Saturday, April 09, 2011

[170] නොපසුබස්නා බවේ මෝටර් රථ සලකුණ ! (ඇත්ත කතාවක්)

1906 ජපානයේ රෝහල් වල , මහ මං වල කොලු පෑටවුන් කී දෙනෙක් ඉපදෙන්නට ඈත්ද ? ඒ දහස් ගණනක් අතරේ එක් සුවිශේශී කොලු ගැටයෙකු හිටියා.
දුප්පත් කම , ඒ පසු පස පැමිණි අගහිඟකම්, කර්කශ ජීවන රටාව , මේ කොලුවාට අවුරුදු 15 වෙනතුරුවත් පාසැල් යනට ඉඩ දුන්නේ නැහැ.ඒ නිසාමයි අවුරුදු 15 යම්තම් පිරෙද්දි ඔහු ටෝකියෝවේ ගරාජයක රැකියාවක් සොයා එන්නේ. ඒ තරම් වයසකුත් නැති , ගරාජයක වැඩපොළ නොදන්නා කොලුවාට හිමිවෙන රැකියාව තමයි ගරාජ් අයිතිකරුගේ දරුවාව බලා ගැනීම. කොලුවා ඉන් පසුබසින්නේ නැහැ.දරුවාත් පිටේ එල්ලාගෙන ඔහු ගරාජය පුරා ඇවිදින්නේ එහි වැඩ කටයුතු මනාව සිත්හි ධාරණය කර ගනිමින්.
මෙසේ වයසින් සහ දැනුමෙන් මුහුකුරා යන කොලු ගැටයා සුපතල ටොයොටා සමාගමේ මිකැනික්වරයකු වශයෙන් සේවයට බැඳුනේ දහසක් බලාපොරොත්තු හිතේ රඳවගෙනයි.කාලය ගත වුනා.අප්‍රතිහත දහිරිය නිසාවෙන්ම ඔහුට දක්ශ කාර්මික වරයකු වන්නට ගතවුනේ ටික කාලයයි. ඔහුගේ සිත තුල මේ හැම දෙයක්ම පෙලගස්වනු ලැබුවේ එක්ක්තරා සිහිනයක් විසින්. ඒ තමයි තමාගෙම මොටෝරියක් බිහි කිරීම. ටොයොටා සමාගම ඊට අදාල අත්හදාබැලීම් කිරීමට මොහුට ඉඩ දුන්නා.
කොලු ගැටයා දැන් පර්යේෂකයෙක්.මේ තරුණ මිකැනික්වරයා සිය පර්යේෂණ සඳහා මිල මුදල් සොයාගත්තේ තමා දුකසේ උපයාගත් වැටුපෙන්. ඔහු අතැති වැටුපෙන් විශාල ප්‍රමාණයක් බෝඩිම් ගාස්තුව වශයෙන් වැයවන බව දුටු කොලුවා , බෝඩිමට සමුදී තම මෝටර් රියේ සිහිනය දකිමින් ටොයොටා සමාගම් කම්හලේ බංකුව මත නිදා ගන්නට තීරණය කළා.
වසර දෙකක් තිස්සේ ටොයොටා සමාගමේ බංකුව මත කොලුවාගේ රැය පහන් වුනා. එහි ප්‍රතිපලය ඔහුගේ සිහින මෝටර් රථය සැබෑවක් වීම. එහෙත් ටොයොටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ෂේප කලා. කොලුවා තවත් හිතට දහිරිය ගත්තා. මෝටර් රිය වසර ගණනාවක් තිස්සේ වැඩි දියුණු කලා. දෙවන වරටත් ඔහුගේ සිහින මෝටර් රිය සමග ඔහු ටොයෝටා සමාගම ඉදිරියේ පෙනී හිටියා. මෙවර ටොයෝටා සමාගම ඔහුගේ මෝටර් රථයට කැමැත්ත පළ කලා.
ඒත් අවාසනාවක මහත! දෙවන ලෝක යුද්ධය හරහට හිටියේ නොසිතූ අයුරෙන්. යලිත් ඔහුගේ ඉල්ලීම නිශ්ඵල වුනා. ඒත් ඔහු බලාපොරොත්තු අත් හළේ නැහැ. ඔහු ආයෝජකයන් විශාල ප්‍රමණයකට ලිපි ලියුවා. වසර ගණනාවක් ගත වුනා. වාසනාව කොලු ගැටයා කරා ආවා. ආයෝජකයන් කිහිප දෙනෙකු සමග එක්ව ඔහු ඔහුගේ සිහින මෝටර් රථ කම්හල ඉදිකලා.
ඔහුගේ සිහිනය හෙමි හෙමින් සැබෑවෙන අවධිය වෙත්දී 1945 ඔහු යලිත් පරාජය වුනා. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානුවන් ජපානයට හෙලූ බෝම්බයකින් ඔහුගේ කම්හල පොළවට සමතලා වුනා. වසර ගණනක් දුකසේ එක් කල ධනය , පොදි ගැසූ හීන යලිත් වරක් වියැකී ගියා.




