ඒ දවස් වල මටත් වයස 21යි... මටත් හරි අපූරුවට තරහ යනවා මුන්ගෙ දඟ වැඩ වලට... ඕලෙවල් පන්ති එන ඈම්බැට්ටයින් කල කී දේවල් නිසා පන්තිය ඉස්සරහම අඬා වැටෙන්න තරම් ලාමක ටින් ටින් ඒ කාලෙ මම.. ! ඉගෑන්නිල්ලටත් මම අලුත්නේ... අම්මේ උන්ට තියන ස්නීපයක්..මට වද දෙනකොට...! ඉතින් මට දෙවි පිහිටයි මේ නහරකාරයා එක්ක නම්.. අපි මේ නහරකාරයාට නමක් දාමු... ඇලෙක්ස්...
මට අද වගෙ මතකයි... පරිගනක උපාධියක පලමු අවුරුද්දක් තමයි NCC කියන්නෙ... Business Organization කියන විෂයය ඉගැන්නූ සෑම්, බබා හම්බ වෙලා මාස 3 නිවාඩුව ගත්තාමයි මට මේ සොඳුරු අකරතැබ්බය වූයේ... ඈ අවසන් කල විශය නිර්දේශයෙ ප්‍රශ්න පත්‍ර කිරීම සහ නොකල පාඩමක් කිරීමට භාර වුනෙ මට...ඈ එනතුරු..
***
මට දෑන් නම් අද වගෙම මතකයි... ඒ මොහොත... මුල් දවසේ ගෑනු දරුවො දෙන්නෙක් එක්ක ගෙවී ගිය සාමකාමි පන්තිය අවසානයේ පන්තියෙන් එලියට යන කෙල්ලො දෙන්නා එකපාරම කෑ ගහන්න පටන් ගත්තා.. මිස් මිස්... අපි හිටියෙ මෙයා එනකල් තමයි... මිස් මේ ඈලෙක්ස්... එයාත් අපෙ පන්තියේ එක්කෙනෙක්.. මිස් එයා ලබන සතියෙ ඉඳන් පන්ති එනවා.. මිස්ට ලේසි වෙන්නෙ නෑ මෙයා පන්තියට ආවම...
මම හොඳට ඈස් පිහදාලා බෑලුවා...
කොන්ඩෙ උරහිසට විතර වවා ගත්තු, ඒ කොන්ඩෙන් හරි අඩක් නෙමෙයි මුලු බූස කොන්ඩෙම දූඹුරු පාට කරපු... ඒකත් හරියට නොපීරපු... ඉන්ටනෑශන්ල් ඉස්කෝලෙක නිල ඈඳුමක් එහෙන් මෙහෙන් බාගෙට ඈඳපු , එක උරහිසක සෑක්සෆෝනයක් එල්ලගෙන , මගෙ දිහා වඳුරු මූනකින් විරිත්තගෙන හිනා වේගෙන බලාගෙන ඉන්න ... ඈ...ලෙ...ක්...ස්... !
හොඳම හරිය.. මේ ඈම්බෑට්ටයා අපෙ ආයතනයෙම ඉතාමත් ජෙයෂ්ඨ මිතුරෙකුගෙ කසින් බ්‍රදර් !!!! මගෙ උගුර කට වේලුනා..අහෝ දෙවියනි !
මමත් හිනා වුනා.. කොටින්ම ඈඬුනා.. කොල්ලා කට ඈරියා...
මිස්..ඔයා ඕව ගනන් ගන්නෙපා මිස්.. මේ මෝඩ කෙල්ලො ඔහොමමයි... බලන්න එන සතියෙ ඉඳල පන්තිය කොච්චර ශෝක්ද කියලා...
කියපු තාලෙටම මට තේරුනා ලබන සතියෙ ශෝයි බව ! :-)
****
ඒ කිව්ව ලබන සතිය උදා වුනා... මම හිතුව විදිය බොහොම මදි...
වාක්‍යයක් ගානේ මට කියන්නට නොදී විහිලු කරන, මගෙ මොබයිල් ෆෝන් එක අරගෙන මගෙම තේ කෝප්පයේ තේ වතුර ගාවටම ගෙන යමින් ඔබන්නට සෑරසෙමින් මූන දිහා බලන් ඉන්න, මම කෑගහන තුරු එය ඉවතට නොගන්න, ලඟ ඉන්න කෙල්ලන් දෙන්නාගේ කොණ්ඩෙන් අදින , හිතුන ගමන් බිම තියන සෑක්සෆෝනය අරගෙන මුලු බ්‍රාන්ච් එකටම ඈහෙන්නට පිඹින, එතෑනින් එහාට ඒ අසා පන්තියට එන වෙනත් කොලු කෙල්ලන්ට මගෙ පාඩමේ විනාඩි 15ක් පමන ගෙන සෑක්සෆෝන් ගහන හෑටි කියා දෙන... , මගෙ පොතේ කුරුටු බලි අඳින... මම උගන්වන වාක්‍ය දහයකට ඈනුම් දහයක් යවමින් ඉවර වෙන වෙලාව අසන , ඔක්කොම උගන්වා ඉවර වූ පසුව ඒ ඔක්කොම ආපහු අසමින් තෙරුනෙ නෑති බව කියා මා වෙහෙස කරවන... ඈ... ලෙ...ක්ක්.... ස්.... !!!
අහෝ ඔබට සිතා ගත හෑකිද ?
සිනා නොවී සිටිනු අපහසුය ! මම තොල හපාගෙන උගන්වමි.. ! කෙල්ලන්ටද එසේමය ! උන් නම් කෑකිරි පලති.. තරහ නොගෙන සිටිනු අපහසුය ! එතරම්ම යකා ආරූඪ වෙන නහර වයසේ මමද පසු වූ නිසාම... ඒත් කියා ගන්නට බෑරි සුන්දර කොලු කමත් ලමාකමත් ආදරය සොයන දඟකාර කොලු ගතියත් නිසා බණින්නටද දිව නොනැමේ.... මන් හිතන්නෙ ඔය හොර ගෙඩියත් ඕකම දෑනගෙන හිටියා...හෑමෝම ඌට ආදරෙ බව... ඌ කොච්චර වදයක් වුනත්.... ඈත්ත ... පන්තියම විතරක් නෙමෙයි බ්‍රාන්ච් එකම පාලුයි උගෙ විකාර නෑතිකොට...
ඌ එක්ක පන්තියක සීරියස් උගන්නනවා බොරු! ඒත් මටම දෑනුනා මේ නහරකාරයා මට හරිම ආදරේ බව .... ඌට ඕනෙ හෑටියට නටන්න දෙන එකම ටීචර් මම වෙන්නෑති ... අත්දෑකීම් අඩු නිසා ඔය වගෙ එවුන් එක්ක ඩීල් කරන්න මටත් එච්චර තේරුනෙ නෑ...
