ඇඟේ තියන් කපන මාලු රසට තලු මැරීම!
අපි මෙහෙම කරනවද? අපෝ මොකෝ නැත්තෙ .. මේ කරන්නෙ ...මෙන්න...දැන් ටිකකට කලිං හක හක ගා හිනා උනා නේද ? ඔව්නෙ,,, මාත් හිනා උනා...
කාටද? කාටද ඉතින්..? මේ ඉන්න පකිස්තානි, ජපන්, ඉන්දියානු, මුස්ලිම්, මෙක්සිකන්,චීන ගොයියන් (සහ ගෙවිලියන්) කියන නොදන්න ඉන්ගිරිසි වලට අප්ප... හිනා කාල මැරෙනව... පණ එපා කියල බිම පෙරලි පෙරලි හිනා වෙත හැකි... සුට්ටක් බලන්නකො මේක...
දැන් ඉතින් කාටද මේ හිනහ වෙන්නෙ ? අපිට බොල.. අපි අපිට.... ඉන්ගිරිසිය කට ගාගෙන නූපන්න වැරැද්දට... එහෙ මෙහෙ වෙන ඉන්ගිරිසි එක අකුරට තෙරුම් පිට පනින හැටි බලං අපි පොලොවෙ පස් කන්නෙ... දැන් මේ හිනා වෙන අපි අපි? අපි ඉතින් ඉන්ගිරිසි හැන්දෙ පටං ඉන්ගිරිසි ටොයිලට් පේපරේ තෙක් ඔක්කොම දේ ඉන්ගිරිසියෙන් සහසුද්දෙන් කරන උදවියනෙ... මේ වගෙ වැරදි වෙනවද අපිට? පිස්සුද?... අම්මප වැරදෙනවනම් කතා නොකර ඉන්නවනෙ.. නැද්ද? බැරි ඉන්ගිරිසියට නොයා .... මොකෝ සිංහල රටේ සිංහල ටිකෙන් ජීවත් ජීවත් වෙන්න බැරුවැයි... මේ සිංහල අපගෙ රටයි... !!!! අප හෙල බසට දෙසට හිතැති පෙරදිග දරුවන් (මේවට සුට්ටක් හිනා උනාට)
ආ ඊලඟ එක... ස්ලම් ඩෝග් මිලියනයර් ගැන අහල තියනවද ? මොකෝ අපි නොදන්නෙ... අපි රට තොට ගැන නොදන්න මෝඩයොද? ලෝකයම විස්ව ගම්මානයක් ජීවිතෙ මල්... අපි අද ලෝකෙ එහා කොනේ වෙන දේ එක මොහොතෙන් දන්නව... මේ අර හොඳම චිත්‍රපටියට සම්මාන පිට කප් ගහපු සම්භාව්‍ය සිනමා නිර්මාණයනෙ.... කී පාරක් බැලුවද? අම්මප ඔන්න දැවැන්ත සිනමා නිර්මාණ..! පිස්සු හැදිල ආයෙත් හැදෙනව...
අර දර්ශන ටික මතකද .. අර වීදි කොලුව අසූචි පිරුනු වලකින් නැගගෙන නලුවෙක් හොයන් අසූචිත් එක්ක දුවගෙන එන හැටි... වීදි යාචකයන් පුහුණු කරවා සල්ලි හම්බ කරගන්න චණ්ඩියා අර කොලුවට ගීතයක් පුහුණු කරවා ඇස් අන්ධ කරවන හැටි... අහිංසක දැරිවියන් ගණිකා වෘත්තියේ යොදවමින්, ඔවුන්ට මත් ද්‍රව්‍ය ශරීරගත කරවමින් විකෘති ලිංගික දර්ශන පටිගත කරව ගන්න හැටි...
ආසියාවෙ යථාර්ථයනෙ මේ...? ඉතින් මොකද ජීවිතේ මල්... ? මේකනෙ ආසියාවෙ ඇත්ත තත්වෙ... බලන්න කොච්චර නිර්මාණාත්මක විදියට, මේ දක්ශ අධ්‍යකෂවරයා බටහිරෙන් මෙච්චර දුරු කතර ගෙවාගෙන ඇවිත් අපූරු කෘතියකින් ආසියාව මුලු විශ්ව ගම්මානයටම එලි දක්වන අපූරුව ! කාටද ආඩ්මබර? අපේ ආසියාව නේද මේ? අසූචි පිරුන, කුඩු කාරයො පිරිච්ච, ගණිකාවන් ඉන්න , නිල් චිත්‍රපටි හදන ආසියානු චිත්‍රෙ අඳින අති දක්ශ අධයක්ෂ වරයාට සම්මාන එකක් නෙමෙයි දාහක් දුන්නත් මදිද ?? (සම්මාන දුන්නෙ බටහිර ඈයින් කියල ඉතින් අපි මොකට අහිතක් හිතනවද ? ... සමබර සමබල විනිශ්චයක්නෙ..මොකෝ අපේ තරු තරඟ වගේයැ... ඔක්කොම සම්මාන එසේ මෙසේ ඒව නෙමෙයි... ලොකු ලොකු ඉන්ගිරිසි අකුරු ගහපුව..ලේසි නෑ... )
බටහිර රටවල ගණිකාවො ඉන්නව්යැ... prostitutesල මිසක්. එයාලත් අපේ වගෙ නෙමෙයි.. ෆුල් පොශ් කට්ටියනෙ.. එයාලගෙ රාජ්ජ වල මෙහෙම මුඩුක්කු තියේයැ.. අසූචි වලවල් තියේයැ... එහෙ ඉති චන්ඩියත් හෙන හැන්ඩි තාලෙට කඩ්ඩෙන් කොටා බබා නේ වෙඩිල්ලක් උනත් තියන්නෙ... නැද්ද හොඳයි....
ඉන්ගිරිසිය ජමීලට වරදිද්දි, අලිට නොපිටට කියවෙද්දි ඉන්ගිරිසි මහත්තැන් ජෙරමි බ්‍රවුන් ගුරුතුමා (සමාවෙන්න teacher) තරහ ගත්තෙ නෑ.. ඒකත් කොච්චර හොඳද..මොකෝ එයාලගෙ බාසාවනෙ මේ පන්තියෙ ආසියාතික ලමයි ටික මරන්නෙ..... ඉතින් ඒවට අර පසුබිමෙන් හක හක ගාන ඇයින් උනත් අහිංසකයි..මොකෝ මට සීයට දෙසීයක් විස්වාසයි , ඔය පසුබිම් හිනහව උනත් පටිගත කර ගන්න ඇත්තෙ ඔය දර්ශනෙ ආසියාතික රටක රූගත කරල...
ස්ලම් ඩෝග් මිලියනයර් සම්මාන පිට සම්මාන ගහද්දි යන්තම් අත්පොඩි තලල ඒකත් නීට් එකට බටහිර අමුත්තො ටික (හීන් හිනහවක් තොල් විකාගෙන) කරද්දි, මට සීයට දෙසීයක් විස්වාසයි, චීන්නු, ජපන්නු, ඉන්දියානුවො, ඉස්ලාම් ඈයො, සහ සිරි ලාංකික හෙලයො ඔක්කොම පස්සවල් අසුනෙන් උඩට ගෙන අත් ඔසවා හූ කියමින්, විසිල් ගසමින්, හුරේ දමමින් කොක් සන් දෙමින් උඩ පැන පැන උද්දාමයෙන් අත් සන් නගන්න ඇති...
