Friday, July 09, 2010
ඒ දුක හරීම සීතලයි.. (අතීතයෙන් ආ කවි 13)
මල හැරදා
යන්නැයි
කී මලට
අමනාප නොවෙමි..
මම.....
අමනාප නොවී
කඳුලු විතරක්
අරගෙන
යලිත්
මුහුදටම යමි
මම......
හිරිකඩෙන් වට
ගොඩබිමෙත්
හීතලම රැඳි
සයුරෙහිත්
කොහිත් ඇත්තේ
දුකයි...
ඒ දුක
හරීම
සීතලයි....
මේ මගේ
ගතු නොකියන
දුකම කියන
හිත වගෙයි...
පසු සටහන:
මේ "අතීතයයි" .. අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
වර්තමානය - එය කවියක් වගෙයි.... එය හීනයකට වඩා මා ජීවත් කරවයි..
මේ ගැනයි මේ ලිපිය..
අතීතයෙන් ආ කවි,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
දුක සතුට හා සැනසිල්ල......
ReplyDeleteජලය හිම සහ පිණි.....
"හිත අතැර නොයා ඉන්නා දුක ඔබ
ReplyDeleteදුක තුරුළු කරන් වැළපෙන හිත මම"
කොහෙදෝ පොතක මෙහෙම දෙයක් තිබුනා. කවුරු කිව්වත් ඒක ඇත්ත. මිනිස්සු විදිහට මැරෙනකල්ම මොන විදිහට හරි අපි දුක් විදිනවා හැමදාම.
ඒ දුක හරිම සීතලයි.... හිතට දැනෙනවා.... හුඟක්
ReplyDelete@හේමලයා
ReplyDeleteඔව්... ඔයා නියෙමෙටම උපමාව හඳුනගෙන තියනව !
@පිණි බිඳු
ලස්සනට පද ටිකක්
ඔව්.. මේ දුක කෙලවරක් වෙන්නෙ නැ අපි පුහුදුන් මිනිසුන්ව සිටින තුරු... එයයි දහම'
@පිස්සා
ඔව්.. දුක කියන්නේ හිරිකඩක් වගේ අපව විටින් විට වෙවුලුම් කවන තිගැස්මක්