Friday, July 02, 2010

ප්‍රාර්ථනාවක්ව සිටිනු රිසි වෙමි,,,,!


සඳක් බැස යන විට
අහසේ ඇ‍ඳෙන පාලුව
තිබෙන්නේ එක මොහොතක
නිසල වන ලොව
නිදි ගැට හරින විට....


අලුත් හිමිදිරියක
අලුත් සිහිලෙන් ඉඳුල් වන
උදා අවු ‍රැල්ලක්
වාගේයි... ඔබ....


සියොතුන් පහන් වන
හිමිදිරියට ගී ගයනු ඇත...
කුසුමෙක රොන් රේණුවක
නොකී කවියක අකුරු ඇත...
එ'අකුරු එකිනෙක
හෙමි හෙමින් මම ඇහිඳිමි...
එකින් එක ගලපමි..


දහස් වර
සියක් වර
වරින් වර
ගලපනු නොහී කවියක
එලිවැට කොහිද සොයනෙමි..


අයුරින් එකින් එක බැ‍ඳෙන
එකම එක කවිපදයක
ප්‍රාර්ථනාවක්ව
සිටිනු රිසි වෙමි..
එයින් සැනසෙමි......

3 comments:

  1. එක කවි පදයක
    අකුරු වෙලා හෝ
    ඔබගේ සවනට
    මිමිනෙනු හැකි නම්..!!!

    ReplyDelete
  2. ලස්සන පද පෙලක්........

    ReplyDelete
  3. නිමන්ති අක්කා
    හ්ම්ම් හ්ම්ම්... එහෙනම් බැරියැ? නේද ? බැරිමත් ඒකනෙ....

    හේමලයා
    ඉස්තූතියි...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->