Thursday, December 30, 2010
[134] නුඹ 'එපා' යැයි කී විට..
නුඹ 'එපා' යැයි කී විට
හැරී නොබලා යන මට
ඉඟියක් වත් නොකොට
අහිංසක ඇස් කඳුලු පුරමින්...
ආපසු හැරුන මොහොතට
ඔය දුක හිතෙන මුහුණට
කිඹුලෙක් කඳුලු දී ණයට
මට තවත් දුක හිතමින්...
ඉන්නදැයි එපාදැයි හෙට
තරවටු කොට අසන විට
නොදරුවෙක් වැනි ඇඬුම් මූණට
සිය දහස් වර මැරී දැවෙමින්....
හිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලව් කොට
ඉඩ දියන් මට යන්නට
ඉතින් ඇති ඉවසුවා මම දැන් !
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
පද පෙළනන් ලස්සනයි අක්කා
ReplyDeleteසංසාරෙ අපි වෙත ආමි
ReplyDeleteගී කියවීමි
හද පිපි සුවද දෙන මල් සහසක් දැකීමි
"හිනහවක් විඳි වරදට
ReplyDeleteහැඬුම් සියයක් හිලව් කොට"
හිතට වදිනවා........
මාරයි......
තමන්ගේ හිතම රවට්ටාගන්න පුද්ගලයෙක් තමයි මට මේ පද පෙළින් මැවුනෙ. අවසානයේ එයින් මිදෙන්න ගන්න උත්සාහයක්.
ReplyDeleteඅපූරුයි.
ප්‍රතිචාර දුන්නු හෑමෝටම ගොඩාක් ස්තූතියි.....
ReplyDelete