බලන් ඉන්න...
ප්‍රශ්න අහන්න....
කියන්න ඉඩ දෙන්නම්..
අහන්නම්...
අකීකරු නොවී ඉන්නම්
දන්න ඔක්කොමම
කියලත් දීලා....
හිතේ බරක් නෑතිව
උන්නු ඔය හිතට
ආදර පාඩම පටන් ගන්නම්...
ඔහේ පාවුන
ඔය කඳුලු ටික විතරක්
නොයිඳුල් සුස්ම ටික විතරක්
මම ගන්නම්...
හිත කියන කලු ලෑල්ලට
රිදෙනකම් පාඩම් කිය කිය
හිස් පුටු මේස වලට
උගන්නන්නම් ආදරේ අරුම
පන්තිය ඉවර උනහම
අරන් යන්නම් කඳුලු ටික
ගිහින් අමුණන්නම්
ආදර මුතු ඈටයක්
අතීතෙට...
ආදර පංතිය හා ගෝලයා....
ReplyDeleteබලං ඉන්නම්
කියල දෙන්න මට
නිරතුරුව මුමුණන තොල් පෙති දෙසම
මං බලං ඉන්නං
හිතේ සැගවුන දේ කියනව නම්
මං අහන් ඉන්නම්
ඒ පංතියටම වෙලා
ඇස් පිල්ලමක් නොගහ
ඒ දෙසම බලං ඉන්නං
කලු ලෑල්ලේ මුකුත් නොලියා
ලියන්න මගේ හිස්
හදවතක් මත
හුණු කූරු පාට මැකී ගියත්
හදවතේ දේ හැමදාම
තියන් ඉන්නං
පංතිය ඉවර නොකරම
මං ඉන්නම් නුඹ ලගම
අකුරු අමුණන්න බැරී නන්
ඉඩ දෙන්න ඔය දෙනුවන් බලා ඉන්න
පසන් මල්ලියා...
ReplyDeleteප්යා හෑමදාමත් මගෙ කවි වලට හරිම ලස්සන පිලිතුරු කවි ලියනවා. ඔයාට හරිම ලස්සන හෑකියාවක් තියනවා... මට සතුටුයි ගොඩක්... පොඩිම පොඩි මල්ලියෙකුට මේ වගෙ හෑකියාවක් තියන එක ගෑන....
දිගටම ලස්සන කවි ලියන්න.
ජය වේවා!
//ආදර පන්තිය හා විදුල්පති//
ReplyDeleteබලා ඉන්නවා
කියා දෙන හැටි
හිතා ගන්නවා
ලෙසට බනින්නට
හිතේ සැඟවුනු දේ කියන්නට
සීනුව වදින තුරු බලා හිටි මුල්තැන
එපාවී දැන් ඒ දෙසුම
දිව ගියේ ගුරු දෙසට
කන් කරා දිව යන
මායමේ සැර බව
වැටහිණිද ඔහු හට
ආ පසූ ඇ දෙසට
කියන්නට කිසිත් නැත
උගන්වපු දෙයක් නැත
ගෝල පෙළ රැවටි ඇත
පංතියම මුලාවක අද
සිතමින් පති විදුහල් යන්නට ඇත
වෑපෝ......
ReplyDelete:ඪ්
අනෙ අම්මේ... මක් කියන්නදෝ.... වෑපෝ... පිස්සුවට බේත් ගන්ඩෝ... :)
හෙ හෙ
නියමයි කවිය ඈ....
..::|| ආදර පන්තිය හා දෙමාපියන් ||::..
ReplyDeleteමුන්ට පිස්සු.......
අපේ කාලෙ මෙහෙමද ?
පෙනේද මුන්ගෙ රඟ
අමු අමුවෙ පන්ති දාගෙන
සෙනෙහෙ කොලවලට
දැන් කොහිද ඉඩ
ඇසැ ඇම් එස් එකට
ගනන් බැලුවද ශත
වැට මායිමක් ලඟ
බලන් හිටියත් අපි
කිසිවක් නොදුටු ලෙස
බලයි වටපිට උන්ගෙ ලෝකවල
යමන්කො ගෙදර
සිතමින් හිතෙන්
පුපුරයි ගිනි
හදවත් පතුල් තුල
සාටර්දෝ මන්දා ?.............. හැxxxxxxx :)
ජිවිතේ පලවෙනිම වතාවටද කොහෙද මෙහෙම එකක් ලිව්වමයි හික් හික් හික්
අනෙ අම්මේ.මේක කවි පතියක්ම වෙලා... සන්තෝසයි ගොඩාක්...