****
කාලෙ ගියා.. මේ වගෙ යුද්දයක් මෑද්දෙ කොහොමෙන් හරි පන්තිය කලා...
මගෙන් අර ජෙයෂ්ඨ මිත්‍රයා හැමදාම අහනවා..
ඈලෙක්ස් කොහොමද..ඌ ටිකක් අමාරුකාරයා නේද ? වෑඩ කරනවද ??
ඈත්තටම ඔය කිසි එකකට මම උත්තර බෑන්දෙ නෑ,, මොකද එයා උත්තර ටික දන්න නිසා... :-)
****
එක දවසක්... මේ නහරකරයාට අලුත් මෑර සිතක් පහල වෙලා...
කෙල්ලො දෙන්නයි මායි මේකායි... පන්තියේ... මේක ලඟට ආවා... එන පොට හොඳ නෑ... මොකක් හරි කස්ට වෑඩකට තමයි...
මිස් මොකක්ද ඔය නහයෙ...
මේකා අත උලුක් කරන් එද්දි කෙල්ලො දෙන්න කෑගෑහුවා..
ඈලෙක්ස්.. ඔය අපි නෙමෙයි.. අපේ මිස්... එපා..මෝඩ වෑඩ කරන්නෙ හෙම නෑ...
ඒ කියල කටගන්න උන්ට ලෑබුනෙ නෑ.... දෙකට නෑවුන දබරෑගිල්ලෙයි මෑදෑගිල්ලෙයි මෑද්දට මගෙ ලොකු නාහෙ අහු උනා විතරයි මතක... එක මොහොතයි... මේකා උඩ පෑන පෑන හිනා වෙනවා... කෙල්ලො දෙන්නා බය වෙලා.. බය වෙන්ඩම කාරිය...
තෑපෑලෙන් වේදනාව එන්ඩ ඉස්සෙල්ල, බයටයි තරහටයි ඈස් දෙකෙන් කඳුලු ගලන්ඩ ගත්තා ඉබේටම....ඊට පස්සෙ වේදනාව.. නාහෙ ගෙඩි ගෑහෙනවා වගෙ රතු වෙන්න ගත්තා.. ඉදිමෙන්න ගත්තා.. දෑන් නම් නටන දඟලන හිනා කාරයාටත් පොඩ්ඩක් බය හිතිලා...
අනේ මම විහිලුවක් කලේ මිස්.... සොරි මිස්... අයියෝ රිදුනද මිස්...
මගෙ ඉවසීමේ සීමාව අන්තෙටම ගියා.. දුන්නා ගින්දර පිටවෙන බෑල්මක්...
රිදුන එක නම් මොකෝ කිව්ව හෑකි... මුගෙ තිබ්බ බය නෑති කම... !!!!!!!! ටීචර් කෙනෙක් කියල නොහිතපු නෑහෑදිච්ච කොල්ලා... මට කේන්තිය වාවගන්න බෑහෑ. ඒත් වචන එන්නෙත් නෑහෑ.
ඒ නම් මෑදෑයි.... බ්‍රාන්ච් එකෙ හොඳම ඕපාදූප ගුරුවරිය එක පාරම දොර ඈරන් ඈතුලට ආවෙ ඒ වෙලාවෙ....
මල විනාසයයි.. මම අඬනවා... හෙවත් කඳුලු පෙරෙනවා.. නාහෙ රතු වෙලා... කෙල්ලො දෙන්න බය වෙලා බලාගෙන මම දිහා.. ඈලෙක්ස් බය වෙලා..ඒත් බය වහගන්නදෝ හිනා වෙනවා....වෙලාවට කෙල්ලො දෙන්න උන්නෙ. නෑතිනම් තව මොනා හිතාවිද දන්නෙ නෑ...
ආවා.. ඈ ආව වේගෙන්ම ගියා... දෑන් ඉතින් මට කොහොමත් උත්තර දෙන්න වෙනවා... බ්‍රාන්ච් එකටම...
එලියට යනකොට ස්ටාෆ් එක මට වඩා බය වෙලා... ඊට කලින් උන් මන් අඬනවත් දෑකල නෑනෙ.... (දුටු අය එය මොන තරම් අජූත ඛේදවාචකයක්ද කියා දන්නවා ඇත) :-)
දෑන් ඉතින් උත්තර බෑඳපල්ලකො.. මොන ව කරන්නද .. ඒත් ඌට පනිශ්මන්ට් දීල කරදරයක් කරන්න තරම් ඌ නරක වෑඩක් කලෙ නෑති නිසා , මම ගෙහුන් කස්ටියට බොහෝම බර හෑල්ලු කරල කිව්වා..
'මේ මෝඩ ඈලෙක් මගෙ නාහෙ කඩන්න හෑදුවනෙ ' කියල හිනා වෙවී කිව්වා...
බ්‍රාන්ච් කෝඩිනේටර් බොරු තරහකුත් එක්ක හිනා වෙවී කියනවා
" හනේ බලන්නකෝ මේකා... හෑබෑයි ඕකාට අල්ලගෙන බනිනවා මේකට " කියලා....
ඒත් සිද්දිය මෙතනින් කෙලවර වුනෙ නෑ...
ඕපාදූප පතුරන ගුරු මානවිකාවට මේක , ඇලෙක්ස්ගෙ නැදැ ජ්‍යෙෂ්ඨයාට නොකියම බැරි වුනෙ උගෙ අවාසනාවට... කොල්ලාගෙ ඉරනම එයින් සුබ වුනෙ නෑ.. අනේ මේ කොලුවගෙ තාත්තගෙ කනට මේක ගියෙ කොයි තරම් දරුණු වෙලාද කියල මම අදටත් දන්නෙ නෑ...
ඒත් මේ දඩබ්බරයා තාත්තා විසින් අගුලු ලෑ කාමරයකට දමනු ලදුව නොසැහෙන්න පටියකින් තලා තිබුනා.. කතාව පියඹලා යන්න ඇත්තේ ලුනු ඇඹුල් ඇතුව වෙන්න ඇති...
මොනවා උනත් මේ දඟකාරයාට ගුරුවරියකට කළ විහිලුවක් සඳහා නොව ගුරුවරියක් දූශනය කල තරමට දඬුවම් විඳින්න වුනා... ඒ ඇසූ මට දැනුනේ දරාගන්නට බැරි දුකක්... දඩබ්බරයා සති කිහිපයක් පන්ති ආවෙ නෑ.. අපිව හිනා ගස්සන මේ කොලුවා නැතුව අපිට නම් පාලුවෙ බැරුවා... ඒත් සමහරු නම් හරිම සතුටු වුනා..
