~''~
සඳ හැංගිලා මා තුරුල්ලේ
සිත නැංගුරම් ලා
දුක හංගලා
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැණ් නංවලා
කවලම් වෙලා
ආදරේ මා නිවාලයි..
ආදරේ මා නිවාලයි
පුලුලුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවඳ මල් රොන් සිඹීමෙන්
ලඟ හිඳීමෙන්
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා නිවා ලයි....
සඳ කැන් සළුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් මේ බැඳීමෙන්
සන්සිඳීමෙන්
මා නිවෙනවා..මා නිවෙනවා
අත් බැඳීමෙන්
මේ විඳීමෙන්
ආදරේ මා නිවාලයි...
සිත නැංගුරම් ලා
දුක හංගලා
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැණ් නංවලා
කවලම් වෙලා
ආදරේ මා නිවාලයි..
ආදරේ මා නිවාලයි
පුලුලුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවඳ මල් රොන් සිඹීමෙන්
ලඟ හිඳීමෙන්
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා නිවා ලයි....
සඳ කැන් සළුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් මේ බැඳීමෙන්
සන්සිඳීමෙන්
මා නිවෙනවා..මා නිවෙනවා
අත් බැඳීමෙන්
මේ විඳීමෙන්
ආදරේ මා නිවාලයි...
~''~
ආදරේ කියන්නේ ඇවිලෙන ගින්නක් නොවී සිත නිවා සනහන නිසංසල සිතුවිල්ලක් නම් කොතරම් අගනේද? ජීවිතේ හැල හැප්පීම් නැතුවා නොවෙයි.ඒත් හැලහැප්පෙන කැලතෙන ජීවිත අන්දරය එක් මොහොතකට දමනය වී නිශ්චල කල හැකි මන්ත්‍රයක් වන් ආදරයක් අපට හිමි නම් කොතරම් වාසනාවක්ද?ආදරය යනු බරක් නොවෙයි. එය මහමෙරක් නොවෙයි. වගකීම් කියා මහා අමුතු නොසංසුන්කමක් හිත තුල රුවා අප ජීවත් වන්නේ නම් එතැන ආදරය තිබේදැයි සැකයි. කල යුතු දෑ , නොකල යුතු දෑ කියන ලැයිස්තුවත්, කරන නොකරන දෑ කැමති අකැමති දැ කියන ලැයිස්තුවත් එකම එකක් නම්, එතැන බරක් කොහිද? එකිනෙකාට අනෙකා වෙනුවෙන් දොස් නගන්නට චෝදනා කරන්නට අවලාද කියන්නට එයින් පටං ගෙන රන්ඩු සරුවල් වෙන්නට නෝක්කඩු මුහුනින් කල් ගෙවන්නට වෙන තැන ආදරයක් කොහිද? අවබෝධයක් කොහිද?
ආදරය කියන්නේ නිරායාසයෙන් සහ අනායාසයෙන් සිදු වෙන කැප කිරීමක්(සමාවෙන්න- කැපවීමක්). මට හිතෙන්නේ එහෙමයි. එහි කිසියම්ම දෙයක් ආයාසයෙන් සිදුවේනම් එය ස්වභාවිකව ගලා යන ආදර අන්දරයක් සෑබෑ ආලයක් විය හැකිද?
කම්කටොලු විනිර්මුක්ත ජීවිතයක් නෙමෙයි. දුක් සුසුම් නො එන ජීවිතයක් නෙමෙයි. වේදනා නොදැන්න කල්පිතයක් නෙමෙයි. බිය සැක සංකා නො එන සුරඟන කතාවක් නොවෙයි.. මේ හැමෙකක්ම සමසිතින් ගෙන , ඉන් සෙනෙහසට පෙමට හානි කර නොගන්න, අත් බැඳීම මේ අත්‍යන්ත සෙනෙහසයි. මේ හැමෙකක්ම සෙනෙහසින් විසඳාගෙන මේ යුග යුග ආ අත්බැඳීම සෙනෙහසින් රැකගන්නා හපන්කමයි ආදරය. සැබෑ සෙනෙහසින් මේ දුක් කම්කටොලු නිවී යයි. ලෝකයක් එරෙහිව නැගී ඉන්නා විට මේ බැඳීම සිහිපත් කොට නිවෙන්නට දමනය වෙන්නට හැකිනම්.. ඒ සැබෑ ආදරයයි. සැබෑ ආදරයේ අරුතයි...