තරුණයාගේ දැඩි ආත්ම විශ්වාසය එයින්වත් බිඳකුදු පහත වැටුනේ නැහැ. වාහන වල මිල ඉතා ඉහල ගොස් තිබූ සමයෙක මෝටරයක් සවිකල බයිසිකලයක් පිලිබඳ සිතිවිලි බීජය ඔහුගේ සිතේ පිලිසිඳගැනුනා. 1949දී මේ සිතිවිල්ල යථාර්ථයක් වූයේ , අශ්ව බල 3 Dream මෝටර් සයිකලය ලෙසින් වාණිජ වෙලඳපොලට නව බයිසිකලයක් එක් වීමෙන්. Dream මෝටර් සයිකලය මේ තරුණයාව කෝටිපතියෙකු බවට පත් කලා.

කෝටි ගණනින් මිල මුදල් ගලා ආ පමණින් මෝටර් සයිකල් මුදලාලි කෙනෙකු වීම සිය සිහිනය ලෙස දූටුවේ නැහැ. යලිත් සිය මෝටර් රිය සිහිනය හඹා යන්නට ඔහු තීරණය කලා. මෙවර කිසිවෙක් ඔහුගේ හරහට හිටියේ නැහැ. ඔහු නිපදවූ මෝටර් රියට ලෝක වෙලඳපලේ විශාල ඉල්ලුමක් ඇති වුනා. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ශේප කල ටොයොටා සමාගම සමග කරට කර සිටිමින් අති ජනප්‍රිය Honda මෝටර් රථය බිහිවූයේ එලෙසින්. දහස් වතාවක් ඇද වැටුනු නමුත් 1001 වන වතාව කෙරේ බලාපොරොත්තු තබාගනිමින් සිය සිහිනය යථාර්තයක් බවට පත් කර ගත් සොයිචිරෝ හොන්ඩා ගේ අප්‍රතිහත ධෛර්යය පිලිබඳ සත්‍ය කතාවයි මේ....
මේ සලකුණ පිටුපස තිබෙන්නේ , පාවඩ මතින් ඇවිද ගිය , පරම්පරාවෙන් ඉපැයූ කහවණු මතින් කම්හල් ගොඩනැගූ ධනකුවේරයකුගේ කථාව නොවේ...
ජීවිතය බිංදුවෙන් පටන් ගත් , සිය සිහිනය පසුපස වෑටෙමින් නෑගිටිමින් හඹාගිය දහිරියවන්ත මිනිසෙකුගේ කතාවයි මේ...




පසුසටහන 1
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය නිපදවීම සඳහා 999වතාවක් අත්හදාබැලීම් කලා. ඒවා හැමෙකක්ම අසාර්ථක වුනා. වරක් එඩිසන්ගේ මිතුරෙක් ඔහුගෙන් අහනවා "ඔබ 1000 වෙනි වරටත් උත්සහ කරනවාද ?" කියා. එවිට එඩිසන් පවසනවා ,
"මගේ අසාර්ථකත්වය වරදක් හැටියට මා දකින්නේ නෑ.මට පෙනෙන්නේ විදුලි බල්බය නිපදවිය නොහැකි ක්‍රම 999ක් මා සොයා ගත් බවයි"






