Sunday, October 03, 2010

[112] ආදරය දැනෙන්න ජීවත් වෙන්න

පුදුමාකාර ලෙස පොතකට වසඟ වුනා.... "ආදරය දැනෙන්න ජීවත් වෙන්න- සරත් විජේසූරිය" .. ඒ නිසාම මේ බ්ලොග් සටහන අවිවේකීව ඉන්න අතරතුර නමුත් ඉතා කෙටියෙන් හෝ ලියන්න  හිතුනා.


ආදරේ කියන්නෙ හැඟීමක්. ඒක මානසික දෙයක්. ක්‍රියාවන්ට වචන වලට වඩා සිතුවිලි වලින් ධාවනය වෙන ශක්තියක් ඒක.රෝස මලක සුන්දරත්වයෙන් පටන් ගන්න සමහර ආදර කතා සුනාමියක් තරම් වේගෙන් අහවර වෙන්නෙ ඇයි? හිතෙන්නෙ මොකක් හෝ මහා ලොකු හේතුවක් නිසා කියල වෙන්න පුලුවනි.. නෑ.. සමහර විට එකම එක වචනයක් නිසා. එකම එක බැල්මක් නිසා. එක අත්වැ‍රැද්දක් නිසා. නොහිතා කියපු කරපු දෙයක් නිසා. කරන කියන දේකට අනෙකාට දැක්වුව දුර්වල ප්‍රතිචාරයක් නිසා. එය ඔඩු දුවන්න ඉඩ දුන් නිසා. මතක තියා ගන්න... උණක් ගැනිල ඒක අකාලෙට , කැලේට හොඳ වෙනව වගෙ, පලුදු වෙච්ච හිතක් සුවපත් වෙන්නෙ නෑ . සුවපත් කල යුතුයි. මම ආයෙ ආයෙමත් කියනව. සිතුවිලි ඉබේ බිහිවෙන්නෙත් නෑ. බිහිවුන සිතුවිල්ලක් ඉබේ නිවෙන්නෙත් නෑ. දෙකම පුද්ගල මූලිකයි. ඉබේ හෝ අත්වැරදීමකින් හෝ බිහි වුන සිතුවිල්ලක් නිසා වචනයක් හෝ ක්‍රියාවක් සිද්ද වෙනව. ඒ අවස්ථාවට (ආදරයෙදි) අනෙකාගෙන් ලබන ප්‍රතිචාරය මත ඒ සිතුවිල්ලේ අනාගතය තීරණය වෙනව. ඒක නම් නොකියාම බෑ. ආදරයෙදි පරිස්සම්  වෙන්න ඕනෙ ඒ නිසා. දෙන්නම.

ආදරයෙදි පරිස්සම් වෙන්න ඕනේ...

මේ කියන්නෙ නිදහසක් නැති ආදරයක් ගැන නෙමෙයි. ආදරය ගැන මම දවසක් මූනු පොතේ නිර්වචනයක් ලිව්ව. මෙන්න මෙහෙම.
"අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට ඒක තියන බවවත් දැනෙනවද ? නෑ නේද ?
ඇඟේ අලවපු ප්ලාස්ටරයක් ගන්න... බරින් ග්‍රෑම් ගණනක් උනාට , අලවපු වෙලාවෙ ඉඳන් ගලවගන්න හදිස්සිය නේද? තියන බව දැනෙන නිසා. ..
ආදරේ ... අපේ අතපය වගේ ඇඟේ කොටසක් නම් අපි වාසනාවන්තයි... ප්ලාස්ටරයක් නම්... ඒක බරක්...
වාසනාවන්ත ආදරේ... කුරුලු පිහා‍ටුවක් වගෙයි....."


ඉතින් ආදරේදී පරිස්සම් වෙනව කියන්නෙ බරක් නෙමෙයි. ඒක මනා සිහියෙන් සහ අනෙකා ගැන තේරුම් ගැනීමෙන් ඇති වෙන දෙයක්.... එය පුරුද්දක් බවට පත්වෙන අවබෝධයක්... මට නම් හිතෙන්නෙ එහෙමයි.. මේ ඔක්කොම වැල් වටාරම් කිව්වෙ මම එක දෙයක් නිසා. ඒ ඊයෙ රෑ මම කියවපු මේ පොත නිසා.


