Wednesday, July 14, 2010
හිතුවක්කාර ලදැරී...
හීනයක් වී
මල් වැස්සක් වැටෙද්දී
ඒ දැනෙන සිහිලෙන්
නහනු තෙමෙනු රිසි වෙමි...
ඇසිල්ලක් නිදි බිඳෙයි
හුරතල් ලදැරී සිතින්
ගෙමිදුලට පැන
සීනෙන් මම තෙමෙමි..
මල් වැස්සට නහමි...
ඇල් දියෙන් තෙමී
ගිලන් නොවනු'යි කියා
තරවටු හඬක් නැග එයි...
හිතුවක්කාර ලදැරී
තවමත් මල් වැස්සේ තෙමෙයි....
ගොම්මනක් ගෙවෙන විට
වට වැහි කෝඩයක
පොකුරු වැස්සක අරුම කොහි ?
අන්ධකාරය මුදයි සීනය !
සීනයෙන් අවදිව
මම ඇස හැර බලමි...
අන්ධකාරය මිස..
කිසිවක්ම නොදකිමි...
ඇස නොපෙනෙද?
හාත්පස අඳුරුද?
කුමක්ද සැබැව?
අනේ මම නොදනිමි...
ප.ලි.
මේ අතීතයයි... වර්මානය නොවෙයි.. අඳුර තව දුරටත් කොහිදැයි මා නොදන්නා නොවෙයි.. ආලෝකය ඇත... අපමණ ඇත.. එය නොදැන මම අඳුරෙහිම විසිමි.. තවද එහි නොහිඳිමි.. වර්තාමනය කවියකි.. එහි නිවන ඇත...
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
මෙන්න මෙයා අද ආපු ගමන් මල් වැහි කවිත් ලියලා..:-)
ReplyDeleteඇති යාන්තන්
ගොඩක් දවසකින් මෙහෙම දෙයක් ලිව්වේ
ලස්සන පද පෙළක්.......
ReplyDeleteලස්සනයි
ReplyDelete@නිමන්ති අක්ක
ReplyDeleteආවෙත් වැස්සෙ තෙමීගෙන .. කොලඹ අවුවට කරකුට්ටං වෙච්ච ඔලුව පෙඟුනා. කවියක් ලියවුනා... හී හී
@හේමලයා & පිස්සා
ඉස්තූතියි මේ පැත්තේ ඇවිත් නිතරෝම මගේ කවි කියවනවට.. ඒවට ප්‍රතිචාර ලියනවට..ආයෙත් ඇවිත් යන්න හොඳේ....
මොනව කියන්නද. ඔයාගෙ කවි වලට විචාර දෙන්න තරම් පැසුන මනසක් අපිට නෑනෙ.
ReplyDelete@ අනුරාධ
ReplyDeleteආ පැහිච්ච සීයෙ.. ඔය තියන පැහිච්ච කම මැදැයි මල්ලො... හී හී
@ අනුරාධ
ReplyDeleteහී හී අනුරාධ ..
අපි නොදන්නව යැයි ජීවිතේ මල්ට තියන පැසුණු මනස..:D
ඔන්න ඔහේ හිතෙන දෙයක් ලියලා යන්න..
අද මේ නුවර ගිය ගමන ඔලුව පෙඟිලා ලියපු කවිය ඔන්න ඔය දාලා තියන්නේ.