අපෝ දැන් නම් සැනසිල්ලෙ වැඩක් කළ හැකි.... කරදරයක් නෑ..
සමහරු එහෙම කිව්වා..
ඒත් මගෙ හිත දුකෙන් බර වුනේ මේ හැම දෙයක්ම වුනෙ මමත් සම්බන්ද සිද්දියක් නිසා වීමෙන්...
සති කිහිපයකට පස්සෙ ඇලෙක්ස් ආපහු ආවා. වෙනද වගෙම හිනා වෙවී.. දඟ කරමින්..මම උවමනාවෙන් බැලුවා.. මාත් එක්ක මේකා තරහ වෙලාද ? අපෝ නෑ.. වෙනද වගෙමයි... වෙලාවක් ලැබුන හැටියෙම මම ඇහුවා මොකෝ වුනෙ කියලා... අනේ මේකා හිනා වෙනවා..
අනෙ නෑ මිස් .. තාත්තට තරහ ගිහින්.. මම දන්නවා මිස් කවුද මේ කේලම මගෙ කසින්ට කිව්වෙ කියලා... මම මිස් එක්ක තරහ වෙන්නෙ මොකටද? ඒක අමතක කරන්න මිස්.... මොනව උනත් මගෙත් වරදනෙ..
කියලා කොල්ලා හිනා වෙනවා...
ඒත් මේ සිද්දියෙන් පස්සෙ කොල්ලා ඈත්තෙන්ම සෑහෙන්න මාත් එක්ක ෆිට් වුනා...
කොල්ලාගේ දස්කම් හෑකියා මම දකින්න ගත්තෙ ඉන් පස්සෙ.... ඈත්තෙන්ම ඒ සිද්ධියෙන් පස්සෙ වුනේ මේ පොඩි එකායි මායි හොඳම යාලුවො වුන එක...
වාසනාවට අර කසින් සොයුරත් කා ගැනවත් අහිතක් හිතුවෙ නෑ. එයා මට කිව්වෙ ඇලෙක්ස්ට පාඩමක් උගන්වන්න ලැබුන එක හොඳයි-ආයෙ ඔය වගෙ සීමාව ඉක්මවා යන විහිලු කරන එකක් නැති වෙන්න කියලා.
ඒක එක්තරා දුරකට හරි.... ඒකෙන් කොලුවා මාත් එක්ක අමනාප වුනෙත් නැති එක සහනයක්....
****
කාලයත් එක්කම මේ කොලුවගෙ තියන මානව දයාව , මිනිසුන් කෙරේ දක්වන ආදරය කරුනාව ඒ දඟකාරකම අබිබවා මට පෙනෙන්න ගත්තා... ලෝකයටම සතුට බෙදන සාන්තුවරයෙකුගේ විලාසය ඔහු චරිතය තුල මට පෙනෙන්න ගත්තා.. අවුරුදු 17දී වුවත් ඔහු දැක් වූ පරිණත අදහස් විටෙක මාව විමතියට පත් කලා..
කවියට, සංගීතයට ඔහු අසීමිත ආදරයක් දැක්වුවා. ඇත්තෙන්ම ඒ කාලෙත් ඔහු ඒ පාසලේ තුර්ය වාදන කන්ඩායමේ නායකයා..
මට කම්පියුටර් ඉගෙන ගන්න බෑ... ඒක තමයි හැමදාම කිව්වෙ....
මන් මේවාට ආස නෑ... කසින් තමයි මාව මේකට දැම්මෙ.. මට බැ...
මේ බෑ ගැවිල්ල මට උගන්නද්දි අහලම එපා වෙලා...
මිස් මට බෑ මිස්..මම ගිනි තියනවා මේ පොත දැන්..!
දඩබ්බර සිතුවිලි දෝරෙ යනවා
මම දන්නවා ඕකා ඔය මෝඩ වැඩ කරන්නෙ නෑ කියලා...
මම උගන්නනවා මේකා පොත පිටිපස්සෙ කවි ලියනවා.. බනින්නත් බෑ.. මොකද මාත් ඒ වගෙනෙ....
මිස් දැන් ඇති..මට නිදිමතයි.... පන්තිය පටන් අරන් විනාඩි පහලවයි... මූ ඉගෙන ගන්න බෑ කියනවා..
මෙච්චල් නොවෙන කිරි දරුවෙක් නලවනවා වගෙ කොටා ගන්න පාඩම් ඉස්ම ටිකක් අමාරුවෙන් පොවන්න මම වින්ද වදය දන්නෙ මම විතරයි...
මේ අහන්න ඇලෙක්ස්... ඔයා කම්පියුටර් ඉගෙන ගත්තම ඔයාට පුලුවනිනෙ ඕඩියෝ මික්සින් ඉගෙන ගන්න. මියුසික් වලට සොෆ්ට්වෙයා හදන්න.. ඇයි වැරදි පැත්තම බලන්නෙ.. කොයි තරම් අවස්ථා තියනවද...
ඇනුම් යන මූනෙ කටත් ඇරුනා..
'ඇත්ත නේන්නම්.... මිස් මට ඕනෙ මේව ඉගෙන ගන්න...'
ආ ඒකනේ මන් කිව්වේ. කොල්ලෝ ඔයාට මාරෙට හැකියා ගොඩක් තියන කෙනෙක්... දුර්ලභ කෙනෙක්.. නාස්ති වෙන්න එපා.. මම ඉර හඳ වගෙ දන්නවා ඒක... ඔයාට මේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන්...
ඇස් දෙක ලොකු වුනා... මට දැනුනා මම කිව්ව දේ ඌ හිතනවා,ජිවිතෙ පලවෙනි වරට කියලා..
තැන්ක්ස් මිස්... ඔයා විතරයි මට එහෙම කියන්නෙ... අනික් හැමෝම මගෙ මූනටම කියනවා මට කම්පියුටින් බැ කියලා.. තැන්ක්ස්.. මම වැඩ කරනවා... ඔය බෑ කියන උන්ට පෙන්වනවා මගෙ හෑටි මම !!!
එදා හිට දේවල් වෙනස් වුනා.. එක දවසක් ඇවිත් මේකා මගෙන් ශෝට් නෝට්ස් ගහන්න ඉගෙන ගෙන ගියා.ඌට පුදුම සතුටක් වුනා ඌ කල වැඩ මට පෙනවන එක.මගෙ සබ්ජෙට් නොවෙන ඒවයෙ පවා.. වැඩේ මෙහෙම අල්ලලා ගියා...
කොල්ලට ඉගෙන ගන්න ආසාව ඇති වුනා...
****
එක දවසක් මේක කඩාගෙන බිඳගෙන මන් හොයාගෙන ආවා..