ඉතා සුලු සන්නිවේදන දුර්වලතා නිසා ජීවිත අවුලෙන් අවුලට , විනාසයට පත් කර ගත් ගෑහෑණුන් මිනිසුන්,පවුල් ගැන ලියවුන අගනාම පොතක්.. අපට අප ගැනම උගත හැකි පොතක්.. ආදරය යනු ප්‍රකාශනයක් බවත් , එය දුර්වල කොට නොගෙන එය ශක්තිමත්නම් පමණක් ආදරය ඔස්සේ ඉදිරියට යා යුතු බවත් මොනවට පැහැදිලි කරන පොතක්. හිත අස්සේ පොදි ගැහෙන එක සිතුවිල්ලක් නොවිසඳාගැනීම නිසා ජීවිත එකක් නොව කීපයක්ම අයසට පත් වෙන හැටි කියවන්න පුලුවන් මේ සත්‍ය කතා වලින්. පුදුම හිතෙනවා... කතා බහ නොකර එක පොඩි සිතුවිල්ලක් අමනාපයක්, පොඩි සැකයක් නොවිසඳාගැනීම නිසා දශක ගානක් විඳවන පවුලක්ම අයසට හානියට පත් වෙන අනතුරක් වේවි යැයි , මේ අපරිස්සම් බහුතරයක් අප කවදාවත් හිතනවද ? අපි සිදුවීමකට කොච්චර ලේසියෙන් යන්න දෙනවද ? කිසිම දෙපාරක් හිතා බැලීමකින් තොරව. ඒත් අනෙකාගෙ හිතේ එය කෙසේ බලපවත්වනවදැයි අප මොහොතකටවත් හිතනවද ? නෑ නේද ?


අප පිලිගන්නෙ නෑ එකිනෙකාගෙ චරිත වෙනස් කියල. එකිනෙකාගෙ සිතුම් පැතුම් විවිධාකාරයි කියල. ඒ වගෙම එකිනෙකා විඳින විඳවන දේවල් ප්‍රකාශනයත් සමහරුන්ගෙ ප්‍රබලයි. සමහරුන්ගෙ ආවේගශීලියි. සමහරු අසරණයි.සමහරු ප්‍රකෝපකාරියි..සමහරුන් මිත්‍රශීලියි.. සමහරු උපායශීලියි...යනාදී වශයෙන් .. අප ආදරය කරනවා කියන්නේ අනෙකාගේ ඒ ප්‍රකාශනය හඳුනා ගැනීම නෙමෙයිද ? ඊට එකඟ වීම නෙමෙයිද ? එහි ඇති ස්වභාවය වටහා ගැනීම නෙමෙයිද? ඒ අනුව ක්‍රියා කිරීම නෙමෙයිද ? දක්ෂ ආදරවන්තයෙකුට අනෙකාගේ ප්‍රකාශනය නිදහස් කරන්නට අවකාශය තනා දිය හැකියි. එවිට ප්‍රකාශනය තුල ගැ‍ටුම් ඇති වෙන්නෙ නෑ.බොහෝ දේ සුහද මට්ටමින්ම විස‍ඳෙනවා. එවිට කල්පවතින හිතේ තුවාල වලට, ගැ‍ටුම් වලට,ආවේග වලට, කේන්තියට, සැකයට ඉඩක් නෑ. මිත්‍රශීලි බවින් ප්‍රශ්න විස‍ඳෙනවා. එයින් බැඳීම තව තව ශක්තිමත් වෙනවා.


ආත්මාර්ථකාමී ආදරවන්තයෙකුට නිතරම හිතෙන්නෙ "ඇයි එයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ?" කියල. ආදරයත් චරිත ස්වභාවයත් නිතරම ප්‍රශ්න කරන තැනක ආදරේ රඳන්නෙ නෑ.මොකද එකෙකු නිතරම බලන්නෙ අනෙකාව නතු කරගන්න. තමුන්ගෙ ක්‍රමයට හැඩ ගස්වන්න.අනෙකාව තේරුම් ගන්න නෙමෙයි. මතක තියා ගන්න...ජීවිතේ නිසි මගට හැඩ ගස්වන්න උදව් කරන එකයි තමුන්ට නතු කරන එකයි වෙනස්... නතු කරගන්න වලි කන කෙනා ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා . රිද්දනවා. දුක් දෙනවා. බනිනවා. දොස් කියනවා. 'මේක නෙමෙයි මම හොයපු ආදරේ..' කියමින් අනෙකාට මිහිපිට අපායක් පෙන්වා දෙනවා....


ඇත්තටම මේ පොත කියවද්දි මට දැනුනෙ මේකයි.. අයසට විනාසෙට පත් වෙන පවුල් ජීවිත අස්සෙ තියන ලොකුම දුර්වලකම සන්නිවේදනයේ අඩුපාඩුවයි.. මේ කතා එතරම්ම හදවත විනිවිද යන්නේ ඒවා එතරම්ම සත්‍ය නිසා. ආදරය ඔහේ තිබුනාට එය ජීවිත දෙකක් යහපත් නොකරන බවත් , එය දැනෙන්න ජීවත් වීම මහමෙරක් තරම් බරක් ගෙන කලයුතු දෙයක් නොවෙන බවත් යන දෙකම අප පසක් කරනවා නම් කොච්චර හොඳද ?


