ආදරේ ඉවරයි = ජීවිතේ ඉවරයි
ආදරේ අසාර්ථකයි = ජීවිතේ අසාර්ථකයි....
ආදරෙන් පැරදුනා = ජීවිතෙන් පැරදුනා
ආදරෙන් තොර ජීවිතේ = රසයෙන් තොර හොද්දක්
ආදරය = රසය
ආදරෙන් තොර = රසයෙන් තොර
ජීවිතේ = හොද්දක්
හැබෑට????
සමහරු කියනව 'ආදරේ කියන්නෙ මගෙ ජීවිතේ' කියල. ඒ කියන්නෙ පාට්නර් කෙනෙක් නෑතිනම් කන්නෙ බොන්නෙ නෑ ???
ආදරය මට බෑලුමක් වගෙ පිම්බිලා ජීවත් වෙන්න හේතුවක් දෙනවා = ආදරේ නෑති වෙච්ච ගමන් ජීවිතෙ කියන්නෙ නිකම්ම නිකම් පපඩමක් වගෙ වෙනවා.
"ඔබෙන් තොර වූ ලෝකයක් ගෑන නෑ සිතන්නේ මා.." ... ඔය කිව්වෙ... ඉතින් ඔබ තොර වූ දාට වස බොන මිස මෙහෙවු ප්‍රකාශ කලාම වෙන විකල්පයක් තියේද සන්සාරේ !
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද" - සාපේක්ෂ කාරනා... ඒත් නහින්නෙ මොටද?
"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොලඳ වෙලා. අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" - සහතික ඇත්ත. 'ලොව' නම් ලොවි ගහෙත් නෑ. 'ලොව' තමයි ගොඩක් දේවලට මුල. වහ බෝතලේට පාර පෙන්නනෙත් 'ලොව' තමයි.
'ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද ?' - මොකටද අනේ. එහෙවු වෙනසක් කරගෙන ... දිනන්න කියලා දුවලා දුවලා... ඔය අතික්‍රමණ ඔක්කොම කලාම ඉන්නෙ 'මම' නෙමෙයිනේ.
'බිඳුනු පෙමින් ගිනිගත් හදවත් , තනිවේවි එක්ටැම්ගේ' - අනේ පෙමක් කලා නම් , දෙන්නට දෙන්නා ස්තූතිවන්ත වෙලා හිත් නොබිඳ ඈත් මෑත් වෙන්න බෑරි ඈයිද දන්නවද? අර කිව්ව 'ලොව' තමයි මුල. ඈයි 'ලොව' කියනවනෙ එක එක එවුවා... අරව මේවා ...ඈයි 'ලෝක ලැජ්ජාව'???
මේක කියවන ඔයාල මට පොඩි උදව්වක් කොරනවද ? ආදරෙන් පොඩි දඬුවමක් වින්ද ජීවිතේකට සුබවාදී දෙයක් එකතු කරන, එතනින් ජීවිතේ අහවර නෑ , දහිරියෙන් හිත් තෑවුලින් මිදිල නැගිටිය යුතු බව කියන , අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන, අරමුණු කියන්නේ කසාදය ආදරේ ප්‍රේමය විතරක් නොවෙන බව කියන, ආදරේ කියන්නෙ හුස්ම පවා වැටෙන සාධකයක් වීමට තරම් බොලඳ නොවිය යුතු බව කියන එක සින්දුවක් හොයල දෙන්න මට !
මෙන්න මෙහෙමනෙ ඉන්ට ඕනේ... හිනා වෙලා..... නෑද්ද???
(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )
(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )
එල එල...
ReplyDeleteමඩ ටික උනත් ලෙසටම ගහල තියෙන්නේ වදින්න ඕන තැනටම වදින්න.
එල එල....
ෆට්ට ෆට්ට.
මගේ අදහස් එක්ක 100% ගැලපෙනව.
ලෝකෙට බම්බු ගහගන්ට කියල මම වගේ ඉන්න බලන්න
හික් හික් හික්.
