විඩාබර හිත
බස් රියක එල්ලී
ඇදෙන සඳ
සවන් පත දැවටෙයි
මනරම්ම පැදියක්...!
නිදා උන්
සිත් කෙම් බිමට
ආකාස එලියක්ව
පතිතවන
පෙම්වත්ම මුහුණක්..!
කෙටිම කෙටි
පණිවිඩයක ඇමිණි
සෙනෙහසත් ගෙන
හිත ඉගිල යයි
අවකාශය තෙක්....
පිලිතුරක් නැති
වැහි කඳුල
මන්දාරම් අහසින්
පතිත වෙයි
පිලිතුරක්ව- පිලිවදනක් !
හරිම උණුසුම්
සෙනෙහෙබර
වැහි කඳුල
පොලෝ සම වැද
උරා සැඟවෙත්...
එ'සම පලාගෙන
පැන නැගී
දසන් දී
සිනහවෙයි
සුදුම සුදු පියුමක්... !
කවිය පිටිපසේ පොඩි කතාවක් තියනවා... :-) කතාවේ හරය කියන්නම්කෝ... අද උදේ මට ඇහුන නෙලු අධිකාරිගේ "සිනහවකට වඩා නුඹේ" ගීය... ඇහුව සැනින් හදවත කීරි ගැහිලා ගියා වගේ දැනුනා.. එතරම්ම හිතට කා වැදුනා... සෙනග පිරිච්ච බස් එකක ප්ලේයර් එක කනේ ගහන් හිටගෙන එල්ලිලා හිටියත් , පදවැල කවදාවත් නො ඇහුන මානයකින් හිත සමවද්දන්න සමත් උනා... කෙටි පණිවිඩයකින් ඒ හැඟුම ඉගිල්ලුනා අහසට... අහස නිශ්ශබ්දයි.... හරියට මන්දාරමක් වගේ... ඒත් මිනිත්තු කිහිපයක් ගෙවෙන්න මත්තෙන් අහසෙන් උනපු වැහි කඳුලෙන් පොලව අඳුරු වී ගියත්, නිමෙශ ගනණාවක් ගෙවි ගිහින්, සුදුම සුදු සිනහවක් පැන නැගුනා ආයෙමත්...
ReplyDeleteගැහැණු හිත.... අම්මෝ ... මෙතරම් සංකීර්ණ, හැඟුම්බර එකකැයි මමවත් දැන හිටියේ නැහැ.... අම්මෝ..... බලාපොරොත්තුවල තරම.... !
මහ මන්දිරයක වඩා
ReplyDeleteඔබේ පැලට මං ආසයි
එය තැනුනේ මා වෙනුවෙන් නම්.....
ජීවිතයම දුකක් වුනත්
ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්.....
මම මේ පැදියට හුඟාක් ආදරෙයි.... මගෙ හුස්ම වගේ....
මා වෙනුවෙන් නම්
ReplyDeleteමා වෙනුවෙන් නම්
මා වෙනුවෙන් නම්....
ඈස් ඈරල බලන්න වෙන දවසක් ඒවි නේද
ජීවිතේ ඈත්තටම මල් පිපෙණ....!
නෙලු අධිකාරිගේ ගීත වල අමුතුම අලංකාරයක් තියෙනවා මිස්. දැන් තියෙන ගොඩක් ගීත කිසිම තේරුමක්වත් කිසිම තාලරසයක්/සංගීතයක් වත් නැති ඒවා.
ReplyDelete"සෙනග පිරිච්ච බස් එකක ප්ලේයර් එක කනේ ගහන් හිටගෙන එල්ලිලා හිටියත්"
මිසුත් බස් එකේ යන්නෙ රොබෝ කෙනෙක් වගේද? (ඉයර් ෆෝන් කනේ ගහගෙන පාරෙ යන අයව දැක්කම මට හිතෙන්නෙ එහෙමයි) පාරෙ යද්දි වාහනේක හැප්පුනා කියනවා එහෙම නෙවෙයි ඔන්න...
@ anonymous
ReplyDeleteපැහැදිලි කිරීමක් අවශ්‍යයි....
@ රොෂාන්
ReplyDeleteඔව් ..මම ආස ගී කිහිපයක්ම තියනවා නෙලූ අධිකාරි කියන.. "මං නැතිදා හිතට දුකක්.." එයින් එකක්... මේ ගීය ( සිනාවකට වඩා) නෙලූගේ මම ආසම ගීයක්.. ජීවිතේ අඳුර, එලිය , සංහිඳියාව මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් විඳ දරා ගන්න ආදරයෙන් බලා ඉන්න කෙල්ලක් ඒ තරම් නොහිම් ආදරය හිමිකාරයාට කියන ගීයක්...
අහ් මමත් නිතරම පාරේ යන්නේ සිංදු අහ අහා.. ඒකට මම පුරුදු වෙලා
උදේට ගාලු පාරේ පැයක විතර දිග ගමන, ලංගම බස් එකක අයිනේ සීට් එකක වාඩි වෙලා ප්ලේයර් එක කනේ ගහන් ඉන්නකොට තමා මම දැහැනට සමවැදෙන්නේ... කවි ලියන්න අදහස් එනව එතකොට... මම හරිම ආසයි ඒ පැයට... ඒ මගේ දවසේ නිස්කලංකම පැයක්... දවස පටන් ගන්න හොඳ ආරම්භයක්...
ඒත් හුඟක් වෙලාවට මම වෙලා යන නිසා සැමන් ටුවර්ස් ඉන්ටසිටියක නගිනව.. එතකොට නෝ දැහැන්ස්... එල්ලිලා යනවා වවුලෙක් වගේ..ඒත් කනේ ප්ලේයර් එක වරදින්නේ නැහැ...
mamat kematiyi නෙලු අධිකාරිගේ sindu walata
ReplyDeleteeyaga muunat lassany matanam
පැහැදිලි කිරීමක්:
ReplyDeleteඉල්ලු නිසා ලියන්නම වුනා. ඉල්ලයි කියලාත් හිතුණා.
මේකයි, මේ හැම පද පේලියකම සතුට තියෙන්නෙ 'මා වෙනුවෙන්ම' සිද්ධ වෙන දේවල් නිසා නෙ. මටම ලැබෙන නිසානෙ. මගේ සතුට නිසාම සිදුවෙන නිසානෙ. මට හිතුණ මේක හරි ආත්මාර්ථකාමී කතාවක් නේද කියල. එහෙම නැත්නම් ඹයා ඹයාවම පහත් කර ගැනීමක් අසරණ කර ගැනීමක් නේද කියල. නොඉල්ල යමක් ලැබීම සතුටක් තියෙනව. මමත් විඳල තියෙනව, විඳිනව.
ඒත් "මගෙමය මටමය" නිසා නම් සතුට ඒක බිංදුවක් හරි එහා මෙහා වුනාම "කොටිය කාපිය මාව" තමයි ඉතින්...
ඈල්ෆා