~''~
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ
තරු ඇසක් ඇරෙයි උදා ගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම්මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ?
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ'මල් දවාවි
ඒ දුකත් වසංව යාවි
මේ අරුතදෝ ආදරේ?
ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ
තරු ඇසක් ඇරෙයි උදා ගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම්මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ?
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ'මල් දවාවි
ඒ දුකත් වසංව යාවි
මේ අරුතදෝ ආදරේ?
~''~
මේ ගී තනුවේ තුල තිබූ ලයාන්විත චමත්කාරය නිසා මුලින්ම කිහිප වතාවක් අසන්නට පෙලඹුනු නමුත් පසුව එහි වදන් අරුත අපූරු පැතිකඩකින් පෙනෙන්නට උනා. මේ ගීයේ සැබෑ අරුත කුමක්දැයි මට වැටහුනු අයුරකින් ලියන්නට සිත් උනා. (ඇත්තටම මේ වචන අස්සේ මම ලියන්නේ කෙනෙකුගේ ජීවිත කතාවක්)
කඳුලු බිඳු කීපයක් හීනියට නලියන ඒ ඇස් වල මොකක්දෝ වෙහෙසක් පෙනෙනව. ඒ ඇස් දිලිසෙන්නෙ ආදරේටද , දුකටද , සතුටටද කියල හොයන්න බැරි තරම් ඒ ඇස් බොහෝ දෑ පසු කර ආ බව තමයි ලෝකයේ බොහෝ දෙනා නොදුටු ඇත්ත. ඒ හැඬුම්බර ඇස් වලින් කියන්නේ, පුංචි කාලයකදී ඉතා දිගු ජීවිත කතාවක් රැස් කල හෙම්බත් ආත්මයක්!. ඒක මට පෙනෙනව. ඒ අහිංසක මුහුණ සුසුම් හෙලනු සොයන්නත් අපහසුයි. ඒ තරම් සිනාබර කෙලිලොල් විනෝදබර ආත්මයක් ඒ.. ඒ මුහුණේ හැඬුම්බර කතාව, කාටත් නොදැනෙන්න එක ඇසිල්ලක හෙලන හීනි සුසුම පෙනෙන්නෙ හිස් වාතලයට පමණමයි. මුලාවෙන් වැසී ගිය නේක විධ සිදුවීම් කියන්නේ සුසුමෙන් පිට කරනු නොහැකි හිතටම ගුලි වුන දුකයි...
ඉර රැස් වැටෙද්දී පිපෙන බිම්මලක් වගේ ඒ මුහුණ හස නගනව ආදරයේ උණුසුමට. ලෝකයට ඇහෙන්න හිනහ වෙනව. ඒත් තරු ඇසේ උණුහුමට නැලැවුන බිම්මල මුකුලිත වෙද්දි, බිම්මලේ හිනාවත් හොරා අරං තරු ඇස මියෑදෙද්දි කාට නම් කියන්නද? කෙසේ නවතන්නද ?. ඒත් මියැදෙන්නෙ බිම්මලේ ආත්මය කියල ඒ ඉර මොහොතකටවත් දැන උන්නනම්..
සුනිල දිය මත සඳ කිණිති වැටෙද්දි , ප්‍රභාමත් වී අවදි වෙන කුමුදු මල්, පෙති විදා සිනහ වෙනව. ඒත් ඒ සුයාමය කොතරම් කෙටිද ? කොතරම් පුංචි මොහොතක් පමණක්ද? ඒ තාවකාලික බව නොදැන කුමුදු මල් කිණිති කිරි දහරක් මෙන් පෙරෙන සඳ රැස් සිප ගනිමින් උදාරම් ඇස් වලින් අහස බලනව. ලෝකයට අරුණ උදා වී ලෝකය අවදි වී ඇස් අරිද්දී කුමුදු මල් හඬා වැටෙමින් සුනිල් දියේ මුකුලිතව සැඟවෙනව... එමින්, යමින්, හස දෙමින්, කඳුලු උනමින්, මැකී ඇඳෙමින්, ලියලන ආදරයේ තාවකාලික බව හිතේ වසං කරගෙන ඒ හැඬුම් බර ඇස් ජීවිතේ කතාව ලියනව... කාටවත් නොපෙනෙන , කාගෙවත් ඇස් මානයට හසු නොවෙන අඳුරු ගුප්ත හදවතක ගැඹුරුතම පතුලක...
ඒ ඇස් අදත් කෙලිලොල් හඬින් සුරතල් වෙනව. හස නගනව. සොඳුරු ඇස් තවමත් දිලිසෙනව. ඒත් ඒ ඇස් දන්නෙ නැහැ ඒ තාවකාලික ජීවිතේ ආදර කතාන්තරය ඇගේ ඇස් අස්සෙ සිතුවම් වී තිබෙන බව.. ඈ සැඟව උන්නාවේ.. ඈ තුලම... සඳ එබෙද්දී පමණක් හෙමි හෙමින් හිනහ උනාවේ.
මේ : මට හිතුන හැටියි...
ගායනය: එඩ්වඩ් ජයකොඩි

ලස්සන සින්දුවක්......
