Thursday, December 30, 2010
[134] නුඹ 'එපා' යැයි කී විට..
නුඹ 'එපා' යැයි කී විට
හැරී නොබලා යන මට
ඉඟියක් වත් නොකොට
අහිංසක ඇස් කඳුලු පුරමින්...
ආපසු හැරුන මොහොතට
ඔය දුක හිතෙන මුහුණට
කිඹුලෙක් කඳුලු දී ණයට
මට තවත් දුක හිතමින්...
ඉන්නදැයි එපාදැයි හෙට
තරවටු කොට අසන විට
නොදරුවෙක් වැනි ඇඬුම් මූණට
සිය දහස් වර මැරී දැවෙමින්....
හිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලව් කොට
ඉඩ දියන් මට යන්නට
ඉතින් ඇති ඉවසුවා මම දැන් !
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Tuesday, December 28, 2010
[133] වීසි කරපු ආදරේ !!
~'~
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කලෙමි
හදේ තුබුන
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී
විරහ වේදනා වින්දා
ඈසුයෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා
කුරුලු ගීත මට ඈසුනා
ගහේ කොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දෑනුනා
~'~
ආදරේ එක් බෑඳීමකටම සීමා නොවී ආදරේ කියන දේ මුලු ලෝකයටම පෙරී එන විසාල කරුණාවක් සෙනෙහසක් නම්, එහි ඈත්තේ නිම් හිම් නොවෙන සතුටක්. ඒත් කොච්චර කිව්වත් හිතුවත් මේ හිතට දැනෙන්නෙම තනිකම. අපි බයයි තනිවෙන්න. මම මගෙ බ්ලොග් එකේ මේ වචන කීපය කියන කී වෙනි වතාවද දන්නෙ නෑ, ඒත් මේ වචන ටික එතරම්ම මගෙ හිතේ තදින් කා වෑදුන නිසා ආයෙ ආයෙමත් ලියවෙනවා.
තනිකම කියන්නෙ බයක්. අපි බයයි තනිවෙන්න.අපිට යැපෙන්නට කෙනෙක් නැතිවෙන විට අපි බය වෙනවා හවුහරණක් නැත කියා. ඒත් හුදෙකලාව කියන්නෙ සැපයක්. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක්. හුදෙකලාව කියන්නෙ බයක් නෙමෙයි. ලෝකයම තමන් වටා අරක්ගෙන සිටිද්දී තමන් තමන් සමග ජීවත් වීම හෙවත් කිසිවෙකුගෙන් යැපෙන්නට නොයාම තුල හුදෙකලාවේ සුවය අත් වින්ද හැකියි. මේ කියන්නේ කැත්ලීන් ජයවර්ධන 'තඹරවිල' කියන පොතේ.
කුරුල්ලන්ට ගී හදන්නට ගහ කොල පාට කරන්නට, නිදහසේ , කිසිත් බලාපොරොත්තු නොවී හිතේ තියන මහා ආදරය දයාව කරුණාව වීසි කරන්නට හැකිනම්, ගහකොල සතාසීපාවාගේ සිට මුලු ලෝකයම තමුන්ට සෙනෙහස පාද්දි, නිවී සැනසුන සිතෙන් හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය විඳිය හැකි වේවි.
ගීතය අහමුද ?
ප.ලි: ජීවිතෙ මල්ගෙ ජීවිතේ හොඳටම් බිසී වෙලා. ඒත් අවුරුද්දක් මාව ජීවත් කරවපු මේ මගෙ හදවත ලියන බ්ලොග් පිටුව කෙසේ අමතක කරන්නද ? කලින් කලට හෝ සංසාරේ අපි වෙත ජීවිතේ මල් ගොඩ වෙන එක වෙනවාමයි .... :)
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
මා පෙම් බැඳි ගීයක් ගැන
Sunday, December 19, 2010
[132] කලු රෝස මලක් !
කලුයි...
ඒත්
මලක් නම්
තමයි
බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...
කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...
ඒත්
මලක් නම්
තමයි
බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...
කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...
ඒත්....
පෙති සිනිඳු
හින්දම
ඒ මලක්
බව
සැබැයි !
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Monday, December 13, 2010
[131] "මේ කවියට නමක් දෙන්න"
නෑසෙන ඉසවුවක හිඳ
කවියක් ගොතන හිත
අකුරක් අඩු තෑනෙක
හිස්තෑනෙක පිරුනු බව හොයන...
කවියක් ගොතන හිත
අකුරක් අඩු තෑනෙක
හිස්තෑනෙක පිරුනු බව හොයන...
හිස් තැන් ගොඩක් මැද
එකම එක අකුරක් පෙනෙන විට
එවෙත ලං වෙන හිත
හිස් කමක නොපහන් බව දනිත...
එකම එක අකුරක් පෙනෙන විට
එවෙත ලං වෙන හිත
හිස් කමක නොපහන් බව දනිත...
.
කඳුලු ගැන , දුක සුසුම ගැන
විතරක්ම කවි ලිවු හිත
ඉන් එපිට ඈති අරුම
නොදුටු සේ නොව නොහිමි සේ හිඳ
කඳුලු ගැන , දුක සුසුම ගැන
විතරක්ම කවි ලිවු හිත
ඉන් එපිට ඈති අරුම
නොදුටු සේ නොව නොහිමි සේ හිඳ
වෑස්සක් ඈද හෑලෙන
අහස දෙස බලාගෙන
තවමත් කියන මගෙ හිත
නියං දුක ගෑන... අලුත් වෑස්සක් දෑක දෑක ..
අහස දෙස බලාගෙන
තවමත් කියන මගෙ හිත
නියං දුක ගෑන... අලුත් වෑස්සක් දෑක දෑක ..
එහි ඈත්තේ නොදරුවෙකු නොව
බියෙන් තෑති ගත් හිතක් මිස
කුමකටද බිය?
නුඹ අසනු ඈත...
බියෙන් තෑති ගත් හිතක් මිස
කුමකටද බිය?
නුඹ අසනු ඈත...
අඳුරට සුලඟකටත් සසැලෙන්න
සාවකුටත් නොහිමි තැති ගැනුනු හිත
නොකියා කියයි බියට කාරණ
අහිංසකයි මමද, මා එක හිතද, එපමණට…
සාවකුටත් නොහිමි තැති ගැනුනු හිත
නොකියා කියයි බියට කාරණ
අහිංසකයි මමද, මා එක හිතද, එපමණට…
අතීතයෙන් පෙලන ලද හිතට
අනාගතයක පාට තවරන
වර්තමානය මත ඇතිරුව
උදා අවු රැල්ල නුඹ...
අනාගතයක පාට තවරන
වර්තමානය මත ඇතිරුව
උදා අවු රැල්ල නුඹ...
අලුයම 4ට විතර...
2010-9-22
2010-9-22
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Sunday, December 12, 2010
[130] දෙපාරකදි කාලෙකින් ලියපු සඳෑස් දෙකක්
ඉරෙන් රැස් ගෙන නිදන් උන් මල් එකින් එක ඇස් අරින්නට හැර
වසත් අහසෙන් නෙලන් තරුවක් එයින් කලුවර සිඳෙන්නට හැර
ඉදින් පෙර කල විඳින්නට පැතු නිදන් සීනය මිදෙන්නට පෙර
හිඳින්නම් මම් බලන් නුඹෙ මුව හසින් ගිලිහෙනු ගිලන් හද'ඳුර
බිඳුනු සමනල පිහාටුව ගෙන අත්ල වෙත දී ඇඬුම් මුමුනමි
සමන් මල මත පිපෙන කඳුලැලි රසය ඉවසා සිනහ මුදනෙමි
සැබෑවක් කොට දොහොත් මුදුනෙන් රැගෙන පුදසුන ලතැයි හිතුවෙමි
වරද පසිඳිමි, හෙයින් ඉවසමි, කොහිද සැනසුම , කොහිද සොයනෙමි....
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය
Friday, December 10, 2010
[129] නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා
මේ දවස් වල කොලඹ උහුලන්න අමාරු හීතලක් අල්ලලා තිබුනේ හරියට කොලඹ නෙමෙයි වගේ. උදේ පාන්දර ගෑහි ගෑහී සීතලේ ඈඟ පත හෝදගෙන ඉස්කෝලෙ යනවා හරියට මීට අවුරුදු ගානකට කලින් කම්මෑලිකමේ නුවර හීතලේ කට කට ගාමින් ගෑහි ගෑහි අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියා වගේ.... මේ ගීය මගෙ මතකේ පතුලෙම වගේ හැංගිල තිබුන, ගීයක් තිබෙනව බව මතක තිබුනත් එහි අරුමය නොවෑටහී නිරපරාදේ මතකේ පාවි පාවි උන්න, හරිම ලස්සන ගීයක්. පද වැල මතක් කලේ මගෙ යාලුවෙක්. ඈ මන් හිතන්නෙ මෙහි ඈගෙ නම කියනවට කෑමති වේවිද මන්දා... (සඳුදට අහන්න ඕනේ :) ) හෙ හෙ.. ඔන්න අහන්නකෝ...
~'~
පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//
පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...
වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
~'~
සෑවුලන් හඬලන සීතල හිමිදිරි උදේ හිරිගෑට නොකඩා පොරෝනෙටම ගුලිවෙලා නිදන කොලුවෙක්. යාබද කුස්සියේ හනි හනික පුතුට අම්මා පාසල් ගෙනියන්න බත සරි කරනවා කඩිමුඩියේ. රේල්ලුවෙ වෙලා කණිසම හිතේ රඳවගෙන ලා දම් පාට හිමිදිරිය දවස උදා වෙන අයුරු බලන් ඉන්න තාත්තා තව තව සෑපට ගුලිවෙන පුතු දිහා බලන් මෙහෙම හිතනවා මට මෑවිල පෙනෙනවා.
අකුරට පමා උනොත් , වේවැල් කසායෙන් රිදෙන්නේ පුතුටමයි. පුතු වෙනුවෙන් දුක් ගන්නා අම්මත් හඬාවි පුතු අඳුරට වෑටුනොතින්. දුක දිනා ජීවිතය ජය ගන්නට විරිය කල යුතුමයි. අද කලුවර උනත්, සිල්ප සොඳින් උගන්නා පුතුනේ නුඹේ හෙට එච්චර කලුවර නෑ. ඔය කඩමලු, හීතල , බඩගින්න පිරුනු අතීතය දිහා ආපහු හැරිල බලාගෙන එදාට නුඹ සතුටින් හිනහ වේවි වර්තමානයත් එක්ක.
එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී වැඩියෙන්ම සතුටු වෙන්නෙත් ඔය දුක් ගන්නා අම්මාමයි. මානව දයාව , දරුවන්ගේ අනාගතය , බලාපොරොත්තු , හීන සහ දාරක සෙනෙහස නැලවිල්ලේ කැලැත්තෙන අපූරු ගීයක් ... ගීතය සිහිපත් කල මගේ යාලුවාට ස්තූතියි :)
ගීය අහමුද මෙතනින්....
ප.ලි.
හැමදාමත් වගේ මට අදත් අහන්න හිතෙනවා .. 'ඇයි දෙවියනේ මේ වගේ සොඳුරු පද වැල් දැන් නොලියවෙන්නේ ???? '
මේ ගැනයි මේ ලිපිය..
මා පෙම් බැඳි ගීයක් ගැන
Wednesday, December 08, 2010
[128] තරහ වෙන්නෙ නෑති ආදරේ !!!
