ස්ථානය: පංති කාමරය (ලැබ් එක)
වෙලාව : ප.ව. 1.00
සීනුව වදින විට මී මැහි පොදියක් මෙන් ඉවතට විසිරෙන දඟකාරයන්ගෙන් හිස් වෙන තරප්පු පෙල, විනාඩියක දෙකක නිහඬතාවයක ගිලෙනව... ගත වන්නේ බෝම සුලු මොහොතයි... සුනාමියක් එන්නා වගේ, දල රළ පෙලක් කඩා ගෙන බිඳගෙන එන්නා වගේ ඊලඟ මී මැහි පොදිය ගසා ගෙන ඇවිත් දොරකඩ ලඟ පොදි කන්න ගත්තා. උන් එකා දෙන්න පීරාගෙන මම එතැන්ට ලඟා වුනේ අසීරුවෙන් පොත් මිටියත්, ලැබ් යතුරත් අරගෙන.. මොහොතෙන් මී මැසි පොදිය ලැබ් එක ඇතුලේ, පුටු මේස අල්ලගන්න මහා තරඟෙක.. වැඩියක්ම තරගය තියෙන්නෙ පස්ස ආසන වලට... ඉස්සරහ ආසන වෙන් වෙන්නේ, වෙලා ගිහින් එන උන්දැලට.. ඉතින් ඒක තමා දඬුවම... ! ඔන්න පෙනේද තත්වේ... (අපි ඒ කාලේ පොරකෑවෙ ඉස්සරහ පේලියට... ඉස්සරහ ඉඳ ගත්තට පොදු වැඩකදි අපි ස්වේච්ඡාවෙන් ඉස්සරහට ගියාද නම් සැකයි..ඒත් මේ පස්ස ආසන වලට වෙලා, විකාර කරන උන්ගේ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම නම් ඉහලයි ...තවත් හිතන්න දෙයක්... ) කතාවෙන් පිට පනින්න බෑ..ඒ නිසා back to track ආවා...
අමාරුවෙන් පුටු වලින් නැගිට්ටවගෙන "Good afternoon Miss" කියවගෙන උන් ලවුවාම, ඔන්න මම පංතියට සංසුන් වෙන්න මොහොතක් දුන්නා... පුරුදු චණ්ඩියා, ඔච්චර කියලත් පස්ස පේලියක...! දවස් දෙක තුනක් මුරණ්ඩු වැඩ කොරල, අන්තිමේට ලොකූ issue එක්කුත් ඇති කොරගෙන, පින්සිපල් මාමවත් ගිය term එකේ බැහැ දැකපු කොරියන් දඟකාරයා... හැමදාමත් ලඟ පාතින් ඉස්සරහ මං ගාවම වාඩි වෙන චණ්ඩියා..පස්ස ආසනයක දකිද්දිත් ලඟ පාත ඉන්න පැටවුන්ගේ මූණු වල වැහි වලාකුලු... !ඒ නිකම්ම නිකම් නෙමෙයි... අවුරුදු 8ක් තිස්සේ බාලංශ පංතියේ සිට, ඔහුගේ පැන්සල් ඇනුමට ලක් වූ, ගෙල මිරිකීමට ලක් වූ, බඩු පොලොවේ ගැසීම් වලට ලක්වූ අහිංසකයන් චණ්ඩියා දකිද්දී වෙවුලන එක අරුමයක් වෙන්නේ කොහොමෙයි...? මගෙ ඇඟත් මොහොතකට වෙවුලන්න ගත්තා , හපොයි දෙයියනේ මේ රදළ පැටියෙකුට පුංචි තුවාලයක් වත් උනොත් මාත් හිරේ! හෆොයි..!
මීට මාසෙකට ඉස්සර....
