Thursday, July 29, 2010

[91] හිස් කම ගැන...



මුකුත්ම දෙයක්
හිතන්න හිතෙන්නෙ නැති කොට
හිතෙන්නෙම
හිතන්න
අකැමතිම දේවල් නොවැ..

එපා කිව්වට
අහන්නේ නැතුව
ඔන්න ඔහෙ
හිතන්න දුන්න..

කැමැත්ත
අකමැත්ත
පැත්තක තියල
හිත
මෙන්න
ඒ පාර
අඬන්න තියා ගත්ත!

කාරණ නොදැන
අඬන එකත්
හරි
වදයක්
හැබෑට!

මද්දහනේ හිතට ආ විප්‍රකාර සිතුවිල්ලක්...!

17 comments:

  1. මදැයි කොලා... ඕකනේ කියන්නේ... නරකද ඔය නිකා ඉන්න එකේ ශිෂ්‍යත්ව පන්තියක්වත් කලොත් පොඩි උන් ටිකක් අල්ලගන...

    ReplyDelete
  2. කියවන අපිවත් විකාර වෙනවනේ

    ReplyDelete
  3. හේතුවක් නොදැන අඬන්න ඕනි නැහ... අඬනවනම් හේතු අනන්ත....

    ReplyDelete
  4. මට පේනදේ
    මම දකින දේමද?........
    මට ඇහෙනදේ
    මම අහන දේමද?......
    මට හිතෙනදේ
    මම හිතනදේමද?
    මට තේරෙනදේ
    මම තේරුම් ගත්තදේමද?......

    ReplyDelete
  5. ආදර කතාව
    බෑ බෑ... මම මේ හිස්කමට කැමතියි...

    අහ් නිමේශ්
    හොඳයි හොඳයි... එතකොට විකාර වෙන්න පුරුදු වෙනව... හොඳ ආරම්භයක් ...! :-)

    පිස්සා.
    හේතුවක් නැතුව ඇඬිලම නැද්ද? මට නම් එහෙම වෙලා තියනව.//

    හේමලයෝ
    නෑ... අපිට හිතෙන දේ.. දකින දේ,ඇහෙන දේ, තේරෙන දේ,,සාපේක්ශයි....

    ReplyDelete
  6. හේතුවක් නැතුව අඬන අය ඉන්නවා..... ඇයි මම?
    වෙලාවකට මොකුත් හිතෙන්නෙ නැහැ...හිතාගන්න හැදුවත් හිතට එන්නෙත් නැහැ...ඒ වෙලාවට මහා පාලුවකුයි..නිකම් කළකිරීමක් වගේ දෙයකුයි...පොඩි කේන්තියකුයි හිතට එනවා...(ලඟ අහලක කියල කෙනෙක් ඉන්න එකක්යැ 'බයිට් එකට' ගන්නවත්)....ඉතින් වෙන මොනද කරන්නෙ අඬනවා මිසක්?
    හ්ම්ම්ම්ම්ම්ම්.....බයි ද වේ.....පොඩි උන් ටිකක් හිටියා නම් මටත් තිබුන ඔහේ මොනා හරි කරන්න....අඩුම ගානෙ 'පම්පස්' මාරු කර කර ඉන්නවත්.........??????

    ReplyDelete
  7. ඒ පාර අරූ උපදෙස් දෙන්නෙ පහේ ඉන්න පොඩි කොල්ලො කෙල්ලො ටිකවත් අමාරුවෙ දාන්න....
    ( අනේ දෙය්යනේ මෙක කාටවත් පේන්න එපා... විශේෂයෙන්ම අක්කට.... නැත්නම් මන් ඉදලා හමාරයි)

    ReplyDelete
  8. නංගියා
    අපොයි මට හිතා ගත්ත හැකි ඔයාගේ සෑඩ් මූඩ් නිසා පරිප්පු කන්නෙ කවුද කියලා... ඔය පම්පස් මාරු කෙරිල්ල ඉතින් වැඩි අමාරුවක් නෑ. මොකද ඔයා රෑටත් නිදි වරනවනේ අන්තර්ජාලයේ... හී හී

    අනුරාධ
    ඒයි .. වර මූනු පොතට ! දෙන්නම් හොඳ කසායක් !

    ReplyDelete
  9. එයාගෙන් උපදෙස් ගත්තොත් නරක් වෙලා තියෙයි......පුහ්හ්හ්හ්හ්හ්හ්.....මේ පේන්නැද්ද මට වෙල තියන දේ..??

    ReplyDelete
  10. ඇයි නෙතාරට දැන් මොකක් හරි නරකක් එහෙම වෙල තියනවැයි???

    ReplyDelete
  11. අනේ පිස්සුද එහෙමත් වෙනවද?

    ReplyDelete
  12. ඇඬිල තියෙනවා... ඒත් බැලුවම හේතුවක් තියෙනව නේද... පාලුව... තනිකම වගේ

    ReplyDelete
  13. හේතුවක් නෑ කිව්වත්,
    හේතුවක් හිතා ගන්න බැරි උනත්,
    හේතුවක් නැතිව ඇඬෙන්නේ නෑ....
    ඒකයි ඇත්ත

    හැබැයි තව දෙයක්

    ඔයා අඬනවා කියන්නේ
    යම් කිසි දුකක අවසානය වෙන්න පුලුවන්...
    ඒත් අපි හිනා වෙනවා
    හිනාව කියන්නේ හැඬුමක ඇරඹුම...

    ඒ ගැන හිතලා ඇඬුම අස්සෙන් පොඩ්ඩක් හිනා වෙන්න බැරි කමකුත් නෑ නේද?

    ReplyDelete
  14. @anonymous
    මට නම් හිස් කම නිසා ඇඬිල තියනව... මේ දුකේ කෙලවරක් නෑ. හොයලත් වැඩක් නෑ. අපි හැමදාම කරන්නේ අඬන කඳුලු වහගන්න හිනා වෙන එකම තමා.

    ReplyDelete
  15. @පිස්සා
    ඒත් හරිම හේතුවක් කියන්න පුලුවන්ද ? බැහැ නේද ?

    ReplyDelete
  16. @ආදරකතාව & නෙතාරා
    මෙන්න මෙන්න දෙන්නා ආයෙත් බොස්නියාව වගේ...:-)

    ReplyDelete
  17. රුසියාව බොස්නියාවට ගහද්දි, බොස්නියාවට හෙල්ප් කලේ කවුද? අමෙරිකාව.......!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->