ආදරය දැනෙන්න ජීවත් වීම කියා කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකා අනෙකාගේ කලාව හඳුනා ගැනීමයි.ප්‍රකාශනය විවෘත කිරීමට මිසක හකුලා ගැනීමට ඉඩ නොතැබීමයි. ඊට පොත් පත්වත් තුන්වෙනි පාර්ශවයක්වත් උදව් වෙන්නෙ නෑ. ඊට උදව් වෙන්නෙ එකම එක දෙයයි. සන්නිවේදනයයි... එතැන්දි සිතුවිලි හෝ ක්‍රියාවන් අර්ථ දක්වන්නට වචන වලින් වෙන මෙහෙය අති විශාලයි. එය හඳුනාගන්නා තාක් එසේ කටයුතු කරන තාක් ඔබට ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය ගුප්ත අයෙකැයි..තේරුම් ගන්නට බැරි අයෙකැයි..අමුතු කෙනෙකැයි පෙනෙන එකක් නෑ.


සරත් විජේසූරිය මහ්ත්මයාගෙ මේ පොත හැකි නම් අරන් කියවන්න. මේක ප්‍රචාරණයක් නෙමෙයි.. ඒත් එතරම්ම වටිනවා මේ පොත. ආදරයේදි මිනිස් සිතුවිලි ක්‍රියාකරන හැටි, ගැ‍ටුම් ඇතිවෙන හැටි, ඒවායේ අක්මුල් ගැන අවබෝධය මුවහත් වෙනව මේ පොතෙන්. ඔබේ සහකරුවාගේ /සහකාරියගේ බොහෝ හැසිරීම් ඔබට මෙතෙක් තේරුම් ගන්නට බැරි වූවා නම්, ඊට හොඳ මග පෙන්වීමක් මෙහි තිබෙන බව මට නිසැක කොට කියන්න පුලුවනි.


ආදරය දැනෙන්න ජීවත් වෙන්න. ශක්තිමත් බැඳීමක් තුලින් ඔබ සාර්ථක මිනිසෙකු ගැහැනියක වනු නිසැකයි.

18 comments:

  1. mis , me pothe adahas walata langinma yana adahas thiyena english pothak hambuna.. ee book 1k. eka kiyawanna patan gaththata welaawa madi nisaa eka kiyawanna bari wunaa.. sinhala pothawath hoyaagena kiyawanna oni..
    sorry english widiyata type karaata mis.. mata system 1ke sinhala input method1 daanna amathaka welaa. hawas welaa install karanna oni,,

    ReplyDelete
  2. ආදරය ගැන අක්කා දාලා තියන නිර්වචනය 100% ක් හරි. මම මේ ගැන අදහස් දක්වන්න කැමති නමුත් ඒ අදහස මෙතන ලියන්න බෑ. පැපරාසි නිසා.

    ReplyDelete
  3. ඔත්තුවට ස්තුතියි සහෝදරිය.. පඩි පැකට් එකට මේ පාරත් වැඩක් තියෙන හැඩයි.

    ReplyDelete
  4. mamat asay adare denenne geewat wenna. e atdekeema mata lebila neti unat eka bohoma sundara deyak wenna one

    ReplyDelete
  5. ආදරය කියන්නෙ ආදරය මත් නෙමෙයි ද කොහෙද.. "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" මට තාම හිතා ගන්න බැහැ.. මොනව උනත් පොත කියවන එක තමයි නුවණට හුරු...

    ReplyDelete
  6. අනේ මම ඔය පොත දැක්කා. සල්ලි මදි නිසා ගත්තෙ නෑ.
    ඔය කියල තියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  7. මම නම් පොත ගත්තා විතරක් නෙවෙයි කියවලත් ඉවරයි. හොඳ පොතක්. මේ පොත වගේම ඔහුගේ "ජීවිතයට ඉඩ දෙන්න" පොතත් හොඳයි. කොහොම වුනත් "ආදරය දැනෙන්න ජීවත් වෙන්න ආදරය හඳුනන්නවුන් සමඟ".
    මැණික්(සුළඟ)

    ReplyDelete
  8. රොශාන්... පොතේ නම දෙන්නකෝ.. හොයල බලමු. සිංහල පොත ඇති...