මිස් මිස්... මන් මෙ බඩ්ඩක් කියන්න ආවෙ. මිස් විතරයි මට පුලුවන් කියල විස්වාස කරන්නෙ. මිස් මම අද ඕයාට පොරොන්දුවක් වෙනව. මිස් මම ඩිග්‍රියක් ගන්නවා, ඒකෙන් ෆස්ට් ක්ලාස් ගන්නවා.. මාස්ටර්ස් කරනවා. මම පී එච් ඩී එකකුත් කරනවා... මිස්ස් අයි විල් මේක් යෝ ඩ්‍රීම් ටෲ ! අයි ප්‍රොමිස් !
මගෙ හිතට දැනුනෙ පුදුම සතුටක්...
කිව්ව වගෙම කොල්ලා උපාධියෙ පලමු වසර පාස් කලා..ඊට පස්සෙ ගියා එන්ගලන්තයට....
යන්න කලින් දා මේ කොලුවා ගෙනාවා මට තැග්ගක්...ඒ තැග්ග තමයි ලස්සන සාරියක්... පරන උනත් තාමත් මා ගාව ඒක තියනවා..
මිස් දන්නවද.. මේ සාරිය මම ගත්තෙ මාස ගානක් මමම පොකට් මනි එකතු කරලා... මිස් මේක අඳින්න ඕනෙ හොඳේ...
මට දුකේ බැහැ...අනේ මම කිව්ව වචන දෙක තුන එච්චර වටිනවද ??? එදා මම ඇලෙක්ස්ට එක තැග්ගක් දුන්නා.. ලස්සන නෝට් බුක් එකක්. ඒකෙ මුල්පිටුවෙ මම ලිව්වා... මේ පොත එන්ගලන්තෙට අරන් ගිහින් කවි වලින් පුරවන්න කියලා...
ඒ 2007.. මම ඒ වෙනකොට එතනින් අස් වෙලා. ඇලෙක්ස් එන්ගලන්තෙට ගියා...ඒත් කොලුවා මගෙත් එක්ක සම්බන්දකම් අත්හලේ නෑ. ෆේස් බුක් එකෙ ඔන්ලයින් දකිද්දි එයා කිව්වෙ එක දෙයයි...
Miss you were the only one who believed I can... Miss You were my one and only one Inspiration"
මම හිතන්නෙ ගුරුවරයෙක් අහන්න ඕනෙ හොඳම දේ .ඒ වෙනුවෙන් මම කලේ එක දෙයයි. ඒ දඩබ්බර චරිතයේ වටිනාකම ඌටම පහදලා දුන්නු එක...
****
කාලය ගත වුනා.. පාස් වෙන හැම විභාගයම ඇලෙක්ස් මට කියා එවුවා..ඉතින්මෙහෙම තුන් වසරක් ගෙවිල ගියා... ඇලෙක්ස්ගේ ෆස්ට් ක්ලාස් හීනය ලකුණු කිහිපෙකින් මිස් වුනා. ඒත් දෙවෙනි උසස් පන්තියේ සාමර්ථයක් එක්ක හොඳින් උපාධිය නිම කරලා ඇලෙක්ස් ලංකාවට ආවා...
තව ටික කාලෙකට පස්සෙ මට දැන ගන්න ලැබුනා එයා ලන්කාවෙ ප්‍රමුඛ බැන්කුවක රැකියාවට ගියා කියලා...
මේ කතාව පසුබිමෙන් මන් තව දෙයක් කියන්නද? ඇලෙක්ස් කියන්නෙ කෝටිපතියෙක්ගෙ පුතෙක්... ඒත් එයා එයාගෙ වටිනාකම සල්ලි පිරුනු තැනක නතර කලේ නෑ... එයාගෙ ගමන එයා හොයා යනවා..
ෆේස් බුක් එකේ චැට් එකෙ දකින හැම වෙලාවෙම මේ කොලුවගෙ මුවෙහි රැඳුනේ එකම දෙයක්...
මිස් ඔයා නිසයි මේ හැම දෙයක්ම වෙනස් වුනේ...
****
කාලය ගත වුනා.. 2007න් පසු උපාධියට රට ගිය ඇලෙක්ස්ව මම 2011 වෙනතුරුම හැබැහින් දුටුවෙ නෑ..
පහුගිය දාක මම බම්බලපිටියෙ විජිතයාපා පොත් සාප්පුවටගොඩ වුනා.. යාලුවෙක් සමග.... පොත් අස්සෙ කරකැවෙද්දි දොර ඇරන් මා දෙසට ආවෙ මම වසර පහක් නොදුටු, හීලැ වූ දඩබ්බරයා!
මමත් ඔහුත් මොහොතකට ගල් ගැසුනා... කෝ අර ටින්ට් කරපු කොන්ඩෙ ? විකාර කරාබු සපත්තු?? කාලය විසින් බොහෝ දේ වෙනස් කර තිබුනා..
ලස්සන රෝස පාට කාර්යාල කමිසෙකින් කලිසමකින් සැරසුන අපූරු හුරුබුහුටි කඩවසම් තරුනයා මට මොහොතකට වචන අහිමි කලා...
ගල් ගැසුන ඔහු දැත් දිගු කරගෙන මා වෙත ආවෙ එදා නාහෙ කඩන්න හදපු දඩබ්බරයා ලෙසින් නොවෙයි....පරිනත අපූරු තරුණ කොල්ලෙක් හැටියට..බැංකු නිලධාරියෙක් හැටියට.. මට හිතාගන්නත් බැහැ...
දෙවියනේ මිස්ස්...... මට හිතා ගන්නවත් බැහැ...
බොහෝම හැගීමෙන් උණුසුම් ලෙස මා වැලඳ ගනිමින් ඔහු තැන්පත් කටහඬින් පවසනු අසමින් මම අසීමිත සතුටකින් ඉපිලෙන්නට වුනා...
මිස් ඔයාට කොහොමද ? (කියන්න දෙයකුත් නැහැ. චැට් ඔස්සේ මගේ ජිවිතේ බොහෝ දේවල් ඔහු දැන හිටියා) මිස් ඔයා දැන් හොඳින් නේද ? මිස්...
මගෙ හිතේ සතුටට වචන නෑ...
දෙයියනේ ඇලෙක්ස්..ඔයා ලොකු වෙලා. පිලිවල වෙලා...කෝ අර ටින්ට් කොන්ඩෙ ...? කොටින්ම ඔයා මහත්තයෙක් වෙලා.
ඔහු හිනා වෙනවා..
මම ඉතින් කියන්න ඕනෙ නැනෙ මිස්.. ඒ ඔයා නිසා කියල ඔයා දන්නවනෙ....
