එක්තරා තැනකදී
එක්තරා මොහොතකදී
යා යුතුම යැයි කියනා
මේ හිත මියැදේ නම්...
ඉතින් මේ හිත සොයන්නේ
අහිමි වූ ජීවිතයයි....
යා නොහැකි දෙපය
අවසඟය....
අප්‍රාණික හිත
නොපහන් වූ රාත්‍රිය
කියයි මට
ජීවිතය දිගු බව....
කැබලිති බිඳෙන
මූසල අන්ධකාරය
තනි නොවෙයි...
මා ඉඳින තුරු....
මා මියෙන තුරු...
ජීවිතය තනි රකියි
නොපහන් රැය
නිදන තුරු....
එක්තරා මොහොතකදී
යා යුතුම යැයි කියනා
මේ හිත මියැදේ නම්...
ඉතින් මේ හිත සොයන්නේ
අහිමි වූ ජීවිතයයි....
යා නොහැකි දෙපය
අවසඟය....
අප්‍රාණික හිත
නොපහන් වූ රාත්‍රිය
කියයි මට
ජීවිතය දිගු බව....
කැබලිති බිඳෙන
මූසල අන්ධකාරය
තනි නොවෙයි...
මා ඉඳින තුරු....
මා මියෙන තුරු...
ජීවිතය තනි රකියි
නොපහන් රැය
නිදන තුරු....
පසු සටහන: මේ "අතීතයයි" ..
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
ජීවිතය හොයන එක ලේසි නැහ.....
ReplyDeleteඇත්ත ඇත්ත.....ජීවිතේ මහ හරස්පද ප්‍රෙහේලිකාවක්... එකක් ලිහන කොට දෙකක් පැටලෙනව... (ලොකු තේරුමක් ඇතුව කිව්ව කතාවක් මේක ) :-)
ReplyDeleteඇත්තටම මේ උඹද?
ReplyDeleteජීවිතය......
නැත්නම්...
මගේම හිතේ උපන්
සිතිවිලිවල ප්‍රතිබිම්භයක්ද?.....
මරණය......
අඳුරට සමානයයි
මගෙ හිත කියයි....
නමුත් එය එසේමද?.....
නොදනී මගේම විඥාණය......
අවදිවුනු වෙලාවට.....
අනේ මගෙ අපබ්‍රංස හිත......
එකතැනම් කැරකි කැරකි
බිම හෙලයි මගෙ ඥානය.....
thani nowei kisi kenek... thman hindina thurawata... kimada yath kisi kenek noyai kisiwek samaga... hara da... thaman.....
ReplyDelete(ELA NEDA DIL.....)
@හේමලයා
ReplyDeleteඔයාගේ කවි රටාව අපූරුයි... ජය වේවා. ලස්සන පැදියක්...