~''~
දෙතොල් තෙලිතුඩින්
රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ
හෙමින් අතුරලා
මගෙ ලයට තුරුලු වී
හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ
සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
රෑ දවසේ නොමැකී
ලා සඳ සේ සැප දී
රෑ මියෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
පාලු යහන් පෙරදා
සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ
හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ
හෙමින් අතුරලා
මගෙ ලයට තුරුලු වී
හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ
සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
රෑ දවසේ නොමැකී
ලා සඳ සේ සැප දී
රෑ මියෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
පාලු යහන් පෙරදා
සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ
හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
~''~
අද ලියන්න යන්නේ ගීතයට කතාවක් නෙමෙයි. ගීතයේ සුන්දරත්වය ගැනයි. මේ ගීය මගේ සවන වැකුනේ අහම්බයෙන්. ඒත්සොයා සොයා ගොස් අවසන හම්බ උනා.ගීයේ ගලා යන බට ලී නාදයකට මුසු ලයාන්විත ස්වරය පන පොවන සුරේන්ද්‍ර පෙරේරා ගීයට මහත් සාධාරණයක් ඉටු කර තිබෙනවා.මේ ගීය ලිව්වේ කවුරුදැයි මා දන්නේ නෑ.(හැකිනම් සොයා දෙන්න)
සිප ගැනීම කියන්නේ හුදෙක් වචනයක් නොවී දෙතොල් නමැති පින්සලෙන් මුහුණ පුරා සිතුවමක් අඳින උපමාවේ රැඳුනු ලාලිත්‍යය , හැඟීමක ප්‍රකෝපකාරී බව නොව කලාත්මක බව විදහා පාන බවයි මට හිතුනේ. ලයට තුරුලු වෙද්දී ඉඩ හසර මැවෙන්නේ හදවතක. ඒ කියන්නේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රේමයක සෙවනැල්ලක්. මෙහිදී කවියා ප්‍රේමය යනු සිතුවමකැයි කියනවා.. මට මා ලියූ අකීකරු කවිය සිහිවෙනව. ආදරය කරන්නිය සිත්තරියක් සේ ඉවසිලිවන්ත ,සෞන්දර්යය සමග ජීවත් වන්නියක් නම් , ඒ ආදරය කවියක් මෙන් කලාත්මක බවයි දැනෙන්නේ. ඇස් දෙකින් එබෙන බැල්මේ රැඳෙන නුරාව ඒ ආදරනීය හදවත් දෙක නතර කරන්නේ කලා අසපුවක..
ලා සඳක් සේ සෞම්‍ය වූ සෙනෙහස , ඒ ඔස්සේ ගොඩ නැගෙන හිරු කිරණක් සේ අති ප්‍රබල ආදරය බැඳීම, ව්‍යංගයෙන් ගී පද තුල අර්ථ ගන්වන දේ හරිම සුන්දරයි.
මා මේ ගීයේ ආසම පද පෙල අවසන් කොටසයි. ආදරයේ උපරිමම ඵලය විඳින ප්‍රේමනීය යුවලක් ගැන කියන මේ සුන්දර ගීයේ අවසන් පද දෙක තුල සැබෑ සෙනෙහසේ සියලු ගුණ එකට කැටිව තිබේ යැයි මට හිතෙනවා.
"මා යනෙනා කොතැනේ, හුස්මක් සේ ඇවිදින්..."