ඇයී අක්කේ ශිහාන්ගේ
ReplyDeleteඅද තනියෙන් මා
ඒ සින්දුව විතරයී මම දන්න එකම පොසිටිව් සින්දුවකට තියෙන්නේ
[අනේ මං හරිද මංදා]
අනේ අහිංසකී.. ශිහාන් ඒ සින්දුව කියන්නෙත් අඬ අඬා නේද?
ReplyDeleteහ්ම්ම් සින්දුවක්ද හොයන්නේ... එහෙමනම් මෙන්න..
ReplyDeletehttp://hadageepotha.blogspot.com/2010/03/blog-post_02.html
එක වරක් ඔබට මා එපානම්.....
ReplyDeleteසිය දහස් වාරයක් එපා මට.... ඔබ එපා....//
මම මගේ පාඩුවේ හඬ හඬා සිටින්නම්....
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළදින්න.....//
ඔබේ හද පහුරු ගා වේදනා නොදෙන්නම්..
ඔබ යනෙන මාවත දැක ගන්න ඉඩ දෙන්න....//
ඇයි බොලේ රූකාන්තගේ
ReplyDeleteමගේ හිතේ දුකක් කියා දෙයක් නැහැ
http://www.mediafire.com/?fvd3zmznfz2
හයවෙනි පටුමගේ උන්ගේ
වස්සානයේ කඳුළු
http://ananmanan.com/sinhala_lyrics/get_lyric.php?lid=1289
http://ananmanan.com/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=45
:-D
අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන,
ReplyDeleteYESTERDAY IS A HISTORY
TOMORROW IS A MYSTERY
TODAY IS THE GIFT
FEEL IT ...
ආ තව එකක් තියෙනවා,
ReplyDeleteපියඹා........... යනවා මා ආකාශයේ.........
අවසානයි ප්‍රේමාදරේ...........
ගිරවෝ...... කොවුලෝ..........
මිදුනා මා ආදරෙන්...........
RanDil කියන දේ තමයි මටත් කියන්න තියෙන්නෙ..
ReplyDeleteමට මෙ කෙළවෙලා ඉන්න වෙලාවෙ..මොනවා හරි බලලා ටිකක් සැහැල්ලු වෙන්න කියල ආවාම එකටම හම්බ උනේ මෙක...
ReplyDeleteමීට වඩා හොඳා මාව අල්ලලා පොළොවෙ ගැහැව්වනම්...
Mage kamathima sinduwa....
ReplyDelete"පියඹා........... යනවා මා ආකාශයේ.........
අවසානයි ප්‍රේමාදරේ...........
ගිරවෝ...... කොවුලෝ..........
මිදුනා මා ආදරෙන්........... "
Thnaks RanDill mathk kalata....
ඒකනේ කියන්නේ හිනාවෙලා ඉන්න.
ReplyDeleteසිංදවක් මතක් උන වෙලාවක දාන්නම්. කොහේද මේ ලංකාවේ තියෙන්නෙම විරහ ගීතනේ....
හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....!!!
ReplyDeleteකඳුල දොම්නස නසන්නට නම්
ReplyDeleteබමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්..
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
ඇයි මේ ගීතය අහල නැද්ද?
ReplyDeleteමිදී යන්නෙම් ඔබේ සෙනෙහසින්,
ඔබේ සිනහවන් නොපෙනෙනා මානෙක,
සැනසුම් හැඟුමන් අහිමි වුවද මට,
දුක් සෝ ලතැවුල් වියැකෙයි එකවිට,
මගේ කොමෙන්ටුව ගැන අදහස් දක්වපු හැමට ස්තුතියි.
ReplyDeleteනිශ් ජීවිතේ මල්ගේ ලිපියකින්ම එයාට ම කියලා නේද?
එපා තවත් ඔබ මා රිදවන්නට
ReplyDeleteඅගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමු දෙනු මැනවී.
සා .. මේ තියෙන්නෙ මට ඕනෙ තරම් චෝයි සින්දු... :) තෑන්කූ අනේ අදහස් දෑක්කුවට සහ ගීත හොයා දුන්නට ,,, ඉස්සරහට මේ ගී ගෑන ලියන එක ලියනවා....
ReplyDeleteඔය තියෙන්නෙ ඉතින් ගමකට සිංදු නෙමෙයිද.... හික් හික්...
