දහසක් ඇස් දෙන
සොඳුරු සිතුවමකින් ගිලිහුනු
සුසුමකින් ඇස් අරින
සුසිනිඳු මලකි මම්..
එහෙයින් ඒ සොඳුරු සුසුම් පොද
හැඟෙන මානයෙන්
ඉවත යමි,
දුරින් හිඳ සුසුම් ලමි...
හේබා ගොස්
මුකුලිතව ඉන්නෙමි
කඳුලු මත
සිනහ පිනි තවරමි
පපු තුරට නිහඬව
හිසදී තුරුලුව
හද ගැස්මෙහි
අරුත් පසිඳිමි
ගලපන මං සොයමි....
නිසංසල නිශාවට
තටු ගසන
හැඟුම් සියොතුන්
දැහැන් ගත කරවමි...
සොඳුරු සිතුවම
කොනෙක ලියවුනු
අකීකරු කවියට
නිදන් වෙන්නට දෙමි...
ඉතින් නම් නොනැගිටිමි....
මොනවද කියන්නේ.
ReplyDeleteම්...ම්....ම්.......
ම්හු....මොකුත් හිතට එන්නෙ නෑ.
ඔයගේ කවියේ හැම වචනයක්ම මගේ මුලු හිතම අත් පත් කරගෙන. ඉතින් කොහොමද මන් මොනවත් කියන්නේ.
හිතට දැනුනු පද පෙළක්.
ReplyDelete@ අනුරාධ
ReplyDeleteඑ මොකෝ ? ඒත් ප්‍රතිචාරයක් ලියන්න :-)
අයියෝ අදනම් පළවෙනි comment එක මිස් උනා මට. :(
ReplyDeletehe he :-)
ReplyDeleteහරිම කවිකාරිණීයෙක් නෙ මෙයා..
ReplyDeleteලියලාම වෙන්නැති නෙද...
අනේ .. මමම තමා ලියුවෙ අනේ....
ReplyDelete@raven
ReplyDeleteඅනේ වෙරි සොරි.. මොන ක්‍රමේකින් හරි ඔයාගේ කමෙන්ට් එක මිස් වෙලා පබ්ලිෂ් කරන්න... ඔන්න දැම්මා... තරහ වෙන්න එපා ප්‍රමාදෙට....
ඔබට බොහෝම ස්තූතියි ප්‍රතිචාරෙට... අලුත්ම කවිය තව මොහොතකින් දානවා... ඉතින් එහෙනම් මිනිස්කම බෙදා ගනිමු....
අකීකරු උනාම නැගිටින නැති එකමයි හොඳ..
ReplyDelete/බිඟුවා...!
හී හී....
ReplyDelete