Tuesday, March 09, 2010

කතා කියන 'ඇස්'






ඉඟියකින්
එක් බැල්මකින් මිදෙන
ආදරේ කියවන... කොඳුරන...
පෙමින් අඳ වන 'ඇස්' දකිමි...

ප්‍රශ්නාර්ථයක් මැවී සැඟවෙන
නිහඬතාවයට බියව විමසන...
"කිමැයි?" අසන
 'ඇස්' විඳිමි....

ඉසුඹුවක් ලන තැන් විමසන...
ලොවට පි‍ටුපා,
හොර හොරෙන් දොඩමලු වන
'ඇස්' බලා හස නගමි......

අතැගිලි තුඩකින් කාන්දු වන
සොඳුරු සෙනෙහෙන් මත්ව සෑහෙන...
බලාපොරොත්තුවේ
 'ඇස්' වැලඳ ගමි...

සුලඟ සේ පෑ ගනන් දැවටෙන
ලඟ ඉඳන්,
කාලය ඉබි ගමන් යන...
මැසිවිලි කියන 'ඇස්' කියවමි....

ලඟ ‍රැ‍ඳෙන... පෑ ගනන් මග බලන
නාදුනනන සේ
සැඟවෙන, වැලපෙන
සොවින් ලතැවෙන 'ඇස්' වසමි.....

රල බි‍ඳෙන ගොස නැගෙනු වියැකෙන
සසල ලොව ඉසුඹු ලන තැන් සොයන....
'ඇස්' හරිමි..
'ඇස්' සිඹිමි'

ජීවිතය නිදි බි‍ඳෙන ඇහැරවෙන
ඇහැරුන සිහින ඉහිරවෙන මුදා ලන
'ඇස්' සිඹිමි...
'ඇස්' විඳිමි.....

ඉදින් මම
'ඇස්' ලදිමි....
'ඇස්' ලදිමි....

11 comments:

  1. වෙනදා වගේම ඉතින් මිස් ලියන කවි වල රසිකයෙක් හැටියට ඔන්න දැම්ම පළමු කොමෙන්ට් එක. (එත් මිස් මෙච්චර කියලත් වෙලාව නම් හදන පාටක්වත් පේන්න නෑ. හ්ම්ම් හ්ම්ම්. නැවත නොකියමි.)

    ReplyDelete
  2. අනේ ලමයෝ..
    මගෙ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් නිස හේම තිස්සෙම වෙලාව එඩිට් වෙනව.....

    ස්තූතියි කමෙන්ට් එකට....

    ReplyDelete
  3. මගෙ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් නිස හේම තිස්සෙම වෙලාව එඩිට් වෙනව.....

    ඉතින් මිස් මදර්බෝඩ් බැටරිය මාරු කරලා හරි වෙලාව හදන්න..

    ReplyDelete
  4. අයියෝ කාටද ලමයෝ ඕවට වෙලාව තියෙන්නෙ.... හී හී.... :D

    ReplyDelete
  5. අයියෝ මිස් බැටරි මාරු කරන්න ඕනේ නෑ. බ්ලොග් සෙටින්ග්ස් වලට ගිහින් ටයිම් සෝන් එක වෙනස් කරන්න. එච්චරයි.

    ReplyDelete
  6. හුදෙකලා සුසුම් වැල්
    හිත් කොනේ පුරෝගත්

    තනිකමේ කඳුලු බිඳු
    ඇස් අගින් දරා ගත්

    අසරණ වූ හදවතට
    නිසසලේ කතා කල

    කවිකාර ඇස්.....
    නුඹයි.....

    ReplyDelete
  7. තව සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා මිස්. පොඩ්ඩක් බලන්න ගූගල් එකවුන්ට් එකේ time zone එක හරියට තියෙනවද කියලා. මම හිතන්නෙ එතන තමා අවුල ඇත්තෙ. මදර්බෝඩ් බැට්රිය ගැන කිව්වෙ නිකන්. ඒක බැහැලා නම් ඒ බව ලේසියෙන්ම අදුරගන්න පුලුවනි.තව බ්ලොගර් එකවුන්ට් එකේ settings වල formatting වල තියෙනවා timezone දාන්න තැනක්..

    ReplyDelete
  8. @ anonymous

    කවිකාර ඇස් මත
    සිතුවම් කල ආදරය නුඹ...

    කවිකාර ඇස් කඳුලු
    නිසසලේ පිසි අමා දහර නුඹ...

    කවිකාරිය අහසටම
    හිමිකාරිය කල ආශිර්වාදය නුඹ....

    නුඹ....
    ගැඹුරු ගණ නිල් අහස... නුඹ..

    ReplyDelete
  9. @ ආදර කතාව & රොෂාන්

    අනිවාර්යයෙන්ම මේක හදන්නම්...ඔයාලා දෙන්නටම ස්තූතියි දරුවෝ... ජය වේවා දෙන්නටම!

    ReplyDelete
  10. ලස්සනයි මේ නෙත ගැටුනු නෙතු..... සමනලීත් දන්නවා කතා කරන ඇස් දෙකක් ගැන... ඒ ඇස් හුඟක් දේ සමනලීට කීවේ ඒ කතා කරන ඇස් වලින්.... ඒ සමනලීගේ අයිතිකාරයාගේ ඇස්....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->