[130] දෙපාරකදි කාලෙකින් ලියපු සඳෑස් දෙකක්
ඉරෙන් රැස් ගෙන නිදන් උන් මල් එකින් එක ඇස් අරින්නට හැර
වසත් අහසෙන් නෙලන් තරුවක් එයින් කලුවර සිඳෙන්නට හැර
ඉදින් පෙර කල විඳින්නට පැතු නිදන් සීනය මිදෙන්නට පෙර
හිඳින්නම් මම් බලන් නුඹෙ මුව හසින් ගිලිහෙනු ගිලන් හද'ඳුර
බිඳුනු සමනල පිහාටුව ගෙන අත්ල වෙත දී ඇඬුම් මුමුනමි
සමන් මල මත පිපෙන කඳුලැලි රසය ඉවසා සිනහ මුදනෙමි
සැබෑවක් කොට දොහොත් මුදුනෙන් රැගෙන පුදසුන ලතැයි හිතුවෙමි
වරද පසිඳිමි, හෙයින් ඉවසමි, කොහිද සැනසුම , කොහිද සොයනෙමි....
ඔබ සොයන සැනසුම,
ReplyDeleteඇත්තෙ ඔය සිත තුල,
ඔබ දකිනතුරු එය,
නොදනිතියි ඔබ හද...