Tuesday, November 23, 2010

[123] එන්න මාත් එක්ක.. හැබැයි අඬන්න...

ගොඩම ගොඩ කාලෙකින් මම මේ ගීයක් එක්ක ආයෙමත් දැහැන් ගත වෙන්න යන්නෙ. මේ ගීය ඇහුන දවසෙම මට දැනුනෙ කවුදෝ කොහෙන්දෝ කාගෙදෝ ජීවිත කතාවක් හොරකම් කරලා ඒ කතාවට ලස්සන වචන අමුණලා තාලයක් යොදලා ගයන්නා වගේ.... සුනිල් එදිරිසිංහ මේ වගේ ගීත කොහෙන් හොයා ගන්නවද මන්දා :)



~"~
හඬන පණ නළ
යදින සැනසුම
දැවී යයි හද චිතකයේ...
 කඳුලු බිඳුවක
සිසිල පමණකි
වියලි කතරට හිමි වුනේ....

යොවුන් සිතිවිළි
විපිලිසර වී
මහලු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත
හඬන සුර ගුරු
යදී සිඟමන් මාවතේ

රකුසු පියසක
පිපුනු කුසුමට
මලෙවි හමු වන පින නැතේ
දෑස නැති විට
නුහුරු මං පෙත
සරන පා යුග පටලැවේ...
 ~"~


"මම දන්නෙ නෑ මම කොහෙද යන්නෙ කියලා. ඒත් මගෙ හිත මේ දේ කිව්වා"
"මොකක්ද?"
"ඔයා දන්නවා මොකක්ද ඒ කියලා.."
"හ්ම්ම්"
"මම අසරණයි තමයි... අනේ ඒත් මට අනුකම්පා කරන්න එපා"
"පිස්සුද රත්තරනේ.මොනවද ඔයා මේ කියවන්නේ... . "


හ්ම්ම්... කිරිල්ලි දිහා ජීවිතයත් , ජීවිතේ දිහා කිරිල්ලිත් බලාගෙන ඉන්නවා.... මට මේ වෙලාවෙ මගෙ කන් දෙක අස්සෙ ඇහෙන්නෙ සඳ මිතුරී ගීතය... දුරකථනයෙන් මිදිලා ඉයර්ෆෝන් එකෙන් එලියට එන සඳ මිතුරියට , කසුන් කල්හාර අනුන්ගෙ තාලයකට , අයදිනවා... 'සඳ මිතුරී .. සිත මිහිරී කල මැනවී... කියලා... "ඒකටත් මට හිනා.. ඈයි දෙයියනෙ.. කියන්නෙ එකක්.. කරන්නෙ එකක්... :) මාත් එහෙමද මන්දා... දැන් මම ලියනන් හිතුවෙ එකක්. ලියන්නෙ තව එකක්.


ගීය අහමුද මෙතනින්...

5 comments:

  1. අපි හෑමොම කරන්නේ එකම දේ තමයි... අනුන්ගෙ තනුවකට අපෙ පද ගලපන්න හදනව... එහෙම ගෑලපෙන වෙලාවල් තියෙනව... නෑත්තෙම නැ...
    ඒත්...

    ReplyDelete
  2. අපි හැමෝටම ජීවිතේ වෙන්නේ ඕකම තමයි. හතන්නේ එකක්. කරන්නේ තව එකක්...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්.....

    හිතන්නේ එක දෙයකි
    කරන්නේ වෙන දෙයකි
    කියන්නේ තවත් දෙයකි
    හේතුව පිස්සු වැනි දෙයකි

    සිංදුවනම් නියමයි අක්කියෝ....ආසම ගායකයෙක්ගේ ආසම සිංදුවක්...

    ReplyDelete
  4. සුර ගුරු කිව්වේ කාටද? මතක් කලාට මතක් වෙන්නේම නැහැනේ.

    ReplyDelete
  5. අඬන්න බැරියෝ මට නම් මිස්...
    මිස් අඬන්න .. මම බලන් ඉන්නම්...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->