අර තියෙන්නෙ අපේ අසූචි වල, අර තියෙන්නෙ අපේ මුඩුක්කුව, අර තියෙන්නෙ අපෙ රටේ ගනිකාවො වීදි දරුවො පුහුණු කරන තිප්පල... ශා... රටටම ආඩම්බරයක්....... කවදා නැත්නම් අපි ජාත්‍යන්තරයෙ සිනමා තිරයක ඉන්න හිතපු එකක්ද? අර ඉන්නෙ අපෙ අමිතාබ් බච්චන්...
පොඩ්ඩක් ඇස් ඇරල බලපල්ල... අපි ජෙරමි බ්‍රවුන්ගෙ ඉන්ගිරිසි පන්තියෙ වචන වරදින ,ග්‍රැමර් වරදින ජමීලලාට, අලීලාට, ඉස්ලාම් තොප්පියට, තලප්පාවට, චීන්නුන් ජපන්නුන් කඳ නමල මේසෙ ඔලුව හප්ප ගන්නකොට කොක් සන් දිදී හිනා වෙනව... ජෙරමි බ්‍රවුන්ගෙ අම්මල,තාත්තල, අයියල අක්කල සනුහරේම පස්ස හරවන් අපිට හිනා වෙනව ඇති...
ස්ලම් ඩෝග් මිලියනයර් සම්මාන ගනිද්දි අපි හුරේ දාන්නෙ චිකාගෝවෙ වෙඩි තියා ගන්න හම සුදු ෆොරින් නලු බට්ටන්ට නෙමෙයි... උන්ට තරම් සල්ලි නැති නිසා ඩොලර් සීයට දෙසීයට රඟපාපු දුප්පත් ඉන්දියානු වීදි දරුවන්ට...
100 වන දිග හැරුම ... ලේ සුවඳ , දුප්පත්කම, මනුස්සකම පිරිච්ච පෙරදිග වටින කියන දේට ආදරේ කරන්න ඔබෙන් කරන ඉල්ලීමක්.... ජීවිතෙ මල් පවා මයින්ඩ් යෝ ලැන්ග්වේජ් බලල බිම පෙරලු පෙරලි හිනා උනා... ස්ලම් ඩෝග් මිලියනයර් බාගයක් බලමින් එය වර්ජනය කලේ මේ ඉව වැටුන නිසා (පසුව කුතුහලය නිසා ආයෙ සම්පූර්නයෙන්ම බැලුව) සිනමාපටයක් වශයෙන් එහි ඇති සාර්ථක බව , කතාව ගොඩ නැගීමේ ඇති නිපුනත්වය විවාදයක් නෑ.. විශිෂ්ටයි.. ඒත්.. ඒත්... අපි අත්පොඩි ගහන්නෙ පෙරදිග අව්‍යාජ මනුස්සකම මිහිදන් කරන්න කපන මිනී වල වටේ ඉඳගෙන කියන එක එක මොහොතක් හෝ සිතනවා නම්.......
සිය වෙනි දිග හැරුමතෙක් රැඳී උන් ඔබ හැමට ස්තූතියි....
100 වන පෝස්ට් එකට ඔන්න මගෙන් මුල්ම සුභ පැතුම........!!
ReplyDeleteඅති විශිෂ්ටයි! සෙන්චරියට මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteනියම ලිපියක්...Best of luck....:D
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්...!!! මගෙනුත්.
ReplyDeleteඉදිරියේදී හරවත් ලිපි බොහෝ ගනනක් කියවීමේ බලාපොරොත්තුවද ඇතිවමය..!
මිස් දන්නව ද ඉතා ප්‍රසිද්ධ රහසක් තියෙනවා..
ReplyDeleteපෙරදිග සංස්කෘතිය/සමාජය/ජනතාව/ජීවන රටාව පසුබිම් කරගත්, ඒ වගේම ඒවා නිසරු හෝ අවැදගත් විදියට හෙලා දකින කිසියම් නිර්මාණයක් වේ ද , එමෙන්ම අපරදිග සංස්කෘතිය/සමාජය/ජනතාව/ජීවන රටාව අනුමත කරන, එයට ආවඩන කිසියම් නිර්මාණයක් වෙත්ද , එයට අපරදිග සමාජයෙන් සම්මාන පිට සම්මාන ලැබෙන්නේය..
මෙය තමයි අපි හැමදාම අත්දකින , නමුත් අමතක කර දමනු ලබන යථාර්ථය..
ස්ලම් ඩෝග් මිලියනයර් චිත්‍රපටයේ කුඩා පිරිමිදරුවා guide කෙනෙකු ලෙස හැසිරෙමින් මුඩුක්කු නැරඹීමට කැඳවාගෙන ගිය විදේශිකයින් ගේ කාරය කොල්ලකෑ අවස්ථාවේ ඉන්දියානුවා බැනවැදුනු විට විදේශිකයින් දරුවා සැනසූ අවස්ථාව නරඹන්න..
100වන ලිපියට සුබපැතුම් අපේ මිස් ට... සුබපැතුම් උණුසුම් කරන්න විදියක් නම් නෑ මිස්.. මෙහෙ ඉඳන් කොළඹට 110km විතර තියෙන නිසා ඔහෙට එද්දි නිවිලා තියේවි..
ඔන්න මාරයාගේ සුභ පැතුම් එක් කලා..
ReplyDeleteඊටත් වඩා ලිපිය නං මල් මසුරන්.
මගෙත් කනට ගැහැවුවා වගේ...
හ්ම් ... අපි හිතපු නැති පැත්තක් පෙන්වා දීල තියෙනව. හුඟක් වෙලා කල්පනා කළයුතු දෙයක් ...
ReplyDeleteබොහොම ස්තූතියි.
ජීවිතේ මල් කියන්නේ ලෝකය ගැන, ජීවිතේ ගැන, ආගම ගැන සහ තව ගොඩක් දේවල් ගැන ගතානුගතිකව නොහිතන පුලුල්ව දකින කෙනෙක්.මේ ලිපියත් ඒ වගේම සධාරණව අලුත් ඇහැකින් බලලා ලියපු එකක්.
ReplyDeleteමේ ලිපියේ තියෙන ලොකුම අර්ථය තමයි, ගොඩක් වෙලාවට අපි අනුන්ට කියලා හිනා වෙන්නේ තමුන්ටමයි. ඒ වගේම අපි යම් දෙයක් හරි කියලා හිතන්නේ ඒක හරි නිසා නෙවේ. ඒක හරි කියලා අපිට උගන්වලා තියෙන නිසා.
ඒවා අපිට ඉගැන්නුවේ කවුද කියලා දන්නවා නේ? 'සුද්දා'. උගන්වන්න පටන් ගත්තේ 1505, තාමත් උගන්වනවා.
අති විශිෂ්ටයි!
ReplyDeletecomment එක ලියලා proof read කරන්න ගිහිල්ලා උඩින්ම දාන්න හිටපු දේ දාන්න බැරි උනා.
ReplyDelete100 වෙනි පෝස්ට් එකට හදවතින්ම සුබ පැතුම්!!!!. තව 100x100 ලියන්න හැකියාව ලැබේවා....
සොයුරිය ඔබ ගැන හදවතින් ම ම සතුටු වෙමි. ඔබට ජය..........!!!!
ReplyDeleteඅර ඊමේල් එකේ දෙවෙනි එක මම හිතුවේ මට විතරක් එවපු එකක් කියලා මම පස්සේ දැක්කේ රිප්ල්යි ටු ඕල් කියලා . . උඹ උඹ කියලා ලිව්ව එකට අවුලක් නෑ නේ නගේ . . .