Microsoft Powerpoint උගන්නලා හාපුරා කියලා පරිඝනක ලඟට දඟකාරයින්ව බොහොම පරිස්සමෙන් "දඟකාර-සංසුන්-දඟකාර-සංසුන්-දඟකාර-සංසුන්" පිලිවෙලට වාඩි කරවලා , මම හුස්මක් ගත්තා.. හෆොයි... එහෙම තමා මේ ඉස්කෝලෙ,,, චණ්ඩි පැටවු දෙන්නෙක් ලඟ ඉන්ඳලා බැරි බව, "දඟකාර-සංසුන්" තමා හොඳම ordering strategy එක බව ජීවිතෙ මල්ම සොයා ගත් තියරි එකක්... කොරියන් චණ්ඩි පැටියා ඉඳ ගන්නේ මගේ මේසෙට ලඟම machine එකේ... මට පේන්න ලඟටම ගන්නවා.. මගේ හා අන් අයගේ හිතසුව පිණිස... අනිත් උන් අමාරුවෙන් slide හදනවා sports ගැන, films ගැන, පරිඝනක ක්‍රීඩා ගැන...
චණ්ඩියාගේ slide show එකට මම එබුනා.. "why we hate teachers and schools ???" කොහොමද වැඩේ?? මගේ හිත කෝපයෙන් ගිනියම් වෙනව බලන් චණ්ඩියා සාඩම්බරයෙන් හිනා උනා... powerpoint දැනුම අපූර්ව ලෙස යොදාගෙන, වාත වේගයෙන්, ඉතාම නිර්මාණාත්මක presentation එකක් හදපු චණ්ඩියාට මොනවා කියාගන්නදැයි මම මොහොතකට නිරුත්තර උනා.. ඔහුට සතුටුයි... ! පාඩමට නිතරම බාධා කරමින්, පාඩම මැද්දේ "මම දන්නවාද බලන්න ලෝකේ නැති ලොකු ප්‍රශ්න අහන" , වෙලා ගිහින් පංතියට එන, අනිත් ලමයින්ට තලන පෙලන චණ්ඩියා තව කැරලිත් ගහන්න එනව!
මේ එකක් පමණයි... ඒ ඔක්කොම මේකේ ලියන්න බෑ.. සමහර එවුවා... බරපතලයි... දෙමාපියන් නිහඬයි...ඔවුන්ට මේ ගැන කොච්චර කිව්වත් පලක් උනේ නැහැ.
අද කතාවට එන්නම්...
"Chen ..come to the 1st row..!" මගේ විධානයෙන් අප්‍රසන්න භාවයෙන් මුහුණ හකුලපු චණ්ඩියා... හෙලවෙන පාටක් නැහැ..
එකම දේ නැවතත් ඉවසිලිවන්ත ගුරුවරීගේ මුවින් පිට වුනා... ම්හු... නිශ්ශබ්දයි....
"Chen do you hear me ? "
චන්ඩියාගේ මුව විවර වුනා...
"miss Why always me.?.. in the 1st row??" තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීම මේ පුංචි එවුන් අරඹන්නේ කාගේ හයියෙන්දැයි මට හිතාගන්න බැහැ.
මම උත්තර දුන්නේ නැහැ... ඔහුව ඉදිරි අසුනක හිඳුවීම මට ඉහලින් ලද අනක් , ඒ වගේම මම උනත්, ආරක්ෂාවට කිරියාත්මක කරන්න කැමති අණක්.
චණ්ඩියාට වැටහුනා, යන්නම වෙන බව... පොත් ටික අරන් ඉදිරි පෙලට ඇවිත් "ඩෝං" ගාල තරහෙන් මේසය මත පොත් ටික අත හැරපු චණ්ඩියා..පුටුවට කඩා වැටුනා...
හැම විභාගයකදිමත් 100% ගන්න, අධි ක්‍රියාකාරී,වයසට වඩා මුහුකුරපු දැනුමක් (කුණුහරුප ගැන පවා) ඇති චණ්ඩියා... අරගලය අත් හැර හෝ නොහැර ඉදිරි අසුනේ දැන් ඉන්නවා..
මම ඔහුගේ එකම ප්‍රශ්නය " Miss why do you choose me??? miss why can others sit anywhere?? why cant I ?? " ප්‍රශ්න ටික නෑහුනා සේ මම පාඩම පටන් ගත්තා...
පාඩම අතර මැද... ඡණ්ඩි අත ආයෙමත් එසවිලා...මම මොහොතක් නතරව.. ඔහු දෙස බැලුවා...
කඳුලු පිරිච්ච ඇස් ඇතිව ඔහු අහනවා මගෙන් ..