මිස් ඔයාට කියන්න තව ආරන්චියක් තියනවා. ඔයා අර දුන්නු නෝට් පොත.. තාම මගෙ ගාව පරිස්සමට තියනවා... ඔයා කිව්ව දේවල් හැමදාම මගෙ හිතේ තියනව මිස්.
මම කවි පොතක් පල කරන්න යන්නෙ මිස්.. අනිවාර්යයෙන් ඔයාට මම ආරාධනා කරනවා..මම අද මේ ආවෙත් කවිපොත් ගැන පොඩ්ඩක් කරුණු හොයන්න...
තව මොනව මම කියන්නද? ඔයා ජීවිතේ දිනල ඉවරයි කොලුවෝ... මට ආඩම්බරයි... !!!!
පසු සටහන:
මේ ආත්ම වර්ණනාවක් නොවෙයි... මට කියන්න ඕනෙ වුනේ එකම දෙයයි. මගෙ අවාසනාවට වෙන්නෑති, දුශ්කර ගම්මානෙක කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න දරුවන් වෙනුවට මට මුණ ගෑහුනෙම පෝස්ත් පවුල් වල නාගරික දරුවො..
ඒත් දරුවො දරුවොමයි.. ගම නගරය කියා වෙනසක් නෑ. ජිවිතේ හොයා යන , තමුන්ගෙම දහිරියෙන් නෑගිටින දරුවො කෝටිපති පවුල් වලත් ඉඳිනු දෑකීම සතුටට කරුණක්...
ඒ වගෙමයි කොයි දරුවා වුනත්, ගුරුවරයෙකුට පුලුවන් ඔහු තනන්නට හෝ නසන්නට... අත්හරින්නට පෙර වරක් උත්සහ කර බෑලීම වටිනවා.. හදන්නට බෑරි දරුවෙක් නෑ. එකම දේ උන්ව ඈත්තටම විස්වාස කිරීම සහ හදවතින්ම එන ආදරය... ! උන්ව අපූරු මිනිසුන් කරාවි...
මේ මගෙ ජීවිතේ මම හරිම ආසාවෙන් සිහිපත් කරන කතාවක්.... හෑමදාම හිතනවා බෙදා ගන්නට... ඒත් දිග වෑඩි නිසා ලියන එක පස්සට ගියා... ඒත් අද ඔන්න ලියුවා...ස්තූතියි ... මා ගුරුවරයෙක් කළ මගෙ දෛවයට !!!! :-)
ප ලි..
කොල්ලාගෙන් මම මූනු පොතේ අහල යැව්වා.. කමක් නැද්ද මේ පෝස්ට් එකට ඔයාගෙ පින්තුර දැම්මට කියලා.. අනෙ හරිම සතුටු වුනා.. දාන්න කිව්වා.. ඔන්න ඒ නිසා... වෑඩියෙ නෑ.. එක දෙකක් දාන්නම් හොඳේ .... ඔය ඉන්නෙ පල්ලෙහා... :-)
එදා....
උපාධිය ගත් දා....
මෙදා ....
සදා........
යාලුවනේ .. ඔහු වටිනා චරිතයක්... අහම්බෙන් හෝ මූනු පොතේ හමු වුවොත් , ඔහුගේ වටිනාකම අගය කරනු මිස අතීතයේ කළ දඟකාරකම් මත්තේ ඔහුව විහිලුවට ලක් කරන්න නම් එපා... ප්ලීස්... :-)
නියමයි දිල් අක්කේ.. මතු මතුවටත් ගුණ නැණ බෙලෙන් පිරුණු යහපත් සිසු පරපුරක් ලොවට දායාද කරන්නට දහිරිය, වාසනාව, ශක්තිය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා.
ReplyDelete---------
කතාව කියවනකොට එක මට නිකන් මැවිලා පෙනුන.. අක්ක අඬනකොට කොහොමට හිටින්න ඇත්ද ? :D
ෂා අක්ක ගැන ඔන්න අපිටත් ආඩම්බරයි :)
ReplyDeleteහරි ලස්සන කතාව..
ReplyDeleteමම මුල ඉඳන් අගටම කියෙව්ව..
බොහෝම ලොකු සතුටක් දැනෙනවා අක්කේ.ජය...
ReplyDeleteඇත්තටම සතුටුයි අක්කා ගැන.
ReplyDeleteඒ වගේම පෝස්ට් එක දිග වුණත් හරිම interesting.
:)
මට දැනුනේ මම chicken soup for soul කතා මාලාවේ එක කතාවක් කියවනවා වගේ..!! ඒ තරමට මේ කතාව වදිනවා..! ළමයින්ගේ පැත්තෙන් කල්පනාකරන ප්‍රතිශීලී අදහස් ඇති ගුරුවරියක් ඇලෙක්ස් ට හමු වුනු නිසා හොඳයි..., රජයෙන් දුන්න ගුරු මාරුවට වෛර කරන, මාසේ පඩිය විතරක් බලා පොරොත්තු වෙන.., තමා යටතේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලෝ කරදරයක් කියලා හිතන ගුරුවරියකට එහෙම මේ ළමයාව අහුවුනා නම්.., ප්‍රථිඵලය හිතා ගන්නට බැරිතරමට භයානකයි නේද..??
ReplyDeleteඅපූරු කතාවක් දිල්ශාරා..!! thumbs up!!
මමත් මේ වගේ වෙන්න ඕනෙ. මම අද ඉඳන් යක්ෂ පැටියෙක් වෙනවා. කවුරු හරි මිස් කෙනෙක්ගෙ නහය මිරිකනවා. ඊට පස්සෙ මමත් හොඳ ළමයෙක් වෙයි
ReplyDeleteදරුවෙක්ගෙ ඇස් දෙක පාදන එක තරම් පිනක් තවත් තියෙද?
ReplyDeleteනංගී ඔබට වාසනාවන්ත අනාගතයක් !!!
ReplyDeleteමට මතක්වුණේම To sir with love පොතේ සිංහල පරිවර්තනයක් වන "ගුරු තරුව ඔබයි" පොත.
ReplyDeleteඇත්තමයි ඔයා ගුරු තරුවක්! :-)
මම හිතුවේ නවකතාවක් කියවනවා කියලා...එ තරම්ම ලස්සනයි..