ReplyDeleteමගේ ම නංගිටත් මම ආදරේට කියන්නේ එහෙම . . . .
ම් ම් ම් ඔයාගේ ලිපි ගැන කියනවනම් කනපිට හැරිලා තියෙන සමාජයේ අපුල බඩවැල් බොකු දිහා බලාගෙන මාර ලස්සනයි කියන මුලාවේ ඉන්න අපේ සිතුවිලි ඔයා පස්ස පැත්තෙන් අල්ලලා හරි පැත්ත හරවලා නියම ලස්සන මේකයි කියලා පෙන්නලා දෙනවා . ..
ඒකයි මම ඔයාගේ මේ අදහස් ගොන්නටත් ආදරේ කරන්න අරන් තියෙන්නේ කාලෙක ඉඳලා . . .
ඉදිරියේදීත් මෙතුවක් කලා වගේම අපූරු කාලෝචිත ලිපි සමඟින් රැඳී ඉන්නැයි ආදරයෙන් ඉල්ලා සිටිමින් උඹේ සියවෙනි ලිපියත් බ්ලොග් ගමනටත් සුභ පතනවා හදවතින්ම . . .
ස්ලම් ඩෝග් මිලියනයර් චිත්‍රපටිය මම ඉතාමත් ප්‍රිය කල හා අගය කල චිත්‍ර පටියක්. එහි අධ්‍යක්ශණය, කැමරාකරණය, සංස්කරණය, සිද්ධි ගැලපීම, දෙබස්, ආලෝකකරණය ආදී සෑම අංගයකින්ම වගේම රංගනය අතිනුත් මා දැඩිව ප්‍රිය කල චිත්‍රපටයක්. කලා නිර්මාණයක් අතින් අති සාර්ථක ලෙස මට පෙනී ගිය චිත්‍රපටයක්. නමුත් ඔබ මේ මතු කරන කාරණය පිලිබදව අංශු මාත්‍රයක්වත් මෙතෙක් මගේ හිතට නැගුනේ නෑ. එබැවින් ඔබේ වචන මාරයාගේ හෝරාව පවසන අන්දමටම මගෙත් කනට ගැහැවුවා වගේ හැඟීමක් එක් කලා. ඔබේ මේ ඉදිරිපත් කල කාරණය ගැන මා සිතන්නට පෙලඹුනේ දැනුයි. මා මේ දැනුත් මේ සම්බන්දයෙන් මගේ සිත සමඟින් තර්ක කරගන්නවා.
ReplyDeleteකෙසේ වෙතත් ඔබගේ සිය වෙනි ලිපියෙන් මෙසේ සිතන්නට යමක් එකතු කිරීම ඇත්තෙන්නම ප්‍රසන්සනීයයි. මා ඔබේ දර්ශනය බෙහෙවින්ම අගය කරනවා. ඔබේ පුලුල් දැක්ම මා විශ්මයට පත් කලා කිව්වොත් නිවැරදියි. මෙලෙසම තවත් දිගු ගමනක් යන්නට ඔබට ශක්තිය, වීරිය ලැබේවා. ඔබ යන ගමන පුරාවටම ඔබට අත්වැලක් වෙන්නට අප සැම ඔබ සමගයි.
මේක අහම්බෙන් දැකලා ආවේ. 100 වෙනි පෝස්ට් එකට සුබපැතුම්. අපි ඇත්තටම Mind your Language එක බලලා ගන්නේ ඒ වගේ ආතල් එකක් තමයි කියල මටත් හිතුන මේක කියෙව්වට පස්සෙ.
ReplyDeleteඅපේ යාලුවො සෙට් එක මේක බලලා පස්සේ ඇමරිකානු මිතුරියකට මේක දුන්නා. ඇය මේක බලලා මොකද්ද දන්නවද කිව්වෙ.
"මේකට මට නන් හිනා යන්නෙ නැහැ" කියලා.
හැබැයි මෙහෙම දේකුත් තියනවා. මොන රටේ උනත් ඕක සිද්ද වෙනවා. දැන් මම ඉන්න රටේ බස අපට හරියට කතා කරන්න බෑනේ. ඉතින් අපි කියන සමහර දේවල් වලට මෙයාලට හිනා යනව. අපට විතරක් නෙවෙ, ඇමරිකානු ගුරුතුමෙක් ඉන්නව. එයා කතා කරද්දිත් කට්ටිය සමහර වෙලාවට හිනා වෙනවා. එච්චර ඔනේ නෑ. කවුරුහරි සුද්දෙක් සිංහල ඉගෙන ගෙන වරද්ද වරද්ද කතා කරොත් ලංකාවෙ සිංහල අපි හිනා නොවී ඉඳීද? ඒ හිනාව හාස්‍යයේන් එහාට ගිහින් අපහාස ගත හිනාවක් වෙනව නන් අන්න ඒක හරිම කැතයි කියලා මට හිතෙන්නෙ.
කඩ්ඩ බැරි අපේ කඩ්ඩට අපහාසයෙන් හිනාවෙන ගොඩක් අය ඉන්නෙ ලංකාවෙම තමයි. ලංකාවෙ අපි කඩ්ඩට බය ඒකනෙ. සිංහල වැරදුනහම ඔය කවුරුවත්ම හිනා වෙනවද? දැන් උදාහරණයකට ගන්න මං මේ ලියලා තියන ටිකේ කොච්චර ව්‍යකරණ වැරදි තියනවද?
ඉතින් බටහිර අය අපට හිනා වෙන්ඩ බලාගෙන ඉන්නව කියන එකට මම විරුද්දයි.
චිත්‍රපටිය ගැනත් පොඩ්ඩක් කියන්න ඔනේ. Slum dog Millionaire ඔච්චරටම ජනප්‍රිය වුනේ ඒකේ තියන වෙනත් දේවල් වලට වඩා කුතුහලය මතු කරන රියැලිටි ෂෝ එක, ආදරය, සංගීතය, නැටුම් වගේ දේවල් නිසා කියලයි මට අහන්ඩ දකින්ඩ ලැබුනේ. ඒක අවුරුද්දෙ ජනප්‍රියම චිත්‍රපටයක් වෙන්නෙ ඒ නිසා.
ලගාන් වගේ ඉන්දියානු චිට්‍රපටියක් ඇමරිකාව වගේ රටක පුදුම විදිහට ජනප්‍රිය වෙනවනෙ.ඒකට හොඳම විදෙස් චිත්‍රපටි සම්මනය හම්බවෙන්නෙ නැත්තෙ ඊට වඩා හරිම කලාත්මක චිත්‍රපටි දෙකක් වෙච්ච No Man's Land සහ Amélie තිබ්බ නිසා. තව Gandhi ච්ත්‍රපටය 1981 ඔස්කාර් ගහනව. ඒ ඒ අවුරුද්දෙ ජනප්‍රියම චිත්‍රපටිය වෙච්ච ස්පිල්බර්ග්ගෙ ET එක්ක තරග කරලා.
අනික ගොඩක් හොලිවුඩ් චිත්‍රපටි වලින් හෙලිකරන්නෙ ඇමරිකානු සංස්කෘතියේ අවුල් තැන් නෙවේද? 1976, Taxi Driver එකේ ඉන්නවා ලාබාල වීදී ගණිකාවක්. Platoon, Apocalypse now, American Beauty ඒව ගන්න.Michael Moore ගේ වාර්තා චිත්‍රපටි ගන්න. ඒව ඔක්කොගේම මට පෙන්න්නෙ ඔය තත්වය. තව උදාහරණ ගොඩක් දෙන්න පුලුවන්.