~"~
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙණි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදාහෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුනු දා කඳු බිම් හැකිලෙනවා
අනාත සයුරට වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුළ රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවණු පවුරක මහ දුරකි
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙණි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදාහෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුනු දා කඳු බිම් හැකිලෙනවා
අනාත සයුරට වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුළ රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවණු පවුරක මහ දුරකි
~"~
ආදරය මත්තේ ලෝකයම තැනීම හෝ නැසීම නොකොට, අහිමි වීම නමැති වේදනාව විඳ දරා ගන්නා, අහිමි කම තේරුම් ගන්නා, ඒ සමග ජීවිතයේ අවබෝධය මුවහත් කරගන්නා , එසේත් නැතිනම් නොගැලපීම් වටහා ගනිමින් සුහදව වෙන් වන්නා වූ පෙම්වතුන් අප අවට සිටීදැයි මම කලින් ලිපියේ ප්‍රශ්න කලා.ඒ ඇසූ පැනයට ලැබුනු බොහෝ පිලිතුරු සොඳුරු ගී අමුණා තිබූ නිසා මට තව සිත් ගත් ගී ගැන ලියන්නට නිමිති ලැබුනා. :)
"ආදරේ අහසයි පොලවයි වගේ. කවම කවදාවත් ලං නොවෙන.. ඈත සිතිජය වගේ හීනෙක විතරක් ලඟට එන.අහස තරම් පළල් ගැඹුරු ඉමක් නැති ඒ හදවතෙන් ඒ ජීවිතයෙන් බිඳිත්තක් කාටත් හොරෙන් රාත්‍රියට මිහි පතිත වෙන තරු එලියක් වගේ ඈ වෙත එනවා.ඉතින් සැනෙහෙන්න ඒ එලියෙන්..
සොබාදහමට එරෙහි වන්නට අපට බැහැ. ගං දිය ඉහලට ගලා නොයන්නා සේ.. අසෙණි හඬට කඳු බිම් සසල නොවන්නා සේ. ඒත් අද ගෙවෙන මේ ජීවිතය පිණි බිඳුවක් සේ හැඩය කාලය පැහැය වෙනස් වෙනවා. ගඟක් මුවදොර හමුව මුහුදට මුසු වන්නා සේ , දෙරණ කැලඹෙන කල්පයකට වතාවක් හෝ කඳු බිම් පවා මිහිදන් වන්නා සේ....සියල්ල එක සැණින් වෙනස්වෙනවා .. ජීවිතය මේ වගේයි...
පිපාසයෙන් පීඩිත සයුරට වැහි දිය දෝතක් මවන අරුම! අන්ධකාර අගාධයක කැලැත්තෙන ජීවිතයට දැල්වුන රන් පහන් සිළුවක් වගේ.. මා ඔබෙන් ඔබ මගෙන් සැනහෙන තරම් දකිද්දී ඔබත් මාත් අතර දුරක් කොයින්ද? නැහැ.. අපි දුරයි.... ඔබ වටේ බැඳුනු ඔය කහවණු පවුර මා කෙසේ තරණය කරන්නද ? මා දුරයි... ඔබ දුරයි...
මේ මා තුන්කල්හිම ඇලුම කරන ගීයක්.මන්ද යත් , ආලයට එරෙහි නොවෙන , ආලයට ආලය පාන,එමෙන්ම ජීවිතය හඳුනාගත්,අහිමිකම හඳුනාගත්, ආදරයට අවබෝධය මුසු වූ බවට ඉඟි කරන ගීයක් යයි මට හිතෙන නිසා....
ගීය අහමුද ?
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන
Tuesday, December 07, 2010
[127] ආදරේ ඉවරායි = ජීවිතේ ඉවරායි
ආදරේ = ජීවිතේ
ආදරේ ඉවරයි = ජීවිතේ ඉවරයි
ආදරේ අසාර්ථකයි = ජීවිතේ අසාර්ථකයි....
ආදරෙන් පැරදුනා = ජීවිතෙන් පැරදුනා
ආදරෙන් තොර ජීවිතේ = රසයෙන් තොර හොද්දක්
ආදරය = රසය
ආදරෙන් තොර = රසයෙන් තොර
ජීවිතේ = හොද්දක්
හැබෑට????
සමහරු කියනව 'ආදරේ කියන්නෙ මගෙ ජීවිතේ' කියල. ඒ කියන්නෙ පාට්නර් කෙනෙක් නෑතිනම් කන්නෙ බොන්නෙ නෑ ???
ආදරය මට බෑලුමක් වගෙ පිම්බිලා ජීවත් වෙන්න හේතුවක් දෙනවා = ආදරේ නෑති වෙච්ච ගමන් ජීවිතෙ කියන්නෙ නිකම්ම නිකම් පපඩමක් වගෙ වෙනවා.
"ඔබෙන් තොර වූ ලෝකයක් ගෑන නෑ සිතන්නේ මා.." ... ඔය කිව්වෙ... ඉතින් ඔබ තොර වූ දාට වස බොන මිස මෙහෙවු ප්‍රකාශ කලාම වෙන විකල්පයක් තියේද සන්සාරේ !
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද" - සාපේක්ෂ කාරනා... ඒත් නහින්නෙ මොටද?
"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොලඳ වෙලා. අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" - සහතික ඇත්ත. 'ලොව' නම් ලොවි ගහෙත් නෑ. 'ලොව' තමයි ගොඩක් දේවලට මුල. වහ බෝතලේට පාර පෙන්නනෙත් 'ලොව' තමයි.
'ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද ?' - මොකටද අනේ. එහෙවු වෙනසක් කරගෙන ... දිනන්න කියලා දුවලා දුවලා... ඔය අතික්‍රමණ ඔක්කොම කලාම ඉන්නෙ 'මම' නෙමෙයිනේ.
'බිඳුනු පෙමින් ගිනිගත් හදවත් , තනිවේවි එක්ටැම්ගේ' - අනේ පෙමක් කලා නම් , දෙන්නට දෙන්නා ස්තූතිවන්ත වෙලා හිත් නොබිඳ ඈත් මෑත් වෙන්න බෑරි ඈයිද දන්නවද? අර කිව්ව 'ලොව' තමයි මුල. ඈයි 'ලොව' කියනවනෙ එක එක එවුවා... අරව මේවා ...ඈයි 'ලෝක ලැජ්ජාව'???

මේක කියවන ඔයාල මට පොඩි උදව්වක් කොරනවද ? ආදරෙන් පොඩි දඬුවමක් වින්ද ජීවිතේකට සුබවාදී දෙයක් එකතු කරන, එතනින් ජීවිතේ අහවර නෑ , දහිරියෙන් හිත් තෑවුලින් මිදිල නැගිටිය යුතු බව කියන , අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන, අරමුණු කියන්නේ කසාදය ආදරේ ප්‍රේමය විතරක් නොවෙන බව කියන, ආදරේ කියන්නෙ හුස්ම පවා වැටෙන සාධකයක් වීමට තරම් බොලඳ නොවිය යුතු බව කියන එක සින්දුවක් හොයල දෙන්න මට !
මෙන්න මෙහෙමනෙ ඉන්ට ඕනේ... හිනා වෙලා..... නෑද්ද???
(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )
(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
විරහව ද? විරවීම ද?
Friday, December 03, 2010
[126] නිකනුත් රිදිච්ච හිතක් ....
ගල් කටුවක් සොයා
ගැඹුරෙහිම
කිමිදෙමින්
නිදන් නැති පතුලක්
කැණ බලමි...
එහි ඇත්තේ
කඳුලු දැයි
අසන්නට හේතුවක්
කුමට දැන්,
නොකිවමනාය
කඳුලු නම් තමාය !
අහේතුකවම
එහි පිරී ගත්
කඳුලු දැක
යලි නොගැඹුරට
කිමිදෙමි
හාත්පස එලිය
පුපුරු ගසන සඳ
සන්තානය තුල..
ඇස් දෙකම
පියාගෙන
ගැඹුරේ අඳුරට
පෙම් බඳිමි....
නිකනුත් රිදිච්ච
මගෙ හිත
විහින්ම
පාරවා ගෙන
අඳුරේ
හැඩයක් අඳිමි..
ගැඹුරෙහිම
කිමිදෙමින්
නිදන් නැති පතුලක්
කැණ බලමි...
එහි ඇත්තේ
කඳුලු දැයි
අසන්නට හේතුවක්
කුමට දැන්,
නොකිවමනාය
කඳුලු නම් තමාය !
අහේතුකවම
එහි පිරී ගත්
කඳුලු දැක
යලි නොගැඹුරට
කිමිදෙමි
හාත්පස එලිය
පුපුරු ගසන සඳ
සන්තානය තුල..
ඇස් දෙකම
පියාගෙන
ගැඹුරේ අඳුරට
පෙම් බඳිමි....
නිකනුත් රිදිච්ච
මගෙ හිත
විහින්ම
පාරවා ගෙන
අඳුරේ
හැඩයක් අඳිමි..
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Saturday, November 27, 2010
[125] සිනහ වෙනු මැන, වේදනා පිසදා....
ජීවිතේ කියන්නේ එක සිදුවීමකින් ගරා වැටෙන දෙයක් නොවෙයි. එක කඩා වැටීමකින් සියල්ල අහිමි වෙන දෙයක් නෙමෙයි... ජීවිතේ කියන්නේ මල් කියා හිතුවට වරදක් නෑ.. මේ මම වගේ... :) එක අහිමි වීමකින් ඔක්කොම ඉවරයි , මගෙ ජීවිතේ අහවරයි, මෙතනින් එහාට මම කියන්නෙ මලමිනියක් විතරයි කියල හිතන ඈයින්ට මම හිතන්නෙ මේ පහතින් තියන ගීය හරිම සොඳුරු පණිවිඩයක් සපයනව.
කොයිතරම් නම් සොඳුරුද? අහස සඳු හා තරහ නොගන්නා සේ, වෙරළ රළ හා තරහ නොවන්නා සේ, මියුරු ගීතයක් වීණාව හා අමනාප නොවන්නා සේ , වෙන් වීමකදී අපිට හතුරන් නොවී හැර යන්නට හැකි නම් කොතරම් අපූරුද? අතීතය සමග උරණ වී වස බෝතල් හොයන, පිහියෙන් අනින සමාජයට මේ සරල අපූර්ව වචන පෙල දෙන සොඳුරු පණිවිඩය කොතරම් හරවත්ද? යම් තාක් දුරට බටහිර රටවලට අහිමි වී ගිය දෘඩ සංස්කෘතිය තද සදාචාරය කොතරම් අපූර්වදැයි මට හිතෙනවා. එහි කුහකකම්, ඉරිසියාවන් , අහිමිවීමෙන් පලිගැනීම් අවම වන්නේ එහි අහිමි වීමක් සමග පසු පසින් එන මහා විසාල සමාජ ඛේදවාචකයක් නැති නිසාම නොවේදෑයි මට හිතෙනවා.
වේදනාවන් සමග අත් බැඳ ජීවත් වෙන්නට වෙන්නට අපි එහිම ගිලෙනවා. ඒ පිසදා හිනහ වෙනවිට අප කරා අපත් නොදැනුවත්වම වසන්තය එලැඹෙනවා. ඒ හදවතේ තිබෙන නොසැලෙන ගුණයට , ඉවසීමට සොබාදහම පවා හිස නමන නිසයි. මියුරු ගී අපට ඇසෙන්නේ, බමර ගුම් නද හැඟෙන්නේ එවිටයි. පසුතැවීමෙන් දුක් අනුභවයෙන් අප අතීතයේ හදවත ඔබා ගිල්වා පණ ගසන්නට හැර බලා සිටිනවා. ඉන් මිදුනු දාට වසන්තයයි... හදවත අතීතයෙන් සහ අනාගතයෙන් නිදහස්!
