වාතලය සසැලෙන
යලි නැගෙන
නැගි බිඳෙන
හීන් හඬින
නැලවිල්ලේ ඇදෙන
වියරු වැටී දෙදරන
සුලඟ පසුපස
ලුහුබඳින...
හති වැටෙන
සුලං සැරට
ගසා ගෙන යන...
ඒ මේ අත විසි වෙන
ඉන් රිදෙන
හදවත තැලුම් කන
ඇඬුම් ඉවසා
බියපත් ඇසින
අනාගතයට එබෙන
යලි හැරෙන..
අප්සරාවී....
පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ...
ගෙරවුම් බැනුම් නොමනා යෝජනා මැ ද
ReplyDeleteඅසරණ අප්සරාවිය ඒ මහ සයුර මැ ද
මිය ගිය ලෙසට සිටියට දුක් කඳුලු මැ ද
වෙන යම් වෙසක් ගෙන ඇත ඔබ ලඟම අ ද
අනේ මාමේ... නියමයි...නියමම අදහස....
ReplyDeleteජීවිතය සුලං කෝඩයක්
ReplyDeleteනොවුනු දාට......
ආදරය...
සැඩ සුලඟක වේවි.........
අතීතය....
අමතක නොකලොත්
වර්තමානය....
තරහ වේවී.......
අනගතය රහසක්...
එපා නුඹ එබිකම් කෙරන්නට...
එය අපට තරම් නොවෙයි...
ඉවසා ඉන්දපන්...
අප්සරාවිය....
හුගක් ලස්සන හැගීමක්.සුබ පැතුම්..
ReplyDeleteහේමලයා
ReplyDeleteඅතීතයට යන්න දුන්නෙමි
වර්තමානයේ සැපය දකිමි..
ඒ සැපය තුල ඉන්නේ
නිවහල් නිදහසයි....
රහසක් වූ අනාගතයට
මල් හිනාවක් වැටෙන තුරු
මම නිසසලේ ඉඳින්නෙමි...
රුවන්
ස්තූතියි
කිඳුරියක් උපන් හැටිත්
කිඳුරිය මලට ගිය සැටිත්
මලෙහි ඉඳ අප්සරාවියක් වූ හැටිත්
අප්සරාවිය යලිත් කිඳුරියක බව සිහිව
මලෙන් ගැරහුම් ලැබ
යලිත් මුහුදටම ගිය හැටිත්
ලිවූ මගේ අනෙකුත් කවි කීපයත් කියවන්න කැමතිනම්....
here are the links
http://sansaare.blogspot.com/2010/02/blog-post_25.html
http://sansaare.blogspot.com/2010/02/blog-post.html
http://sansaare.blogspot.com/2010/03/blog-post.html
http://sansaare.blogspot.com/2010/03/blog-post.html
http://sansaare.blogspot.com/2010/03/blog-post.html