හුස්ම කියන්නේ මොන වගේ දෙයක්ද? ජීවත් වෙන්න හුස්ම වැටෙන්න උවමනයි. ඒත් ජීවිතයේ සියලු දේ නතර කොට එක් තැනක නතරව අපි හුස්ම ගන්නේ නෑ නේද හිතා මතාම? නෑ. හුස්ම නිරායාසයෙන් වැටෙනවා නේද ? අපට හුස්ම ගත්තා කියා මහන්සි නෑ.. හුස්ම අපට නොදැනී අපට නොරිදී ඉහල පහල වැටෙනවා. විටෙක හුස්ම හිර වෙනවා, එවිට අප නතරව ටිකක් හයියෙන් හුස්ම ගන්නවා. දුවද්දී හුස්ම වේගෙන් ගන්න ඕනා වෙනව. ඒත් වෙහෙස නිවෙද්දී එය ආයෙමත් ජීවිතයේ කොටසක් වෙනවා. හුස්මෙන් පෙනහලු පිරෙද්දි සිරුර බරක් ගන්නෙ නෑ. ඇත්තටම බරක් නෑ. අප යන යන තැන හුස්මත් අප සමග යනවා, එනවා, අපේ සිතුවිලිත් සමග පවා බද්ධ වෙමින් සියලු දේ උපේක්ෂාවෙන් අසමින් බලමින් විඳිමින් කල් ගෙවනවා. ආදරයත් ඒ වගේ යැයි මට හිතුනා. හුස්ම යනු අපේ ජීවිතයේ පැවැත්ම.. එය ආශිර්වාදයක්.. සැබෑ ආදරයත් ඒ වගේ..
මගේ ජීවිතේ ආදරය පිලිබඳ නිර්වචනය 'ආදරය හෙවත් මගේ හුස්ම' .. ඒ නිර්වචනය මා සොරා ගත්තේ මේ ගීය ඇසීමෙන්...
මේ ගීය ගොඩක් තුඩ තුඩ රැඳුනු එකක් නොවන නිසා මේ ගීය බා ගන්න නම් තැනක් පෙන්වුවොත් හොඳා කියා හිතුනා.

ගීතය නම් අහලා නෑ....පද පෙළ නම් ලස්සනයි....අහලා බලන්න ඔනෑ...ස්තුතියි බෙදා හදාගත්තට...:)
ReplyDeleteඔව්.. මේක හරිම ලයාන්විත ගීතයක්.. ලස්සන පද පෙලක්..
ReplyDeleteගායනය - සුරේන්ද්‍ර පෙරේරා
ReplyDeleteපද රචනය - කැලුම් ශ්‍රීමාල්
තනු නිර්මාණය - නලින් පෙරේරා (මේරියන්ස්)
පටිගත කිරීම - මලින්ද ලෝව් (MARIANS Creative Lab)
මෙක නමි සිරාම සිරා song 1ක්..මමත් sweet heart ව මතක් වුනාම ඹක තමයි අහන්නෙ.....nice song aaaaaaaaa
ReplyDeleteආදර කතාව
ReplyDeleteගොඩක්ම ස්තූතියි මේ තොරතුරු හොයල දෙනවට....
ඇනී
ඔව්.. ගොඩක් හිතට වදින ගීයක්...
ANE MANDAA.. MONAWAA KIYANNADA KIYALAA..
ReplyDeleteMAGE PC1KE UNICODE ATHURUDAHAN WELA MIS.. TYPE KARANNA WUNE ENGLISH WALIN. ETH SINHALA FONTS KIYAWANNA PULUWANI..
hane sansaare! ikmanata pc eka hada ganna labeva!
ReplyDeleteඅම්මපා මේ ආදර කතාව කොලුවත් නොදන්න දෙයක් නෑනේ.
ReplyDeleteඅනුරාධ පොඩි මල්ලි, අපි රජිත්ට නමක් දාමුද?
ReplyDeleteඅක්කි..ලස්සනයි සින්දුව...ඊට වඩා ලස්සනයි ඔයා කියල තියන දේ....ආ..මේ...මම කියන්නද නමක් එයාට?
ReplyDeleteසුදු නංගෝ... තැන්කූ... කියන්නකෝ නමක් ,,,,
ReplyDeleteඇයි දැන් ඔය තියෙන නම අප්සැට්ද?
ReplyDeleteදැන් කියන්නෙ 'බකමූනනෙ'..නෑ..නෑ ඕනෙ නැහැ.. එපා වෙන නම් දාන්න මගෙ බකමූනට...
ReplyDeleteනංගෝ... වැඩියෙ කෑගැහුවොත් අපි ඔය ගාලු පන්ඩිතයටත් නමක් දාමු... :-)
ReplyDelete