අත්‍යන්ත සෙනෙහස තුල සිත නිවෙයි. සිතේ දුක පහව ගොස් ආරාමයක් පන්සලක් දුටුවා සේ සිත් සැනසීමට පත්වේ. නිහඬ වේ.. ආදරය ජනිත වන හදවත ගිනි නොගනී.. එයින්ම ජීවිතයේ විඩාව නිවෙයි. ඒ උණුසුම තුල සිත ගිනියම් නොවෙයි, සීතලව වැතිර උන් ප්‍රාණය උණුසුමින් සැනසීමට ලං වෙයි.. මේ සැබෑ ආලයේ සංසිඳීමයි. සෑබෑ සෙනෙහසේ නිවීමයි. බැලමකිනුදු සිත නොවෙහෙසන නිවීමයි.. සෑබැ සෙනෙහසයි..
ආදරය සිහිවන මොහොතක් පාසා සිත තුල ආඩම්බරයක් ජනිත වෙයි.. වාසනාවන්ත හැඟීමකින් සිත පිරී යයි. දැකුමකින් පහන් වන සිත නොදැකුමෙන් අසහනයෙන් ගිලී කිඳී නොයයි.. හුස්මක් සේ ආත්මය නිරායාසයෙන්ම ජීවත් කරවමින්, කුරුලු පිහාටුවක් සේ වසාගෙන නිදැල්ලේ මේ සුපසන් ආදරය පාව යයි... ඒ සැබෑ ආදරයයි...
අත්‍යන්ත සෙනෙහස තුල සිත නිවෙයි. සිතේ දුක පහව ගොස් ආරාමයක් පන්සලක් දුටුවා සේ සිත් සැනසීමට පත්වේ. නිහඬ වේ.. ආදරය ජනිත වන හදවත ගිනි නොගනී.. එයින්ම ජීවිතයේ විඩාව නිවෙයි. ඒ උණුසුම තුල සිත ගිනියම් නොවෙයි, සීතලව වැතිර උන් ප්‍රාණය උණුසුමින් සැනසීමට ලං වෙයි.. මේ සැබෑ ආලයේ සංසිඳීමයි. සෑබෑ සෙනෙහසේ නිවීමයි. බැලමකිනුදු සිත නොවෙහෙසන නිවීමයි.. සෑබැ සෙනෙහසයි..
ආදරය සිහිවන මොහොතක් පාසා සිත තුල ආඩම්බරයක් ජනිත වෙයි.. වාසනාවන්ත හැඟීමකින් සිත පිරී යයි. දැකුමකින් පහන් වන සිත නොදැකුමෙන් අසහනයෙන් ගිලී කිඳී නොයයි.. හුස්මක් සේ ආත්මය නිරායාසයෙන්ම ජීවත් කරවමින්, කුරුලු පිහාටුවක් සේ වසාගෙන නිදැල්ලේ මේ සුපසන් ආදරය පාව යයි... ඒ සැබෑ ආදරයයි...
මේ.. මේ සුන්දර ගීය ගැන මට හිතුනු හැටි පමණක් නොවෙයි.. ආදරය ගැන මා සිතන හැටියි...
ගයන්නේ : අමිල පෙරේරා
"ස්තූතියි" .. ආදරය කියා දුන්නාට....
නියම අර්ථකතනයක්....හැබැයි ආදරේ සැනසිල්ලක් වුනාට අපි ඇවිලෙනවා නෙව......ආදරේ කියන සංකල්පය පිවිතුරු හා පරිපූර්ණ වුනාට...මිනිස්සු වන අපි කිලිටි හා සම්පූර්ණයි.....ඕක ටම මට තේරුන හැටි........
ReplyDeleteහේමලයෝ... ඇත්ත... ඒත් මේ ඇවිලෙන සංතානය ගිනි වදින්නේ ඒ ගිනි ජාලාවෙන් අප විනාසව යන්නේ මේ සොඳුරු ආදරය වෙනුවට ජීවිතයට අසහනකාරී ආදරය ලංවීමෙන්... පුහුදුන් අප කොහොමත් ඇවිලෙනවා. ආදරය කියන සංකල්පයේ ඇති පිවිතුරු බව සැබෑ ජීවිතයේ සෙවීම නිශ්පලයි. ඒත් අසම්පූර්ණ පුහුදුන් මිනිසුන් තුල පවතින ආදරය තුල සම්පූර්ණත්වයට වඩා අප නිවීම සොයනවා නම් අප අතරමං වේවිද?
