කඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
ලිහිණියනේ පියාඹන්න
ඈ ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඈ එවන්න මා බලන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
ලිහිණියනේ පියාඹන්න
ඈ ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඈ එවන්න මා බලන්න
හිතේ උනන ආල වේගය , විරහ වේදනාව තුල ඇති අරුම නිසාවෙන් හුස්මක් ගන්නටවත් බැරිව ගොස් යැයි මට හිතේ. බැලු බැලු අත ඒ මුහුණය. දින සති ගනන් සංඛ්‍යාලේඛන අතරේ සැරිසරන හිත වරින් වර ගැස්සෙන්නේ ආල හිත සිහිපත් වීමෙන්. කල කී දෑ... මතක මානයෙන් ඔබ්බට නොයේ.. කෑ ගසා හඬන්නට බැරි තරම් හිත හෙම්බත්ව සිටී. හැර ගිය ඒ මතකය රිදුම් දෙයි. මා තනිව ඇතැයි සිතේ. විටෙක් මා මියෙන බව කියා තර්ජනය කර ආලය යලි දිනා ගන්නට හිතුවක්කාර හිත බල කරයි...
මා හැර ගිය ඒ හිත... ඒ හිත... ඒ හිත... කොහිද? ඇස් මානයේ පෙනී නොපෙනී හිඳී ... වරෙක ඈත් වේ.. වරෙක ඇස් අබියස දසුනට ඇමිණ එයි.. වරෙක මතක ඇවිස්සී සිත තිගස්වයි... වරෙක විදිලියක් සේ සිත පුරා දිව යයි... විරහව මා විඳවන තරමටම ඒ ආල හිතට නොදැනෙන්නේ මන්ද? අතීතය එතරම් ඉක්මනින් උගුල්ලා දැම්මේ කෙලෙසද? මා මියෙන්නේ නම් යෙහෙකි.. එවිට ඒ ගල් හිත මට නොපෙනේ.. නොදැනේ. ඒ හිත මා කරා නො එයි... අහස ගොලුය.. අහස දෙස බලා ඉන්නා සඳ පායන්නට ඉඩ හසරක් නැතිව වැතිර ඉඳී.. පණ අදී... අමාවකක් ආ සඳ , සඳත් සමග විරසක වී සඳට දඬුවම් නොව සදහට බ්‍රහ්මදන්ඩය පැනවූ ගල් හිතකට , ලිහිණියකු ගෙනයන දූත පණිවිඩය ඇසේවිද?
අතීතය යනු මහ දුරක නොවෙයි. මතකය සියවසක වූ දෑ නොවෙයි. සිදුවීම් හුදෙක් සිද්ධීන් නොවේ... ඒවා සොඳුරු තිගැස්මක පැටලී මෙතරම් වද දෙන්නේ ඇයි.. ? අත් හැරී ගිය කවියට අකුරු මදිව ඇත.. එලිසමයක් නොරඳන කවියක් අමුණනු මිස,ගෙත්තමක් සේ ඒ කවිය නොගෙතෙයි. නිරායාසයෙන් අකුරුත් වචනත් මුතුහරක් මෙන් ගෙතී ගිය යුගයද සොරකම් කොට ගෙන හිත උපන්න ආලවන්ත රුව සැඟව ගොසින්... මගේ හුස්මත් රැගෙන ආලවන්ත රුව ගිය අත ලිහිණියනේ සොයා යන්න !
මේ .. මේ ගීය පිලිබඳව මට හැඟුන කතාවයි....

මේ දවස් වල මමත් නිතරම කියන ගීතයක්.
ReplyDeleteමමත් මේ සින්දුව කියන්න පටන් ගන්න ඕන.
ReplyDeleteඅතීතය අපේ හිතේ හුරු පුරුදුම නවා තැන්පලයි.....දුක අපේ සදාකාලික අසල් වැසියායි....කඳුල අප සනහාලන සුමිතුරායි.......
ReplyDeleteහිතට දැනෙන ගීයක්...
ReplyDeleteආස කරන ගීයක්
ReplyDeleteමම හැමදාම කියන්නෙ මේක තමා
ReplyDeleteඅනේ මන්දා ansh ... බලං ගියහම බහුතරයක් ජීවිත වල තියෙන්නෙ මේ පසුතැවීමද මන්දා. ඒත් අපි කොහොමද මෙහෙම ඉරට අඬන්නේ... ඉර අප ගාවට නො ඒන බව දැන දැනම.