ReplyDeleteඅද ඇලෙක්ස් ඉන්න තත්වේ දැකලා අක්කා ආත්ම වර්ණනාවක් නොකර ගත්තොත් තමයි අක්කේ පුදුම..කෙනෙක්ව හදනවා කියන එක කරන්න කොච්චර අමාරුද..හුඟක් අය කියන්නේ එක්කෝ උඹ හැදියන් නැත්නම් මැකියන් කියනවා වගේ..එත් එක හිත ඇතුලට දාලා උඹ හැදියන් කියලා කරන්න පුලුවන් උතුම් හිතක් තියෙන කෙනෙක්ට විතරයි... අපිව ලෝකේට් දෙන්නේ දෙමව්පියෝ උනාට ලෝකෙන් අපේ ලෝකේ හොයලා දෙන්නේ ගුරුවරු..එකෙනුත් එ උතුම් දේ කරන්න හැමෝටම බැ..එ අතින් අක්කා වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගත්ත එ ඇලෙක්ස් වසනාවන්තයි..අද ඔයා එ පාර නොපෙන්නුවා නම් එයා නිකන්ම නිකම් කොල්ලෙක් විතරයි,,අද එයාට වටිනාකමක් තියෙනවා එ ඔයා නිසා..
අනේ හරිම ලස්සන කතාවක් අක්කියො
ReplyDeleteආඩම්බරයි මේ වගේ ගුරුවරු ඉන්නවා කියලා අහන්නත්
ReplyDeleteකියන්න වචන නෑ. එළ. උපරිම +1. මේ වගේ දිගටම ලියන්න. ඔබට ජය !
ReplyDeleteනියමයි දිල් නංගි, අපේ ලක් ඔටුන්නට තවත් වටිනා මැණිකක් ඔප දමා එබ්බවු ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි.
ReplyDeleteමේ කතාව කියවගෙන යත්දි මට මතක් උනේ අපි ගොඩක් වෙලාවට ඊ මේල් වලින් ඇවිත් කියවන මෝටිවේෂන් ස්ටෝරීස්. මේ කතාවෙන් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා දිල්. සමහර වෙලාවට අපි උනත් අපේ දරුවන්ගේ දඟකාරකම් කරදරයක් විදිහට සලකලා දඬුවම් කරනවා. ඒත් දෙයියනේ උන් ළමයි උනහම දඟ කරන්නෙ නැතිව වෙන මොනවා කරන්නද ?
මගේ පොඩි එවුන්ගේ දඟ කාරකම් ගැන අළුත් විදිහට හිතන්න මටත් පුළුවන් වෙයි අදින් පස්සෙ.
ස්තූතියි දිල්.
නියමයි.අපි කාටත් වටිනා ආදර්ශයක්.බොහොම ස්තූතියි
ReplyDeleteනියමයි දිල් . . .
ReplyDeleteමට හරිම ආඩම්බරයි නගේ උඹ ගැන . .
ජය
මේ ප්‍රතිචාර ටික කියවද්දී මට දැනුන දේවල් ටිකක් කියන්නද?
ReplyDelete1. ගුරු වෘත්තිය කීයටවත් අත් නොහැරිය යුතු බව.... මේ ටික කලකට වෙහෙසයි කියාගෙන ජීවිතෙන් ගුරු කම ඈත් කරන එක මොන අපරාධයක්ද? ඔව් මගෙ ජීවිතේ මම ඉදිරියටත් ගුරුවරියක් වෙනවමයි...
2. මම හිතන්නේ මම සේවය කරන සිසු පරපුර පුළුල් කරන්නත් කාලය හරි... ආදරේ , ගුරු හරුකම් , ආත්ම විස්වාසය අහිමි වුනු , සාරවත් හදවත් මේ රටේ ලෝකේ, ගම් තුලානේ , නගරයේ හැම තැනම හැංගිලා ඇති... ඒ වෙනුවෙන් ජීවිතේ නවතින්න නොවෙයි අලුතෙන් අරඹන්න මම නොහිතුවොත් මම මහා අපරාධකාරියක් කරන්නේ......ඉගෙන ගත්තෙ ඒ දේ ආදරෙන් ආපහු බෙදල දෙන්න නොවෙයිද?
3. මම හිතන්නේ මම හිතේ පතුලෙන්ම එන හැඟීමෙන් , ඇත්තටම මගෙ ජීවිතේ සිද්ද වෙච්චි කතාවක් ලියාගෙන ගිය නිසා සහ මේ සැබැ පින්තූරම මට කොලුවාගෙ අ අවසර ඇතිව දාන්න වාසනාව ලැබුන නිසා මේ පෝස්ට් එක ගොඩාක් ආදරය දිනා ගන්න ඇති....
4. අවුරුදු 27ක් වැනි කෙටි කාලයකදී , අවුරුදු 6ක් වැනි ඉතා කෙටි ගුරු ජීවිතයක්දී මේ තරම් දේ අත් දකින්නට විඳින්නට ලැබන එකම ජීවිතයේ තෘප්තිය ලඟා කර දෙන බව නම් කියන්නටම ඕනෙ...
සඳුන් මල්ලී, ගෙහාන් මල්ලී, ඉන්දි ,තීර්ථ යාත්‍රිකයා, අන්ශ් නගා, ලිශ් , මකර මල්ලි, පිණි බිඳු, හරී, මගේ ජීවිතය, නිම්ශා නගා, කඩේ හාමිනේ , ඩීප්ස් නගා, හූනා , දුමී අයියන්ඩි , පිස්සු පූසා , දුකා අයියන්ඩියා .... ඔබ හැම අගය කලේ මාව මෙන්ම , මේ තරම් සල්ලි කන්දරාවක් තියන පවුලක හැදෙමින් වැඩෙමින් , තමුන්ගේ මග හොයා ගෙන උතුම් ගමනක් යන මේ අපූරු සාන්තුවරයාව !!!! ස්තූතියි...
මේ ලිපිය කියවන්නට ඔහු සින්ංහල දන්නෙ නෑ.. ඔහු දමිල කතෝලිකයෙක්.. ඒත් සිංහල බාට හරිම ආදරේ කෙනෙක්.. බැරි බැරි ගාතේ ඉස්සර මා එක්ක සිංහල කතා කරනවා. කලක් ඔහු සිංහල ඉගේන ගත්තා ... මම කවදා හරි මේ මුලු ලිපියම ඔහු වෙනුවෙන් ඔහුට ඉන්ග්‍රිසියෙන් ලියා දෙනවා... මම ඔහු ගැන ලියූ ඉන්ග්‍රිසි පෝස්ට් එකක් තිබෙනවා 2007 ලියූ.. ඊට වඩා මේ ලියමන මම ලොකු හැඟීමකින් ලියුවා...
ස්තූතියි.. මේ ආදරනීය ප්‍රතිචාර වලින් මාව ගුරුවරියක් කරවන්නට දිරිමත් කල ඔබ හැමට ස්තූතියි
Great!
ReplyDeleteමගේ ජීවිතය ලස්සන යෙදුමක් මතක් කරලා....
ReplyDelete"ගුරු තරුව...!!!!"