ඉතින් මම කියන්නේ ඇමරිකානු සහ බටහිර ලෝකය අපට කෙලින්න බලාගෙන ඉන්නව කියන එකට මම විරුද්දයි.මම ඇමරිකානු සහ බටහිර කියල අදහස් කලේ සමහර රාජ්‍ය නායකයො කීප දෙනෙක් ගැනවත්, ඉන්න සමහර මිත්‍යා දෘශ්ටිකයො ගැනවත් නෙවෙයි. පොදුවෙ ජනතාවක් විදිහට...
වැරදීමක් : Gandhi ච්ත්‍රපටය ඔස්කාර් ගහන්නේ 1983. 1981 නෙවෙයි
ReplyDeletegathi!
ReplyDeleteනෙතාර නංගී.... ගොඩම ගොඩක් ස්තූතියි මගෙ නංගී... ලිපිය කියෙවුවා නේද ?
ReplyDeleteආදර කතාව මල්ලි :ගොඩක් ස්තූතියි..මගෙ බ්ලොග් එකෙ මුල හිටම උන් කෙනෙක් ඔබ.... ගොඩක් ස්තූතියි...
ReplyDeleteහේමලයෝ
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබේ නිරන්තර රැඳී සිටිනවාට/ මෙහි වටිනා පිලිතුරු තබා යනවාට... අද මගේ බ්ලොග් ලිපි ඉසිස්සෙල්ලාම කියවන සහෘදයෙක් ඔබ....
නිමන්ති අක්කා....
ReplyDeleteඔබ තමයි මගේ පලමු මිතුරී මේ බ්ලොග් අවකාශයෙ... ඊලඟට දුකා අයියා... අද වෙනතුරු මේ පුන්චි පිටුවට එබුනු හිත් දාස් ගානක්... ඔබේ සුබ පැතුම මට සිහිවටනයක් අක්කා... ජයම වේවා! ස්තූතියි
රොෂාන්
ReplyDeleteඔව් .. මටත් ලියන්න උවමනා උනේ මේ ඇත්තයි... මෙය මා ලියන්නෙ සියලු බටහිර කෘති විවේචනය කරමින් නොවෙයි.. මමත් බටහිර චිත්‍රපටි ගොඩක් නරඹන කෙනෙක්. අති විශිෂට නිර්මාණ ඔවුන් අතින් බිහිවී තියෙනවා , කෝටි ගනන් වැර කර හෝ නොකර.... මම ඒ දක්ශතාවයට සුබ පතනව ඔවුන්ට. ඒත් ඒ අතරින් පතර මේ වන් නිර්මාණයකදි අපෙ පෙරදිග මනස , එපේ උරුමය අපට මතක් වෙනවද ?අ න්න එයයි මට මතු කරන්න උවමනා උනේ...
අර කී ටෙලි නාට්‍යය ගැන උනත් මා කියනනේ අයයි... එය සැබෑ ප්‍රහසනයක්. ඒත් ඉන්ගිරිසිය දෙවන බස කර ගත් අන් ජාතීන් එය උච්චාරනය කරන ආවේණික විදි, එය වරදවා හසුරුවන අයුරු දෙස බලා සිනහ නැගීම කොතරම් උචිතදැයි මම අසනවා... අපට ඊට සිනහ විය හැකිද...?
ගොඩක් ස්තූතියි රොශාන්.... ඔබත් මා සමග මුල සිටම රැඳී ඉන්න කෙනෙක්.. මගෙ දරුවන් අතරින් ඉතා හොඳ සමාජ අවබෝදයක් බුද්ධියක් තිබෙන කෙනෙක්... ස්තූතියි
මාරයියේ...
ReplyDeleteසුබ පැතුමට ගොඩක් ස්තූතියි අයියේ....
හපොයි මොකෝ කනට උනේ ? :-) ඔන්න මම මගේ පෞද්ගලික අදහස කිව්වෙ හොඳේ.... සංවාදයට විවෘතයි... මෙහි චමිල ලියා තිබෙන කමෙන්‍ටුවත් බලන්න... වටිනව.. මොකද මම ලිව්ව දේට counterpoint තිබෙන නිසා. එය ගොඩක් වටින්නෙ , අනන් එහිදියි අපේ මේ අදහස් සමබර කර ගත හෑක්කෙ.....
ස්තූතියි මාරයියේ... ඉස්සර හිටම රැඳී හිටියට මෙහි....
කුමාරයා
ReplyDeleteඔබටත් ගොඩම ගොඩක් ස්තූතියි.. ඔබේ අදහසුත් ලියන්න.. මේක විවෘත සංවාදයක්.. මෙහි අනෙක් පැත්ත ලියා තිබෙන චමිලගෙ ප්‍රතිචාරෙත් බලන්න. වටිනව.
Gvithaya
ReplyDeleteගොඩක් ස්තූතියි මා ගැන දුන් විස්තරයට.. මේ ලෝකය පිලිබඳ කතා බහෙන් මා ලද දෑ අනන්තයි අප්‍රමාණයි... ඔව් ... ඔබ හරි.. ඒත් මම 'සුද්දා' සමග තරහ නෑ.. මට දුක අපි අපිම අපි ගැනම කියා නොදැන අපේ අව්‍යාජත්වයට හිනා වෙන එක ගැන.. අන්න එයයි අප නොකල යුත්තෙ,.... මේ ලිපියේ පැති දෙකක් තිබෙනව. එකක් මේ බටහිර ගැති බව. අනෙක අපට අපේ හිනහවෙ අරුත නොතෙරිම.. අප බටහිරෙන් ලං කා ගත යුතු දෑ ලං කර ගත යුතුයි.. ඒත් අපි අපටම අපහාස කරගත යුතුද මෙහෙම?
ගොඩක් ස්තූතියි බ්ලොග් ලිපියට දුන් ප්‍රතිචාරෙට සහ සුබ පැතුමට
buddika
ReplyDeleteගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට... කමෙන්ට් වලම ගොඩක් අගනා අදහස් ලියවී තියනව .. ඒවත් බලන්න....
තනුජි
ReplyDeleteමා දන්නව.. ඔබ මගේ ලිපි කොතරම් කියවනවද කියල. ගොඩක් ස්තූතියි මේ අදහස් වලට සහ වටිනා මිතුරුදමට
දුකා අයියා
ReplyDeleteඒ මේල් එක එවුවෙ ඔබට පමණයි අයිය....නෑ නෑ රිප්ලයි ටො ඕල් නෙමෙයි... හයෝ....අනේ අයියෙ..පිස්සුද කිසිම අවුලක් නෑ උඹ කිව්වට ...මම දන්නවනෙ.. ඒක හිතවත්කමට යොදපු වචනයක් කියන්න.. ඊට වඩා මම දන්නවනෙ ඒක ලියපු කෙනාගෙ මනුස්සකම.
අයියේ මේ ප්‍රතිචාරෙ හරිම වටිනව අයියේ.. බොහොම සංවේදිව ලියන සහෝදර අයියෙක් මෙහෙම කිව්ව එක..මා ගැන.... අනිවා මේ වගේ ලිපි තව තව ඉස්සරහට ලියනවා.. මට ශක්තියක් වෙන්න. මගෙ වැරදි අඩුපාඩු පෙන්නන්න.. පඔෂණය කරන්න ඔය වටින අදහස් වලින්.. ගොඩක්ම් ස්තූතියි.. මයිබ්ලොග් එකේ මම හැදුව අඩවියේ මුල්ම ප්‍රතිචාර ලිව්ව දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා... ස්තූතියි
අනුරාධමල්ලි
ReplyDeleteඔව් මල්ලි.. ඔබ හරි.. මේ නිර්මානය ගැන විවාදයක් නෑ, මා එහි නිර්මාණාත්මක බව විවාදයට ලක් කරනෙන් නෑ කෙසේවත්// ඒත් මදක් අප නොදකින පැත්තක් අවදි කරන්නයි මා හිතුවෙ.