ReplyDeleteඅනුරාධ මල්ලි... පටං ගන්නව හෙම නෙමෙයි මේක කියන්න... මේ ජීවිතේ නැගිටින්න කාලය මිසක් දුකේ ගිලිල ඉන්න හොඳ වෙලාව නෙමෙයි. තේරුනාද ?
මේ අසල්වැසියා අපට සලකන්නේ ආදරෙන් නෙමෙයි හේමලයෝ.. නපුරක් නොකලත් අපි මේ අසල්වැසියා දකින් මොහොතක් පාසා හිත නරක් කර ගන්නව. එහෙම නේද?
පිස්සා, මේ මමත් ප්‍රියතම ගීයක්... වේගව්ත් රිද්මයක් උනත්, දුක විලාපයක ස්වරය අපූරුවට කැටි උන ගීයක්...
ස්වප්නා, මේ ම්වගේ සොඳුරු ගී දැන් බිහි නොවෙන්නේ ඇයි??
තිසර , ඔයාටත් කියන්න තියෙන්නෙ ඉතිං, මේ දුකෙන් ගොඩ එන්න, මේ කවි කිය කිය ඒකෙ ගිලිල ඉන්න එපා කියල තමයි...
ස්වප්නා ඔබ මගේ 100 වෙනි මිතුරී... මේ තාක් මගේ අකුරු කියවූ , මේ සියක් දෙනා පමණක් නොවෙයි, ඔබ හැම දෙනාටම ස්තූතියි...
ReplyDeleteකඳුළු සලා නුඹ හැඬුවත්
ReplyDeleteසත් සමුදුර ගොඩ ගලන්න
සක්වල ගල සසල නොවෙයි
ඒ සුසුමන් නිල් අහසට
ආල හිතට බැඳි ඒ රුව
යලිත් නො එයිනම් ළඟටම
ළිහිණි කුරුල්ලනි කුමටද
පණිවිඩ ගෙන යනු ඇය වෙත..
@අනුරාධ
අනේ මේ පින්සිද්ධ වෙයි අර ජීවිතේ මල් කිව්වා වගේ තියන වැඩක් බලාගමු නේ..?? මේ වගේ සිංදු කිය කියා ඉන්න හිතන්නේ නැතුව..
මට නම් කඳුළු එපා...
ReplyDelete"Every Coins has Three Sides"
ReplyDeleteSo don't look at only the 'Tale' or
only the 'Head' or Both... Because there's another side that no one want to see.
That is the Life...!!
First get out the 'Box of Mine' then you gonna see the all '3 Dimensions'
අනේ මන්දා. මට නම් ඔය සින්දුව එච්චර ෆීල් වෙන්නෙ නෑ. (මොකක් හරි අප්සෙට් එකක් ඇති)
ReplyDeleteඔයාට පුළුවන්නම් කවදහරි
'රතුපාට මල් - මට තාම මතකයි'
ගැන ලියන්ඩකෝ.
(කාරුණික ඉල්ලීමක්)
කඳුලු වලින් කියන්න බැරි
ReplyDeleteදුක ඇහෙන්නෙ නැති විටකදි
ගලන කඳුලු විහිලුවක්ය
නාඩා හස නගනු රිසිමි...
නැද්ද නිමන්ති අක්කේ?
අනේ චේජනා, කඳුලුනම් මටත් එපා... හී හී
Gvithaya.. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
චාමි, හොඳයි මම ඒ ගැනත් ඉක්මනටම ලියන්නම්කෝ... ස්තූතියි දිරි ගන්වනවට!
@nimanthi
ReplyDeleteඒ උනාට අක්කේ මේ සින්දුවේ තියෙනවා නෙව අමුතුම ගතියක්....
අපොයි මගේ නම් පපුවත් හිරවුණා වගේ මේක බලලා. ප්‍රියතම සින්දුවක්. කතාව කියවද්දි බය හිතෙනවා අනේ පණ මා දාලා ගියොත් මගේ ජීවන ගීතයත් මේකම නේද කියලා. අප්පේ එහෙම වෙන්න නම් එපා.
ReplyDelete