Friday, July 23, 2010

[87] හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැතී...


සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී

සතු‍ටු සයුරකී ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී

තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වූ පරිදි
හමුවීම අහම්බයකී

හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී
සතු‍ටු සයුරකී ආදරේ
මියුරු රහසකි ආදරේ

සංසාර පුරුද්දද මේ?

ඔව් සංසාර පුරුද්ද නම් තමයි... නැත්නම් ඒ ඇස් එච්චර හුරු පුරුදු වෙන්නෙ කොහොමද? ඒ හිනහවට වසඟ වෙලා දෙන්නට දෙන්නා හොර හොරෙන් ඇසිපිය නොහෙලා බලන් ඉන්නෙ කොහොමද? ඒ ඇස් හමු වෙනකොට තෙත් වෙලා දිලිසෙන්නෙ ඇයි?

අත් නොහැර ඒ අත් තව තවත් අල්ලාගන්නම හිතෙන්නෙ ඇයි? පපුතුරට ලං වී ඒ හද ගැස්ම අහන්න, එසේ ඉන්න හිතෙන්නේ ඇයි? ඇස් වලින් කතා කරමින් පැය ගානක් ආදරේ එහාටත් මෙහාටත් පියාඹන්නෙ කොහොමද?

සංසාරේ අපි කොහේ හරි තැනෙක ලං වී ආදරෙන් ඉන්න ඇති. ඒ මතක හිතේ තු
රුල් වී මේ භවයෙදි අවදි වෙන්න ඇති.. 

ඒත් ඒත්... ? හිමි නොවෙනා බව දැනුනත්... මේ හිතින් බැ‍ඳෙන හුයෙන් මිදීමක් ඇත්ද?
හිත කෑ ගහන්නෙම 'නෑ' කියලමයි... 


අහම්බයෙන් හමු වී, සංසාර පුරුද්දට බැඳී, පෙර භවයේ මෙන්ම විරසකව,

නාඳුනන්නන් සේ අද වෙන් වී හිඳිනෙමු...

පසු වදන..
මේ.. මේ අපූරු ගීය ගැන මට හිතුන හැටියි... මේ ගීය තිබෙන්නේ ටෙලිනාට්‍යයක. 



ටෙලිනාට්‍යය: සිහින වසන්තයක්
ගයන්නේ : අමල් පෙරේරා

20 comments:

  1. අයියෝ.... මට ඇඬෙනවනෙ අක්කේ. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ.

    ReplyDelete
  2. මල්ලා... GRR ඇඬුවොත් බලාගෙනයි.. 'මරනව'!

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් ආදරය සුන්දරයි වගේම වෙන්වීමත් බොහොම වේදනාකාරීයි. :(


    P.S.
    මගෙ අම්මෝ මිනී මරණ වැඩත් ඔයා බාරගන්නවද :P

    ReplyDelete
  4. රොයිලි සහෝ...
    අපි කාටහරි ආදරේ කරන්නේ වෙන් වෙන්න බලාගෙන නෙමෙයි.. ආදරේ කරද්දි වෙන් වීම කියන දේ සිතින් අමතක කරනව. ඒත් සොබාදහම හැමදෙනාටම එක විදියට සලකන්නෙ නෑ. සොබා දහම කරන්නේ වෙන්න සුදුසුම දේ.. එහෙම හිතල හිත හදා ගන්න එක ලේසියි.. අපිට සොබා දහමට විරුද්දව යන්න බෑ. හැමදේම ඔහේ ඉඩ දීල බලා ඉන්නව නෙමෙයි. ඒත් සමහර දේවල් අපිටම දැනෙනව වෙනස් වෙන්නෙ නැ, වෙනස් කරගන්න බෑ දෛවයෙ කියල. ඒ වෙලාවට නිහඬව ඉවසීම තමයි හොඳම දේ.. අනුරාධ මලේ.,... !

    අයෝ ... මේ මල්ලිය නාහෙන් අඬනකොට සැර නොකර බෑනෙ...එතකොට බනින්න වෙන්නෙ 'මරනව' කියල තමයි. ඒත් ඔය කොල්ල ඒකට 'හා' කියයිද දන්නෙ නෑ... :-)

    ReplyDelete
  5. පිරිමි ළමයෙකුගේ ජීවිතයේ මූලික අවධි තුනකදී (ළමා කාලය, පාසල් අධ්‍යාපනය හමාර කරන කාලය සහ රැකියාවක නිරතවන කාලය) ඔහු ඇතිකරගන්නා ආදර සම්භන්දතා තුනක් ප්‍රධාන තේමාව කොටගෙන නිමවුනු මෙම ටෙලිනාට්‍ය මා විසින් නැරඹූ වෙනස්ම ආකාරයේ ටෙලිනාට්‍යකි.

