතනදී තමා එය දේ වෙන්නේ..
මම ලිවුවේ මගේ පෞද්ගලික අදහසයි...
ජය වේවා... !!
වැඩිහිටියන් ළමයින්ට ආදරෙන් හිටියත් නැතත් ආදරය ගැන, ලිංගිකත්වය ගැන ළමයින්ට හංගන ස්වභාවයක් ලංකාවෙ තියෙනවා. ඕකෙ ප්‍රතිළුලය වෙන්නෙ ළමයි ඔය දේවල් අශෝභන දේවල් විදිහට දකින්න පෙළඹෙන එකයි. මේ කාරණය මටත් අදාලයි. බොහොම ලස්සනයි ලිපිය!!!
ReplyDeleteanonymous
ReplyDeletedawasaka daruwanta ha swamiyata dena adre gana pennwanna ,dahin dakinna oya ape gedara enna dil.man kawda kiyala oya dannawa.e athine.
oyta unath adare karanna mata puluwani.mage parinatha weema hamotama dena adare wagemai.oya honda amma kenek wewi,hithata duk ganna epa.eyalath waradi ne.e ape samajakrame warada.oya liyana de wadihitiyanta therum karanna du daruwanta puluwani nam lokaya kochchara sundara wewida.
suba anagathayak wewa.
අපිවත් විවෘතව ලෝකය ගැන සිතන්න පටන් ගත්තොතින් මේ ලෝකයේ අනාගත පරපුර සාර්ථකව ලෝකයට මුහුණදේවි නේද මිස්..?
ReplyDeleteමම දන්න විදියට නම් අපි අතරම පදනම් විරහිත ආකාරයට බොළඳ විදියට හිතන අය තවමත් ඉන්නවා.....
මත් සොරෝවා කියපු දේට එකඟ වෙනවාzzz :D
ReplyDeleteමාත් සෝරෝත් එක්ක 100% ක්ම එකගයි.
ReplyDeleteමේ වගේ දේවල් ගැන කතා කරද්දි අපේ සංස්කෘතිය තමා මුල් තැනට ඇදල ගන්න වෙන්නෙ. සංස්කෘතියට අමතරව තව ආගම සදාචාරය වැනි දේවලුත් භාවිතා කරන්න පුළුවන්. මේ දේ වෙලා තියෙන්නෙ අපේ වැඩි හිටි උදවිය බොහෝමයකට තරුණ කාලයක් තිබුන කියල මතක නැති එක. උදාහරණයකට බලන්න දැන් දොරමඩලාව වැඩ සටහනට සහභාගි වෙන අය ගැන. ඒ අය කතා කරන්නෙ ඒ අය තරුණ කාලයක් නැතිව ළමා කාලයේ ඉදල වයසට ගිහිල්ල කියල හිතාගෙන. මේව වැරදිලාවත් තරුණ අය අහන් හිටියොත් කියයි මුන්ට පිස්සු කියන, නමුත් ළමයි අහන් හිටියොත් හිතයි අපි මේ අය කියන විදිහට තමා ඉන්න ඕනි කියල. පොඩි කාලෙ ඉදල අපේ අය රාමුවක් ඇතුලත තමා හැම දේම කරන්නෙ කියන්නෙ, හිතන්නෙ. මේක ලංකාවට පමණක් පොදු දෙයක් නෙවෙයි. බහුතරයක් තුන්වන ලෝකයේ රට වලට පොදුයි. මම දක්න විදිහට මේ නිසා තමා අපේ රටේ වගේ බොහෝ බහුතරයක් රටවල නවෝත්පාදනයන් බිහි නොවන්නෙ. ඒ නිසා තමා සිතුම් පැතුම්, ගතිලක්ෂණ, ආකල්ප වෙනස් කරගන්න බැරි බොහෝ අයට.
කාලයට ඔබින කතාවක්!! කියන්න දෙයක් ඉතුරු වෙලා නැති ගානයි...එක නිසා විශිෂ්ටයි කියලා නවතින්නම්
ReplyDeleteවිශිෂ්ට ලිපියක් ... කියන්න වචන නෑ
ReplyDeleteමුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ වගෙ වටිනා අදහස් ගොන්නක් එක්ක හරවත් සංවාදයට දායක වුන හැමෝටම. අපි ගොඩ කාලෙකින් මේ වගෙ සංවාදයක් කලේ. මේ සංවාදෙ ඇතුලෙ රවා මල්ලි ගූගල් බස් එකෙ දාපු කමෙන්‍ටුව සහ අපෙ තනෝජා අක්ක අතින් ඩිලිට් වුන කෙමෙන්‍ටුව තිබ්බ නම් තවත් අපූරුයි.