නියමයි අක්කා! පෝස්ට් එක කොච්චර දිග උනත් එක දිගට කියෙව්වා.. ඇත්තටම ගුරුවරයෙක් කරන්න ඕන දේ අක්කා පෙන්නලා තියනවා.. ඇත්තටම දෙන්නාම හැමෝටම ආදර්ශයක්.. ආඩම්බරයි අක්කා ගැන :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑදා මෙදා තුර බ්ලොගයක දුටු සිරාම සිරා පෝස්ට් එක මේක.!
ReplyDeleteමේකෙන් උකහා ගන්න ගොඩක් දේවල් තියනව.
මේ වගේ තවත් බොහෝ සිදුවීම් අප සමාජයේ එමට ඇති..
තව තවත් මෙවැනි දරු පරපුරක් බිහි කරන්න ලැබේවා......
නියමයි!
අක්කා කිව්වත් වගේ දිගම දිග කතාවක් !!!!!
ReplyDeleteනියම කොල්ලෙක් නේ. දක්ෂතා තියෙන එකෙක්. අක්කා වගේ ගුරුවරු නම් ගොඩක් ම වටිනවා. මොකද ඒකගේ දක්ශතා තේරුම් ගත්තේ අක්කා !!!
අනේ අක්කේ මාවත් හදාපන්කො.......
ReplyDeleteඔබත් දුයිශෙන් කෙනෙක් වගේයි.... :)))
ReplyDeleteහැම ගුරුවරයෙක්ම, ගරුවරියක්ම ඔබ වගේ නම් කොයිතරම් අගේද...! ජය!
ReplyDeleteඅත්දැකීම් තිෙයන ගුරුවරුන්ට කරන්න බැරි වුන ෙදයක් ඔයා කරලා අක්ෙක්...අැත්තටම අද ඒ ළමයා ෙම් තැන නැහැ ඔයා ෙනාහිටින්න.අපිටත් අාඩම්බරයි අෙප් අක්කා ගැන.:D
ReplyDeleteBig Eared Rat,මලිති ,සුමින්ද,මකුළු පැංචි,අනුරාධ,මධුරංග,DK,Yohan Kanishka | යොහාන් කණිෂ්ක, තිස්ස දොඩන්ගොඩ ................
ReplyDeleteඔයාල හෑමෝම ලිව්ව සර්ව සුබවාදි ප්‍රතිචාර වලට ස්තූතියි....
මට හරිම සතුටුයි... මේ තරම් මා ලියූ දෑ ඈගයුවාට !!!!!
මම මේ කතාව බලන්න ටිකක් පරක්කු වුණා .
ReplyDeleteඔයා වගේමයි මමත් පරිගණක ඉගැන්වීම් කරන ආයතනයක උගන්වන කෙනෙක් . නානාප්‍රකාර අය එතනටත් එනවා . සමහරු ගැන මට මාර තරක් එනවා . සමහරු ගැන ආදරයක් ...
මේ පුදුම හිතෙන කතාව කියෙවුවට පස්සේ මගේ හිතත් නිකම් කඩා වැටුනා වගේ . ඇයිද මන්දා ..! බොක්කෙන්ම ලියලා තියන ලස්සන කතාවක් ..
ඉතින් ඔයාට ආඩම්බර නැද්ද ? මේ වගේ දෙයක් සිදු කරපු එක ගැන ආඩම්බර වෙයං අක්කේ ..
මම කියවාපු ලස්සනම ලියවිලි වලින් එකක් ...
අපිට ඔයා වගේ ගුරුවරයෙක් ලබන්න තරම් පිනක් නැහැ අක්කේ...
ReplyDeleteසඳරුවෝ....
ReplyDeleteඔයාගෙ ලිපි කියවලා මම හොල්මන් වෙලා ඉන්නේ.... එච්චරට ලස්සනයි.... හරිම සතුටුයි ඔයත් මේ සන්සාරෙට ආව එක....
අපි දෙන්නම කොම්පීතර ටීචර්ල ඈ :-) දාන්න පහක්! :-)
හිරිකිතයා...
අනේ මන්දා.... ටීචර්ල ගාව එක දෙයක් තීයෙන්නම ඕනෙ.. ආදරේ...(වෑරදියට ගන්ඩ එපා.... ලමයින්ට ආදරේ.. හදවතින්ම එන..ඒකයි ගොඩක් ගුරුවරුන්ගෙ අඩු)
sooo nice.
ReplyDeleteකොමෙන්ට් එක පරක්කු වුනාට සොරි වෙන්න ඕන... අද තමා මම මේ පෝස්ට් එක කියෙවු වේ... සමහර තැන් කියවද්දී ඇස් වලට කඳුළුත් ආවා..
ReplyDeleteඇත්තට ගුරුවරයෙකුට මීට වඩා සතුටක් නෑ තමා..
මට සතුටුයි අක්කේ උඹ ගැන...
ජය වේවා...!!
යසසි, සෝලෝ මල්ලි,
ReplyDeleteගොඩක් ස්තූතියි..
ඈත්ත ගුරුවරයෙක් වුන එකේ භාග්‍යය මේ තමයි...
මම මේ ලිපියට කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනේ මම කියවපු පරන පොතක් ආපහු හොයපු නිසා . . . . අවාසනාවකට මට ඒ පොත ලැබුනෙ නෑ . . . මට මතක විදියට පොතේ නම "බඔරෙකු රිදවා මලක් හැඩුදා" වෙන්න ඕනෙ . . . ලියල තියෙන්නෙ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු. ඒ පොතේ තියෙන්නෙත් ඔය කතාවමයි . . . (අවසානය පොඩ්ඩක් වෙනස්). දුර ගමක ඉස්කෝලෙකට උගන්නන්න යන තරුන ගුරුවරියකට මුන ගැහෙන පංතියෙ ඉන්න දඩබ්බරම කොල්ලෙක් ගැන තියන කතාවක් . . . පුලුවන් නම් හොයාගෙන කියවන්න . . . . ඔයා වෙනුවෙන් ඔයාගෙ කතාව මීට කලිං තව කෙනෙක් ලියල තියනව කියල හිතෙයි . . . . .
ReplyDeleteඕනයා... අනිවා ..මේ පාර පොත් ලෑයිස්තුවට ඔන්න මේකත් ඈඩ් කලා එහෙනම් :) ස්තූතියි කමෙන්ටුවට හා ඔත්තුවට :)
ReplyDeleteමටනම් කඳුලුත් එන්න වගේ. මටත් එහෙම කෙනෙක් හිටියානම් මගේ ගමන මීට වඩා වෙනස් වෙයි. මොනා කරන්නද අපි ඒතරම් වාසනා කොරල නෑනේ....! මොනා උනත් මේ ගුරුතුමීට මගේ ප්‍රණාමයග
ReplyDeleteසුලා.... ඒකනේ...
