අත් වැලත්
මල් පෙතිත්
ගිලිහී ශේෂ වෙන
මලට පෙම් බැඳි
මලෙක නිදා උන්
කින්නරී
ඇස හරින්නී
හිරු කිරණ
රැස් නොදී
අඳුරු කලාලය එලූ
පෙරදා ආ
කලු වලාකුල
දකින්නී
තැවෙන්නී...
සිනහවක් නැති
එපා යයි පෙති හකුලන
මලට මුව දී සිඹ
ඈ මලෙන් පා නගන්නී....
පෙති ගිලිහී
අත් මතින්
මල් කිනිති පරවෙවී
යන්ට අවසර
දෙමී..!
පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....
නොවැලැක්විය හැකි......රැවටිය නොහැකි.....පරාජය කල නොහැකි.....යථාර්තය....උපේක්ශාවෙන් වැලඳ ගනු හැර කුමක් කරම්ද?.
ReplyDeleteකරුමය උරුම විම.....
ReplyDeleteකර්මයට ඉදදීම...
හේමලයා...
ReplyDeleteඔබ හරියට හරි.... අපට ඒවා වලක්වන්න බෑ. හරියට ඉර හඳ පායනවා වගේ.... ඒ දෙස උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න මොකක් කලත් වැඩක් නෑ.... නේද ?
ඉලන්දාරියා
ReplyDeleteඔව් කර්මයට ඉඩ දිය යුතු තමා. බුදු දහමෙන් හැබයි පවසනවා කර්මය වෙනස් කල හැකි අවස්ථා කීපයකුත්. ඒත් ඇතැම් කර්මනම් ඔබ කියන අයුරින්ම , වලකන්න අමාරුයි....