ReplyDeleteජේ ඩී මල්ලියා...
අපූරුයිනෙ... හරිම සෝක්....
ලියන්න දිගටම ....
~~|\ආදර පන්තිය හා ළමයි/|~~~
ReplyDeleteඋගන්නන්න එනේ ආදරේ
හිතුවද අපි දන්නෑ කියලා
උගන්නන කලින් අදරේ
ඉගනගෙන තියේද ඔයාලා...
අදරේ ගැන බිංදුවක්
නොදන්න මේ නූගත්
විදුහල්පතියා බැන්නත්
ආදරේ ළඟ ඔහුත් යටත්...
අදරේ සුවඳ අකුරු කොර
ඇස්.ඇම්.ඇස් එකේ ටයිප් කොර
යවා මම ඉක්මන් කොර
ගනිමි වේලාවක් වෙන් කොර..
සෝරෝ මල්ලියා.....
ReplyDeleteඅනේ කවියෙක් වෙලා ඈ... :)
සෝයි සෝයි.... හෙ හෙ
මේ මේ
(සිතමින්)
මෑදෑයි මම සීරියස් කවියක් ලියලා වෙච්ච හදිය. කී දෙනෙක් කොමඩි කවියො උනාද ??? හිකිස්
පොඩී ඈඩ් එකක්...
ReplyDeleteහෙට සිට යලිත් "මා පෙම් බෑඳි ගීයක් ගෑන" ලියන්නට පටන් ගන්නයි හිතන් ඉන්නෙ....මෙන්න ලියනන් හිතන් ඉන්න සින්දු
1. හඬන පණ නල (සුනිල් එදිරිසිංහ)
2. සිනහ වෙනු මෑන වේදනා පිසදා (එම)
3. යාලු බාල සඳේ කඳු මුදුනේ (සෝමතිලක ජයමහා
ඔබ ආස ගී තියේ නම් ලියා යන්න :)
මම හරියට සන්තෝස උනා..........
ReplyDeleteඇයි දන්නවද...
මම උගන්නද්දි ඇසිපිය නොහෙලා බලා උන්න නිසා.........
මම හිතුවේ..........මේ කොල්ලා
ආසාවෙන් ඉගෙන ගන්නව කියලා.........
අන්තිමේදියි තේරුණේ.....
මටත් ආදරේ කරන්න උගන්නපු විත්තිය...............
This comment has been removed by the author.
ReplyDeleteපංතිය සවසට ඉවරවේ නම්....
ReplyDeleteකඳුළු පමණක් ඉතිරි වේ නම්...
මතක සිත තුල ඉතිරි වේ නම්..
පාඩමෙන් පලයක් නැතේ නම්...
තවත් කුමටද පාඩමක්....
ඔන්න ගියකුත් ලියලම යන්නම්
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා....(සෝමතිලක ජයමහ)
ආදර පන්තිය හා ඩෙස් පුටු
ReplyDeleteහැමදාම
මගේ ඇග උඩ ඉද
මොනවදෝ ලියයි
ලියන පොත මදිවෙලාද
මෙගේ පිටේත් ලියයි
ආදරය විරහව ඇයි තව කුණුහරප
පැය ගණන් පස්ස රත්කර
ඉගෙන ගන්නේ මුන් මේවද
ඇත්තටම මුන්ට පිස්සුද......
obe uthsahayata magen supathum...
ReplyDeleteපරිස්සමින් මිස්...
ReplyDeleteආදරේ ගැන ළමුන්ට කියා දෙන්න ගොහින් උසාවි ගානේ රස්තියාදු වෙනවා හෙම නොවෙයි ඔන්න.....
මොකද මේවා වැඩිහිටියන් රහස් විදියට රැකගත්, ළමුන්ට දෙමාපියන් විසින් අවසර දෙන තුරු කතා නොකළ යුතු දේවල් නෙව..
පත්තරේක තිබුනා නුවර වැව රවුමේ පෙම්වතුන්ට ගැවසීම තහනම් කරන්න යන බවක්... ටික දවසකින් මල්වත්ත ඇතුලටත් පෙම්වතුන්ට ඇතුල් වීම තහනම් කරාවි.. ඊට පස්සෙ කාමර ගානෙ ගිහිල්ලද දන්නෑ පෙම් කරන්නෙ..
