Friday, July 02, 2010
ප්‍රාර්ථනාවක්ව සිටිනු රිසි වෙමි,,,,!
සඳක් බැස යන විට
අහසේ ඇඳෙන පාලුව
තිබෙන්නේ එක මොහොතක
නිසල වන ලොව
නිදි ගැට හරින විට....
අලුත් හිමිදිරියක
අලුත් සිහිලෙන් ඉඳුල් වන
උදා අවු රැල්ලක්
වාගේයි... ඔබ....
සියොතුන් පහන් වන
හිමිදිරියට ගී ගයනු ඇත...
කුසුමෙක රොන් රේණුවක
නොකී කවියක අකුරු ඇත...
එ'අකුරු එකිනෙක
හෙමි හෙමින් මම ඇහිඳිමි...
එකින් එක ගලපමි..
දහස් වර
සියක් වර
වරින් වර
ගලපනු නොහී කවියක
එලිවැට කොහිද සොයනෙමි..
අයුරින් එකින් එක බැඳෙන
එකම එක කවිපදයක
ප්‍රාර්ථනාවක්ව
සිටිනු රිසි වෙමි..
එයින් සැනසෙමි......
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
එක කවි පදයක
ReplyDeleteඅකුරු වෙලා හෝ
ඔබගේ සවනට
මිමිනෙනු හැකි නම්..!!!
ලස්සන පද පෙලක්........
ReplyDeleteනිමන්ති අක්කා
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... එහෙනම් බැරියැ? නේද ? බැරිමත් ඒකනෙ....
හේමලයා
ඉස්තූතියි...