පසු සටහන 2
2009 දෙසැම්බරයේ , මගේ මුහුණ ඉදිරියේ සිටගෙන, දශක 4කට ආසන්න කාලයක් තිස්සේ , පුහු තර්ක සහ වචන විනා , අන් කිසිවක් කිසිවෙකුට නොදුන් සහ නොලද , පරාජිතයෙකු , මට මෙහෙම පැවසුවා.
"නංගී...ඔයා කවි ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඔයාට ලස්සනට ලියන්න බැහැ. ඔයාට එහෙම හැකියාවක් නෑ."
මට හිතෙන්නෙ , ඉතා කෙටි හෝ දුරක් මා පැමිණියානම් , ඒ පැමිණියේ මේ වචන වලින් මා ලද පන්නරය නිසා. පරාජිතයෙකුට , තවත් අපාඅජිතයෙකු විය හැකියෙකු පැරදෙන තුරු නින්ද නොයන බව සත්‍යයක්. කෙතෙක් වරක් බිම ඇද වැටුනත්, එයම පන්නරයක් කොට ගෙන නැගිටින ජීවිතේ මල් කිසිම දාක වචන නිසා පැරදුනේ නැහැ.
ජීවිතෙ මල් දක්ෂ ලේඛිකාවක් නොවෙයි. ඒත් ඈ උත්සහය අත්හරින්නේම නෑ. කිසිවකුගේ වචන වලින් සැලෙන්නේ නෑ. ඈ පරාජිතයකුගේ අධෛර්යය කරවන සුලු වචන වලින් උකහා ගන්නේ , අත් හදා බැලිය යුතු තවත් දෙයක් පිලිබඳ ඉඟියක් පමණයි. ඒ නිසා ඈට ඈ ගැන ඉතාම ආඩම්බරයි. හොන්ඩා සලකුණ කියන කතාව ඈ අදහනවා...


47 comments:

  1. ගොඩක් ජයග්‍රාහකයින් පිටුපස ඔය කතාව තියෙනවා. පරාජය යනු ජයග්‍රහණයේ මාවතයි කියන දේ විශ්වාස කරන කෙනාට ජයග්‍රහණය වැඩි ඈතක වෙන්නෙ නෑ. බින්දුවෙන් පටන් අරගන්න අයව වට්ටන්න බෑ. මොකද බින්දුව මොනවගේද කියලා එයා කලින්ම දන්න නිසා.
    බලමුකො මගේ ජීවිත කතාවත් කවදාහරි ඔයාටම ලියන්න දෙන්න පුලුවන් වෙයිද කියලා මේ වගේම. :D

    ReplyDelete
  2. අද මහා ධන කුවේරයෝ වගේ වැජඹෙන ගොඩක් අයගේ සාර්ථකත්වය පිටිපස්සේ මේ වගේ රසකථා හැංගිලා තියෙනවා. තමන්ට උත්සාහයයි උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඕනම බාධකයක් ජයගන්න පුලුවන් කියල මේ කථාවෙන් පැහැදිලිවම ආයෙ පාරක් ඔප්පු වෙනවා. කම්මැලිකමෙන් හැමදෙයක්ම එකපාරක් නැත්තම් දෙපාරක් උත්සහ කරල අතඇරල දාන මිනිස්සු ඉන්න ලෝකෙක මේ කතාව හොඳ කණේ පාරක් කියලයි මටනම් හිතෙන්නේ... :)

    ReplyDelete
  3. කිසිමක් කිවයුතු නැතැයි සිතමි.. නියම පෝස්ට් එකකි.........කියන්නට කිසිවක් ඉතිරි කරද නැත.......

    ReplyDelete
  4. මට හිතෙන්නේ අපි ජීවත් වෙනෙන වෙන කවුරු හරි හදලා දීපු අච්චුවක් ඇතුලේ කියලා

    ReplyDelete
  5. ඇත්ත ජිවිතෙ දිනන එක ලෙසි නැ..එත් කවදහරි උත්සහ කරොත් එ දෙ කරනන් බැරි කමකුත් නැ

    ReplyDelete
  6. නෝ කමෙන්ට්ස්......