පාරක කෙල්ලෙක් කොල්ලෙක් කතාකරකර ඉන්නවා දැක්කම ඒ ඉන්නෙ පෙම්වතුන් කියලා හිතාන වපර ඇහින් ඒ දිහා බලන මිනිස්සු ඉන්න සමාජය තවම වෙනස් වෙලා නෑ මිස්...
කවියේ මා හිතූ අර්ථය...
ReplyDeleteකොල්ලෙක් එක්තරා කෙල්ලෙක් එක්ක යාලුවෙනව පලමු පෙම හෑටියට...උගෙ නොතේරුම් කම් නපුරු කම් අත්දෑකීම් නෑති දරදඬුකම් වලින් කෙල්ල දුක් විඳිනවා...ඒවයින් ඌ පාඩම් ඉගෙන ගන්නවා ඊලඟ පෙමට.ඒව ඉගෙන ගෙන ඌ යනවා.ඊලග කෙල්ලට ඉගෙන ගත් පාඩම් ඇප්ලයි කරල හොඳ කොල්ලෙක් වෙනවා. අර කෙල්ල උන්ට ගුරුවරියක් වෙලා ආදර පාඩම් කියල දිදී දුක් විඳිනවා. ඒ කෙල්ලට හෑමදාම දුක විතරයි ඉතුරු. අතීතෙට තව කෑලලක් විතරයි ඉතුරු.කොල්ලා-උන් පාඩම් ඉගෙන ගෙන ආයෙ ඒ වෑරදි නොකර දෙවෙනි කෙල්ලත් එක්ක සාර්ථක වෙනවා...
ඒ පිනෙන් ඒ කෙල්ල දිව්‍යාංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා.
ReplyDeleteහපොයි දෙවියනේ....ඔය පලමු කෙල්ල මම නේද??
ReplyDeleteෂෝක් කවි තරඟෙ :) හරිම ලස්සනයි :)
ReplyDeleteකවි පන්තිය මරු.
ReplyDeleteඋත්තර කවිත් ඒ වගේමයි!
වෙලාවට මට කවියක් ලියනව තියා අටවගන්නවත් බැහැ නේ.... නැත්තම් මටත් තිබුනා ඔය ටීචර්ගෙන් නොතේරෙන තැන් විස්තර කරලා අහගන්න කාරිය....!
මේ කවියට ප්‍රතිචාර ලියූ හෑමෝටම ස්තූති :)
ReplyDeleteඔන්න මට ස්තූති කරලා තව කමෙන්ට් එකක් දාන්න වෙනවා ඔයාට.... මමත් ප්‍රතිචාරක් ලිව්වා....
ReplyDelete(මන් හෙන ගේමක් දුන්නා පිලිතුරු කවියක් හදන්න. ම්හු... වැඩේ හරිගියෙ නෑ. ඒකයි මෙච්චර දවස් ගියේ....දැන් ඉතින් මොනා කරන්නද කවිය ලස්සනයි කියලා විතරක් යන්න යන්නම්.)
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාද?
ReplyDeleteඅදයි මම මේ පැත්තෙ ආවේ...
ReplyDeleteඇත්තටම ලස්සනයි කවි ටික...
ඔයා අහලා තිබුනනේ මේ ටික මම දන්නෙ කොහොමද කියලා
("ඔයාට තියෙන්නේ ගල් හිතක්.. ඒත් මං දන්නවා ලෝකෙට පේන්න හිත ගල් කරගත්තට ඔය හිතට වෙන කාටවත් වඩා හොදට ආදරේ කරන්න පුළුවන් කියලා”)
ඔයාට ඒවා කීවේ කවුද කියල නම් දන්නෙ නෑ..ඒත් මේ මම ආසම කරන වචන ටිකක්....
ඔන්න අනුරාධ මල්ලි, බිඟුවෝ , අකීකරු හිත... ඔයාල හෑමෝටම ස්තූතියි.... :)
ReplyDeleteආදරයේ අකුරු අමුණනකොට
ReplyDeleteඅකුරු වැරදුනොත් ,පිල්ලම් මිස් වුණොත්
ග්‍රැමර් වැරදුනොත්, පොතේ තීන්ත ඉහිරුණොත්
කෝටුව ගන්නෙ නෑ නේද ටීචර් ?