මේ ගීය අහන මොහොතක් පාසා මගේ ඇස් වල කඳුලු පිරෙනවා. මන්ද එතරම්ම ජීවිතය තුල වේදනා පිසදා ඉවසීමෙන් සිනහ මුවින් ජීවත් වන්නට මා උගෙන තිබෙන්නේ ජීවිතයෙන්ම නිසයි.. අතීතය සමග මා කවදාවත්ම තරහ උනේ නෑ. අතීතය මත හඬා වැටුනේ නෑ. දවසින් දෙකින් මා තනිව හැඬූ ඇස් පිසදා, හේබා ගිය හදවත වැරෙන් නැගිටුවා මුවගට සිනහව බලෙන් හෝ ගෙන ආවා. දුක තුනී වෙනයුරු මා බලා සිටියා කැඩපත ඉදිරියේ සිනහ වෙන ජීවිතේ මල් දෙස බලමින්. ඒ අතින් බැලුවම මට ජීවිතේ මල් කියන නම නම් අපූරුවට ගැලපෙනවා කියා හිතෙනවා. අතීතයේ නොයෙකුත් තැන් වල මුරණ්ඩු උන, වරද්ද ගත්, දුක් උන, මා සමගම අමනාප වුන, පසු තැවුන, හැඬුව ජීවිතේ මල් සමග මම කවදාකවත් අමනාප උනේ නෑ. ඈ සමගම මා සිනහ වෙන්නට උගත්තා.
මිනිසුන් මා දෙස බලමින් වෙලාවකට ප්‍රශ්න කරනවා මෙහෙම. 'අනේ ඔයා කොහොමද මෙහෙම ගලක් වගේ හයියට ඉන්නේ...? මෙහෙම හිනා වෙලා ඉන්නේ?' ඒ වෙලාවට නම් මාත් ටිකක් මම ගැනම සැක පහල කර ගන්නවා. මම හිතෙන් ඒ ප්‍රශ්නෙ අහන ඈයින්ටයි සෑක උපදවන මටයි උත්තර දෙනවා.'අතීතය මගෙ හදවතේ නැත..අහස උසට අනාගත සැලසුම් නැත.. '
මම මීට කලින් ලියුව අතීතය සිහිනයක් පමණයි ගීයත් මෙතරම්ම මගෙ හදට කා වැදුන ගීයක්.
මේ ගීය නම් ඉතාම සරල බසින් ලියවුන සොඳුරුතම ගැඹුරු දහමක් අපේ ජීවිතයට කියා දෙන පද පෙලක්.
සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ සමග පසුබිමෙන් ගලා යන මියුරු වස්දඬු රාවය පමණක්ම හද තවන නිවන භාවනාවක් වගෙයි. හිත මගෙන්ම අහනවා, ඇයි මෙවන් සොඳුරු ගී දැන් නොලියවෙන්නේ? නොගැයෙන්නේ? එය නම් ජාතියේම අවාසනාවක් !
ගීය අහන්නකෝ
~"~
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්..

මා පෙම් බැඳි ගීයක් ගැන,
විරහව ද? විරවීම ද?
Tuesday, November 23, 2010
[124] අහල තියේද "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" ගැන? ?
ජංගම සහ ඉන් නන්නත්තාර වුන රස්තියාදුකාරයෝ ගැන.....
උදේ හිට රෑ වෙනකල්, රෑ තිස්සේ එලිවෙනකල්, මැදියමෙත් නිසි නින්දක් නැතුව අත පත ගගා කොටන ජංගමේ අපිට කරපු හදියක් ! කොටනවා කොටනවා කොටනවා.... පණිවිඩ එහෙන් මෙහෙට! මෙහෙන් එහෙට !... දවසේ පැලෑන් උදේ හිට රෑ එලිවෙනකල්ම,, වෙනස් වෙනවා ,වෙනස් කරනවා ,අලුත් කරනවා, හපෝයි ඉවරයක් නෑ... මගෙ සත්ගුණවත් ජංගමේට පින් සිද්ද වෙන්න!
ගෑනු ලමයි සැරින් සැරේ විලවුන් තවරපු ලේන්සු එලියට අරගෙන මූණ මාත්තු කලේ ඉස්සර. ඒකට දැන්! විඩෙන් විඩේ ඇහැ යන්නෙ , බෑග් එක අතපත ගාන්නෙ ජංගමේ පරෙස්සමට නිදිද බලන්න. ජංගමේ ඔස්සේ 'මාව කාටවත් ඕනෙ වෙලාද ? මාව කවුද හොයන්නේ කියල එබෙන්න... යන ගමනෙ ප්ලෑන වෙනස් වෙලාද ? අරයා වෙලාවට ඇවිත්ද ? මෙයා අතෙන්ට ආවද? මම පරක්කුද? පරක්කු නම් සුට්ටක් ඉන්න කියල පණිවිඩයක් දෙනවද ? " ජරමර ගොඩක්.! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේ සැරෙන් සැරේ අත ගාල හරි බැලුවෙ නැතිනම් ඔක්කොම කොට උඩ ! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේට පුලුවනි රටේ ජනාධිපතිගෙ උනත් මුලු දවසම පාලනය කරන්න. කොටින්ම අදෘශ්‍යමාන දුරස්ථ පාලකයක් නේ මේ ජංගමේ.
"කාට හරි මාව ඕනෙ වෙලාද?" ඔය ජංගමේට ඇහැ යන හැම වෙලාවෙම ඔලුවෙ තියන සිතිවිල්ල නොවෙයිද මේ ?? ඇත්තටම බැලුවොත් අපිව කෝල් එකෙන් අල්ලගන්න බැරි උනා කියල කන්දක් පාත් වෙන්නෙ නෑනෙ.ඒත් මේ ඇබ්බැහිය නිසා අපි හැම තිස්සෙම අමුඩ කෙටිය ගහගෙන 'ඔන් යෝ මාක්' මූඩ් එකේ ඉන්නෙ කියල කිව්වොත් ඔයාල එකඟද? දවසෙ එක නිමේශයක් ඔය රැහැන් වලින් (රැහැන් සහිත හෝ රහිත ) මිදිල ඉන්න බැරි තරම් අපි ජංගමේට අපෙ ජීවිතේට රිංගන්න ඉඩ දීල වැඩියි කිව්වොත්??
උදේට ගෙදරින් එලියට බහින්නෙ, හවස 4ට වැඩ ඇරිලා, 5ට හන්දියෙ බස් නැවතුමේදී පෙම්වතියව හමු වෙන්න නම් , සන්දුක්කේ ඒ ගත වෙන පැය 7-8 ට මේ පැලෑන දවසෙ වැඩ වලට ඕනෙ ඕනෙ හැටියට, හිතූ මතේ අලුත් වෙලා වෙනස් වෙලා, තියෙන ඔක්කෝම රාජකාරි එක්ක ගැලපිලා, වෙනස් වෙලා වෙනස් වෙලා අලුත් වෙලා නොරොක් වෙලා අන්තිමේට හමාර වෙන්නෙ, හවස 6ට තියන වැඩ ඔක්කොටම රාජකාරි ඉවර කලාට පස්සේ එලියට ඇවිල්ලා දුම්රිය පොලේ හමු වෙලා හවස 7ට ශොපින් ගිහින් ත්‍රිවිල් එකකින් ගෙදර යන්න. උදේ ඉඳන් හවස් වෙනකල්ම ටෙක්ස්ට් මැසේජ් , කෝල් , මිස්ඩ් කෝල් දාහක් හමාරක් විසින් කාලය, මුදල් සහ විවේකී සංවිධිත මනස කාබාසීනියා කරන ගමන්ම,මේ ජංගමේ අපූරුවට මුලු දවසේම ප්ලෑන් එක කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වෙනස් කරනවා. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියාපිලු.! තියන ජීවිතෙත් වැඩ අධික එකක් වෙලා තියෙද්දි, 'තව නටපං', 'තව වෙනස් වෙයන්' , 'තව බිසී වෙයන්' කිය කිය උල්පන්දම් දෙන්නෙ , මේ ජංගම දෙයියෝම නොවෙයිද? තීරණයක් ගත්තම ඒකෙ එක විදියට පවතින්න , එක අරමුණෙන් දවස ගෙවන්න තියන මනසේ ඉස්පාසුව ජංගමේ විසින් උදුර ගෙන කියල ඔයාලට හිතෙන්නෙම නැද්ද?
ඔය ජංගමේ, මේ මං කියනවට එක දවසක් ගෙදර දාල යන්න ප්ලෑන් කරන්න. උදේට නැගිටලා , එහෙමත් නැතිනම් කලින් දවසෙ රෑ, තමුන්ට සිද්ද වෙනවා තීරණය කරන්න හෙට කරන දේ. ඒ ප්ලෑන අනිත් අයව අනිවාර්‍යයෙන්ම දැනුවත් කරන්න වෙනවා. (අම්මව , තාත්තව , යාලුවන්ව, සහකරුව, බොස්ව යනාදි අයව).මොකද හෙට දවස මැදදි වෙනස් කෙරිලි බෑ.හෙට උදේ එලියට බහින්නෙ එක පටිපාටියකට අනුගත වෙන්න. සරල ප්ලෑනක්. වෙනස් වෙන්නෙ නෑ. වෙනස් කරන්න බෑ.ඕනෙ උනත්. දවස යනවා. කරදරයක් නෑ. විඩෙන් විඩේ එබෙන්න නෑ. කෝල් බෑක් කර කර හොය හොය බලන්න නෑ. දවස යෙදවෙන්නෙ එක වැඩකට නම් ඒ වැඩේ මිසක් වෙන කිසි දෙයක් ඔලුවෙ ඒ මොහොතෙ නෑ. කොතරම් සරල වෙනවද කියල අත් විඳින්න , මන් කියනවට එක දවසක් ජංගමේ ගෙදර දොයි කරල ගිහින් බලන්න. හම්මේ... හිතට දැනෙන සනීපේ!
ජංගමේ බැටරි කාබාසීනියා වෙලා දවස මැදදි එයා දොයි වෙලා තියේද? හා කියන්න බලන්න එතකොට හිතට දැනෙන සනීපේ... මොන සනීපයක්ද ? ජීවිතෙන් හරි අඩක්ම අකර්මන්‍ය වෙනවා. අම්මල මාව හොයාවිද? ගෙදරට ගේන බඩු ටික අහගන්නෙ කෝමද? ගැනු ලමයා කෝල් දීලා බලලා බය වේවිද? බොස්ට මාව ඕනෙ උනොත් කන්ටෑක් කරන්නෙ කෝමද? බැන්කුවෙන් පන්සලෙන් පල්ලියෙන් කතා කරාවිද? අද හවස 3ට ගන්න තිබ්බ පණිවිඩේ ගන්නෙ කෝමද? හවසට යන්න උන්නු ගමන සෙට් කරගන්නෙ කොහොමද? අනේ දෙයියනේ ප්‍රශ්න කෝටියයි.... උත්තර නෑ. ඇයි ජංගමේ අස්සෙනේ ඔක්කොම විසඳුම්! හොඳ වැඩේ...! ඇයි කලින් ලැස්ති කර නොගත්තේ... හොඳම වැඩේ! :)
ජංගමේ තව සෝයි උදව්වක් කරනවා! අපිට කල් තියා වැඩ නොකරන, අන්තිම මොහොතෙ වැඩ කරන, කාලකන්නින් වෙන්න පුදුම තල්ලුවක් නේ දෙන්නේ... ඔන්න බලමු...හෙට හවස බැංකුවට යන්න තියනවා. ගිණුම් අංකේ ඕනේ හෙට හවස වැඩේට . ජංගේමේ ඉන්නවා. මොකට දැන්ම කරදර වෙනවද? හෙට එලියට බහිද්දි ඕනෙත් නෑනෙ.ඔන්න ඔහෙ හොයන්නෙ මොටද... තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි ජංගමේ ඉන්නවා. හෙට හවසටම ගෙදරට කෝලයක් දී අම්මගෙන් අහගන්නවා. අම්ම වැඩ ඔක්කොම නතර කරල ගේ පීරල පීරල හරි අංකෙ හොයල කියන්නෙ නැතැයි අපිට....! 'මේ කාලකන්ණියා, මේක කලින් හොයල අරගෙන යන්නෙ නෑ' කියල හිතින් බැණ බැණ හරි ගෙදර ඈයෝ , මේ දුරස්ථ , කඩියා මූඩ් යන්තරේට පින් සිද්ද වෙන්න , ඉතින් සැම දේ සැම තැන , වෙලාවක් අවේලාවක් නොබලා සපයන්න ලේස්ති වෙලා ඉන්නවා...