ReplyDeleteගීතයත් ඔබේ රස වින්දනයත් හරිම අපූරුයි. ඇත්තෙන්ම ගීයක් විඳින්න නම් මේ වගේ නිස්කලංකව ඒ ගැන හිතන්න ඕනෙ. ඔබේ සංවේදී රසිකත්වයට මගේ ආචාරය...
ReplyDeleteගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟ ධම්මිකා බණ්ඩාර
ReplyDeleteමීට ඉස්සෙල්ල කෙනෙක් මට මේ සින්දුව ගැන කිව්වනේ.
ලබන ආත්මෙදි වත් මගෙම අක්කි වෙනවද කියල මට කියන්න මේ ඇස්දෙක සදහටම පියවෙන්න කලින්............?
ReplyDeleteඔව් හේමලයො.. ගොඩාක් හැඟුම්බර ගීතයක් මේක
ReplyDeleteවලාකුලු... බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට.....
ආදර කතාව... මට මදි පාඩුවෙන විස්තර සපයනවට ගොඩක් ස්තූතියි මල්ලි... ජය වේවා! කවුද කලින් කිව්වෙ > හා හා මම දන්නව ;-)
නෙතාර නංගා... අනිවාර්‍යයෙන් මම පතනව එහෙම.. දන්නවනේ ... ඔයත් පතනව නේද ? ඇස් පියවෙන්න කලින් කිව්වෙ ඊයෙ රෑ නින්ද යන්න කලින්ද ? ;-) පිස්සු කතා කිව්වොත් බලාගෙන..!
ඇත්තටම මේ වගේ ගීත දැන් ඇහෙනවා අඩුයිනේ. අද සිංදු කියලා අපි අහන්නේ කුණුහරුපනේ. මෙහෙම හරි පළ කරන එකට ස්තුතියි. ගොඩක් අයගේ ජීවිත කතාවල එක් පරිච්ඡෙදයක්.ඔබේ අදහස් ගීතය මේ මොහොතෙම අහන්න මාව පොළඹනවා.
ReplyDeleteමෙන්න බොලේ අද මගෙ නමත් වෙනස් වෙලා ආවෙ කොමෙන්ට් එකේ....ඒ මොකෝ ඒ?..මේ මම නෙවි ඔය සින්දුව ගැන එහෙම කාටවත් කිව්වෙ ....කවුද දන් නෑ අප්පා....ඒ????
ReplyDeletethanks.....
ReplyDeleteශි.... කවුරුවත් ඕනම ඕනම ප්‍රශ්නේ අහලා නෑනේ.... මමවත් අහන්නම්කො එහෙනම්.
ReplyDeleteහැබෑටම කාගෙද මේ ජීවිත කතාව?
ඔව් නදී.... ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ! මේ හරිම ලස්සන ගීයක්...
ReplyDeleteනෙතාරා නංගා
අපි නොදන්න නෙතාර! හහ් ! අනේ මගෙ නංගෝ...
ඇනී
u r welcome
අනුරාධ මල්ලිය
කාගෙ මොකෝ... රස විඳින එකයි.. ඇත්තේ... හොඳේ... :-)
no shld tell it... cz i still rmember that u remember the shadows... pls call him shadows... its k.
ReplyDeleteඕකනේ අනුරාධ කියන්නෙ. ඔයත් අර නිකං දෙන අස්සයට දත් 32 තියනවද කියල බලනවනේ. :P
ReplyDeleteකලින් මට වැරදීමක් වී ඇති හැඩයි. මේක කවුරුවත් කිව්ව එකක් නෙමේ. ජීවිතේ මල් එයාගෙ මූණු පොතේ සටහන් කරල තිබ්බ එකනේ මට ඔය මතක්වෙලා තියෙන්නේ
අහා අහා අහා ( සිංහලෙන් හිනා වෙන්නේ මෙසේය... කියාදුන්නේ තවත් බ්ලොග් සෝයුරෙකි ,,,)
ReplyDeleteඕකනේ ආදර කතාව .. අපේ මේ පොඩි මල්ලිය ඉතිං අලගිය මුලගිය තැන් හොයනව... ඉහි ඉහි ඉහි...
අහ් දැන්වත් මතක් උන එක හොඳා.. යුරෝපාකරයෙ පොලු පාරක් එන්න කලින්.. හී හී... කෝ අද පන්ඩිත ආච්චි ?
පොලු පාරක් වගේ ආවොත් හොඳා. වැඩේ මල්ටි බැරල් ප්‍රහාරනේ එන්නේ
ReplyDeleteඅහා..අහා..අහා....අප්පේ... අපේ ගෙදර මනුස්සයා නම් .......පොලු පාරවල්,ආටිලරි,මල්ටි බැරල්,ඔය එකී මෙකී නොකී ඔක්කෝම පාරවල් වදිනකම් හරීම අහින්සක කමට බලාගෙන ඉන්නවා මිසක්.....වැරදීමකින්වත් 'හ්ම්' සද්දයක් දාන්නෙ නැහැ.....හික්ස්..!!
ReplyDeleteඅපොයි අපි නොදන්න ලයිව්... හී හී.. දෙන්නටම් කිව්වෙ....
ReplyDelete