    අළුත් විදිහට හිතන කෙනා කවදත් දිනනවා...අර මරේ කිව්වා වගේ අපි එක්තරා රාමුවකට මැදි වෙලා...ඒකයි අපිට මේ හෙනේ....

    මේ පෝස්ට් එක සුපිරි....!!!

    ReplyDelete
  7. නියම පෝස්ට් එකක් අක්කියෝ...

    ReplyDelete
  8. හිතට ගතයුතු ලස්සන කතාවක්.

    ReplyDelete
  9. කියන්න දෙයක් නෑ අක්කා.. නියමම පෝස්ට් එකක්..!

    ReplyDelete
  10. පසු සටහන 2 නිසායි මේ ලියන්නේ.

    මේ කතාව ඔයාට කියපු කෙනා ගේ ඇත්තම අරමුණ මොකක්ද? ඔයාව වට්ටන්නද?

    දැන් අවුරුදු හතරකට කලින් පී.එච්.ඩී. එකක් කරලා ඉවර කරන්නේ නැතුව හිටපු මගේ යාළුවෙකු ට මං මෙහෙම කිව්වා.

    "මට නං පේන්නේ උඹට ඕක කරගන්න බෑ කියලයි. මං උඹ නං කරන්නේ ඉස්සෙල්ලා තීසිස් එක කොහොම හරි ගැට ගහලා සබ්මිට් කරනවා. පස්සේ බලනවා කරෙක්ෂන් කරන්න. ඒක කරන්න බැරි නං උඹට ඕක කරන්න බෑ!".

    මාස හයක් ඇතුලත පොරට පී.එච්.ඩී. එක ලැබුණා. දැන් පොර ලොකු කථීකාචාර්යවරයෙක්.

    ReplyDelete
  11. There is no good writings
    Only good rewritings exist

    ReplyDelete
  12. ආදර්ශමත් කතාවක්.. කවුරුවත් නිසා අපේ වැඩ නවත්තන්නෙ නැතිව ඉදිරියටම ගියා නම් හරි :)

    ReplyDelete
  13. දෙවන මහලේ ජනේලයෙන් නෙත් යොමන විට, නිවැවුම්කරුවාගේ අප්‍රතිහත දහිරිය මොනවට කියාපාමින් හොන්ඩා සලකුණ සහිත වාහන එදා මෙන් අදත් මහත් උත්කර්ෂයෙන් වේගවත් ගමනක යෙදෙයි.

    ඉතින් මමත් "හොන්ඩා සලකුණ" කියන කතාව අදහන පිරිසට එකතු වෙන්න කැමතියි.

    මේ ඔබේ ලිපි වලින් මම කැමතිම එකයි....!

    ReplyDelete
  14. සුපිරිම පෝස්ට් එකක්... මේ ලෝකේ මං කැමතිම නමක් තමයි හොන්ඩා කියන්නේ...

    දිලෝ... උඹට ලියන්න බෑ කියලා කවුද කියන්නේ... රිවිරේ යන උඹේ ආර්ටිකල් අනිවා මං කියෙව්වා හා කියවනවා... උපරිමයි...!!!

    ReplyDelete
  15. වන්නි කිව්වා වගේ.. මම ආසම වාහනය තමා හොන්ඩා.. බයික් කාර් දෙකම එකයි.. "සංසාරේ අපි"ත් එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  16. මම හිතන්නේ අද මම මේ පෝස්ට් එක ලිව්ව එක ගැන මම හැමදාමත් සිහි කර කර සතු‍ටු වේවි... මගේ කම්පියුටරයේ ස්ක්‍රීන් එක ලෙඩ දෙමින් සතියකට වතාවක් විතර අහම්බෙන් වැඩකරන්න තීරණය කරලා. ඒ නිසාම බ්ලොග් ලිවීමත් ඇණ හිටියාද? නෑ නෑ... මම නුවර ඉඳන් අතින් බ්ලොග් ලිපි ලිව්වා... ඒ මම පැරදෙන්න ආස නැති නිසා.. ඉතින් ස්ක්‍රීන් එක වැඩ කරනතුරු බලන් හිටියා. වැඩ කරන්න ගත් සැණින් කල පලවෙනි දේ මේ ලිපිය ටයිප් කල එක. මම පරදින්නෙ නැත්තෙ ඒ නිසා.