ඔන්න මම වෙනද වගේ අටුවාටීකා ටිප්පනි , සමාප්ති උපදේස ලියන්න යන්නෙ නෑ අද. මන් කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!
ඔන්න අන්තිමේට ජීවිතේ මල්ට ලස්සන සින්දුවක් මතක් උනා... මේක සරා සිහින හි තියන එකක්.
ගයමු ගීයක් දැන් අපි නිදහසේ...
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
දසත රැව් දීලා
හදවත් පිනවලා
සොඳුරු දිනයකදී
හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක චායා පෙනේවි
දසතේ සොඳුරු හෑඟුම් පෑතිරේවී
සිනා හඬක් ඉතිරී යාවී ඔබෙ හදවතේ...
හිනාම යන කෑල්ල කියන්නද...? මේ සින්දුව අහල බලන්නකෝ.. සන්දුක්කේ.. බාතිය සන්තුස් මල්ලිලා මට මේ වෙලා හිතිච්ච මේ ගීයත් විකුනලා තියෙන්නේ ජංගමේට උඩගෙඩි දෙන කොම්පෑනියකටමනේ... හනේ... සන්දුක්කේ... :)
ගීය අහන්නකෝ...
ඔන්න මම ආයෙත් ඉල්ලනවා..... මම කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!

ජීවිතේ ගැන කියපු කතා
[123] එන්න මාත් එක්ක.. හැබැයි අඬන්න...
ගොඩම ගොඩ කාලෙකින් මම මේ ගීයක් එක්ක ආයෙමත් දැහැන් ගත වෙන්න යන්නෙ. මේ ගීය ඇහුන දවසෙම මට දැනුනෙ කවුදෝ කොහෙන්දෝ කාගෙදෝ ජීවිත කතාවක් හොරකම් කරලා ඒ කතාවට ලස්සන වචන අමුණලා තාලයක් යොදලා ගයන්නා වගේ.... සුනිල් එදිරිසිංහ මේ වගේ ගීත කොහෙන් හොයා ගන්නවද මන්දා :)
"මම දන්නෙ නෑ මම කොහෙද යන්නෙ කියලා. ඒත් මගෙ හිත මේ දේ කිව්වා"
"මොකක්ද?"
"ඔයා දන්නවා මොකක්ද ඒ කියලා.."
"හ්ම්ම්"
"මම අසරණයි තමයි... අනේ ඒත් මට අනුකම්පා කරන්න එපා"
"පිස්සුද රත්තරනේ.මොනවද ඔයා මේ කියවන්නේ... . "
හ්ම්ම්... කිරිල්ලි දිහා ජීවිතයත් , ජීවිතේ දිහා කිරිල්ලිත් බලාගෙන ඉන්නවා.... මට මේ වෙලාවෙ මගෙ කන් දෙක අස්සෙ ඇහෙන්නෙ සඳ මිතුරී ගීතය... දුරකථනයෙන් මිදිලා ඉයර්ෆෝන් එකෙන් එලියට එන සඳ මිතුරියට , කසුන් කල්හාර අනුන්ගෙ තාලයකට , අයදිනවා... 'සඳ මිතුරී .. සිත මිහිරී කල මැනවී... කියලා... "ඒකටත් මට හිනා.. ඈයි දෙයියනෙ.. කියන්නෙ එකක්.. කරන්නෙ එකක්... :) මාත් එහෙමද මන්දා... දැන් මම ලියනන් හිතුවෙ එකක්. ලියන්නෙ තව එකක්.
ගීය අහමුද මෙතනින්...
~"~
හඬන පණ නළ
යදින සැනසුම
දැවී යයි හද චිතකයේ...
කඳුලු බිඳුවක
සිසිල පමණකි
වියලි කතරට හිමි වුනේ....
යොවුන් සිතිවිළි
විපිලිසර වී
මහලු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත
හඬන සුර ගුරු
යදී සිඟමන් මාවතේ
රකුසු පියසක
පිපුනු කුසුමට
මලෙවි හමු වන පින නැතේ
දෑස නැති විට
නුහුරු මං පෙත
සරන පා යුග පටලැවේ...
~"~
"මම දන්නෙ නෑ මම කොහෙද යන්නෙ කියලා. ඒත් මගෙ හිත මේ දේ කිව්වා"
"මොකක්ද?"
"ඔයා දන්නවා මොකක්ද ඒ කියලා.."
"හ්ම්ම්"
"මම අසරණයි තමයි... අනේ ඒත් මට අනුකම්පා කරන්න එපා"
"පිස්සුද රත්තරනේ.මොනවද ඔයා මේ කියවන්නේ... . "
හ්ම්ම්... කිරිල්ලි දිහා ජීවිතයත් , ජීවිතේ දිහා කිරිල්ලිත් බලාගෙන ඉන්නවා.... මට මේ වෙලාවෙ මගෙ කන් දෙක අස්සෙ ඇහෙන්නෙ සඳ මිතුරී ගීතය... දුරකථනයෙන් මිදිලා ඉයර්ෆෝන් එකෙන් එලියට එන සඳ මිතුරියට , කසුන් කල්හාර අනුන්ගෙ තාලයකට , අයදිනවා... 'සඳ මිතුරී .. සිත මිහිරී කල මැනවී... කියලා... "ඒකටත් මට හිනා.. ඈයි දෙයියනෙ.. කියන්නෙ එකක්.. කරන්නෙ එකක්... :) මාත් එහෙමද මන්දා... දැන් මම ලියනන් හිතුවෙ එකක්. ලියන්නෙ තව එකක්.
ගීය අහමුද මෙතනින්...
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන,
විරහව ද? විරවීම ද?
Monday, November 22, 2010
[122] හොඳ වැඩේ... ! කිව්ව නේද හුස්ම ගන්න එපා කියල ??
සිහින යනු මා විසින් අත් හැරිය යුතු දෑ තුල රැඳවිය යුතු බව ජීවිතය මට කියන්නා සේ මට හැඟෙයි. මේ ඔක්කෝම සිහින තුල ආස්වාදය මිස අරමුණු නැතැයි හිත නොව හිස මට සන් කරයි. ආස්වාදයට ලොබ බඳිමින් ආස්වාස ප්‍රශ්වාස කරන සිහින එක එක මියෙන විට මට මා සමගම උපදින්නේ තරහවකි. මන්ද ආස්වාශය සමග සිරුර තුල කිඳෙන සිහින ඇසිපිය හෙලන සැනින් බිඳී යන්නේ සිරුරටත් නොදැනීම සිරුරෙන් ඔබ්බට විසි වෙන ප්‍රශ්වාසය ලෙසින් නම් මා කොතරම් වාසනාවන්තද? එහෙත් යථාර්ථය එය නොවේ. වංගු ගණනාවක් වෙහෙසින් පසු කරන කඳු හෙල් මිටියාවත් අස්සෙන් ඇදෙන දුම්රියක් සේ ආයාසයෙන් සිහින සහ සිහින වලින් පොදි ගැසූ බලාපොරොත්තු කරමත පටවාගත් බර හුස්ම සිරුරෙන් හෙමි හෙමින් ආයාසයෙන් මිදී යයි. මායාවක් පමණක් වූ අතීතය මට ශේෂ කරමින් සිහින සියල්ල මියෑදෙයි....
ලුහු බඳින්නේ... මොනවාදෑයි හිත අසයි... කොටින්ම හිත මට හිනහ වෙයි.... අනේ උඹ.... ! මම කිව්ව නේද හුස්ම ගන්න එපා කියලා.. ??? හුස්ම ගත්තෙ නැතිනම් මේ මුකුත් නෑ...
~"~
ගූගල් බස්(Google Buzz) එකේ රවා මල්ලි මට කවුන්ටර්පොයින්ට් එකකුත් දාල තිබ්බා.. ඒකත් දාන්නද ?
සිහින යනු ඔබ විසින් අත්නොහැරිය යුතු දෙ යන්න මා ගෙ සිතුවිල්ලකි. බලන්න අවට ලොකය දෙස. මිනිසා පියාඹයි. මිනිසා වේගයෙන් යයි. සැතපුම් දහස් ගණන් ඇත ඇති හදවත් එකිනෙක හා ගැටි ආදරයෙන් බැදෙයි. මෙ සියල්ලම සිහිනයන් හි ප්‍රතිපළ වේ. මාගෙ ජාතියෙහි මිනිසෙකුගෙ නමක් එ සිහින දැකපු මිනිසුන්ගෙ නම් අතර නොතිබිම මට ඉතා කණගාටුවකි.
සිහිනයන් තුල ජිවත් වෙන බොහො අය කිසිවක් නොකර මෙලොවෙන් සමුගනි. නමුත් කිපදෙනෙක් කරන කියන දේ සදාකාලික ලෙස මිනිස්ලොව තුල පවති. සිහින දකින්න. දුවන්න වැටෙන්න හිනාවෙන්න අඬන්න. තමන්ගෙ ජිවිතෙ තමුන්ගෙ විදියට ජිවත් වෙන්න.

මම ලිව්ව කෙටිම පෝස්ට් එකද මන්දා.... :)
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
දවස ගෙවෙන අපූරුව...,
විරහව ද? විරවීම ද?
Saturday, November 20, 2010
[121] කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)
දවල් දවස හෙමි හෙමීට අහවර වෙද්දි මන්දාරමක් අහසින් එබිකම් කරන්න ගත්තෙ හිතපු නෑති වෙලාවක... ජනේලෙන් එලිය බලද්දි කලුවර වෙච්ච අහස පෙනුනෙ මාත් එක්ක නොරොක් වෙලා වගේ. අපලෙට පහන් පත්තු කරන්න පන්සල් යන්න ඉන්න ගමන ඇබෑද්දියකින් තොරව නිම කරන්න ලැබේවා කියල පතල අහක බලන්න කලියෙන් මෙන්න වෑහි බිඳු එක දෙක වැටෙන්න ගත්තා... මහා හයියෙන් ..
කඩිමුඩියෙ ඈඳ පෑලඳගෙන අපි පන්සලට යනකොට මෙන්න දෙගොඩ තලායන වතුර පිරිච්ච පන්සල! හිත ඇත්නම් පත කුඩාද ? අත් හැරියෙ නෑ.. පුරසඳයි මායි පුරසඳ අයියයි (හාහා පුරසඳ ගේ මහත්තයා හෙවත් මගේ මස්සිනා) තෙමි තෙමි පත්තු කරපු පහන් වැට තමයි මේ පහලින් තියෙන්නේ. :)
එතනින් එහා මේ වෑස්සෙ චිරි චිරි ගගා කුඩේ යටින් තෙමෙමින් මුවා වෙමින් ලා කරුවලේ ගෙදෙට්ට ගොඩ වෙන තුරු තිබ්බ හැතැම්ම බාගෙ අතරතුර මට කීපාරක් නම් හිතුනද, අනෙ මේ කුඩේ විසි කරල දාල කෑ ගගහ කෑරකි කෑරකි වැස්සෙ තෙමෙන්න...!