" Miss, Am I a bad child..? Miss Im not bad... Am I a black sheep in this family ?? "
මම මොහොතක් අතරමං වුනා... හඬා වැටෙන හදවත වෙනුවෙන්... කාටවත් කියා ගන්න බැරි දුක වෙනුවෙන්.. අවුරුදු 11ට ඔහු මුහුකුරා යැවූ ඥානය මෙන්ම ජීවිත අත්දැකීම් වෙනුවෙන්, කියා ගත නොහැකි වේදනාවක්... චණ්ඩියා..කොරියන් චණ්ඩි පැටියා... ඒ හදවත දෙස එබී බලන්නට නතර නොවූ, මාද ඇතුලු අවුරුදු 7ක් ඔහු පසු කරන් ආ ගුරු දෙවිවරු හා දේවතාවියන් අතින් කුමක්දෝ දෙයක් මග හැරී තිබේ යැයි මට හිතුනා...
අවසන් වශයෙන් කියන්නම්..ඔහු අති දක්ෂ දරුවෙක්.. අසාමාන්‍ය බුද්ධියක්... ඒත් මෙවන් පාලනය වන්නට අකැමැති , නාහෙට අහන්නේ නැති, දරුවන්ගේ ජීවිත පිටුපස හැම තිස්සේම අපි දකින්නේ කඳුලකින් වත් පිට කර ගන්න බැරි වුන, දුක්බර, සංවේදී කතන්දරයක්..කාටවත් නොකියන... තම ආත්මාභිමානය වෙනුවෙන්....
පසු ලිවීම
මා හාස්කම් මත බලාපොරොත්තු තබනවා... මේ ලියුවේ වර්තමානයයි..අනාගතයේ මේ ලිපියට සොඳුරු අවසානයක් දීම පිලිබඳව...මා උදක්ම විස්වාස කරනවා.... හාස්කම් යනු නොපෙනෙන බලවේග කරන දෑ නෙමෙයි... විය නොහැකි ගණයට දමන ලද වෙනස්කම්, අප අපේ සිත මෙහෙයවා ඒ මත විස්වාසය තබා , කල හැකි බව මා අදහනවා...... මේ ලිපියේ අවසානයක් සටහන් වුනේ නැහැ... හේතුව මසිතේ හාස්කම් චේතනාවේ මෙය ආරම්භය පමණක්ම නිසා. හෙමින් නමුත්, වූ හාස්කම කවදා නමුත් මා ඔබට ලියා තබන බව පමණක් පවසන්නම්...
මේකත් මිස් මේ ළඟදි දවසක දුකා ලියපු ලිපියෙන් පැහැදිලි වෙනවා. ඊටම සම්බන්ධයි.
ReplyDeleteතොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී . . . http://dukaa.blogspot.com/2010/04/blog-post_22.html
එකම දේ නැවතත් ඉවසිලිවන්ත ගුරුවරීගේ මුවින් පිට වුනා..
please shake atleast your head if you understand and if you can't talk. හික්ස්..වැඩියෙන්ම හිතට වැදුණු වාක්‍යය. සමහරවිට වැඩියෙන්ම කියැවුනු වාක්‍යය වෙන්නත් පුලුවනි.. (ඒ වුනාට මම ඒක මතක තියාගත්තෙ සිංහල තේරුමෙන් නිසා කියපු විදිය මීට වඩා වෙනස් ඇති)
මේ දවස්වල වැඩිය ජංජාලෙ ඉන්න බෑ නෙව.. මෙන්න මම ගියා..
අනිවාර්යයෙන්ම අනිත් අයට අත හැරුනු බොහෝ විට හිතලම අත ඇරපු මේ චන්ඩියා හදාගන්න ඔයාට පුලුවන්..දැන් එයා ඔයත් එක්ක කථාකරන්න කැමති වෙයි..
ReplyDelete""හපොයි දෙයියනේ මේ රදළ පැටියෙකුට පුංචි තුවාලයක් වත් උනොත් මාත් හිරේ! හෆොයි..!""
Opsss මට හිනාව නවත්තගන්න බැහැ හලෝ.ඔයාට හරි බයෙන් ඉන්න වෙන්නේ හැමදාම..නේද??
මිත්‍රයා වහන්සේ...