ReplyDeleteඇනෝ කෙනෙක් ලිවව් කමෙන්‍ටුවකට මම සාමාන්‍යයෙන් උත්තර ලියන්නෙ නෑ.ඒත් මෙතන ඇනෝ ලිව්වෙ සංවේදි දෙයක් නිසා ඇනෝට මම ඉඩක් දෙනවා. ඔව්, ඇනෝ වගෙම ඇනෝගෙ කතාව අනුමත කල තාරා කී දේ වටිනවා. මම මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ අපෙ අම්මල තාත්තලට හෝ එයාල අපිව හදනන් වෙච්චි මහන්සියට ගරහන්න නෙමෙයි. ඒත් අපි අම්මල තාත්තල වෙන දාක මේ දේ හිත තුල රඳවගන්න පුලුවනි නම් සමහර අපිට අතපසු වුන දේවල් අපෙ දරුවන්ට අතපසු නොකර ඉන්න අපිට පුලුවනි. මේ ලිපියෙ අරමුණ එයයි.
බැචා , ඇත්තටම ඔව්. කමක් නෑ. අම්මල එවුව හැන්ගුවත් ඊට මෙහා තියන ආදරය ගැන කතා කරන එකත් හංගන එකෙන් දරුවෙක්ට ගොඩක් දේ අතපහු වෙනව. මෙහිදී ආදරෙ කියන්නෙ කොල්ලො කෙල්ලො අතරෙ තියන ආදරෙ විතරක් නෙමෙයි. ආදරේ කරන හැටිවත් අඩුම ගානේ ප්‍රකාශ වෙනවනම් දරුවො දරදඬු වෙන එකත් අඩු කරගන්න පුලුවන් බවයි මගේ හැඟීම.
තාරා, මම නම් දෙමව්පියන්ගෙ අඩුපාඩු ගැන දරන්නෙ මේ වගෙ මතයක්. අපි දෙමවියන්ගෙ අඩුපාඩු පෙන්වනන් ඕනෙ. එයාල කරන නරක දේත් අනුමත කරන්න කියල කිසිම ආගමකවත් කියන්නෙ නෑ. අපිට වැටහෙන දේ ඒ ඒ අයට ඒ ඒ ගරුත්වය දීල පෙනවන්න ඕනෙ.
අපි කරන්න ඕනෙ අම්ම තාත්තා නැති අය දිහා බලල හිත හදා ගනන් එක නම් අපිට ඒ දේ කරන්න හරිම ලේසියි. ඒත් අපි අපි අම්මල තාත්තල වෙන දාට අපේ හැඩෙහන්න ඕනෙ තවත් එක් අංශයක් පිලිබඳවත් දැනුවත් වෙමු නේද?
පුංචි කාලෙ මේ වගෙ දේවල් මග ඇරෙන අයට ජීවිතෙ කොච්චර මගැරෙනවද කියල නම් වැඩක් නෑ. ඒ වරද අපි අතින් නොවෙන්නයි අපි මේ ගැන කතා කරන්න ඕනෙ. නේද ශාමින්ද මල්ලි?
ඉන්දි... වටින අදහස් වලට ස්තූතියි ගොඩක්. ඒත් මගෙ නම් මතය ඉඹින වැලඳ ගනන් දෙමව්පියන්ගෙ දරුවන් සහ එය නොලබා හැදෙන දරුවන් අතර වෙනසක් තියනව. සියල්ල ඉන් නොවිසඳෙන බව නොරහසක්.. ඒත්...???
සෝරෝ මල්ලි. ස්තූතියි අදහස් වලට. ඒත් මම මේ ලිවීමේ මූලික අරමුන මේ 'අපේ' පරම්පරාව දවසක දෙමව්පියෙක් වෙන දවසක, කොහෙදෝ බ්ලොග් එකක කවුදෝ මේ වගෙ දෙයක් ලියල තිබ්බා. අපිත් මේ ගැන පරිස්සම් වෙන්න ඕනේ කියල මනස අවධි කරන එකයි.
සෝලෝ මල්ලි, ඔතන පෛ පරිණත වෙනව කියන දේ හරියට වෙනව නම් අපි පරිණත වෙන්න වෙන්න අපි හිතන සීමා පුලුල් වෙනවා. විවෘත වෙනවා. හිර වෙනවා නෙමෙයි.
අපි මේ විවෘත මනස නිරන්තර අභ්‍යාසයෙන් පවත්ව ගනන් උත්සහ කරමු නේද ? හැම දේම රට යන අතටම ඉඩ නොදී??
හර්, ඔබට ගොඩාක් ස්තූතියි.. මා පිලිතුරේ ලිවිය යුතු බොහෝ දේ ඔබ ලියලා ඊටත් වඩා හොඳින්... ස්තූතියි...
මීට අමතරව මගෙ ලිපිය පසසලා මෙහි ලිව්ව දර්ශන, ඩීප්ස්,ජේඩී, රොශාන්,බැචා, නිශ්, ඩාක්,තුසිත,කසුන්. දිනේශ්,හසි මල්ලි..ඔයාල හැමෝටම ස්තූතියි...
