Tuesday, July 06, 2010
ඉන්දියන් මාන්නක්කාර කෙල්ල....
ඔන්න අද ජීවිතේ මල් ගොඩ දවසකට පස්සෙ කතාවක් ලියනව. ඔයාලට මතක ඇති මම අර කොරියන් දඟකාරය ගැන කිව්ව. මතකද ? නැත්නම් බලන්නකෝ මෙතැනින්..
කොරියන් දඟකාරයගේ අලුත්ම තත්වය.
මේ පාරත් වාර විබාගෙට අනූ ගනන්. කොල්ල දැන් හොඳම හොඳයි. එයාට ආදරේ පෙන්නුවම කියන්න බැරි තරම් ආචාරශීලියි. හැබැයි මේ සුබදායි තත්වයට පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ ඒ පංති භාර ගුරුවරීට. දඬුවම් නොකර ආදරයෙන් මෙල්ල කල නිසා මේ චණ්ඩියා අපූරු හුරතලෙක් උනා. දැන් හැමෝටම ආදරෙයි තවම දඟයි යාලුවොත් එක්ක. ඒත් ගුරුවරු හැමෝටම ගොඩක් ගරුත්වයෙන් ආදරයෙන් සලකනව. ආයෙත් මේ දඟයා නපුරු ලමෙක් වෙන්නේ නෑ. මේ වතාවෙ දෙමාපියන් හමුවෙදි මම එයාගේ තාත්තට කිව්ව එයාගේ දරුව කොච්චර හොඳද දක්ශද කියල. තාත්තා පුදුමාකාර ස්තූතිපූර්වක හැන්ඟීමෙන් බලං උන්න සතුටින්. අනේ තව දස දහස් දෙමාපිය ඇස් වල මට ඒ සතුට දකින්න ලැබේවා.
අද උදේ... අලුත් කතාවක් කියන්න අවස්ථාවක් ආවා..
ඉන්දියන් දැරියක්. ඉන්නේ 8 වසරේ.. ඉතාම ධනවත්. අති දක්ශයි. ඒත්... ඒත්.... හදවත කිලුටුයි.... කා නිසාද ? දෙමාපියන්ගේ ආකල්ප නිසා.
" මේ ගුරුවරු ජීවත් වෙන්නේ අපේ පඩියෙන්"
"ලංකාවෙ පහසුකම් එන්ගලන්තේ තරම් හොඳ නෑ"(මේ දැරිවි තව දින කිහිපයකින් පාසලෙන් සමු අරං එන්ගලන්තෙට යනවා ඉගෙන ගන්න ඉහල පෙලේ පාසලක)
" foreign teachersල තරම් local අය standard මදි"
" ලෝකල් අයගේ ඉන්ගිරිසි හොඳ නෑ..."
"ලෝකල් අය හරි standard එකට උගන්නන්නේ නෑ."
"ගුරුවරු සමහරු ගොඩක් දේවල් දන්නේ නෑ"
මේවා කියවෙන්නේ අවුරුදු 13ක් වත් වයස නැති ඒත් අවුරුදු 30ක් තරම් පැහිච්ච මුව පොඩියකින්. ඒත් මේ වචන එයාගේ නෙමෙයි.. මේ වචන එයාගේ මාන්නක්කාර අම්මලා තාත්තලාගේ
අද ......
අද මේ අවුරුද්දේ 8 වසර පංතිය හමුවෙන අන්තිම දවස! ගොඩ දෙනෙක් දුකෙන්. මොකද මම 9 වසරට ඊලග වසරේ උගන්නන්නේ නෑ. ඒ නිසා.
ඉන්දියන් ආඩම්බරකාර කෙල්ල....
"මිස් මට හරි සතුටුයි මේ මගේ අන්තිම IT ලෙසන් එක වෙච්චි එක ගැන. මට හරි සතුටුයි මේ ඉස්කෝලේ අන්තිම සතිය ගැන .. එහේ (එන්ගලන්තේ) හැම පංතියකටම Projectors තියනව. එහේ මෙහෙට වඩා facilities හොඳයි"
තුෂ්නිම්බූත වෙලා බයෙන් මගේ දිහා බලන් ඉන්න අනිත් දැරියන් අස්ස්සෙන් ඒ මාන්නක්කාර ඇස් පොඩි දෙකට මම දයාවෙන් හිනහ උනා.
"හොඳයි.. මට සතුටුයි..." මම හිනා වෙලා කිව්වා.