ReplyDeleteඔව් ඔව්... මගේ පරසිදු කියමන " කරුණාකරලා තෙරුනාද? ඇහුවම කට ඇරලා කියන්න බැරිනම් අඩුම ගානේ ඔලුව වත් වනලා ගොලු බාසාවෙන් කියන්න තේරුනාද කියල..." හී හී.... හයියෝ.... මගේ ad එක... හී හී
දුකාගේ ලිපිය මාත් කියෙවුවා..වටිනා ලිපියක්..:-)
යනව! ගිහින්..... දන්නවනේ... පාඩම් කරනවා!
nimanthi
ReplyDeleteමේ චණ්ඩියා ගැන වැඩිදුර විස්තර කමෙන්ට් වල ලියන්නයි මම හිතුවේ..
මේ ලමයගේ ගෙදර ගොඩාක් ප්‍රශ්න..පවුල් අවුලක්... බාලංශ පංතියේ ඉඳලම මේ ලමයා හරි දරුණුයි... ලමයින්ට ගහල ලේ හොල්ලලා එයා සතුටු වෙනවා..පුදුමය නම් , මේ ලමයා අති දක්ශයි... පංති වාර විබාගයේ 100%, 99% වගේ ලකුණු... දැන් එයා බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ දරුණු ලේ හලන ජවනිකා තියන video games සහ movies. චිත්‍රයක් ඇන්දත් ගෙල කපන වගේ දරුණු එවුවා..ඒත් හරිම නිර්මාණශීලියි.
බලමු,... මගෙත් අරමුණ මේ දරුවා හදා ගන්න එක... පවු.. එයාට ආදරය ඕනා මට පේන්නේ....
හැමදාම ඉන්න කෙනෙක් නම් ඔයාට ඕනෙ තරම් වෙලාව තියනවා කියලා මම හිතනවා.
ReplyDeleteගෙදරින් නම් කිසිවක් බලපොරොත්තුවෙන්න බැරිවෙයි.
උත්සාහ කරන්න...!!!ඔයාට පුලුවන්
මට පේන ආකාරයට මේ මිත්‍රයාත් මිස්ගේ ගෝලයෙක් වගේ. හ්ම්... හොදයි හොදයි. "දරුවන්ගේ ජීවිත පිටුපස හැම තිස්සේම අපි දකින්නේ කඳුලකින් වත් පිට කර ගන්න බැරි වුන, දුක්බර, සංවේදී කතන්දරයක්..කාටවත් නොකියන..." හුගාක් ඇත්ත කතාවක්.
ReplyDeletemiss ගේ බ්ලොග් එකට මම කමෙන්ට් දානවා ගොඩාක් අඩුයි... ඒ මිස්ගේ අඩු පාඩුවක් නිසා නෙමේ මිස් තරමට ඒ පරිනත භාවයට ලන් වෙන්න මට බෑරි නිසා
ReplyDeleteඑත් මම දන්නවා මිස්ට පුලුවන් ඔය ලමයාව ගොඩාක් හොද ලමයෙක් කරන්න.. අනිවාර්යෙන්ම ඔයා එක කරනවා.... හෑමදේකම මම සුබ පතනවා
එහෙනම් ජිවිතෙ මල් මෙකත් කියවන්නකො
ReplyDeleteඔය සිද්දිය මගෙ මුළු ජිවිතෙම වෙනස් කරපු එකක්.. අදටත් එ ගුරුවරයා මම දිහැ බලන් ඉන්නවා..
ලමයෙකුගෙ මානසික වර්ධනයට එ ලමයගෙ පවුල් පසු බිමෙන් එල්ල වෙන බලපැම ඉතා විශාලයි.. ඉතා දරුණු ප්‍රහාරයකට පස්සෙ විනාශ වුනු වටිනා වස්තුවක සුන් බුන් සොයන්නා සෙ මාත් සෙවිමක නිරතව සිටිනවා. ලමයෙකුව බලෙන් වෙනස් කරන්න බැහැ.. එක එයාමයි තෙරුම් ගන්න ඔනා....
ReplyDelete'බුද්ධ්මතුන් බිහි වන්නේ පසු පස පේලි වලිනි'.....මගෙ ගාව ඕන තරම් උදාහරන තියෙනවා....
ReplyDelete'බුද්ධ්මතුන් බිහි වන්නේ පසු පස පේලි වලිනි'...