    රොකියා... පැපරාසි තර්ජන හමුවේ සාධාරණ විවේචනයකට ඉඩ හකුලා ගත යුතු නැත

    ෆා නගා. බය නැතුව කියන්නම්.. ණය වෙලා හරි මේ පොත ගන්න... :)

    ස්වප්නා..... ගන්න ගන්න ..මේ පොත අරන් කියවන්න....

    මැණික් ..මම මේ පොතේ දෙවෙනි එකත් අනිවාර්යයෙන්ම ගන්නවා.

    පුරසඳ ... පොත කියවීම නුවණට නම් හුරුය !

    ReplyDelete
  9. හි හි... මම මිස් ටත් කොපියක් එව්වා නෙව..

    ReplyDelete
  10. අක්කත් හොඳ ඔත්තුවක් දුන්නේ. අපරාදේ කලින් දැනගත්තා නම් book fair එකෙන් ගන්න තිබ්බා. දැන් ඉතින් වෙන් කොහෙන් හරි හොයා ගන්න try එක දෙන්න ඕනේ.............

    ReplyDelete
  11. ඹය පොත මම කියවලා සති 2 ක් විතර ඇති. හැබැයි කියවලා ඉවරඋනාට පස්සේ මට ඇති වෙච්ච හැඟීම නම් වචන වලට හරවන්න බෑ. හරියට නිකං මම මෙච්චර කල් මේ ලෝකෙ ගැන හිතාගෙන හිටිය විදිය සම්පූර්ණයෙන් වැරදී වගේ හැඟීමක්. මේ ලෝකෙම එපා වුනා වගේ. මට ප්‍රකෘති තත්වයට එන්න සතියක් විතර ගියා. සාමාන්‍යෙයන් මම එහෙම වෙන කෙනෙක් නෙමේ. අනේ මන්ද... මිනිස්සුන්ට මේ පොතේ අය වගේ වෙන්න පුළුවන්ද? මට නම් හිතා ගන්නවත් බෑ. බඳින්නත් බය හිතෙනවා. ඔය වගේ හිතන කෙනෙක් හම්බවුනොත් ඉතින් ජීවිතේම සොරි තමයි.

    ReplyDelete
  12. කියල තියන දේවල් සම්පූර්ණ ඇත්ත. ආදරය කියන දේ වචනවලින් විස්තර කරන්න බැහැ. ඒක අපේ හදවතට දැනෙන සුන්දර හැගීමක්.... ඇත්තටම ආදරය දැනිච්ච කෙනෙකුට නම් තේරෙයි මම කියන්නේ ඇත්තක් කියල. ඒ සුන්දර හැගීම කෙනෙකු කෙරෙහි අපේ හදවතේ ඇතිවෙනකොට සමහරවිට අපි ප්‍රමාද වැඩියි........... මොකද ඒ වෙනකොට අපි වෙන බැන්දීම්වලින් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඉතින් අර ඇතිවෙච්ච ආදරය හිතේ හංගගෙන ඉන්න තමයි වෙන්නේ......... නැත්නම් ඉතින් අවුලක්ම තමයි වෙන්නේ.

    ReplyDelete
  13. "අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට ඒක තියන බවවත් දැනෙනවද ? නෑ නේද ?
    ඇඟේ අලවපු ප්ලාස්ටරයක් ගන්න... බරින් ග්‍රෑම් ගණනක් උනාට , අලවපු වෙලාවෙ ඉඳන් ගලවගන්න හදිස්සිය නේද? තියන බව දැනෙන නිසා. ..
    ආදරේ ... අපේ අතපය වගේ ඇඟේ කොටසක් නම් අපි වාසනාවන්තයි... ප්ලාස්ටරයක් නම්... ඒක බරක්...
    වාසනාවන්ත ආදරේ... කුරුලු පිහා‍ටුවක් වගෙයි....."


    nice definition dil.
    good post.!

    ReplyDelete
  14. ප්‍රතිචාර ලියූ හෑමටම ඉතාමත් ස්තූතියි

    ReplyDelete
  15. නතු කරගන්න වලි කන කෙනා
    ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා . රිද්දනවා. දුක් දෙනවා. බනිනවා. දොස් කියනවා.
    'මේක නෙමෙයි මම හොයපු ආදරේ..' කියමින් අනෙකාට මිහිපිට අපායක් පෙන්වා දෙනවා....

    ReplyDelete
  16. "ආදරය දැනෙන්න ජීවත් වෙන්න"

    mama methek kiyawapu hodama post 1k.
    thank u so much!

    ReplyDelete
  17. I'm talking about quite a bit more than you probably consume at this point

    ReplyDelete
  18. Mama oye kathaata ekaga wenna na.....adaraya kirimen wenne api apiwa raata ganimak..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->