මේ වගෙ සංවාද දිගටම ගොඩ නගමු. එයින් එක අඳුරේ ඉන්න හදවතාට පහනක් වෙමු. ඒ ඇති නෙවද?
සංසාරේ අපි වෙත ගොඩ වී කියවා, කමෙන්‍ටු ලියා හෝ නොලියා ගිය හැමෝටම ගොඩාක් ස්තූතියි.....
වැදගත් මාතෘතාවක්. දෙමාපිය දරැවන් අතර සම්බන්ද කම කියන කාරනය කෝක වෙතත්.මේ තත්වයට වැදගත් වෙලා තියෙන්නෙ සමාජය.මොකද මේ සමාජය, මේ දෙවල් සංකෘතියක් ඇතුලෙ හංගල අමුතුම එකක් සමාජගත කරල තියෙන්නෙ. දෙමාපියන් විදිහට ආදරය ලිංගිකත්වය කියන කාරනය හැංගීම සමාජ ගත වෙලා තියෙන්නෙ මේ හේතුවෙන් කියලයි හිතෙන්නෙ. ඔය ලිපිය කියෙව් ගමන් මූන අදුරැවන අය බෝමයි.මේ මොකාටද එන්න හදන්නෙ.කියල අහන එවුන් බොමයි.ආදරය කියන එක සමාජගත වෙලා තියෙන්නෙම වෙනම ස්වරෑපයකින්. ඕක වැඩිහිටි අතර විතරක් නෙවෙයි අපේම පරම්පරාවන් අතරත් ඔය වගේම මත දරන අය ඉන්නව.
ReplyDeleteඅපි දෙමාපියන් වෙච්ච දවසට මේ ක්‍රමේ වෙනස් කරමු කියන එක හොද අදහසක්. ඒක සමාජ විප්ලවයක්.ඇත්ත ළමයෙක් වැඩිහිටියෙක් වෙද්දි වැඩිහිටිය කියන්නෙ මෙන්න මූට කියල දකින්නෙ ඔහු දකින සමාජයෙන්. ඒක කෘතිම විලම්බීතයක් වුනහම ඒ ආභාශය ඔහු තුලිනුත් සමාජගතවෙන එක සාධාරනයි.ළමයෙනක් වැඩිහිටියෙක් වෙන එක හරියට දළබුවෙක් සමණළයෙක් වෙනව වගේ වැඩක්. මේ කෝශෙ තියෙන වැරැද්දක්. එක නිසා සමණලයෙක්ටත් නැති දළබුවෙක්ටත් නැති අමුතුම සත්තු බිහිවෙච්ච වෙලාවත් තියෙනව.
හැබැයි මේමයි.පරිසරය අන්ත විකෘති තත්වයක වුනත් සුන්දර මිනිස්සු සුන්දර ආකල්ප ධාරීන් බිහිවෙච්ච අවස්ථා නැතුවම නෙවෙයි. ඒ ඒ පුද්ගලයගෙ තියෙන සුවිශේෂත්වය.
කොටට අදින එකත් නීතිගත ප්‍රශ්ණයක් වේගෙන එන සමාජයක.දෙමාපියන් විදිහට අපි දකින ආකල්ප සමාජ ගත කරන එක විප්ලවයක් වේවී. මේ ආකල්ප විප්ලවය සමාජගත වෙන්න ඔන දෙයක්. සැමට ජය... දිගටම ලියන්න...
As I see, we should look at these things from a wide angle. All most all of you challenge the restrictions in our culture, and it indirectly suggests that the more open life style is better.
ReplyDeleteWe can see a serious social break down in western cultures. For example Teenage Pregnancy is a problem in England.
We can't say one is black and one is white , both have their own pros and cons.
That's why lord Buddha said about "MADYAMA PRATIPADAWA ".
I guess Asian culture is somewhere near to middle, considering the two extreme examples of Arabic culture and Western culture
ටිකක් පහු වෙලා හරි මේ ලිපියෙ සංවාදය අවසන් කිරීම හොඳ බව හිතුනා..
ReplyDeleteඈත්තෙන්ම මගේ මේ ලියමනේ අරමුන වුනේ මේ නොපෙනෙන පැත්ත පෙන්වීම.... කලු හෝ සුදු අන්තයක හිඳ මේ ලිපිය ලියන්නට මා අදහස් කලේ නෑ. මේ කොමෙන්ටු අතරින් මට හිතෙන්නේ එක් පසෙකට ඇලවූ සංවාදය සමබර වූ බවයි... මගේ හැම ලිපියකදීම මා බලාපොරොත්තු වන්නේත් එයයි....
අදහස් ලියූ හැමට ස්තූතියි...
i havet singhala fronts please contact me i have sume storees so sad
ReplyDeleteallmost this is nice work
face book con:buddhika atapattu a/pura
කාලීන ලිපියක්. ඇත්තමයි මමත් ඕකටනම් එකඟයි.
ReplyDelete