~'~
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කලෙමි
හදේ තුබුන
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී
විරහ වේදනා වින්දා
ඈසුයෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා
කුරුලු ගීත මට ඈසුනා
ගහේ කොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දෑනුනා
~'~
ආදරේ එක් බෑඳීමකටම සීමා නොවී ආදරේ කියන දේ මුලු ලෝකයටම පෙරී එන විසාල කරුණාවක් සෙනෙහසක් නම්, එහි ඈත්තේ නිම් හිම් නොවෙන සතුටක්. ඒත් කොච්චර කිව්වත් හිතුවත් මේ හිතට දැනෙන්නෙම තනිකම. අපි බයයි තනිවෙන්න. මම මගෙ බ්ලොග් එකේ මේ වචන කීපය කියන කී වෙනි වතාවද දන්නෙ නෑ, ඒත් මේ වචන ටික එතරම්ම මගෙ හිතේ තදින් කා වෑදුන නිසා ආයෙ ආයෙමත් ලියවෙනවා.
තනිකම කියන්නෙ බයක්. අපි බයයි තනිවෙන්න.අපිට යැපෙන්නට කෙනෙක් නැතිවෙන විට අපි බය වෙනවා හවුහරණක් නැත කියා. ඒත් හුදෙකලාව කියන්නෙ සැපයක්. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක්. හුදෙකලාව කියන්නෙ බයක් නෙමෙයි. ලෝකයම තමන් වටා අරක්ගෙන සිටිද්දී තමන් තමන් සමග ජීවත් වීම හෙවත් කිසිවෙකුගෙන් යැපෙන්නට නොයාම තුල හුදෙකලාවේ සුවය අත් වින්ද හැකියි. මේ කියන්නේ කැත්ලීන් ජයවර්ධන 'තඹරවිල' කියන පොතේ.
කුරුල්ලන්ට ගී හදන්නට ගහ කොල පාට කරන්නට, නිදහසේ , කිසිත් බලාපොරොත්තු නොවී හිතේ තියන මහා ආදරය දයාව කරුණාව වීසි කරන්නට හැකිනම්, ගහකොල සතාසීපාවාගේ සිට මුලු ලෝකයම තමුන්ට සෙනෙහස පාද්දි, නිවී සැනසුන සිතෙන් හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය විඳිය හැකි වේවි.
ගීතය අහමුද ?
ප.ලි: ජීවිතෙ මල්ගෙ ජීවිතේ හොඳටම් බිසී වෙලා. ඒත් අවුරුද්දක් මාව ජීවත් කරවපු මේ මගෙ හදවත ලියන බ්ලොග් පිටුව කෙසේ අමතක කරන්නද ? කලින් කලට හෝ සංසාරේ අපි වෙත ජීවිතේ මල් ගොඩ වෙන එක වෙනවාමයි .... :)
ආදරයෙන් අසන ගීතයක් සමග ලස්සන අදහසකුත් එකතු කරල. ඇත්ත වෙලාවකට තනිකම මහා ආශ්වාදයකි. වරක එය ශාපයකි.....
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ අදහසනම්....මගෙත් ප්‍රියතම ගීත වලින් එකක් මේ ගීතය...අක්කා ඒ සිංදුවේ ලස්සනට නිර්වචණය කරලා....
ReplyDeleteම්ම්ම්ම්ම් අක්කා ඒබීසී වුණාට කමක් නෑ...පටන් ගත්තු වැඩේ දිගටම කරන්න...හදවතින්ම සුභ පතනවා අක්කියෝ....අක්කිලා හිතනවාටත් වඩා සාර්ථක වෙනවා....බලන්නකෝ බොරුද කියලා.....
ලබුණු අරාධනාව හදවතින්ම සතුටෙන් පිළිගන්නවා...අපි එන්න උත්සාහා කරනවා....(අපි කීවේ අපේ හසී ෆැමිලි එකම....)බලමුකෝ...
ස්තූතියි අදහස් දෑක්වුව මගෙ සුන්දර යාලුවන් දෙන්නට :) පිලිතුරු පරක්කු වූවාට කමන්න :(
ReplyDelete