ReplyDeleteමං කියන්න ගිය1 යසේල ලියලනෙ.
'බුද්ධ්මතුන් බිහි වන්නේ පසු පස පේලි වලිනි'...
ReplyDeleteහික්.., :D
මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි..
ඒත් පොඩි එකා ගැන නම් මට පව් කියලා හිතුණා. බොහොම රසවත්ව පෝස්ට් එකත් ලියලා තියෙනවා.
ඔයාලා ඔක්කෝටම උත්තර ලියන්නම් ටික වෙලාවකින්... ඒත් මේ මොහොතේ මට ආව සිතුවිලක් බෙදා ගන්න හිතුනා.. පුදුම හදිසියක් දැනුනේ මේක ඔයාලට කියා ගන්න ...
ReplyDeleteමට ඔයාලා ලීව දේවල් වලින් වුනේ මොකක්ද දන්නවද ? මේ පුංචි ගුරු ජීවිතේ (අවුරුදු 4 ක) මා ලද අත්දැකීම් වල මේ වගේ දුක්බර, සංවේදි, සතුටුදායක සිද්දි ගොඩාක් තියනවා. ඒකට හේතුව මම මේ පොඩි කාලෙට විවිධාකාර ආයතන වල, විවිධ විෂයන් (එකම field එකේ) උගන්නලා තියනවා විවිධ වයස් මට්ටම් වල අයට... ඔයාලට පින් සිද්ධ වෙන්න මට හිතක් පහල උනා, මේ සිද්ධි ගැන ලියන්න.. ඒකෙන් මගේ ජීවිතේ හදා ගන්නත් පුලුවන් වෙයි , වෘත්තියක් ලෙස නොව සමාජ මෙහෙවරක් ලෙස මම තව කොතෙක් දියුණු සහ වර්ධනය විය යුතුද කියා වටහා ගන්න හැකි වෙයි.... ඒක සමාජයටත් මටත් සත්කාරයකුත් වෙයි...
ඔයාලට ගොඩාක් පින්.. මගේ සිතුවිලි මවන්නේ , සිතුවිලි උපදින්නේ ඔබ නිසා.. එසේ නැතුව මා නිකම්ම නිකම් ලියාගෙන යනවා නොවෙයි.. මා ලියන දිශාව තීරණය වන්නේම ඔබ ලියන හරවත් ප්‍රතිචාර නිසා... මා පෝෂණය කරනවාට ස්තූතියි...
ප්‍රතිචාර ලියන්නම් ඉක්මනින්... ඔබ සියලු දෙනාට මා හදවතින්ම ලෙංගතු බව කියන්නම්....
නිමන්ති අක්කා...ඔව් මම හැමදාමත් හාස්කම් විස්වාස කරනවා..විශේෂයෙන්ම දරුවන්ගේ මනස හැදීම සම්බන්ධව හැම දාමත් මා විස්වාස කල දේ තමා, ඔවුන්ගේ දිශාව තීරණය වන්නේ සහජයට වඩා ගුරුවරුන් දෙමාපියන් ඔවුන් සමග ජීවිතය බෙදා ගන්නා ආකාරය අනුව කියන එක.. ඒ විස්වාසය මා මෙහිදීත් තබනවා.. සහ මම සුබවාදීයි ඒ ගැන.. කරන්නට කලින් පාරම්බාන්නේ නැහැ... ඒත් ඒ වෙනස මා අනිවාර්‍යයෙන්ම ඔබට ගෙන එනවා සිදුවූ දවසට...
ReplyDeleteඅක්කේ , එක බැල්මකින් , එක වදනකින්, ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු කරන්න පුලුවන්.. රවා මල්ලිගේ පෝස්ට් එක ඊට කදිම නිදසුනක්.දරුවන් ආදරය මත උන්ගේ ජීවිතය ගොඩ නගනවා.. ඕනෑම දරුවෙකුගෙන් හාස්කම් බලාපොරොත්තු වෙන්න පුලුවන් ඔවුන්ව අපි විස්වාස කරනවනම්.. ඔවුන් අපගේ ජීවිතයට කොච්චර සමීපද කියා ඒත්තු ගන්වනවා නම්. මා 2008 නොදන්න කඩ්ඩ වනපු කාලේ ලියූ මේ බ්ලොග් පෝස්ට් එක බලන්න... මේ එක් උදාහරණයක්... http://cheer-up-my-life.blogspot.com/2008/06/teacher-you-are-my-inspiration.html. ගනන් ගන්න එපා.. කඩ්ඩ එච්චරම මගේ හොඳ නෑ.. ඒ ගැන සමාවෙන්න..