    ඒ කෙසේ වෙතත් මම මේ ලිපිය මේ අයුරෙන් ලියන්න හේතු වුනේ නුවර ගෙදර තිබුන , කලකට පෙර ගත්ත පොතක් . පොතේ නම 'දුක දිනා ජය ගත් මිනිස්සු'. එහි තිබූ සුවහසක් කතා අතුරෙන් මේ කතාව මගේ සිත තදින් ඇද බැඳ ගත්තා... එනිසාම එය මගේ වචන වලින් ලියන්න මම තීරණය කලා. ජයගන්නේ හෝ පරදින්නේ , අනුරාධ මල්ලි උත්සහ කරන්නන්... මල්ලී ඔයා සාර්ථක නොපසුබසින උත්සහ කරන්නෙක් කියලා ඔයා අර ශෝට් ‍ෆිල්ම් එකෙන් ඔප්පු කරලා ඉවරයි. උඹ විහිලුවට කිව්ව වචන මම බලෙන් පෙරලනවා සීරියස් පොරොන්දුවකට. මල්ලි උඹ එහෙම සාර්ථක මිනිහෙක් වුනාම , උඹෙ පළවෙනි biography එක ලියන්න මට දෙනවා නේද ?

    චන්දික මල්ලි.. තමුන් එක පාරක දෙපාරක් නෙමෙයි සිය වරක්වත් උත්සහ කල යුතුයි. හොන්ඩා උත්සහ කලේ 3 වතාවයි.. ඒ පෙනෙන කතාව. කී දෙනෙක් නම් ආයෝජකයෛන් පසු පස නාහෙන් අඬ අඬා ඔහු යන්නට ඇද්ද ? නේද ? නිසල් මල්ලි... ජීවිතෙ දිනන්න බෑ.. අපි කවද හරි මැරෙනවා.. ඒත් ඔයා අදහස් කල සාර්ථකත්වය අපේ ඇස් ඉදිරියේම තියනවා.. මරණෙ අයියා, හසි මල්ලි.....අපි රාමුවක හිර වෙනවද නැද්ද කියන එක අපේ චොයිස් එකක් කියලයි මට හිතෙන්නේ ... ඒක නිවැරදි විය හැකියි. ඒත් අයියේ අපිම තමයි තීරණය කල යුත්තේ හැමෝම වේගයෙන් දුවන මහමග අපත් යනවාද , ඊට වඩා හාත්පසින්ම ආනන්දජනක, බියජනක මෙන්ම ත්‍රාසජනක අතුරු මගක වෙනස් ගමනක් ගොස් එ'මග අප දු‍ටු දේ ලෝකයාට පෙන්වා දෙනවාද කියලා? මම මේ කියන මග ක‍ටුකයි.. වංගු සහිතයි.. ඒත් එ'මග යන්නට හිත හදා ගත්තොත් අපෙන් ලොවට ලැබෙන දේ බොහොමයි. 'අතුරු පාර ' අපව සුන්දර මිනිසුන් බවට පත්කරාවි.