කුඩේ විසි කලොත් කුඩයක් කෝ..? ඇඳුම් තෙමේවි.. ඇඟට ඇලේවි.. රට්ටු හිනා වේවි... රට්ටු වැරදියට බලාවි..වයසෙ හැටියටද වැඩ? ඔහොමද හැසිරෙන්නෙ..? ගුරුවරියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඊය ජරා වතුර ... මොන ජරාවක් ඇද්ද? හෙම්බිරිස්සාව හැදේවි... ලෙඩ වේවි .. ඉස්කෝලෙ යන්න බැරි වේවි!
හප්පේ... කීයක් ජාති හිතන්නද ? ඔය ඔක්කොම එක පාර හිතෙද්දි මට ආයෙමත් පුරුදු ලෙසම කොලඹ හතේ ඉස්කෝලෙට හිත දුවගෙන ගියා...
වැස්ස වැටෙන එක තරම් අපෙ පොඩි උන්ට සන්තෝසයක් තවත් නෑ නෙව. කිව්වම විස්වාස කරන්න. අපෙ ස්කෝලෙ ඔච්චර කිරි සුදු කෙල්ලො ඉන්නව. එක කෙල්ලෙක් කුඩයක් පාවිච්චි කරන්නෙ නෑ. අව්වටවත් වැස්සටවත්.! විවේකයක් එනකල් මේ දඟකාර ඇස් ඇඟිලි ගනිනව. එලියෙ වැටෙන වැහි බිඳු දිහා බලාගෙන... ඔන්න එක නිමේශයයි.... මී මැහි පොදියම පිට්ටනියෙ.. එකෙක් දෙකෙක් පෝරිසාද ලමයි ටිකක් විතරක් නෙමෙයි. මුලු ඉස්කෝලෙම..!. කොටින්ම නිකම්ම නිකම් වැස්සක් නෙමෙයි.. වැහි සන්දර්ශනයක් වගේ. මුලු ඉස්කෝලෙම වැස්සෙ තෙමෙන්න එලියට බහිනව. හරියට ලෝකෙ දැකපු පලවෙනි වැස්ස වගේ. ආයෙ කවදාවත් වහින්නෙ නෑ වගේ... ලමයි හැමෝම එකිනෙකා බදාගෙන සන්තෝසය උතුරන ඇස් වලින් යටි ගිරියෙන් කෑගහමින් වෑස්සෙන වතුර බිඳු වල ආස්වාදය ලබනවා. මේව බොරු කියලද හිතන්නේ? මේ ලංකාවේ.. ඉස්කෝලෙක ඇත්ත කතාවක්... මට දුකයි පින්තූරයක් නැති එක ගැන... :(
තෙමෙන නිල ඇඳුම් ගැන, ඊලඟ පන්තියට තෙමිච්ච ඇඳුම් පිටින් යන එක ගැන, හෙම්බිරිස්සාව ගැන එක්කෙනෙකුටවත් වගක් නෑ. තෙමිච්ච ඇඳුම් පිටින් ඊලඟ පන්තියට යන ඒ ඇස් වල දකින නිර්ව්‍යාජ තෘප්තිය දකිද්දි , ලැබ් එක අස්සෙ කැරකෙන පුස් ගඳට බනින්න හිතෙන්නෙත් නෑ... :) මේ ලස්සන දසුන බලන හැම වැහි දවසකම මගෙ හිත කියන්නෙම, අනේ මේ පොත් මිටිය විසි කරල දාල මටත් ඒ මැද්දට පැනගෙන නටන්න තියනවනම් කොච්චර හොඳද කියලයි.
ඕශෝ වෙලාවක මෙහෙම කියනව. දරුවන්ට වැස්සෙ තෙමෙන්න ඉඩ දෙන්න! ඒ වැස්සෙ ආස්වාදය, තෙමුනම දැනෙන සැහැල්ලුව නිදහස ළමා මනසට අහිමි කරන්න එපා කියලා. හෙම්බිරිස්සාව හැදුනම මොකෝ.... හැදුනොත් බේත් බොනවනෙ... :)
සුදු ගවුමෙ රැලි අතින් පිරිමැදල පුටුවෙ වාඩි වෙච්ච අතීතය මට මතක් උනා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෙ දූවිලි ගොඩක වාඩිවෙන මේ දඟයො දකිද්දි මට හිත කීවෙ අපි ඔය 'Neatness' හොයන්න ගිහින් කොතරම් ලස්සන අත්දැකීම් ගොඩක් අහිමි කරගෙනද කියල. හිත හඬා වැටෙනව දැන් නම් , ගෙවිල ගිය කමකට නැති , වැඩි පරිස්සම් ලමා කාලය ගැන. !
ඕශෝ.... මෙන්න මෙහෙට එන්න. ... අතීතෙට අපිව අරන් යන්න... වැහි දවසට , එකෙකුට ඉඩ දෙන්න එපා කුඩයක් ගේන්න ! :-)

ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා,
දවස ගෙවෙන අපූරුව...
Friday, November 12, 2010
[120] ඉස්කෝලෙන් ආව ඈත්ත කතා දෙකක් !
එදා හරිම ලස්සන දවසක්.දහය වසරෙ දෙමාපියන් අපිව හමුවෙන්න ආව දවස ගැනයි මේ... මගෙ පන්තියෙ ලමයි හය දෙනයි. ඉතින් දීල තියන කාල වෙලාවක් අනුව ඒ අතර පරතරය වෑඩියි. විවේකය වැඩියි. දෙමාපිය දෙපලවල් හය කඩින් කඩ එන යන අතරතුර මම එලි පහලියේ කොරිඩෝවට වෙලා සගයන් එක්ක පොඩි කතා බහක යෙදුනෙ ඒ නිසා. ඒ වෙලාව එලි පහලියෙ රැඳුන එක කොයි තරම් හොඳ ද කියා මට හිතුනෙ, ඒ අහඹු හමුවීම් දෙකම නැතිනම් මට මගෑරෙන නිසා. වාසනාවට එහෙම උනේ නෑ.
ඈ මෙන්න මගෙ 9 පන්තියෙත් ! ගිය අවුරුද්දෙ. මෙන්න අලුත් සෙල්ලමක් ඒ පාර. ඈ පෙම්වතියක් වෙලා. පෙම්වතාත් මගෙ පන්තියෙමයි. අපෙ ඉස්කෝලෙ ආදරය කියන මාතෘකාව අදාල හෝ අනදාල එහෙමත් නෑත්නම් අනුමත හෝ තහනම් මාතෘකා නෙමෙයිනෙ..මතකනෙ මගෙ රෝස මල් දවසක් ලිපිය. ඉතින් ඒ තත්වෙ මත මම හිත කරදර කරගත් එකම දේ මේ කෙල්ල තව තවත් පිරිහේවිද කොල්ලා නිසා වත් ඉගෙන ගනීවිද කියන එක විතරයි.ඉතින් මම බලන් උන්නා. තත්වෙ නරක් උනා මිසක් දියුණු උනේ නෑ. කෙල්ල එන්න එන්නම වෑඩ අත් හෑරියා. කොල්ලා කට්ටයා. කොල්ලා කටකාරයා.. දඟයා. ඒ වගෙම වැඩත් කරන දස්සයා.. ! ඔන්න ඉතින් පලමු දෙමාපිය හමුව ආවා. දැන් කෙල්ල ගැන අම්මලත් කණස්සල්ලෙන්. මේ ලව් පලහිලවුව නිසා උන්න තැනවත් ඈ රැක නොගනීවි කියන බය. දෙමාපියන් ඈ ඉදිරියෙම මට මේ ගෑන කිව්වෙ හිත් වේදනාවෙන්. ඉතින් මම කිව්වෙ,
" මට කියන්න බෑ ඔයාට ඔය දේ කරන්නවත් නවත්තන්නවත් කියලා. ඒත් මම දුක් වෙන එකම දේ හෙමීට හොඳට හදා ගනන් පුලුවන් හොඳ මොලයක් තියන ඔයා මේ ජීවිත දෙක බැලන්ස් නොකරන එකයි. ඒක හදා ගන්න. එතකොට ඔයා හොඳ ආදර්ශයක් වෙනවා අනිත් අයටත්.ඔය වයසෙ සිතුම් පැතුම් මට තේරුම් ගන්න බැරි නෑ. ඒවට මම විරුද්දත් නෑ. ඒත් ඒවත් එක්කම අනිත් දේවල් ජීවිතේ ඉතාම වැදගත් බව හිතන්න "
කාලය ගත උනා. කෙල්ල ටිකෙන් ටිකෙ කොල්ලගෙ ඇඟේ එල්ලෙන එක අඩු උනා. පොත පත අතගාන්න, ටිකක් මාත් එක්ක කතා බහ කරන්න , දන්නෙ නැති දේවල් අහගන්න පටන් ගත්තා. ඈ දැන් පීල්ලට වැටී ඇති සෙයක් පෙනුනා. බලන් ඉද්දි ඈ වෙනස් උනා. ගොඩාක් සංවර විනීත ලමෙක් උනා. මාත් එක්ක හරිම ආදරෙන් ගනුදෙනු කරන කෙනෙක් උනා. ඉතින් අවසාන වාර විබාගෙ ඈ ඉතාම හොඳ ලකුණුත් සමග සමත් වී තිබුනා. ඉතින් මම ඇගේ අවසාන වාර රිපෝට් පතේ මගේ විෂය ගැන පෞද්ගලික සටහන ඒ පාර ලිව්වෙ හරිම සතුටෙන් . දෙමාපියන් හමුවෙදිත් මම ඒ ගැන උදම් ඇනුවා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා.
ඊලඟ වසරත් ආවා. ඈ මගෙ පන්තියෙ නෙමෙයි. ඒත් එදා වෙනත් ගුරුවරියක් හමුවෙලා පිට වෙලා යන ඈගේ දෙමාපියන් මා ගාව නැවතුනා.
"මිස් අපිව මතකද ? ... ___ ගෙ පේරන්ට්ස්ලා. "
'ඔව් ඔව් මට මතකයි. දෑන් කොහොමද එයාගෙ වැඩ? හොඳයි නේද දැන් ?"
"ඔව් මිස්. දැන් එයා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට සම්පූර්ණ ගරුත්වය ලැබෙන්න ඕනෙ මිස්ට..එදා මිස් කිව්ව දේවලින් එයා හැදුනා .... දැන් එයා ගොඩාක් හොඳයි.. හැම ගුරුවරයෙක්ම එයාගෙ හොඳ කිව්වා. ඒ මිස් නිසා. මිස් එදා කිව්ව දේවල් නිසා. ගොඩාක් ස්තූතියි"
මම බිරන්තට්ටු වුනා. එච්චර වෙනසක් උනාද. ? මගෙ හිත අනෙ මන්දා ආඩම්බරයකින් වගෙ සිතුවිල්ලකින් ඉපිලෙන්න ගත්තා.