ReplyDeleteස්තූතියි මලේ ප්‍රතිචාරෙට
මම බ්ලොග් අවකාශෙ මෙච්චර කාලෙකට කියවපු සංවේදීම ලිපි වලින් එකක් කිව්වොත් නිවැරදියි. ඇස් වලට කඳුලු ආවා. හරිම ලස්සන රචනා ශෛලියක් අක්කාට තියෙන්නෙ. මම මේක මූණු පොතේ දැම්මාට කමක් නෑනෙ?
ReplyDeleteබ්ලොග් ගඩොල්
ReplyDeleteඉතාමත්ම ස්තූතියි මල්ලි.. :) අනේ කමක් නෑ... ඔයා ඕනෙ කෙනෙක්ට දාන්න .. වෑඩි වෑඩියෙන් කියවන තරමට මටත් සතුටුයි...
මනුස්සයෙකුට යහමග කියල දෙනවා කියන්නෙ ලොකු පිනක්...ඇත්තටම කිව්වොත් මම මෙතනට ආවෙ අහම්බෙන්.. හැබැයි අහම්බෙන් ආවත් හිස් දේවල් පිරුනු වෙබ් අවකාශේ වැදගත් දෙයක් හම්බ වුනා කියලා හිතුනා...එ වගේම තව දෙයක් හිතුනා.., මේ පොස්ට් එක කියවපු මටත් දැන් වෙනස් වෙන්න කාලෙ හරි කියල..
ReplyDeleteනොකියම බෑ, මම සංසාරේ අපි නිත්‍ය සාමජිකයෙක් අද පටන්..!
පිස්සා මල්ලි
ReplyDeleteහරි සතුටුයි සංසාරෙට ගොඩ උනාට... බොහෝම ස්තූතියි මගෙ පුන්චි උත්සහෙ ගොඩාක් අගය කලාට මල්ලියේ....
ලියන කෙනෙක් උපරිමයෙන්ම සතුටු වෙන්නෙ ඒ පුද්ගලයා ලිව්ව දෙයඉන් තවත් කෙනෙක්ගෙ මනසෙ හොඳ වෙනසක් ඈති වුනා නම්... ඒ අතින් මට සතුටුම සතුටුයි...
සාදරයෙන් පිලිගන්නවා සංසාරේ අපි වෙත :)
බොහොම ස්තූතියි... හමුවීම සතුටක්... ඒ වගේම මෙච්චර දවසක් නිකම්ම නිකම් පිස්සා වුනු මට පිස්සා මල්ලි කිව්වේ අක්කා විතරයි.. බොහොම ස්තූතියි... :)
ReplyDeleteවිටින් විට ඇවිත් ගියත් සංසාරෙ අපි දාන පළවෙනි කමෙන්ටුව.. :)
ReplyDeleteකියන්න වචන නෑ අක්කි.. ඔයාට ගණන් බෑ.., ඔයාට විද්‍යාව බෑ.., ඔයට මුකුත් නෑ බෑ කියන ගුරුවර ගුරුවරියො අතර අක්කි මේ සමාජයට ලෝකයට පෑදුවේ මැණිකක්. මේ වගේ තව කොයිතරම් දක්ෂ අය, අය අපි අතර අද්ද.. ජීවිතයනට දෑස් පාදන්න... ගුරු තරුවෙනි ඔබට ජය..!!!
අනේ නගේ.. ගොඩාක් ස්තූතියි ඔයාගෙ කොමෙන්ටුවට ....
ReplyDeleteමිනිහෙක්ගෙ ජීවිතේ වෙනස් කරන්න අම්මල තාත්තල තරමටම ප්‍රබල තවත් කොට්ටාසයක් ඉන්නව නම් ඒ ගුරුවරු පමනයි..
ස්තූතියි නගා.. සංසාරේ අපි එක්කලා එකතු වෙලා මනුස්සකම බෙදාගන්නවාට :-)
Really nice story Dil,Mage aswalata kaduluth awa ara anthimata book shop ekedi oyata danga malla meet una hariyedi.harima lassanai.oyata godaaaaaak pin.me wage thawa godak aya innawa,talents thibunath ewa kauruth anduraganne ne,eyalata path eka pennanna kenek nethuwa.eyalatath udawu karanna oyata thawath shakthiya lebewa.(3ni photo eke mata eyawa godaaak dekala purudu patai.)
ReplyDeleteඅනේ ......මටත් ඔය වගේ ගුරුවරයෙක් හම්බවෙනකන් මන් බලාගෙන ඉන්නවා
ReplyDeleteගුරුවරුන්ට ළමයෙක් හොඳම දක්ෂයෙක් කරන්නත් පුලුවන්.. මුලු සමාජයටම සාප කරන කෙනෙක් කරන්නත් පුලුවන්. එක හුස්මට කියවාගෙන ගියා.. මවා ගත්ත කතාවල් වලට වඩා මේ ඇත්ත කතාව කොච්චර ලස්සනද හැඟීම්බරද කියලා දැනුණා..
ReplyDeleteමං මේක අදයි කියෙව්වේ ගොඩක් ආඩම්බරයි ඔයා ගැන, අපිට උගන්වපු සමහර ගුරුවරු කලේ ඔයා කරපු දේට විරුද්ධ දේ.... මේක කියවද්දී මට ඉරිසියා හිතෙනවා... ඇයි මේ වගේ ගුරුවරු අපිට හම්බ උනේ නැත්තේ කියල...
ReplyDeleteඅනේ අපිට ලැබුන් නැනේ මෙහෙම ගූරැවරැ
ReplyDeleteඇත්තටම,ගොඩක් ලස්සන කතාවක්.
ReplyDeleteමටත් ජීවිතේ ඔය වගේ එකම එක ගුරුවරියය් මුණගැහුනේ
හැබැය් එයා ඉක්මනට යන්න ග්යා.අපේ නොතේරුම්කමට සම්බන්දතාවක් ත්‍යාගන්න ඉල්ලගත්තු දුරකථන අංකයවත් පරිස්සම් කරගත්තේ නෑ.
හරියටම මග පෙන්නුවම හදන්ඩ බැරි කෙනෙක් නෑ.ප්‍රත්‍යක්ෂය් ඒක
කියෙව්වමත් සතුටුයි :)
ReplyDeleteහැම ගුරැවරෙයක්ම ඔබෙමන් සිතයි එය මුලු රෙටිම වාසනාවයි! ඔබට ජය!,
ReplyDeleteහැම ගුරැවරෙයක්ම ඔයා විදිහට හිතනවා නමි ඒක මුලු රටටටම වාසනාවක්. ඔයාටත්, දඟයාටත් ජය වේවා!,
ReplyDeletevery very nice and interesting story ............. god bless you two...:)
ReplyDeleteනියමයි මිස් මගේ පළමු අදහස. ආදෙරනේ කියවපු කතාවක්
ReplyDelete