Friday, July 02, 2010

පෙති ගිලිහෙන්නට ඉඩැ'ර බලා ඉනු මිස??? (අතීතයෙන් ආ කවි 10)


අරුත යැයි සෙවූ දේ
මිහිමතින්
සෙවිය නොහෙන වග
පසක් වෙයි
නිරුත්තර හිත
පණ ඇද
මියෙන විට...

එකින් එක
පෙති ගිලිහෙයි
ජීවිත කුසුම මිලින වෙයි....
න‍ටුවටත්
රේණු බිඳටත් පෙම්කොට
ශේෂව යයි
හුස්ම පොද...

පෙති අහුලන්නට
වාරු නොදෙන සඳ
පෙති ගිලිහෙන්නට
ඉඩැර බලා ඉනු මිස
කුමක් කරමි...
ජීවිතේ මල....



පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ...

4 comments:

  1. අපට අයිති කිසිවක් නැහැ ලොවේ දුවේ
    හැමදේ තාවකාලිකමයි ඇත්ත දුවේ
    බුදු හිමි දෙසූ බන එහෙමයි මගේ දුවේ
    මේ දැන ගන්න සැනසුම අත ලඟම දුවේ

    ReplyDelete
  2. හිතට දැනෙන පද පෙලක්.....

    මෙකත් බලන්න.......

    http://ilandhariaya.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  3. අපි කියා වෙන කුමක් කොරමුද?...
    බලා හිඳිනවා හැර....
    රතු වැටුනු විට නැවතී...
    කහ වැටුනු විට නොඉවසිලිමත් වී...
    කොල වැටුනුවිට දිව යන්නෙමු....
    එකම රූට් එකක
    විවිද අතුරු පාරවල් ඔස්සේ
    කරකැවී...
    යලි පටන් ගත් තැනටම එමු
    නොනැවතී සොයමු..

    ReplyDelete
  4. දයාබර සරත් මාමා

    කිසිවක් නොමැති ලොව නතු කර ගනු නොහෙන
    ඇසි පිය හෙලන එක් නිමෙසක් ලද සැනෙන
    බුදු හිමි දෙසන අනියත බව පහදවන
    ඔබ පින් ඇත් රජෙකි පිය ගුණ කිව නොහෙන....

    ඉලන්දාරියා
    ඉස්තූතියි... මම ඔබේ පද පෙලත් බැලුවා... අදහස් ලිවුවා

    හේමලයා
    කොටින්ම කියනවා නම් හේමලයෝ... තණ්හාව නම් ගුරුත්වය වටා අප ඈත් වෙමින් ලං වෙමින් ගමන් කරමු....මිදෙන්නේ කවදාද?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->