    ReplyDelete
  17. කතන්දර සූරින්: මට මෙන්න මෙහෙම කිව හැකියි... ඔය කියන පරාජිතයා කියූ එකම දේ මෙය නොවෙයි." නංගි ඔයාගෙ කාලෙ පැනලා. ඔයාලට දැන් ලිව්වා කියලා ඉදිරියක් නෑ. වයස පැනලා. දැන් ඉතින් තරුණ වයසක් නෑ. කල් ඉවරයි. නිකම් කොම්පියුටරේ මොනව හරි කොටා ගන්නවා මිසක් ඔතනින් එහා යාමක් නෑ". යනාදී වශයෙන්. හැබැයි කතන්දර අයියේ මම මේකත් කියන්න ඕනේ, ඒ පුද්ගලයා නොවරදවා සංසාරේ අපි කියවනවා මට නොකියාම.හැබැයි අද වෙනතුරුවත් කියවන බවවත් පිටට අඟවන්නෙ නෑ. කතන්දර අයියා කිව්ව දෙබස සලකා බලනව නම් මට පෙනෙන්නේ ඔයා ඒක කිව්වේ constructive විදියට. වැඩේ කෙරෙන විදියට. කෙරෙන මගක් ගැන ඉඟියක් වශයෙන්. ඒක මම දකින්නේ අතදීමක් වශයෙන්. වසරකට පසුත් මට මේ පුද්ගලයා මුණ ගැහුනා. මම එතෙක් ලියූ දෑ ගැන මම සඳහනක් කලෙත් නෑ. ඔහු සඳහනක් කලෙත් නෑ. ඒත් එකම එක දෙයක් මට කියා ගියා. " ආ ඒ පාර වටේට ලොකු කොල්ලො සෙට් එකක් නම් හදාගෙන නේද උන්ව අවුස්ස ගන්න එහෙන් මෙහෙන් කවි කතා ලියලා..!" කතන්දර අයියා.. ඔබ වැනි කෙනෙකු ( අනෙක් අයට කියැවීම සඳහා එක අකුරක හෝ ශ්‍රම දායකත්වයක් දෙන අයෙකු) එසේ කීවා නම් මම එහෙම කියන්න කරුණක් හෝ විමසනවා. ඒත් මම ඒ වගෙ කෙනෙක්ගෙන් එහෙම හේතුවක් හෝ විමසීම අවශ්‍යද?

    බුද්ධි අයියා.. හොන්ඩා සලකුණ කියන කතාව අද මාත් අදහන්නක් බවට පත් වෙලා... මිනිසෙකුට වැටෙද්දී මෙතරම් වරක් නැගිටින්නට විරිය ඇතැයි සිතන්නත් අපහසු තරම්... ස්තූතියි... මේ පෝස්ටය කැමැතිම පෝස්ටය කීවාට... ස්තූතියි...

    පසන් මල්ලියා, හසී නගා, ප්‍රසන්න,, චතුවා, යොහාන් මල්ලි,කුශාන් මල්ලියා, බුද්ධි අයියා, රොබින්,අනුරාධ මල්ලියා,ගෙහාන් චන්දික මල්ලියා,මරණෙ අයියා,නිසල්, හසියා මල්ලියා,කතන්දර සූරින්, චානක මකර මල්ලි , කණියා මල්ලි, ... ගොඩාක් ස්තූතියි...මේ දිරිමත්වන වචන නිසා සංසාරේ අපි නොනැසී පවතීවි... ජීවිතේ මල් ආ මග ඉතා කෙටියි.. ඒත් ඒ මග ගන්නට ජීවිතේ මල් ගත් තීරණය ගැන අද ඈ තුල ඇත්තේ අපරිමිත සතුටක්... ස්තූතියි...

    ReplyDelete
  18. මුල ඉදල අගටම එක හුස්මට කියෙව්ව... මගෙ යලුවො ගොඩ දෙනෙක්ටත් මම මේ සටහන මේල් කලා... බොහොම ස්තුති..!!!
    පොඩි අදහසක් දෙන්නම් ,
    අපේ රටේ අය ගැනත් ලියන්න...

    ReplyDelete
  19. "කිසිවකුගේ වචන වලින් සැලෙන්නේ නෑ. ඈ පරාජිතයකුගේ අධෛර්යය කරවන සුලු වචන වලින් උකහා ගන්නේ , අත් හදා බැලිය යුතු තවත් දෙයක් පිලිබඳ ඉඟියක් පමණයි." හරියටම හරි. මමත් අදහන්නේ ඔය කතාවම තමයි. ඉදිරියටම යන්න. සුබ පැතුම්!!!.
    මැණික්

    ReplyDelete
  20. මලී... ස්තූතියි..ජය !

    වජිර : ඉතාමත් ස්තූතියි... අනිවාර්යයෙන්ම.. මම මේ ලිපිය තවත් එක් ලිපියක් නොකර ලිපි මාලාවක පලමුවෑන්න ලෙස සලකන්නම්කෝ.. :) ජය!

