මද්දහන නොවිඳි දිගු දවස වෙමි
හිමිදිරිය අහවර විය, හඟිමි
නුඹ මා කොතැනටද ම'හිමි
කවදා පසිඳිමුද ? නොදනිමි....
පියවරක් තබමි, යලි හැරෙමි
තැබූ පිය වැරෙන් මකාලමි...
මහමෙරක් උරෙන් උහුලමි
ඇස් අරින මල් පෙති අහුලමි....
හුස්මකින් යලිත් තිගැස්සෙමි
ගැස්මකින් රහස් කොඳුරමි
විස්මයෙන් ගල් ගැසෙන ඇස් අරිමි
ඇස් දෙකින් අහස සිතුවම් කරමි...
අසුරු සැනෙකින් ඇහැරෙමි
සිහිනයක් මේ යැයි පසිඳිමි
අත්ලෙන් මිදි මල් පෙති සොයමි
පෙති නොසිඳි මල අදරින් සිඹිමි..
අහස් සෙවණැල්ලෙහි රැඳෙමි
මල් ගොමුවෙන් හෙමින් හිස ඔසවමි
විකසිත නොවී,අහසට නෙත් දෙමි
මල් ගොමුවෙහිම හිස බා නිදමි....
අදනම් මිස් ගොඩාක් කාලෙකින් මේ පැත්තේ ආවේ. අදවත් පළවෙනි කමෙන්ට් එක මගේ වෙයිද දන්නෙ නෑ... මේක කියවල පස්සෙ හරි කමෙන්ට් එක දාන්නම්... :)
ReplyDeleteවතුර උඩ ඇවිද්දා නම් පියවර මකන්න මහන්සි වෙන්න ඕන නෑනෙ මිස්..හික්ස්.
ReplyDeleteතැබූ පියවර මකන්න උත්සාහ කරනවාට වඩා පියවර තැබීමට පෙර මදක් සිතා බැලීම මැනවි. මොකද සමහර පියවරයන් මැකීමට අපහසුය. අසීරුවෙන් මකා දැමුවද ඒවායේ ප්‍රතිපලයන් වලකාලිය නොහැකිය..
හදවතෙ තෙරපෙන හැගුමන්..
ReplyDeleteඅකුරු කරන්නට කල වැයම්..
සිතින් කරනා බිතු සිතුවම්...
අගනෙය සිතුවම් වැටහෙනම්..
ජිවිතෙ මල්!..... ජිවිතෙ මල්... හොදද....
මාරම ලස්සනයි..
ReplyDeleteමල් හැත්තෑ හතයි..
මා මෙය කියෙව්වෙමි
ReplyDeleteකියවලා මෙතනින් ගියෙමි!
...හික්.. :)
ජීවිතේ මල් නැව් නගී.. :D
ReplyDeleteහරි අපූරුවට පන්හිද මෙහෙයවලා තියෙනවා.
සංවේදී නිර්මාණයක් සොයුරිය.
ReplyDeleteමාර ලස්සනයි මල් හතයිදිගටම ලියන්න
ReplyDeleteමාර ලස්සනයි .මල් හතයි .දිගටම ලියන්න
ReplyDelete@ ආදර කතාව
ReplyDeleteඅහ් මමත් ගොඩ කලෙකින් තමා මේ ලිව්වේ... මේ පාර නම් දිනුම්..පලවෙනි කමෙන්ට් එක ඔයා තමා... දැන් ඉතින් හෙමිහිට කවිය කියවන්න.... :-D
@ රොෂාන්
ReplyDeleteඔව්... ඔයාගේ කතාව වටිනවා... ජීවිතේ කියන්නේ බොහොම පරිස්සමින් හෙමොම පියවර තියන තැනක්.. පරිස්සම් පියවර පවා ජීවිතයෙ සමහර විට මකා ලන්න සිදුවෙනවා... අනිත් එක ප්‍රායෝගිකව ගෙවෙන ජීවිතයෙ සැලසුම් සහගත සිදුවීම් වලට වැඩියෙ අහම්බයන් වැඩියි...
@රවා
ReplyDeleteම්ම්ම්ම්..... සිතින් කල සිතුවම වැටහේ නේද??? හී .....
අම්මපා ඔව්... ජීවිතෙ මල්.....
@ පිස්සා
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරෙට ......
@ සජී....
ReplyDeleteගියාට කමක් නැතූ.... ආයෙත් වරෝ.............
@ගයාන්
ReplyDeleteස්තූතියි.... මනුස්සකම බෙදා හදා ගනිමු....
@රවෙන්
ReplyDeleteස්තූතියි ඔබේ අදහසට සොයුර....
@ කාන්චනා
ස්තූතියි.... මිනිස්කම දිගටම බෙදා ගනිමු....
ම්..ම්..ම්...
ReplyDeleteනියමයි .රසවත් කවි පොඩ්ඩ
ReplyDelete@ අනුරාධ
ReplyDeleteහ්ම්//හ්ම්.. හ්ම්
@ උදය
ස්තූතියි ප්‍රතිචාරෙට ....... ජය වේවා....!
මේක මම කියෙව්වෙ අද.
ReplyDeleteජීවිතේ මල්,
වචන ටික මහම මහ අගෙයි.
කමෙන්ට් එකක් නොවෙයි. ඉල්ලීමක්.
කැමතිනම් මට ලියනවද, ransirimal@gmail.com වලට.
මගේ නම රන්සිරිමල්. ඉන්නෙ කැනඩාවෙ. මූණු පොතේ හෙව්වොත්, ගූගල් කලොත් ඕනැ තරම් විස්තර හොයා ගත හැකි. මගේ කවි එකතුවක් ඇති www.ransirimal.com වල. geethanjalie.blogspot.com එකත් කෙරෙන්නෙ මා අතින්.
තුති.