මම උග්‍ර පෙරදිගා වාදයෙන් කතා කරනව නෙමෙයි. ඒත් සුද්දන් අපිට හිනා වෙනව නෙමෙයි නේද? අපි අපිට හිනා වෙනව නේද කියන දෙයයි මම මතු කරනන් උත්සහ කලේ.. අපේ ඌරුව, හැඩ ගැස්ම, අපේකම අපිම මෙහෙම උපහාසයට ලක් කල යුතු නෑ මල්ලි. MIND YOUR LANGUAGE ගැන මම කියන්නෙ එයයි...එකිනෙකාට ආවෙනික භාශා විදි උච්චාරන තිබෙනව. අපි ඊට සිනහ විය යුතුද?
Slum Dog Mill... ගැන...
ඔව් මල්ලි.. මා ලියු දෑ හරියටම හරි නොවෙයි. ඒ මගේ පෞද්ගලික මතයක්.. ඒත්චමිල ලියූ කමෙන්‍ටුව බලන්න. එහි වටින දෑ තිබෙනව....
මගේ බ්ලොග් ලිපි නිරන්තරයෙන් කියවන, ඊට නිරන්තරයෙන් ලස්සන හරවත් මෙන්ම නිර්මාණාත්මක පිලිතුරු ලියන, අද වෙනවිට ඉතා සමීප සොයුරෙක් වන ඔබ ට... මම සරලව කියන්නම් මල්ලි...'ස්තූතියි' :-)
චමිල
ReplyDeleteඔබ ලියූ ප්‍රතිචාරය, පසෙක ඇලවී උන්නු මගේ ලිපියට සමබර බවක් එක් කලා කිව්වොත් නිවැරදියි.. එය මම ඉහලින් අගය කරනව. ඔය MYL බලද්දි මාත් හිනා උනා. ඒත් කීප වතාවක් බලද්දි ඒ විජාතිකයන්ගෙ අහිංසක අව්‍යාජ බවට අපි කොක් සන් දෙන බව මට දැනුන... එපි උඩ පැන පැන හිනා වෙන්නෙ ඒ නාට්‍යමය චරිතයක් නිසා, ඒත් සැබෑ ලෝකෙ අපි නොදැනුවත්වම අපි නුහුරු ඉන්ගිරිසිය කතා කරද්දි පොඩ්ඩක් හරි කට ඇද කරනව නේද? එය නොසලකා හරින්නෙ නෑ නේද? මෙතෙන්දි විදේශිකයන් තමුන්ගෙ බාසාව අහිංසක වැරදි කරමින් උච්චාරණය කරනවට ඒ බස මවු බස කරගත් අය අපහාස නොකරන බවත් මම මතක් කරනව .ඔබ අර කී අමෙරිකානු මිතුරිය වගේ. ඒත් බසක් තැනෙන්නේ පරිසරයත් සමග. එහි උච්චාරනය තීරණය වෙන්නෙ ඒ ඒ අයගෙ හුරු පුරුදු විදි එක්ක. එය දෙස බලා අපි හිනහ වෙනව. ඒ හිනහවත් එකක් ඒ වෙනස්කම් වලට හිනහ වෙන්න අපි නොදැනුවත්වම පුරුදු වෙනව කියල මට හිතුන...ඒ නිසා ඒ ටෙලිය ගැන ලියද්දි මම ලිව්වෙ අපි අපිටම හිනා වෙන එක ගැන ... බටහිර අපට හිනා වෙන එක ගැන නෙමෙයි....
slum dog.... ගැන.
හොලිවුඩ් එයාලගෙ රටවල යථාර්ථය මතු කරන තැන් තියනව (eg: city of god) එය මා පිලිගන්නව. ඒත් මා කතා කරන නිර්මානයෙ උඩ සිට පහලටම තිබෙන්නෙ පෙරදිග ආසියාව කියන්නෙ අසූචි වලක්ය කියන යටි අරුත කියා මම පෞද්ගලිකව හිතනව. මම පිලිගන්නව ඔබ කී දෙය... ලගාන්, ගාන්ධි ගැන... ඒත් මම slum dog M ගැන නම් මගෙ පෞද්ගලික මතයෙ ඉන්නව... ඒත් මම උනත් බොහෝ බටහිර චිත්‍රපට බලන, ඒව අගය කරන කෙනෙක්... මෙතෙන්දි උනත් මම මගෙ ලිපියෙ වැඩියෙන්ම ඉස්මතු කරන්න හැදුවෙ මේ සිනමා නිර්මානයෙ පිටුපසින් අප මීට ඔල්වරසන් දෙන එක තුල තිබෙන ඇත්තක්.. අපි ඔල්වරසන් දෙන්නෙ පෙරදිග ගැන මවන අඳුරෙන් පමණක් පිරිච්ච පින්තුරෙකට... අන්න ඒකයි....
ස්තූතියි
ඔබේ ප්‍රතිචාරය ගොඩක් වටිනව.... දිගටම මේ වගේ අදහස් බෙදා ගන්න.. එය කියවන අයට ගොඩක් හොඳ සමබරපින්තූරයක් දෙන්න උදව් වෙනව....
මුචලින්ද
ReplyDeleteගොඩක් ස්තූතියි ....
සෑහෙන්න හරවත් ලිපියක්... සුභපැතුම් සියවෙනි... දිගටම ලියන්න ශක්තිය ලැබේවා...
ReplyDeleteමට මේ කෑල්ල දෑහෙන්න හිට් වුනා...
"එහෙ ඉති චන්ඩියත් හෙන හැන්ඩි තාලෙට කඩ්ඩෙන් කොටා බබා නේ වෙඩිල්ලක් උනත් තියන්නෙ... නැද්ද හොඳයි..." ඇත්ත තමයි...
MYL ගැන මට උනත් ඔය විවේචනය නැතිව නෙමෙයි. ඒකට හිනා යනව තමයි. හැබැයි හිමීට ඉංග්‍රරීසිය ඉදිරියේ අනිත් ජාතීන් නෝන්ඩි කිරීමකුත් ඇදගෙන යනවා.
ReplyDeleteවටින ලිපියක් .... සමාජයට හිතන්න පැත්තක් ...
ReplyDeleteකොහොමන් කොහෙමන් හරි ඉක්මනට 200 කණුවත් පහුකරමු .....
මම SDM ගැන චමිලගේ මතයට එකඟයි.
ReplyDeleteදැන් හඳගමගේ 'මේ මගේ සඳයි' වගේ ෆිල්ම් එකක් ගත්තොත් හුඟක් දෙනා විරුද්ධ උනේ පිටරටවල් වල උන් මේක බලලා අපි ගැන සහ හමුදා සෙබලුන් ගැන කැත විදිහට හිතයි කියලා. නමුත් මම අත්දැකීමෙන් දන්නවා ඔහු නිර්මාණය කලේ වියළි කලාපයේ ගමක/ජනපදයක පට්ට ඇත්ත. මේ ඇත්ත කලාකරුවෙක් පෙන්නුවාම අපිව ලැජ්ජා කරනවා කියලා චෝදනා කරනවට වඩා අපි ගැන අවංකවම ලැජ්ජා වෙන්න පුළුවන්නම් ඒක සාධනීයයි.