    මෑණික් : ඉතාමත් ස්තූතියි.. ඔබ සංසාරේ අපි වෙත නිතර ගොඩ වන බව මා දන්නවා,,,, ජය!

    ReplyDelete
  21. අපි අපේ අරමුණ අත්අරින්නෙ නැත්නම්, කවමදාක හෝ ජයග්‍රහණය පසක් කරගත හැකි බවට කදිම නිදසුනක්. අධෛර්යමත් වෙලා ඉන්න කෙනෙකු උනත් ආයෙමත් දිරිමත් වෙන විදියට ලියල තියෙනව. සුබ පැතුම්...

    ReplyDelete
  22. ඒක ඇත්ත අපි කොයි වෙලාවකවත් පසු බහින්න හොඳ නැහැ...

    වටිනා ලිපියක්....

    ReplyDelete
  23. වලාකුළු...
    ඉතාමත් ස්තූතියි.... ජයෙන් ජය !

    හරී...
    ස්තූතියි...

    ReplyDelete
  24. මේ ලොකේ මිනිස්සු දෙකොටසක් ඉන්නවා. ඉන් එක් කොටසක් හීන දකිනවා, ඒ හීන, හීන විදියටම තියාගෙන මැරිලා යනවා. ඒ අයව කවුරුවත් දන්නේ නෑ. කාලය ගතවුනාට පස්සෙ සොහොන් කොතේ තියෙන නම විතරයි. ඒත් තව කොටසක් ඉන්නවා -ඒ කොටස දුලබයි- ඔවුන් හීන දකිනවා, ඒ හීන ලුහුබැඳ යනවා, ඒ හීන සැබෑ කරගන්න අප්‍රතිහත ​ධෛර්්‍යයෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා.ඔවුන් අමරණීයයි, මියගියත් ඒ මිනිස්සු ගැන ශතවර්ෂ ගණන් ගත වුනත් මිනිස්සු කථා කරනවා. ඉතිහාසය ලියැවෙන්නේ, ලෝකේ ගලන විදිය වෙනස් කරනේ අන්න ඒ වගේ මිනිස්සු. මේ වගේ ලිපි නිසා ලේසි විදියට, ඉන්න විදියට ජීවිත ඔහේ ගලායන්න දෙන මිනිස්සු තමන්ගේ ජීවිත ගැන ආයෙමත් හිතන පෙළඹේවි.
    ~ හිපියා

    ReplyDelete
  25. A good motivating post. :)
    "In the middle of difficulty lies Opportunity "- Albert Einstein

    ReplyDelete
  26. හැම දේම වෙනස්වෙන ලෝකෙක මිනිස්සුන්ට ආත්මහයියක් දෙන්න ලියන උඹ හරි වටිනව නංගියා දිගටම මෙි හයිය දෙන්න
    DREAMMAKER

    ReplyDelete
  27. ප්‍රතිචාර ලියා 'ලියන්නත තිත නොතබන්නට' දිරි දෙන නුඹ හෑමට මගේ නොවක් තුති... !!!!!!

    ReplyDelete
  28. හොන්ඩා සමාගම නිකුත් කරන "Honda the Power of Dreams" කියල සිත්ගන්නා කෙටි චිත්‍රපට මාලාවක් තියනව සාර්ථකත්වය පිළිබඳවත් තාක්ෂණය පිලිබඳවත් ඔවුන්ගේ සමාගම ගැනත් කියැවෙන. මෙතනින් බලන්න.

    එයිනුත් මේ ලිපියට ඉතාම අදාල වන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.

    ReplyDelete
  29. එකත් ෆට්ට ලිපියක් අනේ... එල එල ජය වේවා...!!!