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
පන්තියෙ එක විදියකට ඉන්නෙම නෑ. එන්නෙ වෙලා ගිහින්. පොඩ්ඩක් හරි සැර උනොත් ආයෙමත් අනිත් පැත්තට අපිට සැර වෙනවා. කොටින්ම පන්තිම යුද්ද පිටියක් වගේ. මේ කොලුව මටත් හරිම හිසරදයක් වෙලා උන්නේ. පලවෙනි දෙමාපිය හමුවත් යුද්දයක් වගෙ උනා.කොල්ල මට කතා කරන්න දෙන්නෙ නෑ. අම්මලට කතා කරන්න දෙන්නෙත් නෑ. එන්නෙම වලියට. අන්තිමට මටත් රවලම කට වස්සන්න උනා. කොටින්ම එදා පෑය කාලක් වගෙ වෙලාවක් අල්ලගෙන බණ කිව්වා. ඒත් වැඩක් උනෙ නෑ. කාලය ගෙවුනා . දඟකාරකම අඩු උනේ නෑ. වාරයත් ගෙවුනා. 8 වසර අහවර වෙද්දි කොල්ලයි මායි අන්තිමේට නයි වෛරයි. මම කියන කිසිම දෙයක් කොල්ල අහන්නෙ නෑ. අන්තිම දෙමාපිය හමුවත් ආවා. එදා නම් මම දුන්නා තෙල් බේත. බොහොම ආදරෙන් කරුණාවෙන් මම කිව්වෙ එක දෙයයි.
"ඔයා හරිම ජනප්‍රිය කෙනෙක්.ඔයා දඟ වෑඩක් කරද්දි වටේ ඉන්න ඔයාගෙ යාලුවො ඔයාව විහිලුවක් කරල ඔයාගෙ මෝඩ වෑඩ වලට හුරේ දානව. ඔයාත් දඟලනවා. ටීචර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. යාලුවො ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා විවේක වෙලාවට නටවන්න... ඔයා නැටවෙනවා. ඔයාගෙ වටිනාකම ඔයාම පල්ලෙහාට දා ගන්නවා. හොඳ මොලයක් තියෙද්දි ඒක නාස්ති කරනවා. ඔයා ස්පෝට්ස් වලින් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඔයාට ආඩම්බර වෙන්න ආස නැද්ද කවද හරි අන්න මේ කොල්ල ඕල්රවුන්ඩර් කෙනෙක්.ඉගෙනත් ගත්තා. හොඳට එක්ස්ට්‍රා වැඩත් කලා" කියලා? ඒ නිසා අනුන්ට විහිලු සපයන්න එපා.ඒ ගොල්ලො ඔයාගෙන් විහිලු අරගෙන හිනා වෙලා ලස්සනට පන්තියෙ ඔක්කොම වෑඩ ටික කර ගන්නවා. ඔයා ? අනිත් අයට උවමනාවට නටනවා. ගුරුවරුන්ගෙන් ප්‍රශංසාවක් අහන තැනට එන්න.යාලුවන් ගෙන් ප්‍රශංසාවක් අහන්න නෙමෙයි ඕනේ. "
ඉතින් කොල්ලයි කොල්ලගෙ අම්මයි තාත්තයි ඔක්කොම සාවධානව අහන් උන්නා. කාලය ගෙවුනා. කොල්ලත් 9 වසරෙ මගෙ පන්තියේ. මට පලවෙනි දවසෙ හිතුනෙ ඉර අනිත් පැත්තෙන් පායනවවත්ද කියල!වෙච්චි වෙනස කොයි වගෙද දන්නවද ? අදහන්නත් බෑ.. කොල්ලා මගෙ පන්තියේ හොඳම දක්ශම ලමෙක් වෙලා 9 වසරෙන් එලියට ගියා. බාස්කට්බෝලුත් ගැහුවා(අදටත් ගහනවා)..පන්තියෙ හැම වැඩේම අපූරුවට කලා. නොකරන අයවත් වැඩ කරන්න පොලඹන්න තරම් ආදරනීය යහපත් ආදර්ශයක් උනා. කොටින්ම තමුන් මැණිකක් කියලා පෙන්නුවා. මම දිගින් දිගටම කිව්වෙ එක දෙයයි එයාට.
"මම ඔයාව ගොඩක් විස්වාස කරනවා. ඔයා ආයෙත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ විස්වාසෙ තියන්න. ඒ සතුට හෑමෝටම දෙන්න "
ඉතින් ගුරුවරුන්ට ආදරේ , හැම විභාගෙන්ම 80ටත් වඩා ලකුණු ගන්න, හොඳම ලමෙක් වෙලා, මගෙ ප්‍රියතම චරිතයක් වෙලා, ඒ අවුරුද්දම හරිම ආස්වාදනීය පන්තියක මතක මට දීල, මේ කොලුවා ඈතුලු දරුවො ටික 10වසරට ගියා.
9 වසරෙ අන්තිම දෙමාපිය හමුවෙදි මම ඒ දෙමාපියන්ට කීවෙ එකම දෙයයි.
"මට දෑන් මෙයා ගෑන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයා විහින්ම තේරුම් ගත්තා තමුන් කොච්චර වටින කෙනෙක්ද කියන එක. ඒකට සහයෝගය දීපු ඔයාලටයි මේ දරුවටයි මම ස්තූති කරනවා. දෑන් එයා ආයෙ කවදාවත් තමුන්ගෙ චරිතෙ නරකට ඈද ගන්නෙ නෑ. ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නෑ. මම මේ දරුව ගැන ආඩම්බර වෙනවා"
ඒ දෙමාපියො ගියේ මොන තරම් සතුටකින්ද කියලා මට අදත් මතකයි. ඒ දඟකාර කොලුවගේ ඈස් වල කඳුලු පිරිල තිබුනා එදා පිටවෙලා යද්දි.... මමත් ඈත්තටම හෑඟුම්බර උනා. ඒ දෙමාපියන් එදා මුව නොසෑහෙන්න ස්තූති කලා.
එදා...10 වසරට උගන්නන ගුරුවරිය හමුවෙලා යද්දි ඒ දෙමාපියන් මා ගාවත් නැවතුනා.
"අහ් _____ ගෙ අම්මයි තාත්තයි නේද?" මම ඇහුවා
"ඔව් මිස්. අපි මේ මිස් ඉන්නවද බලන්නයි ආවෙ. මිස් නිසයි එයා හොඳ ලමෙක් උනේ. දෑනුත් ටිකක් දඟයි . ඒත් එයා දැන් හරිම හොඳයි "
ඔවුන් කිව්වෙ ඇත්තටම හැඟීමකින්.
"මම කල දෙයක් නෑ ඈත්තටම. එයා තමයි එයාගෙ වටිනාකම තේරුම් ගත්තේ. එයා ආයෙ වෙනස් වෙන්නෙ නෑ.කාටවත් එයාව නරක් කරන්න බෑ.බය වෙන්න එපා.. මොන පන්තියට ගියත් මම එයා දිහා බලන් ඉන්නවා. "
"ගොඩක් ස්තූතියි මිස්.මිස් තමයි ඒ වෙනස එයාට කලේ. "
ඔවුන් තවත් මොහොතක් නැවතී එහෙම කිව්වේ හරිම සංවේදී විදියට....
"මටත් එයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ හරිම සතුටක්."
මගෙ හදවත ආයෙමත් පිනුම් ගහන්න ගත්තා වගේ හිතුනා.
ඔවුන් මගෙන් සමුගෙන ගියේ මගෙ හිතට එකම එක සිතුවිල්ලක් ඉතුරු කරමින්.
ඔය පොත් පිටු එක එක ලපටි දඟකාර මොල වලට අසීරුවෙන් ඔබ්බවන්න කලියෙන්, උන්ට කෑකොස්සන් දෙන්න කලියෙන්, හදවතින්ම එන සංවේදී එක වචනෙකින්, අම්මෙකුගෙ තාත්තෙකුගෙ කණස්සල්ලක් දුරලන්න, දරුවෙකුගෙ සම්පූර්ණ අනාගතයක් උඩු යටිකුරු කරවන්න සමත් බලවේගයක් මේ ලෝකෙ ඉන්නවනම් , ඒ ගුරුවරයෙක් විතරමයි...
නයා පාරක් නම් තමයි. ඒත් මදහත් සිතින් බලලා ගත යුත්තක් ගන්න කියන අදහසිනුයි මේක ලිවුවේ. මම ගැන කියන්න නෙමෙයි හොඳේ... :)
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
(.........1.........)
ඈ එදත් අදත් හරිම සන්කර කෙල්ලක්. මීට අවුරුදු 2 කට උඩදි වෙනත් සංකර පාසලකින් මගෙ 8 වසර පන්තියට ආව ලස්සන කලු කෙල්ලෙක්. ඈ එනකොට හරිම අහිංසකයි. හොඳයි. ඒත් ආ දා හිටම වැඩට නම් ටිකක් දුර්වලයි. ලකුණු 10,20 වගෙ තමයි ගත්තෙ. මාත් ඉවසිල්ලෙන් බලන් උන්නෙ ඈ පාසලට හැඩ ගැහෙන තුරු.ඈ හරිම අවධානෙන් පාඩම අහන් උන්න දැරිවියක්. ඒ නිසා මගෙ හිත හැමදාම කිව්වෙ මට මේ ලමයව හදා ගත හැකියි.උගන්න ගත හැකියි. මොකද හැසිරීම හොඳ නිසා. ඒත් අවුරුද්ද අහවර වෙනතුරුම ඒක හැදුනෙ නෑ. ඒ මදිවට හෙමි හෙමීට මාත් එක්ක උරණ මූඩ් එකකුත් ඈගෙන් ඈඟවෙන්න ගත්ත. මගෙ අනතුරු ඇඟවීම් සම්බන්ධව ඇගේ සතුටක් නෑ වගෙ මටත් තේරුනා.ඒක අපෙ ඉස්කෝලයෙ ලමයින්ගෙ හැටිනෙ. එයාල එයාලගෙ අභිමානය ගැන හරියට හිතන අය. ඉතින් මම බලන් උන්නා. 8වසර අවසාන දෙමාපිය හමුවෙදිත් ඉතින් ඈගේ දෙමාපියන්ට මගෙන් අහගන්න උනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. මගෙ සිරිත කොහොමත් ඔය හැම අඩුපාඩුවක්ම දෙමාපියන්ගෙ හිත රිදුනත් නැතත් කෙලින්ම කියන එක.ඔන්න ඉතින් ඒ අවුරුද්ද ගෙවුනා. ඈ මෙන්න මගෙ 9 පන්තියෙත් ! ගිය අවුරුද්දෙ. මෙන්න අලුත් සෙල්ලමක් ඒ පාර. ඈ පෙම්වතියක් වෙලා. පෙම්වතාත් මගෙ පන්තියෙමයි. අපෙ ඉස්කෝලෙ ආදරය කියන මාතෘකාව අදාල හෝ අනදාල එහෙමත් නෑත්නම් අනුමත හෝ තහනම් මාතෘකා නෙමෙයිනෙ..මතකනෙ මගෙ රෝස මල් දවසක් ලිපිය. ඉතින් ඒ තත්වෙ මත මම හිත කරදර කරගත් එකම දේ මේ කෙල්ල තව තවත් පිරිහේවිද කොල්ලා නිසා වත් ඉගෙන ගනීවිද කියන එක විතරයි.ඉතින් මම බලන් උන්නා. තත්වෙ නරක් උනා මිසක් දියුණු උනේ නෑ. කෙල්ල එන්න එන්නම වෑඩ අත් හෑරියා. කොල්ලා කට්ටයා. කොල්ලා කටකාරයා.. දඟයා. ඒ වගෙම වැඩත් කරන දස්සයා.. ! ඔන්න ඉතින් පලමු දෙමාපිය හමුව ආවා. දැන් කෙල්ල ගැන අම්මලත් කණස්සල්ලෙන්. මේ ලව් පලහිලවුව නිසා උන්න තැනවත් ඈ රැක නොගනීවි කියන බය. දෙමාපියන් ඈ ඉදිරියෙම මට මේ ගෑන කිව්වෙ හිත් වේදනාවෙන්. ඉතින් මම කිව්වෙ,
" මට කියන්න බෑ ඔයාට ඔය දේ කරන්නවත් නවත්තන්නවත් කියලා. ඒත් මම දුක් වෙන එකම දේ හෙමීට හොඳට හදා ගනන් පුලුවන් හොඳ මොලයක් තියන ඔයා මේ ජීවිත දෙක බැලන්ස් නොකරන එකයි. ඒක හදා ගන්න. එතකොට ඔයා හොඳ ආදර්ශයක් වෙනවා අනිත් අයටත්.ඔය වයසෙ සිතුම් පැතුම් මට තේරුම් ගන්න බැරි නෑ. ඒවට මම විරුද්දත් නෑ. ඒත් ඒවත් එක්කම අනිත් දේවල් ජීවිතේ ඉතාම වැදගත් බව හිතන්න "
කාලය ගත උනා. කෙල්ල ටිකෙන් ටිකෙ කොල්ලගෙ ඇඟේ එල්ලෙන එක අඩු උනා. පොත පත අතගාන්න, ටිකක් මාත් එක්ක කතා බහ කරන්න , දන්නෙ නැති දේවල් අහගන්න පටන් ගත්තා. ඈ දැන් පීල්ලට වැටී ඇති සෙයක් පෙනුනා. බලන් ඉද්දි ඈ වෙනස් උනා. ගොඩාක් සංවර විනීත ලමෙක් උනා. මාත් එක්ක හරිම ආදරෙන් ගනුදෙනු කරන කෙනෙක් උනා. ඉතින් අවසාන වාර විබාගෙ ඈ ඉතාම හොඳ ලකුණුත් සමග සමත් වී තිබුනා. ඉතින් මම ඇගේ අවසාන වාර රිපෝට් පතේ මගේ විෂය ගැන පෞද්ගලික සටහන ඒ පාර ලිව්වෙ හරිම සතුටෙන් . දෙමාපියන් හමුවෙදිත් මම ඒ ගැන උදම් ඇනුවා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා.