මේ සංවාදය හරි වැදගත්.
සෙන්චරියට මගෙනුත් උණුම උණු සුබපැතුම්. (දැක්කෙ පරක්කු වෙලා උනාට සුබපැතුම් දැන් බාපුවා)
ජීවිතේමල් ට:
ReplyDeleteඅපි අපටම හිනා වෙනව කියන එක ඇත්ත. ඒ වගේම ඔයා කියනවා වගේ ඒකෙන් අපි පුරුදු වෙන්නෙ වෙනස්කම් වලට හිනා වෙන්න. ඉතින් මීට පස්සෙ මොකක් හරි දකිද්දි හිනා යන්ඩ කලින් මේ සිතුවිල්ල ඔලුවට ඒවා කියලා ප්‍රාර්ථනා කරමු.
ෆිල්ම් එක මම රසවින්දා. ඒත් ඒක මට නන් මාර ෆිල්ම් එකක් නෙවේ. හේතුව ඔයා අකමැති හේතුව නෙවෙයි. මොනව උනත් මට නන් ඒක පෙරදිග ගැන අඳුරෙන් පිරිච්ච පින්තුරයක් මවන එකක් නම් නෙවෙයි. මගේ අතිශය පෞද්ගලික මතය. ඉතින් අපි දෙන්නගෙ මත දෙක එහෙමම තිබුනාවෙ. ඒත් අපි අපේ අදහස් බෙදාගමු. නැද්ද :)
ස්තුතියි අලුතෙන් හිතන්ඩ, අදහස් දක්වන්ඩ, පෝස්ට් එකක් දැම්මට. අද තමයි හරියටම මේ බ්ලොග් එකට ආවෙ. ඒ ගැන සන්තෝසයි. ඉස්සරහටත් මේ විදිහ සංවාද කරමු පුලුවන් විදිහට.
charmi ට: මමත් ඇත්තටම දුක් වුනා 'මේ මගේ සඳයි' ගැන ලංකාවේ ගිය සංවාද දැකල. ඒවා ඇත්තටම සංවාද වලට වඩා "හඳගම පන්නමු" වගේ කතා.
නියම ලිපියක් ජීවිතේමල්. Grammar කියන දේ පැත්තකින් තිබ්බොත්, විශේෂයෙන්ම Indian accent එක සෑහෙන හාස්‍යයට ලක් වෙන තැනක් ප්‍රායෝගික ජීවිතේදි. ඒකට හේතුව මට පේන විදියට නම් නොදැනුවත් කමම නෙමෙයි, උනන්දුවක් නැති කම. භාෂාවක් ඉගෙන ගැනීමේදී ඒ සඳහා මුල් තැනක් දිය යුතු බවයි මගේ නම් හැඟීම. සුබ පතනවා ශතකයට...!!!
ReplyDeleteඉස්සෙලම 100 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුබ පැතුම්. මම හැමදාම බලන මගේ ආසම බ්ලොග් එකක්.
ReplyDeleteපෝස්ට් එක ගැන කියනවනම්... ඔය හිනා වෙන්නෙ අපි අපිටම තමා. අර කපුගේ ගෙ කඳුලු ගෑස් ගීතයේ වගේ... අපි ඔක්කොම එක පිලේ. ඒත් අපි අපිට හිනා වෙනවා. අපේ එකෙක් වචනයක් වරද්ද වරද්ද හරි කතා කරද්දි අපි හිනා වෙනවා. ඒ අර සුද්දොන්ට අහවල් එක දෙන්න ඕනි කමට. ඕක අපේ මිනිස්සු තෙරුම් නොගන්න දෙයක්. පෝස්ට් එක ගැන කියන්න දේවල් හුඟක් තියෙනවා. ඒත් ලේ රත් වෙන නිසා මෙහෙම කියන්නම්.
උපරිමයි.
attatama hoda lipiyak api hitapu nati pattak pennala deela tiyanawa tnx
ReplyDelete@dukaa gedara undata kiyannam horen e mail huwa maru wenawa kiyala ha ha ha loweth nata lowi gaheth nata tama wenna yanne
100 වන ලිපියට සුභ පැතුම්.
ReplyDeleteසුපිරි පෝස්ට් එකක්.
කුශාන්
ReplyDeleteගොඩම ගොඩක් ස්තූතියි මෙහෙට ඈවිත් ගියාට... ... ස්තූතියි මේ සුබ පෑතුමටත්..
ඈයි ඔයත් ඩිශුම් ඩිශුම් කිය ක්ය චිකාගෝවෙ වගෙ වෙඩි තිබ්බද ?වෑදුනෙ ඒ කෑල්ල ? :)
ඔව් අනුශ්ක...
ReplyDeleteඅපි හිනාවෙන්නෙ අපිටම.. අපි නෝන්ඩි කරන්නෙ අපිටම නේද?
ගොඩක් ස්තූතියි වෑප්... මේ මනුස්සකම, (විසෙසයෙන් සත්ව නාම) දිගටම බෙදා හදා ගනිමු... :)
ReplyDeleteචාමි
ReplyDeleteඔව් .. ඒක පට්ටම පට්ට ඈත්ත නම් තමයි.. ඒත් ඒ ඈත්තට බටහිරෙන් දෙන සම්මාන පිට සම්මාන ගෑන මේ මගෙ පෞද්ගලික මතයක් විතරයි/ ගොඩක් ස්තූතියි මේ වගෙ ලියල මගෙ මතය සමබර කරන එකට.. ඒක මම ගොඩක් අගය කරනව
චාමි: ගොඩක් ස්තූතියි සුබ පෑතුමට... හොඳේ :-)
ReplyDeleteඅන්න හරි චමිල.. අපි විවිධ මත දරන තරමට අපිට පුලුවන් තුලනාත්මකව මේක දකින්න. එයයි වටින්නෙ... ඒ වටිනාකම තව තව එක් කරන්න මම ආරාධනා කරනව
ReplyDeleteනිශාචරයා
ReplyDeleteගොඩම ගොඩක් ස්තූතියි සුබ පැතුමට... ඔබ හැමගෙ අදහස් වලින් තමයි මේ අවකාශය සජීවි වෙන්නෙ... ස්තූතියි..
පිස්සා පලාමල්ල
ReplyDeleteඔබ මුල සිටම මේ අවකාශයෙ අදහස් පලකරමි හිටියා. ඒ සහොඅදරකම දිගටම බෙදා ගනිමු... ගොඩක් ස්තූතියි අදහස් වලට....
@සියල්ලන්ට
ReplyDeleteමේ සියලු අදහස් සහ තව මග එන අදහස් සමබර කොට එක කමෙන්ටුවක් දමමි.... අදහස් ලියූ මට සුබ පෑතූ හෑමට නොවක් තුති....