ReplyDeleteඕව් ගැන ඔච්චරම හිතුවොත් පිස්සු හැදිලත් පිස්සු හැදෙනව නෙමෙයි, ජීවත් වෙන්න විදිහක් නැතිවෙනවා. ජීවත්වෙන්න තියෙන්නෙ උපරිම අවු: 75ක් විතර. පොඩි පොඩි දේ වලට හිතින් වැටුනොත්, සංවේදී වුනොත් අපිට අපි වෙනුවෙන් සහ අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටස අහිමි වෙනවා.
හැබැයි ඔය මොනව වුනත් ආදරය සුන්දරයි...!
සා සා... හෑමෝටම ගොඩාරියාක් ඉස්තූති.... ඔන්න මම ලියමින් ඉන්නෙ තව සෝයි සින්දුවක් ගෑන...
ReplyDeleteඅහලතියනවද
'කුරුල්ලන්ට ගී හදන්න , ගහට කොළට පාට එන්න " ගීය???
ඔව් රන්දිකා සංසාරෙ මම නිතර කියවපු බ්ලොග් එකක නෙවි.
ReplyDeleteඒත් මේක කියවපුවාම කියවන්න ආස හිතුන නිසා එක හුස්මට ගොඩක් පොස්ට් කියවගෙන ගියා. හිතන් හිටියෙ බ්ලොග් එක ගැන කොමෙන්ට් එකක් එක්කම කොමෙන්ට් කරන්න. ඒත් හදිසියක් නිසා කියවපු ටිකෙන් මගෙ හිතෙ තදින්ම රැදුනු කොටස ලියලා දැම්මා ඒක මෙතෙන්ට හොදින් ගැලපෙන නිසා.
වස්සනයේ කඳුලු වියලියාවේ
ReplyDeleteනුඹ ගැන මතකේ හිතින් මැකේවි
අලුත් ඉරක් හෙට පායා ඒවි
හිනා මල් ලඟ මං නවතින්නෑ
ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ
මං දැන් නිර්වාණයේ
සිහිනවල ආයෙත් ගිලෙන්නෑ
අරුත් සුන් පද ආයෙත් ගොතන්නෑ
පැතුම් කන්දු මං ආයෙත් හදන්නෑ
නුඹේ උනුහුම මට සීතල නෑ
නුඹේ හාදුවැල් මට උනුහුම් නෑ
හිරුට පිපුනු කොඳ සඳු රවටනු බෑ
මං දැන් නිර්වාණයේ
මේ තියෙන්නෙ..
ReplyDeletehttp://www.youtube.com/watch?v=CHYZSE4K6VI
පෙම්ව්න්තයින් සේ සිනාසී
ReplyDeleteහමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතින්
මිහිරාවියේ කෝ ඔබේ
වදනින්මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිඳින්නම් දරා
- ජගත් වික්‍රමසිංහ-
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යැයි හැඟේ
මේ තවත් එකක්
ReplyDeleteලඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක්වගේ
දියසොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
මැණිකෙ අගය කනා දන්නේ නෑ
නමුදු අගය බාල වෙන්නෙ නෑ
පලුදු බඳුන ඕනේ වෙන්නේ නෑ
වැරදුනාන හරියි කිව්වෙ නෑ
පර උනාම් මලේ සුවඳ නෑ
බොර උනාම ජලේ පැහැය නෑ
බිඳුනු පෙමක් නැවුම් රසේ නෑ
හැරගියාට මා තනිවුන් නෑ
- රූකානත ගුණතිලක-
පිටස්තරයෝ....
ReplyDeleteනුඹ පෙන්වූ සින්දු ගොන්නට ස්තූතියි.. මේවා එක එක ගැන ලියන්ටයි ඉන්නේ.... :)
රොශාන්... ඉස්තූති :)
ReplyDeleteආදරේ + ඩෙල්ටා = ජීවිතේ
ReplyDeleteකියල දාගෙන ඩෙල්ටා වල සීමාව + අනන්තයෙ ඉඳන් රින අනන්තය දක්වා අනුකලනය කරල හම්බෙන උත්තරේ වයසෙන් අවුරුදු ගානෙන් බෙදුවම ....