ReplyDeleteමේ සිංදුව අහන්න තැනකුත් දැම්මා නම් තමයි හොද.
ReplyDeleteම්ම්ම්.. කැප කිරීම් ගැන කියනවා නම්,
මට නම් හිතෙන්නේ, ආදරේදී කවුරුචත් කැප වෙන්නවත්, කැප කිරීම් කරන්නවත් ඕනේ නෑ.. අනිත් කෙනා මට ආදරේ කරන්න ගත්තේ, මම 'මම' උනු නිසා නම්, මම එයාට ආදරේ කරන්න ගත්තේ එයා, 'එයා' උනු නිසා නම්, අපි දෙන්නා එකට ඉන්නකොටත්, මම මමම වෙන්න ඕනේ.. එයා එයාම වෙන්න ඕනේ..
අනිත් කෙනාට ඕනේ විධියට අපි හැදෙන්න ගියොත්, මට 'මම' නැති වෙනවා. එයාට 'එයාව' නැති වෙනවා.. දෙන්නාම අසතුටින්.
පිස්සා..
ReplyDeleteඔයා හරියටම හරි. අපි ඇත්තටම ආදරෙයි නම් අපි ඒ ආදරය කරන්නේ ඒ කෙනාගේ පවතින ස්වභාවයට. එහි හොඳ නරක යහගුන අවගුන ඒ කෙනාගේ පුරුදු නුපුරුදු දෑ හැකියාවන් සීමාවන් ඒ හැම එකකටම. එහිදී වෙනස් උන චරිතයක් අපි හිතින් මවාගෙන ඒ වෙනස කරන්නට උත්සහ ගනිමින් ඒ වෙනස් වෙන කෙනාට ආදරය කරන්නට අපි බලා සිටිනවා නම් , එතැන ඇත්තේ ආකර්ශනයක් පමනක් විය හැකියි.
ඔයා කියන්නා වගේ 'මම' තව දුරටත් 'මම' ම විය යුතුයි . 'එයා' තව දුරටත් 'එයා' ම විය යුතුයි. වෙනස් වීම් යනු තම තමුන් විහින් නිවැරදි කර ගන්නා , වර්ධනය කරගන්න දෑ මිස අනෙකාගේ සතුට උදෙසා කරන කැපකිරීම් යයි හඳුන්වා ගන්න දෑ නොවෙයි.ඔබ හරියටම හරි. එසේ වෙනස් වන දෑ තාවකාලිකයි.. මටත් හැඟෙන්නේ එහෙමයි. ඒකයි මම ලිව්වේ ආදරය සැබෑ නම් එය කුරුලු පිහාටුවක් වගේ හුස්මක් වගේ සැහැල්ලු විය යුතුයි...
ඔය සේරම කරලත් අන්තිමේ එයාගෙන් වෙන් වෙන්න උනොත්......
ReplyDeleteහයියෝ මල්ල... දෙන්නද ගුටි!! ??
ReplyDeleteවෙන් වෙන්න උනොත් ඒකට මුහුණ දෙන්න වෙනව මල්ලියො... ලෝකෙ හැටි කියල හිත හදා ගනන් වෙනව
ආදරය යනු දුකකි... වේදනාවකි.. පසු තැවීමකි... අත්දැකීමකි... මතකයකි.
ReplyDeleteහයියෝ පොඩ්ඩක් සුබවාදී වෙමුද පිස්සෝ.. වැරදි කෙනාගෙන් ආදරේ හෙවුවොත් නම් ඒක එහෙමම තමයි. එමමයි...
