Thursday, September 30, 2010

[111] ඉතින් තව නිදියන්න...


කවිපොතට නිදියන්න
කැඩපතට බොඳ වෙන්න
තරු ගනින ඈස් දෙකම
අතීතෙම කිමිදෙන්න ...

ඉතින් නිදියන්න...

නිදි නොමැති ඈස් පියන්
නිදා සේ දෑන් ඉන්න...
එපා ඈස් හෑර ලන්න..
වැඩියි රැස් එළි ගොන්න..

ඉතින් තව නිදියන්න...
එපා දැන් පිබිදෙන්න ..
ඈස් අරින රැස් විඳින...
නිසි කලට ඇහැරෙන්න....

Tuesday, September 28, 2010

[110] මේ සිත්තමට පාට ‍තෝරා දෙනවද?


එන්න...
මෙතැන ඇත සිත්තමක්..
අඩක්වත් නිසි පාට නොම දුන්න

එන්න...
තෙලිතුඩට පණ දෙන්න....
එකින් එක සිහින එහි තවරන්න....

එකින් එක අමු පාට
වෙන වෙනම නොපෙනෙන්න
දෙක තුනක් හෝ තවත් මුසුවෙන්න
තවරන්න..

නොසේදුනු නොසිස් තැන්
තිබු ලෙසින් ඔහෙ ඉන්න
හිස්තැනට විතරක්ම
ඔය පාට තවරන්න...

කාටවත් නෑ‍ඟෙන්න මුසු වෙන්න
සිත්තමට පණ එන්න .....
එන්න...
මේ සිත්තමට ඇස් දෙන්න...

හීනියට පැහැයක් මුසුවෙන්න
පාටකට නමක් හැඩයක් දෙන්න
හැඩ වෙන්න හෙමිහිටම  තවරන්න....

එන්න
පාට මත තෙලිතුඩට ඉඩ දෙන්න...
හිතු මතේ හිතේ ඇති පැහැ දෙන්න..
නමක් නැති අතීතෙම බොඳ වෙන්න 
ජීවිතය බොඳ මතින් මතු වෙන්න...


Friday, September 10, 2010

[109] අකීකරු මගෙ කවි හිත!


නිදා උන් මල් පෙත්තක්
ඇහැරවමි හිරිකඩින් තෙත් අලුයමක
ලියන්නට අලුත් සුරඟන කතාවක් එ'මත
නොපීදුනු අරුණට පෙර හනික ....

නෙලන්නේ නැතැයි කියන නොකියන දෑතක
ගුලිවී සිටින නොපොහොණි මල් පෙති මතට
කඳුලැල්ලක් වපුරමි වට අසණි මැද
අස්වැන්නට අයිතිවාසිකම් නැති කෙම් බිමක

අහිමිකමෙක අපුලින් තොරව
අසරණව පපුතුරකට හිස දී සැඟව ගෙන
නොපීදුනු අතීතයට කල ගුණෙන් බැල්ම ලා
වර්තමානය න‍ටු අගින් සිඳිමි මම...

අතීතයෙන් කෙලෙසන ලද
අමාරුවෙන් හෙලන ජීවන හුස්මක්
ඇඬූ කඳුලින් පිරිපහදු කොට
අනාගතය පසිඳින්නට අවසර සොයමි මම

ඇසිල්ලක ඇති වී මියෙන සොඳුරු බව
විඳිනු රිසි දඟකාර හිත් පියුම මත,
පිපී හැකිලෙන හස රේණුවෙක කෙලවර
රහසක් ඔතා නිදි ගන්වමි මම....

අනේ !
කීව නාහන..
අකීකරු මගෙ හිත !

දුක අහන සොඳුරු ප්‍රශ්නාර්ථය
යලි යලිත් නිදි ගැට හරින සිහිනය
නිදනු මිස ..‍රැයටම තනි රකිනු මිස
පහන් වන හිමිදිරිය තෙක්ම ‍රැ‍ඳෙනු නොහැකිද?

නොදන්නා සේ ඒ පපුතුරට හිස දෙන
නොදරුවෙකු නිදන මේ හදවත
පුරන් අතීතය මත වර්තමානයම වපුරන
අලුත් අස්වනු නෙලන් තෙක් ඉනු නොහැකිද?

අනේ කියන දේ නාහන
නුඹ!
අකීකරු මගෙ කවි හිත!

Wednesday, September 08, 2010

[108] අරුම මිනිසත් වගට !!!

උදෑසන හිරු සමග
අරුණ සර සිඹින කොට
ළය පුරා සුසුම් ගෙන
එදා සැනහුන ලොවට

සකල වත වසාගෙන
විරසකව හිරු සමග
සිටිමු නුඹ නිසයි එය
පාරජම්බුල කිරණ !

පොළොව පය තබන තැන
සිඹින ඔද වැඩි ලයක
එදා පිපි පැතුම් වැල
දැනෙයි විලි පවසන්ට

පය ගහන පොලව මත
කුරිරු න්යවෂ්ටික අවිය
පිපිරේද කුමන විට
සිඹිනු බැහැ විස පොලව

නිල් ගුවන් තල ඇදෙන
පාවෙනා වලා රොද
පිනයි සිත නෙත ගැටෙන
සුමුදු නිල්මිණි  ගුවන...

විස දුමට මිලින උන
මලානික වී හඬන
කලු ගුවන් ගැබ කියන
දුක අසා ඉනු කෝම


නෙත ගැටෙන අරුණ ගෙන
ගුවන නිල සිඹින දින
ජය දදය නැගුනි ලොව
මිහි මවගෙ සෙවණ යට

සෙවණ දුන් ගස නසන
දෙකඩ කල තල ගගන
අධම මිනිසත් වගට
සෙවන කොහි වියණ යට ?

(අඩුපාඩු බොහොමයි...1999 ලියුව කවියක්!)


[107] ජීවිතය තටු සලන විට….. ඒ තටු මතට ජීවය පිඹින්නේ නුඹය !

 සීතල සෙවනැල්ලකින්
මා වෙලෙන විට..
හිරු එලිය නුඹෙ මුහුණ මතින්
දිලෙනු වෙනුවට...
නුඹ මට දිලෙන්නට ඉඩක් දී
බලා සිටියෙහිය...
ඒ නුඹේ හැටිය..

මා පසුපසින් පියවරක් තබමින්
නුඹ මා අසලින්ම ...
මා දිලෙන විට...
මා තරුවක් වීමි...
මා සවිය වී... පසුපසින් සිටියේ නුඹය....

සොඳුරු මුහුණක ඈඳුනු
සොඳුරු සිනහවක
මකා ලයි සියලු වේදනා සිත අස..
ඒ වීරයා නුඹ බව
කවදා මුත් නුඹ දෑන සිටියෙහිද?

අහසටත් .. එහි ඉගිලෙන
සියොතුන්ටත් ඉහලින්
මට පියාඹන්නට හෑකි වන දවසක
මගේ ජීවිතය තටු සලන විට
ඒ තටු මතට ජීවය පිඹින්නේ නුඹය !

කාටවත් නොදෑනේ කියන
කාටවත් නොහෑඟේ කියන
ඒ සියල්ල මා සිත තුල
තිබේ ඒ සිතුවිල්ල..
මට මාත් නැතිව යනු ඇත,
නුඹ නෑති තෑනෙක...

මම පියාඹමි...
සුනිල් ගගනත පුරා...
සියොතුන්ටත් ඉහලින්.....
එසේ මේ ජීවිතය තටු සලන විට
ඒ තටු මතට ජීවය පිඹින්නේ නුඹය !


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->