ඊලඟ වසරත් ආවා. ඈ මගෙ පන්තියෙ නෙමෙයි. ඒත් එදා වෙනත් ගුරුවරියක් හමුවෙලා පිට වෙලා යන ඈගේ දෙමාපියන් මා ගාව නැවතුනා.
"මිස් අපිව මතකද ? ... ___ ගෙ පේරන්ට්ස්ලා. "
'ඔව් ඔව් මට මතකයි. දෑන් කොහොමද එයාගෙ වැඩ? හොඳයි නේද දැන් ?"
"ඔව් මිස්. දැන් එයා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට සම්පූර්ණ ගරුත්වය ලැබෙන්න ඕනෙ මිස්ට..එදා මිස් කිව්ව දේවලින් එයා හැදුනා .... දැන් එයා ගොඩාක් හොඳයි.. හැම ගුරුවරයෙක්ම එයාගෙ හොඳ කිව්වා. ඒ මිස් නිසා. මිස් එදා කිව්ව දේවල් නිසා. ගොඩාක් ස්තූතියි"
මම බිරන්තට්ටු වුනා. එච්චර වෙනසක් උනාද. ? මගෙ හිත අනෙ මන්දා ආඩම්බරයකින් වගෙ සිතුවිල්ලකින් ඉපිලෙන්න ගත්තා.
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
(........2........)
ඔය කිව්ව පන්තියෙම හිටිය අන්ත දඟ කොලුවෙක්. කොල්ල දඟයා විතරක් නෙමෙයි මැරයා. බාස්කට් බෝල් කණ්ඩායමේ ඉන්න හොඳ ස්පෝටි ඒ වගේම නාහෙට අහන්නෙ නැති , ඒ වගෙම මුලු ඉස්කෝලෙම ජනප්‍රිය දඟයෙක්. හැමෝම එයාට ආදරෙයි. එයාගෙන් වද විඳින කරදර විඳින ටීචර්ස්ලා ඈරෙන්න !පන්තියෙ එක විදියකට ඉන්නෙම නෑ. එන්නෙ වෙලා ගිහින්. පොඩ්ඩක් හරි සැර උනොත් ආයෙමත් අනිත් පැත්තට අපිට සැර වෙනවා. කොටින්ම පන්තිම යුද්ද පිටියක් වගේ. මේ කොලුව මටත් හරිම හිසරදයක් වෙලා උන්නේ. පලවෙනි දෙමාපිය හමුවත් යුද්දයක් වගෙ උනා.කොල්ල මට කතා කරන්න දෙන්නෙ නෑ. අම්මලට කතා කරන්න දෙන්නෙත් නෑ. එන්නෙම වලියට. අන්තිමට මටත් රවලම කට වස්සන්න උනා. කොටින්ම එදා පෑය කාලක් වගෙ වෙලාවක් අල්ලගෙන බණ කිව්වා. ඒත් වැඩක් උනෙ නෑ. කාලය ගෙවුනා . දඟකාරකම අඩු උනේ නෑ. වාරයත් ගෙවුනා. 8 වසර අහවර වෙද්දි කොල්ලයි මායි අන්තිමේට නයි වෛරයි. මම කියන කිසිම දෙයක් කොල්ල අහන්නෙ නෑ. අන්තිම දෙමාපිය හමුවත් ආවා. එදා නම් මම දුන්නා තෙල් බේත. බොහොම ආදරෙන් කරුණාවෙන් මම කිව්වෙ එක දෙයයි.
"ඔයා හරිම ජනප්‍රිය කෙනෙක්.ඔයා දඟ වෑඩක් කරද්දි වටේ ඉන්න ඔයාගෙ යාලුවො ඔයාව විහිලුවක් කරල ඔයාගෙ මෝඩ වෑඩ වලට හුරේ දානව. ඔයාත් දඟලනවා. ටීචර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. යාලුවො ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා විවේක වෙලාවට නටවන්න... ඔයා නැටවෙනවා. ඔයාගෙ වටිනාකම ඔයාම පල්ලෙහාට දා ගන්නවා. හොඳ මොලයක් තියෙද්දි ඒක නාස්ති කරනවා. ඔයා ස්පෝට්ස් වලින් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඔයාට ආඩම්බර වෙන්න ආස නැද්ද කවද හරි අන්න මේ කොල්ල ඕල්රවුන්ඩර් කෙනෙක්.ඉගෙනත් ගත්තා. හොඳට එක්ස්ට්‍රා වැඩත් කලා" කියලා? ඒ නිසා අනුන්ට විහිලු සපයන්න එපා.ඒ ගොල්ලො ඔයාගෙන් විහිලු අරගෙන හිනා වෙලා ලස්සනට පන්තියෙ ඔක්කොම වෑඩ ටික කර ගන්නවා. ඔයා ? අනිත් අයට උවමනාවට නටනවා. ගුරුවරුන්ගෙන් ප්‍රශංසාවක් අහන තැනට එන්න.යාලුවන් ගෙන් ප්‍රශංසාවක් අහන්න නෙමෙයි ඕනේ. "
ඉතින් කොල්ලයි කොල්ලගෙ අම්මයි තාත්තයි ඔක්කොම සාවධානව අහන් උන්නා. කාලය ගෙවුනා. කොල්ලත් 9 වසරෙ මගෙ පන්තියේ. මට පලවෙනි දවසෙ හිතුනෙ ඉර අනිත් පැත්තෙන් පායනවවත්ද කියල!වෙච්චි වෙනස කොයි වගෙද දන්නවද ? අදහන්නත් බෑ.. කොල්ලා මගෙ පන්තියේ හොඳම දක්ශම ලමෙක් වෙලා 9 වසරෙන් එලියට ගියා. බාස්කට්බෝලුත් ගැහුවා(අදටත් ගහනවා)..පන්තියෙ හැම වැඩේම අපූරුවට කලා. නොකරන අයවත් වැඩ කරන්න පොලඹන්න තරම් ආදරනීය යහපත් ආදර්ශයක් උනා. කොටින්ම තමුන් මැණිකක් කියලා පෙන්නුවා. මම දිගින් දිගටම කිව්වෙ එක දෙයයි එයාට.
"මම ඔයාව ගොඩක් විස්වාස කරනවා. ඔයා ආයෙත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ විස්වාසෙ තියන්න. ඒ සතුට හෑමෝටම දෙන්න "
ඉතින් ගුරුවරුන්ට ආදරේ , හැම විභාගෙන්ම 80ටත් වඩා ලකුණු ගන්න, හොඳම ලමෙක් වෙලා, මගෙ ප්‍රියතම චරිතයක් වෙලා, ඒ අවුරුද්දම හරිම ආස්වාදනීය පන්තියක මතක මට දීල, මේ කොලුවා ඈතුලු දරුවො ටික 10වසරට ගියා.
9 වසරෙ අන්තිම දෙමාපිය හමුවෙදි මම ඒ දෙමාපියන්ට කීවෙ එකම දෙයයි.
"මට දෑන් මෙයා ගෑන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයා විහින්ම තේරුම් ගත්තා තමුන් කොච්චර වටින කෙනෙක්ද කියන එක. ඒකට සහයෝගය දීපු ඔයාලටයි මේ දරුවටයි මම ස්තූති කරනවා. දෑන් එයා ආයෙ කවදාවත් තමුන්ගෙ චරිතෙ නරකට ඈද ගන්නෙ නෑ. ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නෑ. මම මේ දරුව ගැන ආඩම්බර වෙනවා"
ඒ දෙමාපියො ගියේ මොන තරම් සතුටකින්ද කියලා මට අදත් මතකයි. ඒ දඟකාර කොලුවගේ ඈස් වල කඳුලු පිරිල තිබුනා එදා පිටවෙලා යද්දි.... මමත් ඈත්තටම හෑඟුම්බර උනා. ඒ දෙමාපියන් එදා මුව නොසෑහෙන්න ස්තූති කලා.
එදා...10 වසරට උගන්නන ගුරුවරිය හමුවෙලා යද්දි ඒ දෙමාපියන් මා ගාවත් නැවතුනා.
"අහ් _____ ගෙ අම්මයි තාත්තයි නේද?" මම ඇහුවා
"ඔව් මිස්. අපි මේ මිස් ඉන්නවද බලන්නයි ආවෙ. මිස් නිසයි එයා හොඳ ලමෙක් උනේ. දෑනුත් ටිකක් දඟයි . ඒත් එයා දැන් හරිම හොඳයි "
ඔවුන් කිව්වෙ ඇත්තටම හැඟීමකින්.
"මම කල දෙයක් නෑ ඈත්තටම. එයා තමයි එයාගෙ වටිනාකම තේරුම් ගත්තේ. එයා ආයෙ වෙනස් වෙන්නෙ නෑ.කාටවත් එයාව නරක් කරන්න බෑ.බය වෙන්න එපා.. මොන පන්තියට ගියත් මම එයා දිහා බලන් ඉන්නවා. "
"ගොඩක් ස්තූතියි මිස්.මිස් තමයි ඒ වෙනස එයාට කලේ. "
ඔවුන් තවත් මොහොතක් නැවතී එහෙම කිව්වේ හරිම සංවේදී විදියට....
"මටත් එයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ හරිම සතුටක්."
මගෙ හදවත ආයෙමත් පිනුම් ගහන්න ගත්තා වගේ හිතුනා.