ආදර කතාව..ඔව් ඔව් මිත්‍රයාත් මගේ ගෝලයෙක් ඔයා වගෙම..:-) මේ සංවේදී ඇත්ත තෙරුම් නොගෙන ගුරුවරයෙක් වෙන එක හරි බයානකයි.. දරුවන්ගේ ජීවිත තීරණය කරන ප්‍රබල සාධක අපි....
දේවා... තමන්ගේ පරිණතිය කාලයත් සමග තමාගේ අත්දැකීම් සමග වර්ධනය වේවි... තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්න එපා..
රවා මලයෝ... ඔයා ඉතින් මට පැය ගනන් sentimental වෙලා සංවේදී වෙලා කියවන්න දේවල් දෙන ගැඹුරු මත දරන්නානේ..:-) අදත් පැය ගානක් ඔයාගේ පෝස්ට් එක කියවල හොල්මන් වෙලා හිට්යා,,, නිමන්තිගේ ප්‍රතිචාරයේ තියන පෝස්ට් එකත් බලන්න..http://cheer-up-my-life.blogspot.com/2008/06/teacher-you-are-my-inspiration.html. ඒක මගේ english බ්ලොග් සමයේ ලියපු දෙයක්.. ඒ දඟකාර දක්ෂ කොලු පැටියා අදටත් මා දන්නා හොඳම සාර්ථකම දරු පැටියා.. අද එයා IT උපාධියට 2nd Upper අරං ලංකාවට ඇවිත් ඉන්නවා.. තවමත් මා සමග කතා කරනවා.. ඒ උතුම් ගතිගුණ තියන දරුවව එතැන්ට ගෙනාවේ මා නෙමෙයි මල්ලි... එයාමයි ඒ දුර ආවේ..එයාට විස්වාස කරන්න ජීවන සාධකයක් වුනා පමණයි මම... එය දැන හෝ නොදැන ඔහු අද රටට වැඩැති සොඳුරු මිනිසෙක් වී සිටිනව.. ඒ ආත්ම තෘප්තිය...කියලා වැඩක් නැහැ මල්ලි...
ලමයෙකුව බලෙන් වෙනස් කරන්න බැහැ රවා... දඬුවමෙන් වෙනස් කරන්න කොහොමටවත් බැහැ... ඒත් සංවේදිව ඔහුගේ හදවතට ඇමතීමෙන්, ඔහුට/ඇයට සමීප වීමෙන්, හදවතින්ම ඔවුන්ට ආදරය කිරීමෙන් , බොහෝම ඉවසිලිමත්ව දරුවෙකුව නොහිතන තරම් උසකට අපට ගෙන යා හැකියි. එක් සීමාවකින් පසුව තවදුරටත් අපේ එලිය ඔවුන්ට අවශ්‍ය නැහැ... ඉන් එහා දුර ශක්තිමත් මිනිසුන් ලෙස විස්වාසයෙන් ඔවුන් යනවා..
යසෙල , freedom, ansh
ඇත්ත... පසු පස පේලි වලින් බුද්ධිමතුන් බිහිවන වග සැබැයි.... ඒ බුද්ධිමතුන් දිහා වපරැසින් බලන ගුරුවරයෙක් නිසා යම් දවසක , ලෝකයක් නසන මහා මොලකාරයෙක් හෝ ජීවිතය සම්බන්ධව අසුබවාදී වී ජීවිතය අඳුරට හෙලා ගන්න දක්ෂ දරුවෙක් බිහි වීම වැලකීම ගුරුවරයෙකුගේ යුග මෙහෙවරයි... සාම්ප්‍රදායික රාමුවේ දඬුවම්, බැනීම්, හිත් රිදවන වචන නිසා අනාගතයක්ම අඳුරට හෙලන්න ගුරුවරයෙකුට පුලුවන්.. එහි අනෙක් පැත්තත් එසේමයි..ලෝකයටම වැඩැති වටිනා දරුවෙක් තනන්නත් ගුරුවරයෙකුගේ ආදරයට, මානව දයාවට පුලුවන්...
