Thursday, July 01, 2010

හුදෙකලාවද තනියද...?? (අතීතයෙන් ආ කවි 9)


මා තනිව ඇතැයි සිතේ
නාඳුනන මිනිස් සතුන් පිරි
මිනිස් ගේකට වැද
යා යුතු අත නොහැඟී
හතර අතේ හැපි හැපී
පියාඹමින්
හැපෙමින්
නතර නොවෙමින්
විය සිදුර සෙවු
කිරිල්ලකැයි හැඟේ
හුදෙකලාව
බ්‍රහ්මාස්වාදයකැයි කී
මා අද හුදෙකලාවෙන් මිදී
තනිව ඇතැයි හැඟේ...


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 
 

කරුණාකොට සලකන්න: මේ අද ලියූවක් නොවන බවත් මීට කලකට ඉහත් ලියූවක් බවත් සලකන්න

4 comments:

  1. නුඹ සමග ඉපිද.....
    ගුණමකුව....
    නුඹ රවටා...
    සසක් දන මැද.....
    හුදෙකලා වී ඉඳ.....
    නුඹ සමගම යන්න යමි.......
    මගේ සොඳුරු තිනිකම.......

    ReplyDelete
  2. ඒ තනිකමට බිය වෙන අපි හරිම පවු.. තනිකම පිටිපස්සේ ඉන්නේ අපේ නිදහස බව අමතක වෙලා අපි හඬනවා තනි වෙන්න බයේ... ඒත් හේමලයෝ... තනිකම තරම් උතුම් සැපතක් නිවනක් නෑ වෙන කොහෙවත්...

    ReplyDelete
  3. තනිකම තරම් රසයක්
    ලොවෙ හොහේ ඇදො කියන්
    එය රස විදිනු හැකි මුත්....
    විටක තිත්තද දැනේ .....
    නෙල්ලි ගෙඩියේ රසයත්...

    ReplyDelete
  4. ඉලන්දාරියා
    සැබැයි සැබැයි....
    තනිකමේ රසයේ
    ඇත්තේ නිදහසයි...
    නිදහසේ සිත යන
    නිවහල් හැඟුම
    රස දෙයි....
    විටෙක් ඔව් තිත්තයි..
    තිත්ත වෙයි නොමැති කමෙන්
    හිස් කමෙන්..
    ඒත් ඒ මොහොතයි
    එ මොහොතෙන් පසු
    යලිත් නිදහස්
    හදවතයි.. මමයි...පමණයි....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->