කුට්ටි පිටින්
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...
අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !
ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...
අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !
ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන
ඔය සොඳුරු පාට
නොදුටුවට ..
එලියක් නොදුටු
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?
අඳුරට හිමි කලු පාට පමනිද,
ReplyDeleteනැතිනම්, අඳුර ආස කලු පාටට පමනිද
කවුරුන් අඳුරට අකමැති උනත්,
කවුරුන් කලු පාටට භය උනත්,
ජීවිතය අවසානයේ ඉතුරුවන එකම දේ අඳුර පමනයි.
ඒ නිසා මම අඳුරට කැමතියි.
(ජීවිතේ පලවැනි පාරටයි මේ බ්ලොග් එකකට නිසඳැසක් ලියුවෙ. නෝන්ඩි දානව එහෙම නෙමෙයි ඕන්)
එකම පාටයක්වත් නොගෑවුන
ReplyDeleteඅන්ධාකරයේ මුල්ලක තනි උන
දුවිලි වලින් වැසීගිය
සිත හොයන්නේ හිතක් ඔහු වෙනුවෙන්ම
අදුරටම සාප කරමින්
අදුරේම සිහින මවමින්
අවලාද දොස් නගමින්
සිතක් අයිදියි පෙමක් මෙලසින්
අතේ තැවරුන
ලස්සම පාට පොද
අදුරටම ලං කර
තවත් එක් පාටක්
දකිනු කෙලසද.......
රොකියෝ... ඔය තියෙන්නෙ.. ලස්සනයි කවිය. අවන්කවම... :) ලියමු ලියමු :)
ReplyDeleteඅඳුරේ තියෙන්නේ
හිස්කමවත්
තනිකමවත් නෙමෙයි...
හුදෙකලාවයි....
පසන් මල්ලියා
ReplyDeleteඅතේ තෑවරෙන තරම්
ලෙන්ගතු පාට පොද
නොදකින අවාසනාව
කියන්නේ
අඳුරේ දුක
සහ
දෑස් අඳ බව ..
ඉන් එකක්
හෝ දෙකම !~
අඳුරට වෙන පාටක් තිබුණෙම නැද්ද කලුපාට හැර..?
ReplyDeleteඋපන්දා සිට අඳුර පමණක්ම දුටු
ReplyDeleteඑලිය යනු මේ යැයි
පාට යනු මේ යැයි
නොදත් අහිංසක ඇස් දෙක
පාට පාට මල් පෙත්තක් මොන තරම් ඇස් දෙකේ හැපුනත්
මල් පෙත්තේ ස්පර්ශය විඳිනවා මිස පාටක් නම් කෙසේ දකින්නද
වරද කාගේද?
අඳුරේ ?
නෑ...
අඳුර ආවේ ආලෝකය ආවේ නැති නිසා මිසක් අඳුරට ඕනේ නිසා නෙවෙයි...
එහෙනම් වැරදිකරු ආලෝකයද ?
නෑ....
ආලෝකය අවේ නැත්තේ ආලෝකය දකින්න තරම් ඇස් දෙක පින් කරලා නැති නිසා.
එහෙනම් වරද.... ඔව්... ඇස් දෙකේ...
කරුමක්කාර ඇස් දෙක පින් කරපන් ලබන ආත්මේවත් අලෝකයක් දකින්න.
ලස්සනම ලස්සන මල් පෙත්තේ පාට දකින්න.
මල් පෙත්ත පාගා
ReplyDeleteපාට නොපෙනුන තරහට
චප්ප කොට වීසි කොට
දැන් එනවද
කියන්න කරුමක්කාර ඇස් ගැන?
රිදුනේ මල් පෙත්තක් තරමටම සුසිනිඳු
කාටවත් නොතේරෙන තරම් අහිංසක
හිත පමනිය
තැලී පොඩි වී
කෑලි උන හිත පමණකිය...
ඔය ඇස් දැන්
බොඳ මෑකී
පෑහෑදිලි වුවත්
ඉතිරි වී ඈත්තේ දෑන්
මලක් නොව
තෑලී පොඩිවී
චප්ප වී
පිලි ගඳ මිසක සුවඳක් නෑති
ආතුර වූ
කසල ගොඩක් පමණිය...
පර මල් ගොඩකි එය... ඉන් එකකි එය...
මේ මල් වගේ තිබි හිත....
මල් පෙති තාමත් එහෙමමයි
ReplyDeleteසුවඳයි, සිනිදුයි
ඒක මම දන්නවා
මල් පෙත්ත වතාවක් ස්පර්ශ වෙන කොට
කටු ඇනුනා සිය වතාවක්...
කටු වලට සීරී ලේ පෙරී පෙරී
කලුවර විතරක්ම දුටු ඇස් දෙක
බලන් හිටියා ආලෝකය එනතුරු
නෑ අලෝකය අවේ නෑ...
අන්තිම ලේ පොදත් ගලනතුරු සීරුනා.. පෑරුනා විතරයි.
ආලෝකය හොයපු...
පාට හොයපු..
පව් කාර ඇස් දෙක
යන්නම ගියා අඳුරෙන් ඝන අඳුරට
දරා ගන්න බැරි තැන වේදනාව.....
ඔව්.. මොකුත් නෑ..
ඝන අඳුර.. හුදකලාව.. පාලුව.. තනිකම විතරයි..
අද.. හෙට.. හැමදාම... මැරෙන තුරාවට....
මොලය මැරුණු පංචස්කන්ධයක් විතරමයි...
අහිතක් නෑ කුරා කූඹියෙක් එක්කවත්..
වැරැද්ද කාලකන්නි ඇස් දෙකේ...
අහ්...ලස්සන කවි සංවාදයක් ... දිගටම ගෙනියන්න !
ReplyDelete