ස්තූතියි මේ වචන හැම එකකටම... මේ අරුත්බර අදහස් වලට.....
ගුරුවරයෙක් කියන්නේ, ළමයෙක්ගේ කේන්දරය අලුතින් ලියන්න පුළුවන් කෙනෙක් කියලයි මම අහලා තියෙන්නේ. ඔබත් එවගේ කෙනෙක්...
ReplyDeleteඔබවගේ ගුරුවරුන් හමුවෙන දරුවන් වාසනාවන්තයි.
සුබ පැතුම් සහොදරී....!
ම් මම නම් මේ බ්ලොග් එක කියවපු පළමු දවස අදද කොහෙද, මෙනව උනත් බොහෝ වෙලාවට ගොඩාක් පවුල් වල ළමයෙක්ට පොඩි හෝ අසාධාරණයක් වෙනව. මම දැකල තියෙනව ඒ පොඩි දේ නිසා දෙමවුපියන් ඩිවෝස් වෙලා තියෙනව. ඒ නිසා මම නම් දකින්නෙ පළමු වගකීම තියෙන්නෙ දෙමාපියන්ගෙ. නමුත් මොන තරම් ගැටළු තිබුනත් ගුරුවරයෙකුට ළමයෙක් වෙනස් කරන්න පුළුවන්. මට ගුරුවරු කිහිපදෙනෙක්ම කියපු දෙයක් තමා තමන් අනාගතයේ බලාපොරොත්තු වෙන දැනට එම ක්ෂේත්‍රෙය් හොදම තැනක ඉන්න එක්කෙනෙක් එක්ක කතා කරන්න, ගරු කරන්න, අදහස් විමසන්න වැනි නොයෙකුත් එදිනෙදා සිදුවන දෑ කරන්න කියල. අන්තිමේටම ඔහු/ඇය අපගේ හිතවතෙක් වගේම මිතුරෙක් වී අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනව කියල කීව.
ReplyDeleteමම නම් දකින්නෙ මේ වගේ ළමයෙක්ට ගුරුවරයෙකුට කරන්න පුළුවන් හොදම දේ තමා ජීවිතයට බලාපොරොත්තුවක් එක්ක විවිදාකාර ඉලක්ක වලට යොමු කිරීම. ඒ වගේම විවිධාකාර සිසුන් සමග සමූහ ක්‍රියාකාරකම් වල යෙදීම වගේ දේවල් වලින් ක්ෂණිකව බැරි වුනත් වක්‍රාකාරයෙන් හෝ වෙනසක් ඇති කරන්න පහසුයි.
අද තමයි මම මේ බ්ලොග් එකට ආපු පළවෙනි දවස, එතකොටයි මේ පොස්ට් එක දැක්කෙ. ලියන්න කම්මලි කමට මෙහෙම කෙටියෙන් ලියන්නම්, ඔයා මේ දරුවො වෙනුවෙන් කරන දේ ඇත්තටම ගොඩක් හොද දෙයක්, ඒ මනුස්සකමයි හොද කමයි කවදාවත් නැති කරගන්න එපා...
ReplyDeleteඔයාලගෙ ප්‍රතිචාර වලටයි වටිනා අදහස් වලටයි ස්තූතියි....
ReplyDeleteමාත් ඒක විශ්වාස කරනවා. මගේ නෑදෑ පවුලක කොලු පැන්චෙක් ඉන්නවා. තාත්තා නිතර ගෙදර නැති නිසා අම්මා තමන්ගේ පීඩනය පිට කරන්නේ මේ පොඩි එකාට සැර කරලා, ගහලා. සමහර දාට කියන දේ ඇහුවේ නැතොත් ගහලා කන්න නොදී ඉස්කෝලෙ යවනවා. පැටියා අපිට, ගෙදරට හරිම හොදයි. නමුත් ඉස්කෝලෙදී හැමදාම ළමයින්ට ගහලා නඩු. ඒ ටීචර්ටත් ඔයාට වගේම මේ පුංචී පැටියාගේ දුක තේරුණොත් හොදයි.
ReplyDelete