    ReplyDelete
  30. වටිනා අදහස් වලින් මේ ලිපිය පෝෂණය කළ ඔබට ස්තූතියි ටී.බී. හේරත් සහ අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි

    ReplyDelete
  31. නංගී...ඔයා කවි ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඔයාට ලස්සනට ලියන්න බැහැ. ඔයාට එහෙම හැකියාවක් නෑ." මෙහෙම කිව්වේ කවුද ? ඔහොම කියන කට්ටියට තමා මුකුත්ම බැරි............මම හිතන්නේ ඔයත් කවදමහරි මේ Honda සමාගමේ වගේ එකක් කරයි කියල මම විශ්වාසයක් තියෙන්නවා. ඔබට ජය ! අදයි දැක්කේ මේ අඩවිය..මම සේරම බ්ලොග් ටික කියෙව්වා

    ReplyDelete
  32. බොහොමත්ම ස්තූතියි හෘදයාංගම ප්‍රතිචාරයට සනෝජ් මල්ලි.... :)

    ReplyDelete
  33. එක ලිපියක් කියවල ආපහු ටැබ් එක ක්ලෝස් කරල වෙන පේජ් එකකට යන්න හිතෙන්නෙ නැති තරමට ලස්සනට ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් විදියට කතාව ලියල තියෙනව.ඉතින් මම දැන් මුල ඉදලම මේ බ්ලොග් එක දිගඅරිනයි හදන්නෙ.

    ReplyDelete
  34. නෙට්වර්ක්දිසා
    හොඳා හොඳා.. සතුටුයි... ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා සංසාරේ අපි වෙත :)

    ReplyDelete
  35. අනුශ්ක ලක්මාල් මල්ලි දීපු ලින්ක් එකකින් මෙහාට ආවේ.මමත් බොහොම ගරු කරන කෙනෙක් මෙතුමා.හොද ලිපියක්

    ReplyDelete
  36. නියම ලිපියක්. මාත් මේවගේ අයව අදහනවා. රෑ නිදිමරාගෙන වැඩ කරනවා. කවදාහරි මගේ කතාවත් දෙන්න උත්සාහ කරන්නම්කෝ මල්ටම.
    අනිත් අයියලා,
    රාමුගැන හිතන්න එපා. අර කවියකුත් තියෙන්නේ
    i took the road less travelled, and that has made all the difference
    අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනෑ නම් ඒ අයට වඩා වෙනස් දේ කරන්න

    ReplyDelete
  37. කියන්න වචන නෑ.... ජීවිතේ ගැන ඉගෙනගත්තු හොඳම පාඩමක්.... ස්තුතියි සොයුරිය ලස්සන වදන් පෙලට!!!

    ReplyDelete
  38. ඔන්න මමත් බැලුවා

    ReplyDelete
  39. godak lassana e wagema jiwithayata yamak ekathu karaganna puluwan etha wadagathma kathawak. ape society eken duppath gammanawala me kathewage ahinsaka lamaita udawkaranna yana dawaswala api e ayata desanayak pawathwanawa. heta 24 api karana pothbedadime wadasatahanee upadeshathmaka kathawa hatiyata me kathawa mama yodagannawa. me kathawa e lamainta godak wadagath wei kiyala wiswasai. me wage thawa katha puluwannam pala karanna. mata labenna salaswanna. obata godakma pin.... budusaranai

    ReplyDelete
  40. Hondage kathawa hari habai edisonge kathawa waradi edison kiyanne buddhiya mankolla kapu manussayek dilshara oya poddak tesla gana kiyawanna athakota aththa mokakda kiyala therei

    ReplyDelete
  41. Thawa akak tesla kiyanne api jeewath wana me siyawase godak dewal apita deepu manussayek habai kawadawath honda wage salli karayek une na aya marune kisima deyak nathuwa loke a wage minissuth innawa kisima deyak balaporoththu nathuwa denna witharak apu puluwanan aya ganath liyanna

    ReplyDelete
  42. @ජීවිතේ මල්
    .
    .
    මගේ මේ කොමෙන්ටුව ඔබගේ මේ පොස්ට් එකටයි ඉටි බෝලේටයි සම්බන්දයි ...

    බැරිද සොඉචිරෝ හොන්ඩා යි ගී ද මොපසානුයි කොම්පයාර් කරන්න ...
    කෙටිකථා වලුයි කාර් බයික් ඔක්කොම නොසලකා හැරලා ..

    ReplyDelete
  43. ගොඩ කාලෙකට පස්සේ හමුවුනේ,!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->