මම මේ මාසෙ ඉඳන් යන්න ගත්තා අලුත් ඉස්කෝල වෑන් එකක. ඒ වෑන් එක හොයා දුන්නෙ සමන්මලී. ඈත් අපෙ පාසලේම ගුරුවරියක්. පොශ් ,මේකප් දාන ගුරුවරියො අතරෙ ඈ හරියට සමන් මලක් වගේමයි. ඉතින් ඈ මහපොලව උඩ පිපිච්ච නිශ්ශබ්ද චාම් සමන් මලක්ම තමයි. මම අවුරුදු 3ක් මේ පාසලෙ උන්නට සමන්මලී එක්ක වැඩිපුර කතා කරල නම් නෑ. මම වගෙ දඩබ්බරියක් එක්ක ඈ කතා කරාවිද ? නේද :)
ඔන්න ඉතින් පාසල් වෑන් එකෙ යන එන වාරෙ මම සමන්මලී එක්ක කතා බහට වැටුනෙ නිරායාසයෙන්. ඒත් ටික දවසක් ගත වෙද්දි ඈ මගෙ ලියන කියන ඒවා, කවි සාහිත්‍යයට හෙම තියන පිස්සුව එක්ක මාව අඳුන ගත්තා. මමත් ඇගෙ ගෙදර දොර අරව මේවා විස්තර වලින් ඈ අපි වගේම මහ පොලවෙ සමන් මලක් කියලා තේරුම් ගත්තා.
මේ අතරෙ නෙව අර 'ආදරය හෙවත් සුප් හොද්ද' මගෙ ලිවිල්ලයි 'මට සමනලයෙක් අල්ලල දෙන්න' ලිවිල්ලයි රිවිර පත්තරේ පල වුනේ. ඉතින් මේ ලිවුම් දෙකම මම සමන්මලීට ගෙනවිත් දුන්නෙ ඈ විතරක් නෙමෙයි ඈගෙ සෑමියත් සාහිත්‍යයට ඇලුම් කරන බව දන්න නිසාමයි.
ඉතින් ඈ මේ ලිපි දෙක කියවලා ඊලගට මට ගෙනවිත් දුන්නා ඒ ගැන ඈ ලිව්ව කමෙන්ටුවක්. (මන් කියන්න ඕනේ , ඈ හරිම අකැමතියි මේ මෙවලම් උපකරණ වලට. ඉතින් ඈ කම්පියුටරයක් තියා මොබයිල් ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. ඒ නිසා ඉතින් බ්ලොග්කරණයට ඈව කැඳවන් එන අදහස මට අත් හරින්න වුනා) ඒ ලිවිල්ල ලස්සන නිසාම මම ඇගෙන් ඇහුවා මම මේ ලිපිය බ්ලොග් එකේ දමන්නද කියා. ඈ එක පයින් කැමැත්ත දුන්නා.
ඔන්න යාලුවනේ මම මේ ලියන්න යන්නේ ඒ ලිපියයි.
" ආදරය සුප් එකක්ද එහෙමත් නැතිනම් දුරට සුන්දර , ලං කරගත් දා නිකම්ම නිකම් කෘමියෙක් වෙන සමනලයෙක්ද කියලා කාටද කියන්න පුලුවන්?
මම නම් නගෝ හිතන්නේ මෙහෙමයි. ආදරය හරියට රසම රස 'වණ්ඩු ආප්පයක්' වගේ.මොකද හිතෙන්නේ? මම ආදරයට ගරහනවද? අපොයි නෑ. මේ රස විඳින්නේ මමයි. මගේ ප්‍රියතම ආහාර වලින් එකක් වණ්ඩු. චිප්ස් , චොකලට්, රෝස්ට් චිකන් වලට හිත යන කාලෙක වණ්ඩු වලට ආසා කරන කෙනෙක් මම.
මම විඳින ආදරය, මම බෙදන ආදරය 'වණ්ඩු' වගේ. සාම්ප්‍රදායිකයි. modern නෑහෑ. ඒ රස මේ යැයි මෙතෙකැයි කියලා මම කාටවත් කියලා දෙන්නෙ නෑ.මම ඒක විඳිනවා බෙදනවා.
එදා පටන් අද වෙනකල් , මගේ හිතේ ආදරයෙන් රැඳෙන උදවියට මගෙන් ගැලවීමක් නෑ. එයාල මම සිරගත කරනවා. ඒ මට එයාල නැති වේවි කියලා. ඒ කිව්වේ මගේ ජීවන චක්‍රයේ පටන් ගැන්මේ සිට අද දක්වා.
උදාහරණයක් විදියට , මගේ අම්මා ජීවිතයෙන් සමු අරන් දැන් අවුරුදු 7කුත් ගත වෙලා. ඒත් එයා මගේ ජීවිතයෙන් සමු අරන් නෑ. ඒකයි මම කිවුවේ මම එයාල සිරගත කරනවා කියා.
ඒ කොහොම වුනත් දැන් මගේ ගැලියේ හිරකරු තමයි - ජීවිතාන්තය දක්වාම, අපේ පුතාලගේ අප්පච්චි.