"මටත් සතුටුයි මිස්" මාන්නක්කාරී කිව්ව..
පංතියේ අන්තිම විනාඩි 5. මම එතෙක් පංතියේ අන්තිම දවස නිසා කෙලි දෙලෙන් උන්නු දඟයො ටික ලඟට කැඳව ගත්තා..
" අපේ ජීවිතේ එක මොහොතක විතරක් නෙමෙයි, ගෙවෙන් හැම මොහොතකම අපි ඉන්නේ සැනසීමෙන්ද නොසැනසීමෙන්ද කියල තීරණය කරන්නේ අපිමයි.. මොකද ලද දෙයින් සැනසෙන්න හුරු කෙනෙකුට ඒ හුරුව කොතැන ගියත් තියනවා. ඒත් ලද දෙයින් සැනසෙන්න බැරි කෙනෙකුට කොච්චර ලොකු දෙයක් ලැබුනත් ජීවිතේ සම්පූරණ වෙන්නේ නෑ. හැම තිස්සෙම ඉන්නේ චෝදනා කරමින්. හැමතිස්සෙම ඉන්නේ ගතු කියමින්. සර්ව සම්පූර්ණ දේ හොයා ගෙන ඒ ඔස්සේ තමුන් සර්ව සම්පූර්ණ වෙන්න කල් බලන්න එපා. ඔයාල තියන දෙයින් සැන්සෙන්න. තියන දෙයින් උපරිමය ගන්න මිසක් නැති දේට අඬන්න එපා. සතුට කියන්නේ හිතේ එක් අවස්ථාවක් විතරයි එය බාහිර දේවල් වලින් ලබන්න බෑ. එය තමුන් දේවල් දකින් විඳින විදිය අනුව තීරණය වෙන දෙයක්"
පංතිය නහඬයි. මාත් නිහඬතාවයට දොඩමලු වෙන්න ඉඩ දුන්නා.
අවසන් වතාවට මම කිව්ව
" ස්තූතියි,,, මගේ ජීවිතේ සතුටින් තිබ්බේ ඔයාලගේ දඟකාරකම්... හුරතලය... ස්තූතියි"
පංතියම බෙල් එක වදින මොහොතේ ලඟට රොක් උනා. class photo එකට.
ඉන්දියන් ආඩම්බරකාරි පොදි ගැහෙන දඟයො ගොඩේ මට ඈතම පේලියේ කොනේ හිනහවක් නැතුව ඉන්න හැටි දැකල ආයෙමත් පොඩි දුකක් මගේ හිතට ඉනුව.
" නුඹ සංතෝසයට ගොඩක් ඈතයි කෙල්ලෙ.. තේරුම් ගනින්..." මගෙ හිත එහෙම කිව්ව.
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
ඉස්කෝලේ,
දවස ගෙවෙන අපූරුව...
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
බොහොම සෙන්සිටිව් කේස් එකක්....
ReplyDeleteගුරුවරුන් ජීවත් වෙන්නේ ගන්න පඩියෙන් තමා..
ReplyDeleteනමුත්
දෙමාපියන් විදියට කල නොහැකි සමහරදේ ගුරුවරුන්ට තමන්ගේම දරුවන් වෙනුවෙන් කලහැකි බව වටහානොගන්නා අය ..:-(
හ්ම්ම්ම්ම්
කණගාටුවෙන්න එපා..
කොරියන් දඟකාරයාම උදාහරණයක්නේ..එයට
ඔහු ගැන මටත් සතුටුයි:-)))
අන්තිමට කියපු දේ ඇත්ත. වැරදිකාරයා ළමයා නෙවෙයි
ReplyDeleteගොඩාක් දරුවන්ගේ හොද ආකල්ප මෙන්ම වැරදි ආකල්ප කෙරෙහිත් සම්පූර්න වග කියන්න ඕනා ඒයාලගෙ දෙමාපියන් මෙන්ම ජිවත් වන පරිසරය තමා අක්කා...
ReplyDeleteකොරියන් දගකාරයා ගැනනම් අහන්නත් සතුටුයි...මං නම් හිතන්නේ ඕනම ගුරුවරයෙකුට ජිවිතේදී ලැබෙන ලොකුම සතුට තමා, තමන් දවසක් හරි ඉගැන් වූ දරුවෙක් ගුනයහපත් , අනුන්ට කරදරයක් නැති ,රට දැයට වැදගත් කෙනෙක් වෙලා ඉන්නවා දකින එක...