ReplyDeleteගායනය : අමිල පෙරේරා
ReplyDeleteපද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : (තාම හොයනව. හොයාගත්තම කියන්නම්)
On behalf of ජීවිතේමල්
ReplyDelete@ .::පිස්සා::. - මෙන්න තියනව ලින්ක් එක. මෙතනින් පුලුවන් mp3 එක download කරගන්න
http://www.filestube.com/cae09a3e5873c78e03ea/go.html
මගේ ආසම සිංදුවක්..... රූපරචන එක්ක ආවම ඔය සිංදුවේ අමුතුම ලස්සනක් තියනව........ සිංදුව වගේම රූප රචනයත් හරිම ලස්සනයි සිංදුවට ගැලපෙනව.........
ReplyDeleteඅක්කගේ අදහසත් අපිට හිතන්න බොහෝදේ ඉතිරි කරනව.
@ ආදරකතාව
ReplyDeleteස්තූතියි විස්තරයට.... අන්ඩ් on behalf of සපෝට් එකට.. තැන්කෝ... මම ආයේ ලියනකොට ලින්ක් එක දාන්නම්. ඒත් මම ආස නෑ තිස්ස අයිය ( තිස්ස දොඩංගොඩ) කරනව වගේ කරන්න. මම ආසා සිංදුව ගැන මට හිතෙන දේ ලියන්නයි. මොකෝ තිස්ස අයිය හරි සෝයි එකට ඒ මෙහෙවර කරන නිසා. ඒත් තිස්ස අයිය කරන්නෙ පැරණි ගී නිසා, මේ අලුත් ගී ගැන පෙරවදන් ලියනවට අමනාපවෙන එකක් නෑ මයෙ හිතේ...
@ හා පැටික්කි
ReplyDeleteඔව් නංගි.. මේ ගීතයේ හරි අමුතු ලස්සනක් තියනව. මාත් ඒ රූප රචනයට හරිම ආසයි...ලස්සන ආදරයක් පවුල් ජීවිතයක් සැනසිලිදායක බැඳීමක්.. ඒක අපි අහෙමෝගෙම හීනය නේද ?
සින්දුවට වඩා දාල තියෙන පින්තුරෙ දක්කම පපුව හොස් ගලා යනවා, ආසයි, බයයි, දුකයි
ReplyDeleteඔයා කියන දේ හරිම ඇත්තයි..සුන්දරයි..ඒත් කීදෙනෙක් ඕක තේරුම් ගන්න උත්සාහ කරාවිද?තේරුම් ගනීවිද?මහාමෙරක් තරම් ආදරේ කලත්,,ජීවිතේ අපේ කියන ඕනම දෙයක් අපි ආදරේ වෙනුවෙන් කැපකරන්න සූදානම් උනත්,,අපි වෙනුවෙනුත් එහෙම කරන අය මේ ලෝකෙ ඉන්නවද? .... ආ..ආ..බයි ද වේ...
ReplyDeleteඔය 'on behalf of' ලියන කෙනාට පොඩ්ඩක් කියන්නකො ඕක හොඳට කියවන්න කියල හොඳේ?????
@ඇනී(anonymous)
ReplyDeleteමටත් එහෙම උනා. හ්ම්ම්.. ජීවිතේ හැටි... හීන දෙකක් ප්‍රතිනිර්මාණය වෙච්ච රූපදෙකක් ඒ.
@නෙතාරා නංගි
ආ නංගා .. ඒක තමා ගැලපීම. සැනසීම තියෙන්නේ දෙන තරමට විතරක් නෙමෙයි දෙන තරමටත් වඩා වැඩියෙන් ලැබෙන ආදරයක් ඇතුලෙ. තමුන්ට හැම තිස්සෙම හිතෙනවනම් අනේ මේ කෙනා මට පාන සෙනෙහසේ හැටියට මම දෙන තරම මදිද මන්ද කියල.. ඒ කියන්නේ අපිට ආදරේ ගොඩාක් ලැබෙනව. අපිත් නිරායාසයෙන්ම අපේ ජීවිතේම දෙන්න පෙලඹෙනව. ඒත් ඒකෙ අනිත් පැත්ත නම් දැනෙන්නෙ, ඒ කියන්නෙ අපි හිතන තරම් අපිට ආදරේ ලැබෙන්නෙ නෑ කියල, නංගි එක්කො අපි උවමනාවට වඩා expect කරනව, එක්කො අපිට අනිකාගෙන් හරි හමන් ආදරයක් ලැබෙන්නෙ නෑ. ඔය දෙකින් කෝකද කියල අපි පරිස්සමින් තෝර බේර ගන්න වෙනව