මොකද මූණේ ප්‍රශ්නාර්ථයක්? ඔය අහන්නේ මම මගේ පැටවුන්ට ආදරේ නැද්ද කියලනේ. මොකද නැත්තේ. ඒත් ඒ පැටවු මට ලැබුනේ අපේ ආදරේ නිසානේ.
මගේ දෝණි අහනවා, 'අම්මා මම ඔයාගේ දූනේ. අම්ම අපේ අම්මනේ. එතකොට අප්පච්චි අම්මගෙ කවුද?' හරිම ප්‍රශ්නයක් නේද?
දන්නවද මගෙ උත්තරේ. ඔයාගේ දූ ඒ ප්‍රශ්නේ ඇහුවනම් ඔයා දෙන උත්තරේ මොකක්ද?
'අනේ මේ දරුවෝ, මට වැඩ තියනවා , ඔයාගේ ඔය ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න මට බෑ'
එහෙම කිව්වොත් අනේ ඒ පුංචි හිත රිදේවි. මම කියලා නොදුන්නොත් ඒ ආදරේ ගැන දූට කවුද කියලා දෙන්නේ? ඒ නිසා එයාට මම කියලා දුන්නා අප්පච්චී අම්මාගේ කවුද කියලා. මෙන්න මෙහෙම...
හ්ම්ම්.. එක්කෝ ඒක මම වෙන දවසකට තියන්නම්කෝ.
මම ගිහින් එන්නම් හොඳේ. තවත් ආදරේ ගැන කතා කරන්න. "
ලිව්වේ සමන්මලී ගුණවීර.
ඉතින් ආදරේ ගැන තව කතා කරමු නේද?
ආලය ලොව හැම තැනක ඇති... හැම දෙනටම හමු වෙලා ඇති
ReplyDeleteඑනමුදු ප්රේමය කිමැයි කියා.. හදුනා ගත් කිසි කෙනෙකු නැති
මටත් හිතෙන්නෙ ආදරේ කන්න කලින් බොන සුප් එක වගේ ... ඒක බිව්වොත් කන්නම වෙනවනෙ... ආදරෙත් ඒ වගේ .... ආදරේ දැනුනොත් ආදරේ කරන්නම වෙනව : )
පොශ් ,මේකප් දාන ( ඔයා වගේ ) ගුරුවරියො අතරෙ ඈ හරියට සමන් මලක් වගේමයි :-p
ReplyDeleteඇත්තටම ඒකට හැමෝම දෙන සාම්ප්‍රදායික උත්තරේ තමා ඒ........
ReplyDeleteහ්ම්ම්ම්ම් උත්තරේ මොකක් වෙන්නැතිද සිතනවා තාම..........
ටිකක් බර වචන වලින් තියෙන්නෙ. මං වගේ පොඩි එකෙක්ට තේරැම් ගන්න අමාරැයි :(
ReplyDeleteප්‍රෂ්ණයක් ඉතුරුවෙලා..............
ReplyDeleteදැන් පිළිතුරු සොයමින්.
ඔය වණ්ඩු ආප්ප කියන්නේ ඇත්තටම ආප්ප ජාතියක් නෙමේ නේද? ඒවා නිකං මෆින් වගෙයි මට මතක.
ReplyDeleteමං හිතන්නේ වණ්ඩු ආප්ප කියන්නේ පිට්ටු වගේ හදන කැවුම් ජාතියක්.
වණ්ඩු ආප්පයක් වගේ????????????
ReplyDeleteවන්ඩු ආප්ප කියන්නේ.. වන්ඩුවෙ දාල තම්බල හදන දෙයක්..
ReplyDeleteඑක කැවූම් වගෙ බදින්නෙ නෑ... හරියට හැලප හදන්ව වගෙ.. කැන්ද කොලේ ඔතල තමඊ එකත් තම්බන්නේ..
හරීරී රසයි අප්පා....
එක අතකට ආදෙරෙත් එවගේ තමා...
ඔය වන්ඩු ආප්පත් හදන්න ලෙසි නෑ
පිට ඔපේ නැතුවට වන්ඩු හරි රසයි. හොඳ ආදරේකට හරියනම උදාහරනයක්..........
ReplyDeleteකියන්න උත්තරේ දැනගන්න අපි මග බලන් ඉන්නව කියලා
ලිපියත් වණ්ඩු ආප්ප වගේ හරිම රසයි. හිකිස්.
ReplyDeleteමං හොයලා බැලුවා අනිත් ලිපි කියවන්න. ඉතිං මට හොයා ගන්න පුළුවන් වුනා සමන්මලීගේ කතා. හරිම අපුරු යාළුවෙක් ලස්සන හිතක් තියෙන කෙනෙක් වගේ. මේවා කියන්නේ හිතට දැනෙන දේවල් නිසා. ඒවා එහෙමම ලියන එක මියැදුණු සිතේ ගතයක්.
සම්ප්‍රදායික රටාවට කිව්වට නවීන ලෝකෙට ගැලපෙන්න ලියනවා තවත් ලියන්න කියන්න ලිපි.
අනිවා කියන්නම් :) එහෙ යන්න සිතන් ඉන්නෙ. තව ලිව්ව ලිපි දෙකක ෆොටො කොපි දෙකක් ගහගෙන එන්නයි හිතන් ඉන්නෙ :)
ReplyDelete