"මම"
මම දන්නේ නෑ
ආ... ඔන්න දැන් අර කලින් කමෙන්ට් ටිකත් වැටිලා නෙව. මේ කමෙන්ට් වල මොකක් නමුත් ප්‍රශ්ණයක් තියෙනව තමයි. මටත් ඔය වැඩේ උනා කීප වතාවක්ම.
ReplyDeleteඅද මේ අවුරුද්දේ 8 වසර පංතිය හමුවෙන අන්තිම දවස! ගොඩ දෙනෙක් දුකෙන්. මොකද මම 9 වසරට ඊලග වසරේ උගන්නන්නේ නෑ. ඒ නිසා.
ReplyDeleteකාලෙකට පස්සෙ ජංජාලෙ පැත්තට එද්දි මෙන්න මිස් කියනවා උගන්නන එක නවත්තනවා කියලා.. ඒ මොකෝ මිස්? වෙන රැකියාවක් හොයා ගත්තා වත් ද?
නෑ නෑ රොෂාන්... මම කිව්වේ මම ඉස්කෝලේ 9 වසරට උගන්නන්නේ නෑ කියලයි.. තවම අලුත් රැකියාවක් නෑ. පුරුදු එකම තමයි.... :-)
ReplyDeleteඅපොයි, කෝ මම දාපු කමෙන්ටුව??
ReplyDelete:(
එදා කමෙන්ටු වල ගැටලුවක් තිබ්බ දවසේ දැම්මෙ.
ඒක නැහැ නෙ.
කෝක නමුත් ආපහු කියන්න තියෙන්නෙ, අපූරුවට ලියලා තියෙනවා. සංවේදී සටහනක් කියලා තමයි.
@indi
ReplyDeleteඔව්... පොඩි ගුරුවරියකට ලමයෙකුගෙන් එහෙම අහන්න උනහම හරි දුකක් නෙව
@නිමන්ති අක්ක
ReplyDeleteඔව් ඔව්.. ඔබ හරි.. මේ අපි වගේ පුංචි ගුරුවරියන්ට දෙවිවරුන්ට වගේ ගරුත්වයෙන් කතා කරන රදල අම්මල තාත්තලත් ඔය අතර ඉන්නව බොහොමයක්... ඒ අයගෙ දරුවනුත් ඒ වගේම තමා. කොරියන් කොල්ල නම් දැන් හරීම හොඳයි.. කිසිම චෝදනාවක් නෑ.
@හෙලයා
ReplyDeleteලමයට කිසිම දොසක් කියන්න බෑ. මට ඔය ලමයගෙ දෙමාපියන් මුණ ගැහිල තියනව. එයාලගේ මූනෙන් වචන වලින් මට හ්ටෙරුනා මේ පොඩි කෙල්ලගෙ කටින් පිට වෙන්නෙ මාන්නක්කාර දෙමාපියන්ගේ වචන කියල.
@anonymous
ReplyDeleteඔව්.. ඒක හරි.. ගුරුවරියක් වීමේ උපරිම තෘප්තිය දැනෙන්නේ ඒ වගේ වෙනසක් කර ගත් ලමයෙක් දකින කොට. එයාලගේ අනාගතයම වෙනත් හොඳ දිශාවකට යොමු වෙනවනේ. ඒක ලොකු පිනක්..
දෙමාපියන් ගෙදරදි පිට කරන වචන හයියට අරං තමයි මේ ලමයි මෙහෙම හැසිරෙන්නෙ.
@Ansh
ReplyDeleteකමෙන්‍ටු වැටිල තියෙනව.. ඒත් ඔයාගේ කමෙන්‍ටුව අතුරුදහන් නේ... අනේ හොයා ගන්න බැරියෝ..
මොනා උනත්, ඉස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට .. :-)
@අනුරාධ මල්ලි
ReplyDeleteඅපොයි ගොඩ කාලෙකින් නේ....
තැන්කූ තැන්කූ
ළමයිනෙගෙ හිත් වලට යන්නේ දෙමව්පියන්ගෙ ආකල්ප... ළමයට වැරද්දක් කියන්න බැහ.
ReplyDelete@පිස්සා
ReplyDeleteඔව් ... දෙමාපියන් ජීවත් වන පරිසය මේ හැම එකක්ම ලමයෙකුගේ මනසේ පැලපදියම් වෙනව