අක්කගේ කතාවෙ ලොකු ඇත්තක් වගේම ඉතා වටිනා ගත යුත්තක් තියෙනවා. හැබැයි අක්කේ මෙහෙම දේකුත් තියෙනවා. අපි සම්මතය හා අසම්මතය ගැන කතා කරනවා. අපි අසම්මතයට බයයි. මොකද සම්මතයෙන් පිට යනවා කියන්නේ සමාජයේ දෝශාරෝපනයට ලක් වෙන නිසා. නමුත් අපේ සමාජය තුල අසම්මතය දකින්න නැද්ද. තියෙන්නේ සම්මතය විතරක්ද. නෑ නේද. පොඩ්ඩක් ඔලුවා දාලා බැලුවොත් ඕන තරම් අසම්මත දේවල් අපිට දැක ගන්න පුලුවන්. ඒක තමයි යථාර්තය. ඒ ඕනම සමාජයක හැටි. කිසිම සමාජයක් සර්ව සම්පූර්ණ නෑ. අපි අනෙකුත් සමාජයන්හී අඩු ලුහුඬුකම් වලට හිනා වෙනවා. අපහාස කරනවා. ඒත් අපි ජීවත් වන සමාජයේ අඩු ලුහුඬුකම් අපිට පේන්නෙ නෑ. අපි ඒවට හිනා වෙන්නෙ නෑ. සමාජයේ ඕන තරම් අඳුරු පැති දකින්න තියෙනවා. ඒත් අපිට ඒ සමාජයෙම ජීවත් වෙනවා. ඒ අඳුරු පැතිකඩ යම් යම් අයුරින් අපේ ජීවිතයට බලපෑම් ඇති කරනවා තමයි. ඒත් අපි ජීවත් වෙනවා. ඒ බලපෑම් විඳ දරා ගනිමින් ජීවත් වෙනවා. ඒක තමයි ලෝකේ හැටි.
ReplyDeleteදැන් අපි සිනමාව පැත්තට හැරෙමු. කලාකරුවෙක් කියන්නේ සීමා බන්දන තුල හිර කරනන් පුලුවන් කෙනෙක් නෙවෙයි. තමන් දකින දේ, තමයි විඳින දේ, තමන්ට හැඟෙන දේ කාලාත්මකව ඉදිරිපත් කිරීම තමයි කලා කරුවෙක් අතින් වෙන්නේ. එයාට සම්මතය අසම්මතය ගැටලුවක් නෑ. මොකද එයා ජ්වත් වෙන්නේ තමුන්ගේ කලා නිර්මානය තුල නිසා. අපි සැබෑ සමාජයේ දකින අසම්මතය කලා කරුවෙක් අතින් නිර්මානාත්මකව එලියට එන්න පුලුවන්. අපි මේ සැබෑ සමාජයේ අත් විඳින අඳුරු පැතිකඩ කලාත්මකව නිර්මාණාත්මකව එලියට එන්න පුලුවන්. හැබැයි ප්‍රශ්ණේ තියෙන්නෙ එතන නෙවෙයි. අපි හැබෑවටම අත් විඳින අසම්ම්මතය උනත් කලා කෘතියකින් එලියට එනවට අපි බයයි. ඒකට හේතුව මොකද්ද කියන්න මම දන්නෙ නෑ. බාග විට අපි අපේම වැරදි නරඹන්න තියෙන බය ඒකට හේතුවක් වෙන්න ඇති.කොහොම නමුත් මේ වාරණයන්ට මූලික හේතුවක් වෙන්නෙත් ඒකයි.
සිනමාව කලාත්මක හා වානිජ ලෙස කොටස් දෙකකට බෙදෙනවා. අපි ඔය රස කර කරන නරඹන බොහෝ සිනමා කෘති වානිජ ගනයට අයත් වෙන ඒවා. කලාත්මක ගනයට අයත් වෙන බොහෝ සිනමා කෘති සමාජයේ අඳුරු පැති විදහා දැක්වෙන ඒවා. සමාජයේ යථාර්තය ඉස්මතු කරන ඒවා. එවැනි චිත්‍රපටි නරඹන විට අපට ජුගුප්සාජනක හැඟිමක් ඇති වෙන්න පුලුවන්. මෙය අසම්මතයක්යැයි හැඟෙන්න පුලුවන්. පිලිකුලක් දැනෙන්නට පුලුවන්. නමුත් එය තමයි අප සමාජයේ යථාර්තය. අපි එදිනෙදා ජීවිතයේදි අත් විඳින කර්කශ ඇත්ත.
සුලඟ එනු පිණිස චිත්‍රපටියේ අපි දකින්නේ ඒ යථාර්තය. ස්වදෙශ් චිත්‍රපටියේ එක්තරා අවස්තාවකදි අපිට ඉන්දියාවේ සමහර පෙදෙස් වල යථා තත්වය දැක ගන්න පුලුවන්. අක්කම ඉහත කමෙන්ටුවක සඳහන් කරලා තියෙන සිටි ඔෆ් ගෝඩ් චිත්‍රපටියේ අපිට එවැනි රටවල අඳුරු පැත්ත දකගන්න පුලුවන්. බ්ලඩ් ඩයමන්ඩ් චිත්‍රපටයෙන් දියමන්ති පිටුපස තියෙන ලේ තැවරුනු සත්‍ය අපට පෙන්නුම් කරනවා. බෑඩ් ලුතිනන් චිත්‍රපටයෙන් බටහිර රටවල දූශිත පොලිස් නිලදාරින් පිලිබදව අපිට පෙන්නුම් කරනවා.මෙවැනි හොලිවුඩ් චිත්‍රපට පවා බොහොමයක් තියෙනවා ඒ ඒ රට වල අඳුරු පැත්ත විදහා දක්වන. මන් කියන්න උත්සහ කලේ සැම රටක සිනමාවකම මෙවැනි දේ තියෙනවා. ඒක ඉතින් ඒ ඒ සමාජයන්ට වදින ලොකු පහරක් තමයි. ඒත් ඉතින් සිනමාව කියලා හැමවිටම අමු ෆැන්ටසි ලෝකයක් මැවීමත් තාත්වික නෑ නේද. මම හිතන්නේ නෑ අක්කා ඔය කියන කිසි දෙයක් අප සමාජයේ දකින්න නොලබෙන දේවල් කියලා. ඒවා අපිට එදිනෙදා සමාජය තුල දකින්න ලැබෙන දේවල්. ගණිකාවො, වීදි දරුවො, හොරු, මන්කොල්ලකාරයෝ, ඒ වගේම ඔවුන්ගේන් ලාබ උපයන මුදලාලිලා අහසින් කඩා පාත් වූ චරිත නෙවෙයි. සමහර විට අපි වීරයා පෙම්වතිය දුශ්ඨයා කියන වානිජ රාමුවට කොටු වෙලා ඉන්නවා වෙන්න පුලුවන්. තම රට සමාජයට වීරත්වයක් ආරෝපනය කරන බොහොමයක් හොලිවුඩ් චිත්‍රපට වානිජ ඒවා මිස කලාත්මක ඒවා නෙවෙයි. නරඹා යම් රසවින්දනයක් ලබා ගනීමට නිපදවූ ඒවා මිස සිතීමට ගැඹුරු යමක් ඉතිරි කරන ඒවා නෙවෙයි.
ඇත්තටම අක්කේ මේක මෙහෙම කතා කල හකි මාතෘකාවක් නෙවෙයි. මේක ඉතා පුලුල්ව කතා කල යුතු මාතෘකාවක්. එකිනෙකාගේ දෘශ්ටි කෝණයක් විවිධ නිසා මේ ගැන එක් එක් අයුරින් වාද කරන්න පුලුවන්. කොහොමත් අක්කා කියන දේ තුලත් සත්‍යයක් තිබෙන බව මා පිලිගනන්වා. නමුත් අපි සම්මතය පමනක් නිර්මාණය තුලට ඇතුලු කරන්නට උත්සහ කලොත් කලාත්මක සිනමාවක් කියා දෙයක් බිහි වෙන්නෙ නෑ.ඒ නිසා මේ ගැන හැම කෝණයකින්ම බලා අවසන් නිගමනයකට එලඹිය යුතු බවයි මගේ අදහස.