ඔවුන් මගෙන් සමුගෙන ගියේ මගෙ හිතට එකම එක සිතුවිල්ලක් ඉතුරු කරමින්.
~~()~~
ඔය පොත් පිටු එක එක ලපටි දඟකාර මොල වලට අසීරුවෙන් ඔබ්බවන්න කලියෙන්, උන්ට කෑකොස්සන් දෙන්න කලියෙන්, හදවතින්ම එන සංවේදී එක වචනෙකින්, අම්මෙකුගෙ තාත්තෙකුගෙ කණස්සල්ලක් දුරලන්න, දරුවෙකුගෙ සම්පූර්ණ අනාගතයක් උඩු යටිකුරු කරවන්න සමත් බලවේගයක් මේ ලෝකෙ ඉන්නවනම් , ඒ ගුරුවරයෙක් විතරමයි...
~~()~~
නයා පාරක් නම් තමයි. ඒත් මදහත් සිතින් බලලා ගත යුත්තක් ගන්න කියන අදහසිනුයි මේක ලිවුවේ. මම ගැන කියන්න නෙමෙයි හොඳේ... :)
දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!
මේ ගැනයි මේ ලිපිය..
ඉස්කෝලේ,
ජීවිතේ ගැන කියපු කතා,
දවස ගෙවෙන අපූරුව...
[119] මලක් ගැන පොඩි කතාවක්!
හිස් බොල් පොලව මත
ගෙන්දගම් සැර,
සුවඳක්මැයි කියන...
එහිම වැතිර ඉඳින...
ඒ පොලොවම
සිඹින,
දාහකුත් එකක් මල් මැද...
එහි වැතිර මුත්,
හිරු කිරණ
දිලෙන
වැගිරෙන,
අහස් කුස දෙස
අසීරුවෙන් මුත්
එබෙන..
වැඩියෙ නැති මුත්,
එක් මලක් හෝ
ඇත දෙරණ.....
කවිය පිටුපස කතාවක්:
ඈ ජීවිතයේ බොහෝ සුව පහස් අඩවියකින් කටුක අමිහිරි අතීතයකට ඈද දමනු ලෑබුවේ දෛවය හෝ අවාසනාව විසින් විය හෑකිය. ඒත් ඒ වෑටුන තෑනින්ම නෑගිට අද හෑමටත් වඩා හොඳ ජීවන දෑක්මකින් මිනිසුන් දෙස බලන , ලෝකය තනන්නට පෙර තම සිත තෑනූ දුර්ලභ චරිතයක් ඈ. ඈ අද මගේත් මාර්ගෝපදේශිකාවක් කීවොත් නිවෑරදියි. මේ ඈ ගෑනයි. ඔබ සෑබවින්ම ජීවිතය දිනූ කෙනෙක් සහෝදරී. :) හරියට මේ පොලොව දිහාට හෑරිල කුසීතව ඉන්න සේපාලිකා මල් අතරෙ අහස දිහාට හෑරිල තම ගුණ සුවඳ පෙන්වන සේපාලිකා මල වගේ....

Picture Courtesy : Pethum Weerasinghe (http://www.flickr.com/photos/30774322@N00/4684044794)
ස්තූතිය: තම ප්‍රාණ සමාන වටිනා ඡායාරූපයක් නිර්ලෝභීව කවිය සඳහා යොදා ගෑනීමට අවසර දුන් පෑතුම් වීරසිංහ මල්ලිට... (http://www.flickr.com/photos/30774322@N00/4684044794)
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය,
ජීවිතේ ගැන කියපු කතා
Monday, November 01, 2010
[118] ආදර පන්තිය සහ ගුරුතුමිය
බලන් ඉන්න...
ප්‍රශ්න අහන්න....
කියන්න ඉඩ දෙන්නම්..
අහන්නම්...
අකීකරු නොවී ඉන්නම්
දන්න ඔක්කොමම
කියලත් දීලා....
හිතේ බරක් නෑතිව
උන්නු ඔය හිතට
ආදර පාඩම පටන් ගන්නම්...
ඔහේ පාවුන
ඔය කඳුලු ටික විතරක්
නොයිඳුල් සුස්ම ටික විතරක්
මම ගන්නම්...
හිත කියන කලු ලෑල්ලට
රිදෙනකම් පාඩම් කිය කිය
හිස් පුටු මේස වලට
උගන්නන්නම් ආදරේ අරුම
පන්තිය ඉවර උනහම
අරන් යන්නම් කඳුලු ටික
ගිහින් අමුණන්නම්
ආදර මුතු ඈටයක්
අතීතෙට...
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Tuesday, October 19, 2010
[117] ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය..!
ලංකාව ඈතුලෙ ඉන්ගිරිසියට තියන බිය නිසා මේ කොම්පියුටරේ තවම අමුතු යකෙක් වෙලා. ඒ බිය මේ වගේ සිංහල සපෝට් කරන මාධ්‍යය නිසා හෙමි හෙමින් අඩු වෙනවා. සින්ගිරිසි, සින්හල බ්ලොග්, සින්හල වෙබ් සයිට්, සින්හල බස්, සින්හල චෑට් මේ වගේ ප්‍රවණතාවන් තව තව අපි ඉස්සරහට ගන්න ඕනේ.... මේක ඉන්ගිරිසියට බියේ කොම්පියුටරයට ටටා කියපු යුගයෙන් මිදුනු වේගව්ත් සංස්කෘතියක්. හරිම සතුටු හිතෙන දෙයක්..
මේ වගේ අපේ භාශාවෙන් දේවල් ඉස්සරහට එනකොට (ඉස්සර අපේදේකට තිබ්බෙ විජේසේකර කීබෝඩ් එකයි ෆොන්ට් ටිකයි විතරනෙ) ඔය ඉන්ගිරිසි භාෂාවෙ තියන ඒකාධිකාරය නෑත්තටම නෑති වෙලා යනව. ජපානෙ වගෙ. සිංහලෙන් හෑම දේම සන්නිවේදනය කරන්න අපි හුරු වෙයි ඉක්මනට.
කොටින්ම උදාහරණයක් කියන්නම්. රාජකාරි හෝ නොවෙන මොකක් හෝ ලිපියක් ඉන්ගිරිසියෙන් ඔලුවෙ වෙහෙසලා කෘතිමව ටයිප් කරනවට වඩා දන්න හොඳ සිංහලෙන් ලියන්න අපිට පහසුකම්වල අඩුවක් තිබ්බා. ෆොන්ට් නෑ. කීස් දන්නෙ නෑ. ඒව මතක නෑ.ඉතින් අපි තියන බැරි ඉන්ගිරිසිය එක්ක හරඹ කලා.ඒත් දැන් ? උවමනා තරම් ඔප්ෂන්ස්!!
වෑඩි උදාහරණ ඕනෙ නෑ. මම සිංහල වලින් මුකුත්ම නොලියා අවුරුදු 10 උන්නා. හේතුව පල කරන්න තියන මාධ්‍යය එක්ක ටච් එකේ ඉන්න එක කරදරයි (උදා: පත්තර) ලියන දේ මිනිස්සු අතරට යන්න කල් යනවා. ටයිප් සෙට් කරනන් වෙලා යනවා. ෆොන්ට් නෑ. තියන ඒව ඉක්මනට ඉගෙන ගන්න බෑ. පල කරන්න තැන් නෑ. පල කලත් කියවන අය නෑ. ඔය වගේ හේතු. ඒත් 2010 ජනවාරියෙ අහම්බෙන් සිංහල බ්ලොග් ඇස ගැටුනම මට පස්වනක් ප්‍රීතියක් දැනුනෙ. මෙන්න හොඳම වෙලාව ! ආයෙත් ලියන එක මුවහත් කරන්න ! අවස්ථාව ආවා. පල කලා. කියවන සහෘදයින් පිරිසක් බ්ලොග් වටා ඉන්නවා.
දැන් දැනුම බෙදන්න ක්‍රම තියනවා. මූනු පොතේ, ඊමේල් , ගූගල් බස්, ට්විටරය ,ඒ හැම එකකටම අපි කොන්ද කෙලින් තියන් සිංහල අකුරු වලින් අපේ දේවල් හුවමාරු කරන්න පටන් අරන්! කිසි කෙනෙක් කිසිවකට ලැජ්ජ වෙන්නෙ නෑ මේ අකුරු ඉන්ගිරිසි තරම් හතරැස් නෑ කියල.
අන්ත පොෂ් යයි කියා ගත්ත ඉන්ටනැසනල් ඉස්කෝලෙ සිංහල බැරි බව මූනිච්චාවට සෝබනේට පෙන්නන, කට්ටිය ඉස්සරහ මම බය නැතුව සින්ගිරිසියෙන් මූනු පොතට , බස් එකට සිංහලෙන් ලියනව. ඔය කියන පොෂ් නෝනල මහත්තුරු ඔක්කොම හොරෙන් කියවන , එලිපිට 'අනේ අපෙ මැශින් එකේ සිංහල ෆොන්ට්ස් නෑ අනේ' කියල තොඳොල් වෙන අයව ගණන් නොගෙන මම සිංහලෙන් ලියනව. කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ. මට ඒක ආඩම්බරයක්. මම කොම්පියුටරය කියන්නෙ ඉන්ග්ලිශ් වලින් විතරක් වැඩ කරන්න මවපු එකක් කියල කියා ගන්න උදවියට සින්හලෙන් මේකෙ වැඩ කරන හැටි කියල දෙනව මම .
මම... පුලුවන් හැමවෙලාවෙම තාක්ෂණේ සිංහලෙන්ම යොදා ගෙන, අවශ්‍ය හෙවත් අත්‍යාවශ්‍ය මොහොතකට විතරක් ඉන්ගිරිසිය පාවිච්චි කරන , ඉන්ගිරිසිය අවශ්‍ය අවස්ථාවට කිසි සේත්ම සිංහල කවලම් නොකරන, ඒත් යාලු මිතුරන් ඉස්සරහ දෙකම කවලමේ හෝ එකකින් අමු අමුවේම උනත් නිදහසේ කතා කරන , අන්තිම අමුම අමු සිංහල කම පිටින් පෙනෙන්නට නොබේරෙන , ඒක හිතේ තියාගෙන එයින් උපරිම පල නෙලන, බටහිරම කරණය වෙච්ච ඉස්කෝලෙක රට්ටුන්ට ඕනෙ හැටියට නොව මට ඕනෙ හැටියට තාක්ෂණය පාවිච්චි කරන සංකර කෙල්ලෙක් වෙච්ච එක ගැන මම අද ආඩම්බර වෙනව.
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Saturday, October 16, 2010
[116] අඳුර විතරක්ම දුටු ඇස් දෙක...
කුට්ටි පිටින්
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...
අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !
ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...
අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !
ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන
ඔය සොඳුරු පාට
නොදුටුවට ..
එලියක් නොදුටු
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Thursday, October 14, 2010
[115] පාර අහගෙන යන්න... වරා මල ඇහිඳින්න....
ඔබ යන්න
කුණාටු සුළඟකට
ගසා ගෙන ආ
වරා මලත් ගෙන
ඔබ යන්න
ගොසින් යලි එන්න
මග බලන්නෑති
පහන් තරුවක්
මිහිමතට පහත් වූ සඳ
අඳුරු වූ අහස වෙත
ගොසින් දැන් දැවටෙන්න...
ඔබ එන්න
ලෑගුම් හල් නෑති
කොනක් නෑති
ඉමක් නෑති
අඳුර මත
නොමසොයා ඒ
පහන් තරුව
ඈවිත් මෙහි
නෑවතෙන්න
ඔබ යන්න
හිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->