ජීවිතයෙන් බිඳක්
අතැඟිල්ලෙහි හොවා ගෙන
හැඬිමි එහි අරුත
කියා දෙන්නැයි කියා
ගොලු අහසට...
අහස ගොලු බව දැන දැන...
ගොලු අහසින්
පිලිතුරක් නැති තැන
හැඬිමි එක ඉඟියක්
එක බැලමක් නොලද තැන..
එය සඳ අල්ලන
තැතක් බව දැන දැන....
මිහිදුමකින් වට කොට
හිරිකඩක් සියොලඟ එතෙන විට
නොරිස්සුම් බැල්මක් ගෙන
පලවා පියනු
නෙක දෑ කලෙමි..
නොපසුබහින වීරිය
දිනනු මිස නොපරදින සිත
එකම දේ ඉල්ලමින
එකම පැතුමට නතු වුන...
ආදරය මේ යයි..
නොනැවතී කියමින...
අනේ ඉතින්
ඉඩක් ගත්තා නොවෙද හිත අස..?
හිතුවක්කාර රැඟුමට
නොරැවටී තතු දැන..
රිදුම් නොසිතා නොපසුබැස
හිතා ගන්නට බැරි...
මේ සුලඟ ...
මා වටකොටම දැවටුන... !
කවියක් ලියනු බිය වෙමි...
මොහොතක් නතරව
සිනහසෙනු බිය වෙමි..
එහෙත් මම සිනහ වෙමි..
සුලං රැල්ලෙන් නැලවෙන
හදවත ...
සුලං අතටම යාවුන...
මගේ හිත කොහිදැයි
මමම දැන් සොයනෙමි...
මෙලෙක් වී වැගිරුන
ගල් හිතට අමතන
සුලං ගුමු හඬ අසමින
ඇසිල්ලක් නැලවුන
මේ හිත...
අනේ බලන් මේ අරුම...
සුලඟටම සින්නකොට
සිනහ වෙන අරුම...
බිය ලා පසෙක ...
මුලු හදවතම සුලඟට
උරුම කියනට
ඉඩ හසර පෑ
අරුම ! මේ අරුම!
ඇත්තටම පද අතර
ReplyDeleteමයෙ හිත හිර වෙලා......
හිතුවත් ලියන්නට
පිලිතුරක්.....
අදහසුත් වියැලිලා.......
මං ගැනම
මට මෙනෙහි වෙලා.....
ආයෙමත් පද අතර
මයෙ නෙතු තනි කලා......
මුලු හදවතම සුලඟට
ReplyDeleteඋරුම කියනට ඉඩදී
බලා ඉනු කෙලෙසද
නැතිද සිත තුල ධෛර්යය
මැණික්(සුළඟ)
@හේමලයා.
ReplyDeleteඅපි හැමෝගෙම ජීවිත පද අතරතුර අඩු වැඩි වසයෙන් ජීවත් වෙනවා නේද ?
@මැනික්
සිතේහි දහිරිය ඇති නිසාවෙන්ම
වෙර ගෙන ඉඳිමි...
ආලය කියා අන්ධ නොවෙමි...
තව තවද ඇස හැර බලමි....