    ReplyDelete
  6. ගයන්නේ : අමල් පෙරේරා සහ ප්‍රබෝධා කාරියකරවන
    ගීත රචනය : කැලුම් ශ්‍රීමාල්
    සංගීතය : දිනේශ් සුභසිංහ

    ReplyDelete
  7. ඔව් ආදර කතාව. මේක ගොඩක් ලස්සන නාට්‍යයක්. මේකේ අන්තිම කොටසට තමයි මම වඩාත්ම කැමති... හරිම ලස්සනයි. ඔයා එකතු කල ගීතය පිලිබඳ පසුබිම් තොරතුරු ටිකට ගොඩාක් ස්තූතියි..

    ReplyDelete
  8. අපේ ආදර කතාවත් අම්බානෙකට නාට්‍ය බලන පොරක්නේ බලන් ගියාම.... මමනම් ඕකේ ඉඳලා හිටලා කොටස් කීපයක් විතරයි බැලුවෙ. ඔන්න අර සචිනි අයේන්ද්‍රා ඉන්න දවස් වලනම් ටිකක් විතර උද්යෝගයෙන් බැලුවා. හික්... හික්... මට ඔය සිරසෙ යන කතා එච්චර දිරවන්නෙ නෑනේ. ඒකයි කේස් එක.

    ඇත්තමයි මැරුවත් මන් මේකටනම් අඬනවා අක්කේ.

    ReplyDelete
  9. ඔය ඉතින් මේ බෝ පැලයක් වගේ ඉන්න අක්කව යකා අවුස්සගෙන මැරුම් කන්නයි හදන්නේ... අනේ මල්ලිය, මේ සින්දු ඔක්කොම ජීවිතේට ආදේශ කරගෙන ඒවයෙ එරිල ඉන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ... අහු වෙයන්කො මට !

    ReplyDelete
  10. කතාව බලන්න හිතුනා... සිංහල කඩේක බලන්න ඕනි... සින්දුවනම් මම ආසම එකක්...

    " හිමි නොවෙනා බව දැනුනත්.. වෙන්වීමක් නොමැති... " මතකයක්....

    ReplyDelete
  11. හික් හික්... හ්ම්ම් හ්ම්ම් බලනව බලනව. මේකනම් දිගටම බැලුව ඉවරවෙනකම්. ස්වර්ණවාහිනියේ ගිය "ඕලු" බැලුවට පස්සෙ මම බැලුව හොදම ටෙලිනාට්‍ය තමා මේක.

    අනුරාධ බලාගන ඕං... පාරෙදි දැක්කොත් එහෙම ගලකින් හරි ගහයි. :D :D

    ReplyDelete
  12. පිස්සා
    ඔව් මේ කතාව හරිම අපූරු එකක්... බලන්න බලන්න

    ආදර කතාව
    ඔව් ඔව්.. මේක බලන්නම වටින කවියක් වගේ සුන්දරව ගලාගෙන යන කතාවක්.. ලස්සනයි

    ReplyDelete
  13. @ පිස්සා පලාමල්ල - අයියේ, මම හිතන්නෙ ඔයාට මේ ලින්ක් එකට ගියොත් කතාව බලන්න පුලුවන්. කොටස් ඔක්කොම තියනවද කියලනම් sure නෑ. ඒත් ගොඩාක් ඒව තියනව.

    http://lktube.com/tag/sihinawasanthaya/

    ReplyDelete
  14. mama hithanne oya kathawa wagema kathawak thiyana demala film ekak mama balala thiyanawa. hmm,. nama thma amathaka.

    ReplyDelete
  15. ඔන්න ආයෙමත් සිරසේ මේ ටෙලි නාට්‍ය පෙන්නනව සතියේ දවස්වල දවල් 2.30.

    ReplyDelete
  16. ඔහ් ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
  17. මැඩම් , මම අහපු ලස්සනම හිතට වැදුන ගීතයක්. ඕකෙ ටෙලිඩ්‍රාම එක මම රූපවාහිනියෙන් බැලුවා. මීට මාස දෙක තුනකට කලින් යූ ටිය්බ් එකෙනුත් බැලුවා. නිර්මාල් කියල කොල්ලෙක්ගෙ කතාවක්. කොච්චර බැලුවත් මට ඇතිවුනේ නෑ. ඒ කතාව ඒ ගීතය අපේ ජීවිත වලට අපේ අත්දැකීම් වලට කොච්චර සමීපද....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->