වීයලි ගිය
තණ පතක් යට
නිදයි කුහුඹුවකු...
පොරවා ගත් දෑත්
බදයි නිරුවත්
මහ පොලව....
කොහේදෝ සිට ආ
නිල මැස්සෙකු හෙලු
වසුරු පිඩත් ගෙන
පියාඹයි තණ පත...
නිදන කුහුඹුවකු
පෙම් බඳින
උඩු හුලඟට!
පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....
කටුක පොළොව බදාන ඉඳ
ReplyDeleteදකින්න නිල් අහස....
කුහුඹුවාට අයිති නැත්ද
විඳින එහි පහස......
ජීවිතය්ට තටු නැතුවට
යථාර්තය හඬ තැලුවට
හීන වලට පණ තියෙනව
මොකක්ද එහි රහස?
එල එල...මයියා ට මේදා පාර නම් නිසදැස නියමටම සෙට් උනාය
ReplyDeleteහේමලයෝ...ඔයා කවි යකෙක් නේ....
ReplyDeleteඅප්පා ඇත්තටම ලස්සනයි කවිය මලේ...
ස්තූතියි
ජීවිතය තටු සිඳි හෙයින්
අහසේ අරුම දකින විටත්
අනේ කියා හිතේ
හූල්ලන්නේ නැතිව
ඒකයි දකින්නේ
රලු පොලව
හිස බිම ඔබාගෙන... !
මයියා
සා සා... සෝක්... ඉස්තූතියි...