This comment has been removed by the author.
ReplyDeleteමේ පැත්තෙ ආවේ අද මයි.
ReplyDeleteජය වේවා අක්කන්ඩි!
දිගටම මේ අකුරු බලන්න එමි.සිතිවිලි කියවමි!:)
මොනව ලියන්නද කියල හිතා ගන්න බැහැ දිල්. මේක ඉතා ඉහල මට්ටමේ දේශපාලන විශ්ලේෂණයක්. ඔයා මේ විවේචනය කරන්නෙ සංස්කෘතික අධිරාජ්‍යවාදය.නව යටත් විජිතවාදය.හිතේ පතුලට එබුනු කවි ලියන ඔයාට මෙහෙම සිතුවිලිත් ඇතැයි දැන ගැණීම හරිම සතුටක්.
ReplyDeleteඅනුරාධ මල්ලි, විතරාගි සහ ශ්‍යාමන්...
ReplyDeleteප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි....... :)
ස්ලම් ඩෝග් ගැන කියන කතාවට මමත් එකගයි.ඒ අවුරැද්දේ සම්මානෙ ලැබෙන්න තිබ්බෙ 'ද රීඩර්' ට .හැම පැත්තෙන්ම ඒ ෆිල්ම් එක ඉස්සරහින් හිටියේ.ඒත් ජනප්‍රිය උණේ ස්ලම් ඩෝග්.ජනප්‍රිය කළේ ස්ලම් ඩෝග්.එයාලට ඕන වුණේ ඉන්දියාවට විතරක් නෙවෙයි ආසියාවට හිනා වෙන්න.ආර්තික අර්බුදෙන් ඇමරිකාව බිමට කඩන් වැටෙද්දි ඉන්දියාව,චීනය වගේ රටවල් යස අපූරැවට කෙලින් හිටියා.ඒකට ඇමරිකාවට ගොඩක් රිදිලා තිබුණේ.මෙන්න උබලගේ මහ ලොකු ඉන්දියාවෙ ඇත්ත කියලා පෙන්නලා හිනා වෙන්නයි ඇමරිකාවට ඕන වුණේ.කොහොමත් මේ වගේ කුණු අවුස්සන්න එයාල හරි දක්ශයි.අනික ඒ අවුරැද්දේ හොදම මියුසික්වලට රහමාන්ව ඇදලා ගත්ත එක ගැලපෙන්නෑ.ඒ සින්දුවෙවත්,සන්ගීතෙවත් ලොකු දෙයක් තිබුනෙ නෑ.රහමාන්ව ලෝකෙට පෙන්නුවෙ වැඩක් නැති සන්ගීතයක් එක්ක.රහමාන් දක්ශයෙක්,ඒකෙ විවාදයක් නෑ.ඒත් සම්මාන දීපු සින්දුව අසාර්තක,වෙස්ටර්න් මියුසික්වලින් වැහිල ගිය එකක්.අනික ඒ අවුරැද්දෙ හොදම මියුසික්වලට තරග කරපු 'වෝල් ඊ' ඊට වඩා ගොඩක් ඉස්සරහින් හිටියෙ.ලාස්ට් සමුරායි ෆිල්ම් එක මතක ඇතිනෙ.ඒකෙ විදිහට ලෝකෙ ඉතිරි වෙන අන්තිම සමුරායිවරයා ඇමරිකන් ජාතිකයෙක්.හචිකෝ කියලා මේ ළගදි හදපු ෆිල්ම් එකෙත් ඒ වගේ දෙයක්ම එයාල කළා.හරිනම් ඒ බලු පැටියා ජපන් වර්ගයේ එකෙක් වෙන්න ඕනා.නමුත් ෆිල්ම් එකේ හැටියට ඌ ඇමරිකානු බලු වර්ගයක්.ඉතින් මේක මුලු ලෝකෙම ඊට පස්සෙ මතක තියා ගන්නෙ ඒ ව්දිහට.මේව හරි සියුම් උපක්‍රම.එයාල හදපු යුද්ද සම්බන්ද ෆිල්ම් ගොඩක මේ බොරැව තියෙනවා.හැබැයි අපිත් බලන්න ආස ඒ බොරැවම තමයි.
ReplyDeletekanchana.
ස්ලම් ඩෝග් ගැන කියන කතාවට මමත් එකගයි.ඒ අවුරැද්දේ සම්මානෙ ලැබෙන්න තිබ්බෙ 'ද රීඩර්' ට .හැම පැත්තෙන්ම ඒ ෆිල්ම් එක ඉස්සරහින් හිටියේ.ඒත් ජනප්‍රිය උණේ ස්ලම් ඩෝග්.ජනප්‍රිය කළේ ස්ලම් ඩෝග්.එයාලට ඕන වුණේ ඉන්දියාවට විතරක් නෙවෙයි ආසියාවට හිනා වෙන්න.ආර්තික අර්බුදෙන් ඇමරිකාව බිමට කඩන් වැටෙද්දි ඉන්දියාව,චීනය වගේ රටවල් යස අපූරැවට කෙලින් හිටියා.ඒකට ඇමරිකාවට ගොඩක් රිදිලා තිබුණේ.මෙන්න උබලගේ මහ ලොකු ඉන්දියාවෙ ඇත්ත කියලා පෙන්නලා හිනා වෙන්නයි ඇමරිකාවට ඕන වුණේ.කොහොමත් මේ වගේ කුණු අවුස්සන්න එයාල හරි දක්ශයි.අනික ඒ අවුරැද්දේ හොදම මියුසික්වලට රහමාන්ව ඇදලා ගත්ත එක ගැලපෙන්නෑ.ඒ සින්දුවෙවත්,සන්ගීතෙවත් ලොකු දෙයක් තිබුනෙ නෑ.රහමාන්ව ලෝකෙට පෙන්නුවෙ වැඩක් නැති සන්ගීතයක් එක්ක.රහමාන් දක්ශයෙක්,ඒකෙ විවාදයක් නෑ.ඒත් සම්මාන දීපු සින්දුව අසාර්තක,වෙස්ටර්න් මියුසික්වලින් වැහිල ගිය එකක්.අනික ඒ අවුරැද්දෙ හොදම මියුසික්වලට තරග කරපු 'වෝල් ඊ' ඊට වඩා ගොඩක් ඉස්සරහින් හිටියෙ.ලාස්ට් සමුරායි ෆිල්ම් එක මතක ඇතිනෙ.ඒකෙ විදිහට ලෝකෙ ඉතිරි වෙන අන්තිම සමුරායිවරයා ඇමරිකන් ජාතිකයෙක්.හචිකෝ කියලා මේ ළගදි හදපු ෆිල්ම් එකෙත් ඒ වගේ දෙයක්ම එයාල කළා.හරිනම් ඒ බලු පැටියා ජපන් වර්ගයේ එකෙක් වෙන්න ඕනා.නමුත් ෆිල්ම් එකේ හැටියට ඌ ඇමරිකානු බලු වර්ගයක්.ඉතින් මේක මුලු ලෝකෙම ඊට පස්සෙ මතක තියා ගන්නෙ ඒ ව්දිහට.මේව හරි සියුම් උපක්‍රම.එයාල හදපු යුද්ද සම්බන්ද ෆිල්ම් ගොඩක මේ බොරැව තියෙනවා.හැබැයි අපිත් බලන්න ආස ඒ බොරැවම තමයි.
ReplyDeleteකාන්චනා.